he

Tuesday, November 8, 2011

සමුදුරක් වුන දිය බිඳක්...!


ඈත දවසක, අඳුරු කාලෙක...
එක්තරා දිය බිංදුවක්...
අහසෙ නොසිටම බිමට පැන ගෙන,
දඟකලා තුරු මල් මතත්...

හරිත පැහෙයෙන් දිලුම් දෙන...
ගස් කොලන් අතු... මත්තෙන් ඇවිත්,
පුංචි දිය පාරකට එක්වී ඇරඹුවයි,
ගමනාරම්භයක්...!

ගල් උඩින් පැන, වංගු මැඩ ගෙන,
සවන් පුපුරන මහ හඩක්,
නික්මවා ගෙන ඉදිරියට යන,
එය වුනයි මහ ලොකු ගඟක්...

බෑවුම්ද, තැනි තලා පසකර,
ඇලි මවා නෙ පිඩු ගොඩක්...
බොහෝ දුර ගොස්, අන්තිමේ,
සිපගත්ත හැටි රැල්ල ගසනා සමුදුරක්....!




11 comments:

  1. "ගෝල්ඩ් ෆිෂ්" සහොදරයාව "අත්තම්මගෙ පෙට්ටගම"ට සාදරයෙන් පිලිගන්නවා

    ReplyDelete
  2. තෑන්ක්ස් මචං අවස්ථාවක් දුන්නට....

    ReplyDelete
  3. ලස්සනයි මාළු යාලු. දිගටම ලියන්න . සුභ පතනව .

    ReplyDelete
  4. හරිම ලස්සනයි.....නියමයි.... ලොකු ජෝන් මටත් කවියක් එවන්න අවසරද අත්තම්මාගෙ පෙට්ටගමට ?

    ReplyDelete
  5. හැමකෙනෙකුටම ස්තූතියි...!

    ReplyDelete
  6. මාළු අයියගේ ලස්ස්න කවි පෙලක්...

    ReplyDelete
  7. එළ එළ මාළුවා .......කවි ලියන්න බැරිඋනාට රසවිදින්න පුළුවං මට........

    ReplyDelete
  8. හරිම ලස්සනයි..!!! ලස්සන කවි පංතිය

    ReplyDelete
  9. ලස්සන පැදි පෙලක්....

    ReplyDelete
  10. ෂා මාලුවා ඔය ලස්සනට වතුර ගැන ලියලා තියෙන්නේ...
    අපූරුයි...

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..