he

Tuesday, April 2, 2013

IPL රස්සාව

රැකියාවක් යනු සෑම කෙනෙක්ම ජීවත්වීම සඳහා කරන්නකි. රැකියාවෙන් ලැබෙන වැටුප තම තෘප්තිය උදෙසා විවිධාකාර ලෙස යොදවා ගැනීමට ඔහුට හෝ ඇයට හැකියාවක් ඇත. එය විනාසකර මහමගට වැටීමේ හැකියාවද ඇත්තෙ ඔහුට හෝ ඇයටයි. ඒ නිසි කලමනාකරනයක් නොලැබුන තැනය. කලමනාකරනය ගැන කතාකිරීඑමට මම යන්නෙ නැත. ඒත් මා කලමනාකරනයෙදි උක්තවන වැටුප සම්බන්දව කතාකිරීමට හා එම වැටුප ගැන ඇස් යොමාසිටින අය ගැන අද මේ ලිපිය කතාකරනු කැමැත්තෙමි.


…අද ඉන්දියානු ප්‍රිමිය ලීග් තරඟාවලිය ආරම්භ වනු ඇත. විස්සයි විස්ස තරඟාවලි අතර ප්‍රමුඛතම තරඟාවලිය මෙම තරඟාවලිය කීවොත් එය බොරුවක් නොවේ. විශාල මුදල් ප්‍රමානයක් ආයෝජනය කර විශාල ප්‍රවර්දන උපක්‍රම භාවිතාකර මුදල් ඉපයීමේ අරමුන පෙරදැරිකරගනිමින් ආරම්භ කර තරඟාවාලියක් ලෙස මෙම තරඟාවලිය හඳුන්වාදිය හැක. ක්‍රීඩකයන්ගේ ජනප්‍රියත්වය ඒවාගේම ඔවුනගේ හැකියාවට ලන්සු තබා අරඹන මෙම තරඟාවලිය ක්‍රීඩාශීලීත්වය අංක එකෙහි තබා පවත්වන්නක් නොවේ. උදාහරනයකට ගන්නවානම් තුරඟ තරඟ ක්‍රීඩාවක් ලෙස ගෙන බලන්න. IPL යනුද එවැනිම වෘත්තීය තරඟාවලියකි. ඔට්ටු තබන්නෝද ව්‍යාපාරිකයෝද මෙම තරඟාවලියට ආයෝජනය කරන්නේ ක්‍රීඩාවේ උන්නතියට කියා ඔබ හිතනවානම් ඔබ වැරදිය.


…ක්‍රිකට් ක්‍රීඩාව අද දිනයේ ශ්‍රීලංකාව තුල වෘත්තීය මට්ටමේ නොපවතිනවා කීවොත් එය බොරුවකි. ශ්‍රීලාංකික ක්‍රීඩකයන් හට IPL හි ඉහල මුදල් ප්‍රමානයකින් ලන්සු තැබුනේ ඒ වෘත්තීය මට්ටමේ පිලිගැනීම නිසාය. උදාහරනයක් ලෙස ගතහොත් වෘත්තීය නොවන මට්ටමේ කිසිවෙකුට IPL හි වටිනාකමක් ලැබී නොමැත. මා කතාකරන්නේ IPL සඳහා ලන්සු තැබුන ඉන්දීය නොවන විදෙශ ක්‍රීඩකයන් ගැන පමනි.

කාලයක් ලසිත් මාලිංගට මුදලට ක්‍රීඩා කරනවා යැයි ක්‍රීඩාලෝලීන් විවේචන ඉදිරිපත් කල අතර, ඉදිරියේදී IPL ක්‍රීඩාකරන ශ්‍රීලාංකික ක්‍රීඩකයන් සියලු දෙනා ගැනම එලෙස කතාකරනු ඇත.එම ක්‍රීඩකයන් ජාතික වීරයන් සේ සැලකූ ක්‍රීඩාලෝලීන් ගේ පැත්තෙන් බලන කල එහි අසාධාරනයක් නැත. එහෙත් මේ ක්‍රීඩකයන් වෙන්දේසී වී ඇත්තේ
ක්‍රීඩාවකට වඩා වෘත්තීයකටය. එනම් මොවුන් මේ IPL සඳහා යන්නේ රැකියාවකටය. ඔවුන්ගේ රැකියාවේ වැටුප අපිට වැඩක් නැත. මට පෙනෙන විදියටනම් මොවුන් ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයෙන් මාස දෙකකට නිවාඩු දමා ඔවුන්ගේ පෞද්ගලික රැකියාවකට යනබවයි. ඔවුනට මේ අවස්තාවේ කෑගසන අයත් තම රැකියා ස්ථානයෙන් නිවඩු දමා තම පෞද්ගලික රාජකාරීන්හි නිරත නොවන අයද ?

…දෙශපාලන හේතූන් මත ඉන්දියාවෙ නොගොස් සිටින්නැයි යෝජනා හතර අතින් ශ්‍රීලාංකික ක්‍රීඩකයන්ට ගලාගෙන එයි. එනම් අප ඉන්දියාව සමග තිබෙන සියලුම සබඳකම් නතර කර ගැනීම වැනිය. එය හරියට පහුගිය වකවානුවකදී ජනතා විමුක්ති පෙරමුන "ඉන්දියන් බඩු අපිට එපා" යනුවෙන් බැනර් එල්ලාගෙන විරෝදතා රැලි ගියා වගේය. මේ ක්‍රීඩකයන් තම වෘත්තීය කරගැනීමට ඉන්දියාවට නොයනවානම් එහි සේවයට ගොස් සිටින සියලුම වෘත්තීකයන් ශ්‍රීලංකාවට පැමිනිය යුතුය.

…IPL වැටුපට කෑගසන අය දෙස මම බලන්නේ ඉරිසියාකාරයන් ලෙසිනි. කෙනෙකුට ලබන්නට බැරි දෙයට ඉරිසියාකිරීමෙන් ඵලක් නැත.එය ඔවුන්ගේ කුසලතාවය මත ලැබීමකි.

…උදාහරනයක් ලෙස අද වැඩි දෙනා කතාකරන ලසිත් මාලිංග ගැනම කතාකරමු. ඔහු තම හැකියාව වෙළඳ භාන්ඩයක් ලෙස සලකා එක විකුනා ගැනීමට වෙරදරයි එයට මූල්‍යමය වටිනාකමක් ඇත. ඒ වටිනාකම ලබා ගැනීමට ඔහු යම් යම් කැපකිරීම් කර ඇත. ඔහුගේ යම් දක්ශතාවයක් වැඩිදියුනු කර එය විකුනා දැමීම මම නම් වරදක් සේ නොදකින්නෙමි. ඔවුන්ට මේ හැකියාවන් විකුනාගැනීමට ඇත්තෙ තව ටික කාලයකි. ඉන් පසු ඔවුන් අවලංගු කාසි වනවිට ඔවුන් ගැන සොයා බැලීමට සිටින්නෙ කවුද. තමන් හිසට තම අතමය සෙවනැල්ල කියා කියා තිබෙන්නේ කට කහනවට නොවේය.

… IPL වෘත්තිකයන්ට බනිනවානම් මා ඔබෙන් මෙලෙස අසන්නම් රජයේ මුදලින් කුඩාකල සිට ඉගෙන ගෙන රජයේ මුදලින් විශ්ව විද්‍යාල දක්වා පැමින. පිටරටුන්ට සේවය කරන වෘත්තීකයන් ගැන ඔබ කියන්නෙ කුමක්ද?

50 comments:


  1. "IPL වැටුපට කෑගසන අය දෙස මම බලන්නේ ඉරිසියාකාරයන් ලෙසිනි. කෙනෙකුට ලබන්නට බැරි දෙයට ඉරිසියාකිරීමෙන් ඵලක් නැත.එය ඔවුන්ගේ කුසලතාවය මත ලැබීමකි"
    ඔන්න ඕක තමයි ජෝන් අයියේ මටත් කියන්න තියෙන්නේ.

    කෝරලේ වලව්ව

    ReplyDelete
  2. හැකියාවට මිලක් ගත්තට ඇයි අපි කිපෙන්නේ..ඒත් ජයලලිතගේ රාජ්‍ය තාන්ත්‍රික රිදවීමට පොඩි කෙනිත්තිල්ලකුත් නැතුවම බෑ නේද

    ReplyDelete
    Replies
    1. ජයලලිතට බම්බු ගහගන්න කියලා ඉන්දියාවේ අනික් පාට්ස් වලට යන එක කෙනිත්තිලක් නෙවෙයි කණටම ගැහුව වගේ

      Delete
    2. බුවා ලෙසටම උත්තර දී ඇති නිසා මම නිහඬවෙමි

      Delete
  3. සහතික ඇත්ත අපේ මිනිස්සු අනුන්ට වැදි බන කියන්න හරි දස්සයි..තමුන් ගසා කන ගමන්..

    ReplyDelete
    Replies
    1. කොහොමත් අපිට පේන්නේ අනුන්ගෙ ඇහේ තියන කෙන්ද තමයි අපේ තියන පරාලෙ පෙන්නෙ නෑ

      Delete
  4. මුලින්ම කියන්න ඕන මම ක්‍රිකට් ටීම් එකේ ඉන්නෙ කවුද වත් දන්නෙ නැති ඩයල් එකක්... නමුත් මම කියන්න කැම්තියි අයි.පී.එල් යන අපේ ක්‍රීඩකයො පෙන්නන්නෙ ඔවුන්ගෙ දස්කම්... අපේ රටේ ඉන්න මැති ඇමති වරු නිකන් ඉදල සල්ලි හොයනව දැකල ඇතිනෙ.. ඇයි මේ දුක් මහන්සියෙන් ප්‍රැක්ටිස් කරල, අවුවෙ කට්ට කක, අපේ රට වෙනුවෙන් තරග වදින කොල්ලොන්ට ඔහොම කියන්නෙ... ඒක උනෙගෙ දක්ශතාවය මත ඔවුන් ලබා ගත්තු දේ... පොඩ්ඩක් ඉරිසියා නොකර ඉදපල්ලා....

    ReplyDelete
    Replies
    1. ඔය වගේ කට්ටියට තමයි ඕක හරියටම තෙරෙන්නේ . මොකද ක්‍රිකට් කන්නඩිය නැතිවනෙ ප්‍රශ්නෙ දිහා බලන්නෙ

      Delete
  5. එකඟයි , වැඩි විස්තර මගේ අවසන් ලිපියේ ඇති

    ReplyDelete
  6. මේකට එකඟයි...

    ඒ වුනත්, චෙන්නායි කණ්ඩායමෙන් අපේ දෙන්නෙක්ව අයින් කරපු වෙලේ, අනිත් උන් ටිකත් අපි එන්නෑ කියලා කිව්වනම්, ඔයිට වැඩිය නම්බු පිට කට්ටියට මෙදාපාර IPL යන්න තිබුනා..

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ නෑ ඒතරම් ලොකු බල වේගයක් ලංකාවේ ක්‍රීඩකයො අතරේ තිබුනා කියලා. එහෙනම් උබලාත් හිටපන් අපි ගහනවා කියලා තරඟාවලිය ගෙනියන්න පුලුවන් කමක් උන්ට තියනවා

      Delete
  7. ජයලලිත එන්න එපා කිව්වට පස්සේ නොගිහින් හිටියොත් අපිටමයි ලැජ්ජාව.ඒ නිසා ගියාට කමක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් මම ඒ ගැන කතාකලේ නෑ ඒත් බුවාගේ සිතුවිලි ! ලියන බුවා ඔය ගැන ලොකු කතාවක් ලියලා තිබුනා
      මෙන්න ලින්කුව

      Delete
  8. හොඳ පඩියක් හම්බ වෙනවා කියලා අම්මට ගරහන එකෙක් ගාවට අපි වැඩට යයිද? යනවා නම් ඒ කෙනා ගැන කිය යුතු නම මට මෙතන කියන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. තමුසෙ වගේ පොල් බුරුවන්ට රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පෙන්නේත් තමන්ගේ මිම්මෙන් එහෙම වුන්ට කියන්නේ " ගෝත්‍රික දූපත්වාසියො" කියලා .

      Delete
    2. අන් මත ඉවසන්න බැරුව, විරුද්ද මතධාරියට සත්තුන්ගෙ නම් කිය කිය, ආවේගයෙන් අදහස් දක්වන එකත් ගෝත්‍රික ලක්ෂණයක් තමා බුවා.. තේරුනාද මංදා !

      Delete
    3. බුරුවා කියන්නේ සිංහල සාමාන්‍ය ව්‍යවහාරයේ සතෙක් පමනක්ම නෙවෙයි ,ඒකෙන් හැඳින්වෙන්නේ බුද්ධි මට්ටමක් , පොල් කියන්නේ ඒකේ විශේෂණය . ඕනි කෙනෙක්ගේ මතයක් ඉවසන්න බැරි කමක් නෑ , සමහර මතයන් තියනවා ඒ විදිහට පිලිතුරු දිය යුතුයි කියල මට හිතෙන ඒක තමයි ඔය කරලා තියෙන්නේ . තාර්කික විරෝධයක් මතු නොකර ගෝත්‍රික කම ප්‍රදර්ශනය කරන කොට මට කියන්න තියෙන්නේ ඕය දේ ඔය විදිහට

      Delete
    4. බූරුවා යැයි කෙනෙකුට ඇමතිම සාමාන්‍යය පිළිගැනීම අනුව අදාලා පුද්ගලයට කරන අපහාසයක්.. ඒ ඒ මිනිස්සු අදහස් දක්වන්නෙ තම නැණ පමණින්.. ඒවා තාර්කිම වෙන්න ඕනා නෑ.. නිශාන්ට හරියි කියලා වැටහෙන දේ එයා ප්‍රකාශ කළා.. ඒකෙ තාර්කික කමක් තියනවද, නැද්ද කියන එක වැදගත් නෑ.. ඒක වැරදියි කියලා හිතෙනවනම් ඔයිට වැඩිය ගෝත්‍රික නොවන විදිහට ඕක පෙන්වලා දෙන්න පුළුවන්.. මෙතන ප්‍රශ්ණෙ උඹ පාට කණ්නාඩියක් දාගෙන ඉන්න උඹ හැර ලංකාවෙ ඉන්න අනිත් ඔක්කොම ගෝත්‍රිකයි කියලා.. උඹේ අදහසට විරුද්ධ යමක් කියවුන ගමන් ඌ ගෝත්‍රිකයා..

      Delete
    5. මම හැර අනික් ඔක්කොම ගෝත්‍රිකයි කියල ලේබල් අලවන්න ගියා නම් අවුරුදු 3ක් අන්තර්ජාලේ ඇතුලේ දේශපාලනේ කථා කරන්න හම්බුවෙන්නේ නෑ . ගහගන්න ඕනි වෙලාවට ගහගන්න වගේම අනික් කෙනාගේ මතය නිවැරදි කියලා හිස නමල පිලිගන්න වෙලාවලුත් තිබිලා තියනවා ,පහර ගහන්න ඕනි වෙලාවට ගහනවා ,ඔයාට අකමැති නම් මගේ කමෙන්ට් නොකියවා මගැරලා යන්න එච්චරයි

      නිශාන්ට මතයක් දක්වන්න තියන අයිතිය මෙතන ප්‍රශ්න කරන්නේ නැහැනේ , මම ඒ මතයට උත්තර දෙන විදිහට තමයි දීලා තියන්නේ , ඒක ඔයාට ගෝත්‍රිකයි නම් එහෙම හිතාගන්න

      Delete
    6. >> පහර ගහන්න ඕනි වෙලාවට ගහනවා <<

      පහර ගහන්න ඕනා වෙලාව මොකක්ද කියලා ටිකක් පැටලිලා වගේ.. මේ වගේ පොඩි දේකට උඹ මෙහෙම පහර ගහනවනම්.. උඹවම එල්ල කරලා තදට මොනවා හරි කිව්වොත් අප්පට සිරි කුණුහරුපත් කියයිනෙ.. :D

      >> ඔයාට අකමැති නම් මගේ කමෙන්ට් නොකියවා මගැරලා යන්න එච්චරයි <<

      මම තාම ඒ තත්ත්වෙට වැටුන්නෑ බුවා.. "ආ මම අරූට කැමති නෑ ඒක හින්දා උගෙ කමෙන්ට් කියවන්නෑ" කියලා කොන්කරගෙන, වෙන්කරගෙන මම බ්ලොග් කියවන්නෑ..ඒක ඉස්සරහටත් එහෙමයි. ඔයාට කැමතිනම් ඔයාගෙ කමෙන්ට් වලට ඩිස්ක්ලේමර් එකක් දාගන්න. :D සමහර විට වෙන කෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි. :D

      >> නිශාන්ට මතයක් දක්වන්න තියන අයිතිය මෙතන ප්‍රශ්න කරන්නේ නැහැනේ <<

      එහෙම ප්‍රශ්න කළා කියලා මම කියලා නෑනෙ.. මම කියලා තියෙන්නෙ නිශාන්ට පිළිතුරු දුන්න විදිහ ගෝත්‍රිකයි කියලා.

      >> ඒක ඔයාට ගෝත්‍රිකයි නම් එහෙම හිතාගන්න <<

      අවුලක් නෑ මම එහෙම හිතා ගන්නම්.. ඒකට අවශ්‍යය පසුබිම ඔය අපූරුවට හදලා දීඑලා තියෙන්නෙ. :D

      ආයුබොවන් බුවා.

      Delete
    7. පහර ගහන්න ඕනි වෙලාව මොකක්ද කියල උඹ දකින විදිහයි මම දකින විදිහයි අතර වෙනසක් තියනවා , මාවම එල්ල කරල තදට මොනව හරි කිව්වොත් ? එහෙම ඒවා ඔනි තරම් කියලා තියනවා ,මගේ බ්ලොග් එකේ ඇනෝ විවෘතයි ඕනි කෙනෙකුට මට බැනල යන්න පුලුවන් කිසිම බාධාවකින් තොරව. සමහර අය ඉලක්ක කරල වෙනම බ්ලොග් පොස්ටුත් ලියල තියනවා , ඕවා සමාන්‍ය දේවල්.ඒ නිසා ඒ ඒ අවස්ථාව අනුව පිලිතුරු දීලා ඇති , හැබැයි බ්ලොග් අවකාශයේදි කුණුහරුප නම් කියල නෑ

      ඩිස්ක්ලේමර් අවශ්‍ය වෙන එකක් නෑ , මට කියන්න තියන දේ කෙලින්ම කිව්වා මම ගියා , උත්තර දුන්නොත් ආයෙත් උත්තර දුන්නා එච්චරයි . මම කියන ඒවට අකමැති අය නොබලා යනවා ඇති . මම කියපු දේට විරුද්ධ වෙන අය නෙවෙයි කියන විදිහට අකමැති අයත් වෙන්න පුලුවන් !

      Delete
    8. නිෂාන් මල්ලිට බනිනකොට සෙන්නා අය්යට තද වෙන හින්ද මම නිෂාන් මල්ලිගේ චූටි මොලේට තේරෙන විදිහට මෙහෙම කියන්නම්

      * දැන් නිෂාන් මල්ලියේ ඔයා අම්මාය කියල මෙතන කියන්නේ ලංකාව , එහෙම නේද ? හරි දැන් කව්ද ලංකාවට ගරහන්නේ ? ඔයාගේ චුට්ටන් මොලේට තේරෙන විදිහට අපි කියමු ඉන්දියාවේ දෙමලු කියලා , එතකොට ජිනිවා වලදි අපිට විරුද්ධ වෙච්චි මන් මෝහන් සීයා , එයාවත් ගරහන ගොඩට දාමු . දැන් අපේ ක්‍රිඩකයො දෙමලු ගාව වත් , මන් මෝහන් සීයා ගාව වත් වැඩට යනවද? නැනේ නේද ? ඒ ගොල්ල යන්නේ වෙන වෙන බිස්නස් කාරයො ගාව වැඩටනේ , එතකොට ඔයාගේ කතන්දරය මෙතනදි අදාල නැ කියල තේරෙනවා නේද? (මොලේ කොච්චර චූටි වුනත් , ඉන්දියාවේ දෙමලු ඉන්නේ තමිල්නාඩුවේ විතරයි කියල නිෂාන් මල්ලි දන්නවා ඇතිනේ? )

      * ඉන්දියාවේ ආණ්ඩුව ලංකාවට ගරහන කොට , එහෙ බිස්නස් කාරයින් ගාව වැඩට යන එක වැරදියි කියල ඔයාගේ චූටි මොලේට හිතනවා නම් , මල්ලියෝ ඔයත් ඒ වැඩේම කරනවා. ලංකාවට ගරහන අය අතරේ උඩින්ම ඉන්න ඇමරිකාවේ බිස්නස් කාරයෙක්ගේ තමයි ඔයා ලියන බ්ලොගර් සේවාව . ඉතින් අරක වැරදි නම් ඔයා කරන්නෙත් ඒ වැරැද්දම තමයි

      * දැන් ඒ වැරදි කරනවා කියන අපේ ක්‍රිඩකයින්ට කියන්න ඕනි නමකුත් මල්ලියාගේ හිතේ තියන බව පේනවා . ඒ අය දැන් කරන වැඩේ වැරදිමයි කියමුකො , ඒත් ඒ අය ලංකාව- අම්මාව ආඩම්භරයට පත් කරන්න පුලුවන් දේවල් කොච්චර කරල තියනවද? ඒ අයට බනින මල්ලි ඒවගෙන් දශමයක දෙයක්වත් කරලා නෑ නේද? ( දශමය කියන්නේ මල්ලියේ 1/10 )

      * මල්ලිගේ චුටි මොලේට මං කියපු දේ තේරුණා නම් ලොකු දෙයක් . නැත්නම් ඒත් කමක් නෑ . ඔය වෙලාවක ඉන්න ගමන් ලෝක සිතියමක් අරගෙන බලන්න , ලංකාව තියෙන්නේ ලෝක සිතියම ඇතුලේ , ලංකා සිතියම ඇතුලේ ලෝක සිතියම හොයන්න එපා .

      එහෙම නම් මල්ලියෝ සුභ අනාගතයක්

      Delete
    9. හප්පේ මට කියන්න දෙයක් ඉතිරිකරලා නෑනේ

      Delete
    10. @බුවා
      හරි මම ගෝත්‍රික දූපත්වාසියෙක් එතකොට ඔහේ? රාජ්‍ය තාන්ත්‍රික කටයුතු බුද්ධිමත්ව විචාරය කරන උගතෙක්ද? අනේ මට නම් එහෙම ගතියක් පේන්න නැහැ.තමුසේ කොහොමත් එදා කාලේ ඉඳන්ම තමුසෙගෙ මතයට විරුද්ද මතවාදියෝ එක්ක එල්ලී එල්ලී ගියේ පොර කන බල්ලෙක් වගේනේ.මෙතන මම තව දුරටත් ඔහේ වගේ උඅගතෙක් එක්ක වාද කරන්නේ නැහැ.තමුන් මට කිව්ව දේමයි මටත් තමුන්ට කියන්න තියෙන්නේ.

      මන් වගේ ගෝත්‍රික දූපත් වාසියෙක්ගේ කොමන්ට් දැක්කම නොකියවා ඉන්න!!

      @සෙන්නා අයියා
      පොර කන්නම දඟලන බල්ලෝ එක්ක වාද කරලා වැඩක් නැහැ.එක පාරක් මම තවත් කාටහරි කිව්වා මත වාදවලින් වියරු වැටිච්ච පිස්සු බල්ලෝ එක්ක වාද කරන්න එපා කියලා.

      @ඇනෝ
      ඔව් ඔයා කියන දේ හරි අපේ අය වැඩට ගියේ වෙන වෙන බිස්නස්කාරයෝ ගාවට වෙන්න පුළුවන් ඒත් ඒ බිස්නස් කාරයෝ නියෝජනය කරන්නේ කාවද කියන එක වැදගත් නැද්ද?.

      එතකොට දශමය කියන්නේ දහයෙන් එකක්ද? අපරාදේ අයියේ ඔයා ඇනෝ කොමන්ට් එකක් දැම්මේ නමින්ම දැම්මා නම් ඉවරනේ.අවුලක් නැහැ මං මෙතන තව දුරටත් කා එක්කවත් වාද කරන්නේ නැහැ.

      ලංකාවට ආඩම්බර වෙන්න පුළුවන් දේවල් සීයක් කරත් එක දේකින් අවමානයට පත් කරන්නත් පුළුවන් නේද?.ස්තුතියි ඈ තේරුම් කරාට.ආයේ නමින්ම දාන්න ඈ

      Delete
    11. වාද කරන්න බැරුව පලා යන උන්ට ඕනි තරම් හේතු කියන්න පුලුවන් , මම ඔනි බුරුවෙක්ගේ කමෙන්ට් කියවනවා , ඒවට උත්තරත් දෙනවා , ඒ කෙනාගේ මතය වෙනස් වුනත් නැතත් කියවන අනෙක් කෙනෙකුට හරි යමක් දැනෙන්න . ඔයාගේ බ්ලොග් එකේ කමෙන්ට් නොකර හිටිය හැකි , ඔයා වෙන තැන් වල දාන කමෙන්ට් වලට උත්තර දෙන්න ඕනි කියල හිතුනොත් ඉස්සරහටත් උත්තර දෙනවා

      Delete
    12. අය්යෝ මල්ලිටත් ඔය නම් අමාරුව තියනවද ? අනේ මන්ද ඉතින් මගේ නම කිව්වා කියල මල්ලි මාව දන්නෙත් නෑනේ. ඔයා මඩිස්සලේ නිෂාන් නිසා මම පෝර ගෝනියේ සිරිපාල කියල හිතාගන්න කො . දැන් සතුටුයි නේද?

      * ව්‍යාපාරයකින් රාජ්‍යය නියෝජනය වෙනවාද? ඕක පැහැදිලි කරල දෙන්නම් නම් මල්ලි ආර්ථික විද්‍යාව චුට්ටක් හරි දැනගෙන ඉන්න ඕනි . ඊලඟට ඒ ඒ රටේ (මෙතනදි ඉන්දියාවේ ) ආර්ථික ප්‍රතිපත්තිය මොනවගේ එකක්ද කියල බලන්නත් ඕනි . ඒ කියන්නේ ධනවාදීද , සමාජවාදීද වශයෙන් (නම් හරි අහල ඇතිනේ ) . මල්ලිට ඕනි නම් තේරුම් කරල දෙන්නත් පුලුවන් . ඒත් මට නිකමට හිතෙනවා ඔයාගේ චුට්ටන් මොලේට ඒවා බර වැඩි වෙයි කියලා . ඒ නිසා මම මෙහෙම අහන්නම් .

      *ව්‍යාපාරිකයින් ගෙන් රටේ මතය නිරූපනය වෙනවා . ඒ නිසා අපේ ක්‍රිඩකයො කරපු වැඩේ වැරදියි . ඇමරිකානු රජය නියෝජනය කරන ගුගල් සමාගමේ සේවාවන් පාවිච්චි කරන එක හරිද?

      දශමය කියන්නේ දහයෙන් පංගුව නෙවේද ? අනේ මල්ලියො එහෙනම් මොකක්ද කියල කියල දෙන්නකො

      Delete
    13. මේ තරම් පැහැදිලි කරලත් තේරුම් නොගන්න කෙනෙක්ට බූරුවා කියපු එක වැරදී බුවා......ඒක බුරුවන්ට ලොකු අපහාසයක්......

      Delete
  9. සිරාවට...ඔය IPL යනවාට බනින ගොඩක් උන් රට පනින්නෙ කොයිවෙලේද කියල බලාගෙන ඉන්නෙ...

    ReplyDelete
    Replies
    1. කවුරුත් හම්බ කරන්න කැමතියි

      Delete
  10. මෙහෙමයි මේ සල්ලි ලංකාවට තමයි ..එන්නේ ,ඒකෙන බදු අයකරනවා ඇතිනේ

    ReplyDelete
  11. Thopi Okotama Ratata Hengehuwath kamai nethi jathiyak un thamai

    ReplyDelete
    Replies
    1. අනේ කියන්න බලන්න මූනුපොතේ ජාති ආලේ වපුරවපු එකට අමතරව ඔබතුමා කරපු ජාත්‍යාලීය වැඩක්.

      Delete
  12. Macahn Ponna sipoo Meke Topic eka IPL Rassawa. Minissu niwadu dala wena weda karanwa eti kiyak hari hamba karaganna . hebei ee salli yahamin tiyana un netnam salli neti un. Saali utaranna tiyana oya set ekata me welawa podak rata gena hitala wenas thiranayak ganna tibba. Mahalikuwa boruwata kegahala newei. Den thiyana thatahwa anuwa apita enna be kiyala wage deyak. Rata gena hitala , Rata wenuwen lee halapu un nisa. Unta cricket gahanna , ewaballa booma pupurana kale ewa araksha karanna hitapu hamudawe minissu nisa.

    Tamil naduwata one emalma. indian anduwata une elama lanke hadanna mokada netnam eka tamilnaduwe etiwena nisa. Oka hita oyawa wiriduwa rata wenuwen merichchca un gena hitala podak weda karanna tibba. Salli nethi un nam IPL RASSAWTA giyata kamak ne ithin owa gena hitanne nethuwa.

    ReplyDelete
    Replies
    1. මචො චිත්‍රයක එක කොනක පොඩ්ඩ්ක් බබලා සම්පූර්න චිත්‍රයම විස්තර කරන්න යන්න එපා මොකද චිත්‍රෙ හුඟක් ලොකුයි චිත්‍රේ පාට හරියට බැලන්ස් කරන්නනම් අපි දාගෙන ඉන්න කන්නාඩිය ගලවලම බලන්න ඔනේ. මම මේ සිද්ඩිය පඩියකට සසඳලා ලියුවේ පඩිය වියදම් කරන හැටියි, ගන්න හැටියි, මදි පාඩු පියෝ ගන්න හැටියි ගැන අවබෝදයෙන් මෙ ලිපිය තෙරුම් ගන්න. සමහරවිට ඔයා තාම පඩියක් නොගන්න දෙමාපියන්ගෙන් කකා බිබී ඉන්න කෙනෙක් නම් මෙ පඩි කතාව තෙරෙන එකක් නෑ.
      …කෙනෙකුගෙ පඩියට හරියන්න වියදනුත් ඒ පස්සෙන් එනවා ඒ වියදම් දිගටම එන නිසා අපිට උතුරන්න වගේ පේන අනුන්ගෙ පඩි ඒ උතුරන වේගෙන්ම හැලෙනවා. ඒත් ඒවා අපට පේන්නෙ නෑ ඒවා පේන්නේ වියදම් දරන කෙනාට විතරයි.

      Delete
  13. ඔය ගැන කතාකරන ආත්මාර්ථකාමි ක්‍රිකට් ක්‍රිඩකයා අර්ජුන විතරනේ. අනෙක් කිසිම ක්‍රිඩකයෙක් කතා කරන්නේ නෑනේ. අර්ජුනත් අයි පී එල් එකේ ළකුණු දාන්න හරි අරගෙන තිබුන නම් බලාගන්න තිබුනා කතා කරන හැටි. අර්ජුන කියන්නේ සාක්කුවේ සල්ලි වලින් ටිපොයක් වත් කන්නේ නැති, අනුන්ගෙන් ජීවත් වන මිනිහෙක්. එතකොට ඒ ගැන නෝ කතා. අපේ රටේ ක්‍රිකට් කෑවේ අර්ජුන වෙන කවුරුත් නෙමෙයි. මහත්වරුන්ට තිබුන ක්‍රිකට්. පාදඩකරණය කළේ එයා මිස වෙන කවුරුවත් නෙමෙයි. 96 දින්නා වගේම, ඊළඟ එකේ පළමු වටයෙන්ම අවුට්. 96 දින්න හැටිත් පොඩ්ඩක් විශ්ලේෂණය කරලා බැලුවොත් තේරේවි මොකක්ද ඇත්ත තත්වය කියලා.

    ReplyDelete
    Replies
    1. ඔය ගැන පොස්ට් එකක් ඩ්‍රාෆ්ට් කරලා තියෙන්නේ දානවද නැද්ද කියලා හිත හිත ඉන්නෙ

      Delete
    2. පොඩ්ඩක් ඒ ගැනත් ලියල දාපංකො මාතලන්

      Delete
  14. නිවාඩු දාලා යනවා නෙවෙයි ඔෆීස් එකෙන්ම නිවාඩු දෙනවා අනේ පුතේ පලයං කියලා.

    ReplyDelete
  15. ලසිත් මාලිංගට මිනිස්සු බැන්නේ එයාගේ හැසිරීමටනේ. ජනප්‍රිය චරිතයක් උනාම, එය ආරක්ෂා කරගන්නත් දැන ගන්න එපායැ.

    ReplyDelete
  16. ක්‍රිකට් ගැන ඇල්මක් නැත.ක්‍රිකට්ද ආගමක් වී ඇති බව කොමෙන්ට්වලින් පෙනේ.

    ReplyDelete
  17. හැමෝටම අමාරුව උන්ගේ හැකියාවෙන් සල්ලි හොයන එකට. ඊටත් වඩා රටට ද්‍රෝහී වෙන රාජ්‍ය සේවකයෝ කොච්චර ඉන්නවද? මාද්‍ය කාරයෝ කොච්චර ඉන්නවද? පොද්දල ජයන්ත, සුනන්ද දේශප්‍රිය වගේ වුන්.

    ReplyDelete
    Replies
    1. පෝද්දල ජයන්තගේ අඬු කඩල රටෙනුත් එලවල දැම්මේ

      Delete
  18. යම් අයෙකුගේ දක්ෂතාවයට හැකියාවට කිසිවක් කියන්නට බැරිය.. අනෙක් දෙය ඔවැනි ප්‍රශ්න එන්න පෙර ඒ ක්‍රිඩකයින් ගිවිසුම් අත්සන් කරල තියෙන්නෙ..ඉතින් උසාවි ගානෙ නඩු දාගන්න ගියාම ඔය බනින කවුරුත් නැහැ ඒ මිනිස්සුන්ට...

    ReplyDelete
  19. මං ක්‍රිකට් ගැන දන්නා බම්බුවක් නැත. වැඩකුත් නැත. ඒ වුනත් මේ වැඩේ වරදක් දකින්නෙත් නැත..

    ReplyDelete
  20. කොයි තරම් පැහැදිලි කරත් මේක තේරුම් ගන්ට බැනේ ලංකාවේ බත් කන හරකුන්ට........

    ReplyDelete
  21. ඇත්තටම මෙතන වෙන්නෙ පුළුවන් කාලෙ හොඳට හම්බකර ගැනිමයි. ඒක වෘත්තියක්. ඒ නිසා කෙනෙකුගේ වෘත්තිය උපයා ගැනිම් අපට අදාල වෙන්නෙ නෑ. අපේ ක්‍රිකට් පිල ගැන මට හිතෙන්නේ ඒ විදියටයි.

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..