පෙට්ටගමෙ බොහෝ කතාවලට සම්බන්ද සිරිල්ගෙයි, සිරිල්ගෙ ලොක්කගෙයි කතන්දර පෙට්ටගම නිතර හාර අවුස්සන අයට නම් අමතක නැතිව ඇතිනෙ. "නොදන්නා කෑම කෑමේ විපාක" නම් කතාවෙන් පස්සෙ සිරිල් එක්ක ගමන් යන එක ලොක්ක නැවත්තුවා. ඊට පස්සෙ ලොක්කා එහෙ මෙහෙ යන්න තෝරගත්තෙ මතුගම පැත්තෙ හාදයෙක්ව.
මේ කාලෙදිම ලොක්කා ගත්තා අලුත්ම අලුත් ඉන්ටර්කූලර් එකක්. මේ සිද්දිය වෙලා තියෙන්නෙ ඉන්ටර්කූලර් ආපු කාලෙ හන්දා කාලෙ ගැන හිතා ගත හැකියැයි මම හිතනවා.
ඔන්න එදත් දුරපලාතක සේවා දායකයෙක් හමුවෙන්න ලොක්කා ගියා. ගියෙ අර කියුව මතුගම හාදයත් එක්ක. කොහොමටත් ලොක්කත් එක්ක කවුරුත් යන්න අකමැති එයාගෙ පම්පෝරි කතා අන්හන්න වෙන හන්දා.
ඔය මතුගම හාදයා ලොක්කත් එක්ක යනකොට හැමදාම වාහනේ නිදාගෙන තමයි යන්නෙ. ඇහුවොතින් කියන්නෙ වාහනෙ යනකොට වමනෙ යන හන්දා කියලා. ඉතින් ලොක්කටත් ඕනෙ වාහනෙ මග හිටියොත් තනිකම මකාගන්න කෙනෙක් හන්දා නිදාගෙන හරි යන එකට ලොක්ක කැමතියි.
දැන් ආපහු කොළඹ එන ගමන්, ලොක්ක කොහොමත් යන්නෙ වාහනේ AC වැඩිම කරගෙන. ඒ හන්දා හොඳට නින්දත් යනවා. අවිස්සාවේල්ල කිට්ටුවෙදි මතුගම හාදයට ඇහැරිලා ඒත් ලොක්ක දැක්කොත් පම්පෝරි කතාවට අල්ලගන්න නිසා නිදි වගෙ ඉඳලා.
එදා ඊස්ට් රොටි කතාවෙදි වගේ ලොක්කගෙ බඩ පැලෙන්න කාලා තමයි එදත් ඇවිත් තියෙන්නෙ. හංවැල්ල කිට්ටුවට ඒද්දි ලොක්ක නිදියන් ඉන්න මතුගම හාදයා දිහා හොඳට බලලා නිදි බව දැනිච්ච නිසා , හොඳට පස්ස උස්සලා සද්දෙට අධෝ වාතය තුන් හතර වතාවක් පිටකරලා.
ඉන්ටර්කූලර් එක ඇතුලෙ තත්වය ගැන කියවන ඔබට අමුතුවෙන් කියන්න උවමනා නෑනෙ. ඉන්නම බැරි තැන මතුගම හාදයා නැගිටලා නාසය හකුලවන ගමන් ලොක්ක දිහා බලලා
ලොක්ක අහිංසක විදියට බලනගමන්
"මේ මේ මේ පැත්තෙ රබර් වතුවල ඇමෝනියා ගඳ " කියලා වාහනේ වීදුරුව පාත් කරලා.
:)
ReplyDelete:)
Deleteහරි සෝක් කතාවක්
ReplyDeleteසෝක් නේන්නම්
Deleteඒ.. අයියෝ ඇමෝනියා නෙමේ සල්ෆර් වෙන්න ඇති.
ReplyDeleteවෙන්න ඇති ඔය නම් ගැනනම් මගෙ දැනීම අන්තිමයි
Deleteනියමයි
ReplyDeleteඒ උනාට කොහොමද සුවඳ
Deleteඑල එල... :-))))
ReplyDelete:)
Deleteලක්සම අච්චර ගානක් දීලා වාහනේ ගත්තෙ තමන්ට කැමති දෙයක් කරන්න තමයි...ඔන්න අනාගත වාහන වලට දාන්න හොඳ ඔප්ෂන් එකක්. Auto Fart Suction Unit.
ReplyDeletehenryblogwalker the Dude
අන්න වැඩ කරනවනම් පේටන්ට් එකක් අරගත්තොත් කාටද ආඩම්බර
Deleteattama hanwalla dihawe ohama place tiyanawa
ReplyDeleteකොහොමටත් රබර් වතුවල ඔය ගඳ තියනවා
Delete:D
ReplyDelete:)
Deleteඉක්කේයියා මේ ලොක්කොනම් ඔහොම්මමයි
ReplyDeleteඒ කියන්නෙ ඔයාගෙ ලොක්කත් ඒ වගේද ?
Deleteතනියම යන්න තියෙන ගමන කම්මැලිකමට තනියම නොයා දෙන්නෙක් එක්ක යනකොට එකෙක් බුදිය ගන්නව නම් මල පනින එක අහන්නත් දෙයක්ද.
ReplyDeleteඑයා කොහොමත් තනියම යන්න කැමතියි තව එකෙක් එක්ක යන්නෙ හදිසියෙ මග හිටියොත් කියලා
Deleteපුක පලන්ට එපැයි..
ReplyDeleteසද්දෙට යවපු එක ගද වෙන්ට බැහැ හැබැයි..
//චූස් පඩේ මිනි මරන පඩේ
ඩෝං පඩේ සීදේවි පඩේ//
+++++++++
Deleteඔය කයියෙ තෙරුම නම් මට මම පුංචි කාලෙ අපෙ ආතම්මා කියලා දෙනවා මට මතකයි. මොකද උන්දෑ ඒකකරන්නෙ හරි සද්දෙට. ඉතින් අපි හැමෝම දන්නවා සද්දෙ එන්නෙ කොහෙන්ද කියලා චූස් පඩෙ කියුවම ඇරියෙ කවුද කියලා හොයාගන්න බෑනෙ ඉතින් ඇරපු එකා කවුද කියලා එක එකාට ඇඟිල්ල දික්කරලා මරාගන්නවා
Deleteඒ උනාට සද්දෙට ගියාම තියන සනීපෙ ...හප්පේ (අපෙ ආතම්ම ඒ දවස්වල කියුවෙ එහෙම )
"සද්දං පඬ්ඬං නොගන්දති" කියලා මම අහලා තියෙනවා.. :)
ReplyDeleteසාදූ සාදූ සාදූ
Deleteහයිඩ්‍රජන් සල්ෆයිඩ් වෙන්න ඇති මගේ හිතේ.. ඇමෝනියා ගඳ එන වැඩකුත් කළා ද කියලා නම් දන්නේ නෑ ඉතින්..
ReplyDeleteහපොයි ඔය බර වචන මම දන්නෙ නෑ ඔන් කියුවා
Deleteහොඳ වැඩේ හොරට නිදාගෙන ඉන්නවට...
ReplyDeleteඒ උනාට පවු නේ
Delete:P
ReplyDeleteඅනේ ජෝන් ඔයාලගේ බොස් ඔයාව තියාගෙන ඉන්නවට කියන කතාද මේ ..
ReplyDeleteවැඩ කරනවට වඩා බ්ලොග් බලනවයි , ලියනවයි කියල තමා ආරන්චිය . අනේ මේ ගැන කියන්න කෙනෙක් නෑනෙ ඒ උත්තමයට .
හපොයි මේ දේ උනෙ මගේ බොස්ට නෙමෙයි ඒ මනුස්සයා රත්තරන් මනුස්සයා. අපේ බොස් නම් කෝපි බොන හන්දා එයාටනම් අවුලක් නෑ. ඒකනෙමෙයි අර මතුගම පැත්තෙ හාදයව මතක් කලා කියන්නකො
Deleteහික්ස්ස්..තව පොඩ්ඩෙන් ඒ හාදයගෙ හුස්ම හිරවෙලා මැරෙන්නෙ... පට්ට පෝස්ට් එක....
ReplyDeleteහපෝ එහෙම උනානම් එකක් ඌට තාම මතක්වෙන මතක්වෙන සැරේට වමනෙ යනවලු
Deleteintercooler kiyanne A/C walata nemei ban
ReplyDeleteකවුද බන් ඉන්ටර්කූලර් වලට A/C කියුවෙ.
Deleteඩෝං ගාල යනකොටම පෝං ගාල හෝන් එක ගැහුව නම් වැඩේ ශේප්... :D
ReplyDeleteසද්දෙට සද්දෙ හරි. එතකොට ගඳට මක්කෙයි කොරන්නෙ ? {:-)
Deleteඔබා මාමත අහන ඒවා :පි
Deleteඔය ගඳම එන රබර් ෆැක්ටරියක් තිබුන මතකයි කුරුනෑගල - මාතලේ පාරේ 'ඉහළඅක්කරේ ' කියන හරියෙ. හැබැයි ඇමෝනියා නෙමේ සල්ෆ.
ReplyDeleteමමත් කාලයක් උන්නා කුරුනෑගල පොල්ගහවෙල අතර රබර් වත්තකඔය කියන්නෙ ඒකනෙමෙයි මයෙ හිතේ
Deleteහැක හැක හැක ඊයා :පි
ReplyDeleteඊයා හැර වෙන මොනවා කියන්නද
Deleteඅරුට පිස්සු හැදෙන්න ඇති නේද
ReplyDeleteමට බය මෙක දැකලා ඌට පිස්සු හැදෙයිද කියලා
Deleteසද්දේට යන පඩ ගඳ නෑලුනේ.....ඒකනේ කියන්නේ
ReplyDeleteසද්ද පඩේ ගරු නම්බු පඩේ - චූස් පඩේ මිනි මරන පඩේ කියලා
කොහොම උනත් පුකටත් එපාවෙලා ගිය පඩේ මොකට ඔච්චර ගනං ගත්තද මන්දා
ගඳ නිසා නාසය වසාගෙන හරි කතාව නම් රසවින්දා ,
ReplyDeleteකාලය වනාහී පඩයක් වැනිය ගියොත් ගියාමය කියලා කාලය පඩයට උපමා කරනවා වගේ, පඩය කාලයට උපමා කරලා ලොක්කට සමාව දෙන්න වටිනවා නේද?
ReplyDelete