පින්තූරය ගත්තෙ www.olaalaa.com |
මම බොහෝ දිනවල මාර්ග අංක 141 වැල්ලවත්ත නාරහෙන්පිට බස් සේවාවෙන් ප්‍රයෝජන ගන්නෙක්මි. එදත් සුපුරුදු පරිදි වැල්ලවත්තෙන් බසයට ගොඩවූයේ පාමංකඩින් බසින අදහසිනි. බස් ගාස්තුව රුපියල් 9ක් වුවත් කිසිම දිනක ඉතිරි රුපියල ලැබුන බවක් මතකයේ නැත. නාරහෙන්පිටට රුපියල් 12ක් වුවත් රුපියල් 20ක් දුන්නොත් ඉතුරු ලැබෙන්නේ රුපියල් හතකි.
රුපියල ගැන කතාකිරීම අද මගේ කතාවේ මාතෘකාවයැයි ඔබ වරදවා වටහාගනීයැයි සිතුන නිසා මා කියන්නේ එය එසේ නොවන බවයි.
කොන්දොස්තර මහතුන්ගේ ආමන්ත්‍රන හා ඔවුන්ගේ මුහුනුවල රලු ස්වභාවය රාජකාරී වෙලාවන්හි ගමන්බිමන් යන ඔබට අමුතුවෙන් හඳුවාදිය යුතු නැතැයි සිතමි.
කාරුණික ස්වරයෙන් ගනුදෙනු කරන කොන්දොස්තරවරයෙකු ඔබ දැක ඇත්නම් ඒ අතලොස්සකින් එකෙකි.ඒතරමටම කොන්දොස්තර ගුණවරුන ඔබේ සවනේ රැඳී ඇතිබවට මට සැක නැත. දැන් ඔබ සිතනවා ඇත්තෙ කොන්දොස්තරවරයෙකුගෙන් උන සිත්තැවුලක් පිරිමසා ගැනීමට මා මේ සටහන ලියනවා කියානම්, එය වැරදිය.
පෙර කියූ බස් මාර්ගයේ එක් කොන්දොස්තරවරයෙකි. ඔහුගෙ පෙනුම හරියටම කියනවානම් අධිකලෙස හෙරොයින් පානයට ඇබ්බැහිවී ඉන් පුනුරුත්තාපනය වූවෙකුගේ හැඩරුව සිහියට ගන්න. තැන තැන උඳුගොව්වන් කෑ බූ ගෑ හිස්කබල අඩවන් වූ ඇස් සිහියට ගන්න . මා මෙ කියන කොන්දොස්තරවරයා හරියටම එවැනිය.
මුහුනේ මලානික රුද්‍ර බැල්ම මිස සිනහවක් නැත.
මාරු කාසිවලින් මුදල් ඉල්ලනවා විනා ඉතිරි රුපියලක් නම්, එය දුන් වගක් ඔහුගෙන් දැක නැත.
පහුගිය දිනයක මා පුවත්වපත එක් සටහනක් දුටිමි එය "සිනහවට කලහැකිදේ බොහෝය." යනුවෙන් හඳුන්වා තිබුනි. දහවල් බත්පත ඔතා ගෙන එන පුවත් පත් පිටුව අකුරක් නැරම කියවන මම, එම සටහන දුටුවේ එම පුවත් පතිනි. අවාසනාවකට ඔබවෙත එම පිටුවේ සැබැඳියාවක් යොමුකිරීමට නොහැකියාව ගැන කනගාටුවන්නෙ වැදගත් යමක් දුටුවිට අරන් තබාගැනීමෙ පුරුද්ද මාවෙතින් ගිලිහී ගොස් තිබෙන නිසාවෙනි.
එම ලිපිය කියවූ මොහොතේ මට හිතුනේ සිනහව ගැන අප සිතනවා මදියැයි කියාය. අත්දැකීම් ඇසුරින් පාඩම් ඉගන ගන්න බොහෝවෙලාවට උත්සාහා කරන මම විද්‍යාව ඇසුරින් මෙය පැහැදීමට දැනුමැතියෙක් නොවෙමි. දැනුමැතියෝ වෙත්නම් මෙහි ලින්කු (Links) පලකිරීම ගැන මගේ කිසිම අකමැත්තක් නැත.
මා නිවැසින් පැමිනියේ තරමක් කැලබුන මනසිනි. කාලවේලාව ඉක්මවා ගොස්තිබුනෙන් කඩිමුඩියේ යතුරු පැදියෙන් දුම්රියපලවෙත පැමිනියෙමි. කිසිදාක සිනානොවන පොලිස් නිළදාරී මහතෙක් ම සමග සිනාසුනේ කහ ඉර මතදී මගේ යතුරු පැදිය නවතනලෙස සංඥා කරමිනි. වෙනදා මට දැඩි කෙන්තියක් ආවත් ඔහුගේ සිනහව, මගේ ඒ කෙන්තිය මගහැර, වචනයෙන් කිව නොහැකි හැඟීමක් සිතට ගෙනාවේය. මට අර පුවත් පත් සටහන සිහිවිනි. දුම්රියපලේදිත් මහාමාර්ගයේදිත් මුහුනට හමුවන සියලුම දෙනා සමග මම සිනාසුනෙමි. වෙනදා දකින මිනිසුන්ට වඩා වෙනසක් මම එදින මිනිසුන්ගෙන් දුටුවෙමි.
පෙරකී කොන්දොස්තරවරයා මුනගැසුනේ වැල්ලවත්තෙදී දුම්රියෙන් බැස බසයට ගොඩවූ පසුය මම ඔහුට රුපියල් දහයේ කොලයක් ගෙනහැරපෑවේ ඔහුගේ දෙනෙත් දෙස බලා සිනහමුසු මුහුනිනි. කලිසම් සාක්කුවට අත දැමූ ඔහු නැවත ඉතිරි රුපියලක් මාඅත තැබුවේ කිසිදාක ඔහුගෙ මුහුනින් නොදැකපු සිනහවක්ද සහිතවය. බසයේ කිසිම කෙනෙකුට ඔහු මා බසිනතුරු ඉතිරි රුපියලක් නුදුන් බවත් මා දුටුවෙමි. රුපියලකට වඩා වටිනාකමක් මා අද දිනයේ සිනහවෙන් ලබාගත හැකි බව දැක්කෙමි.
හ්ම්....ළඟ සිට බලන කල ජිවිතය ඛේදාන්තයක් සේ පෙනෙනු ඇත.දුරස්ථව බලන කල එය විහිළුවකි.-චාලි චැප්ලින්-
ReplyDelete:)
Deleteලොකු ජෝන් එදා ඉදම් හිනා වෙලාමලු ඉන්නෙ :D
ReplyDeleteකොහොම උනත් අර කතාවනම් ඇත්ත // වැදගත් යමක් දුටුවිට අරන් තබාගැනීමෙ පුරුද්ද මාවෙතින් ගිලිහී ගොස් තිබෙන නිසාවෙනි.//
:) දන්නෝ දනිති
Deleteමාත් මචං ඔය ගැන ලියන්න ලිස්ට් එකේ තියාගෙන ඉන්නේ. ඇත්තටම හිනාවකට කරන්න පුළුවන් දේ බොහොයි හැබැයි කපටි හිනාවට නෙමෙයි.. ඔය අත්දැකීම් සරල ඒවා, නමුත් ඊට එහා ගිය අත්දැකීම් බොට ඇති,, උඹ කම්මැලි කමට මතක් කරල නැත්තේ.. තව තියෙනවා බං කට පාවිච්චි කිරීම ගැනත් ඔය වගේමයි..
ReplyDelete:) ලියපන් ලියපන් .. කියපු දේ වැරදි නෑ හරියට හරි ..
Deleteඅපිට ප්‍රශ්න අඩු ඒකනේ මචෝ. ඉස්සෙල්ලා අපි මනුස්සයෝ වෙන්න ඕන.
ReplyDelete:) හරියටම හරි ලොක්කා
Deleteඅනිවා.. කොච්චර තරහක් ආවත් ඉවසගෙන හිනා වෙලා පාලනය කරන් ඉන්නව නම් එසැනින් ප්‍රතිඵල ලැබෙනවා.. අත්දැකීම් ඕන තරම් :)
ReplyDelete:) අනිවා
Deleteජෝනා, ඔය හිනාවෙන එක කරන්න පුලුවන් ලංකාවේ. මම ලංකාවෙ ඉඳලා ආපු ගමන් පුරුද්දට ටික දවසක් මෙහෙ උන් එක්කත් හිනා වෙනවා. ඊට පස්සෙ මගේම පුකට පයින් ගහගෙන මැරෙන්න හිතෙනවා උන් රවාගෙන යනකොට. ඊට පස්සෙ කවුරුවත් එක්ක හිනාවෙන්න හිතෙන්නේ නෑ. හිනාවුනොත් හිනා වෙනවා. අනික අද හිනා වෙලා කතා කරන $@#$ හෙට රවාගෙන යනවා මෙන්න.
ReplyDeleteලංකාවට ඇවිල්ලත් ටික දවසක් පෝකර් ෆේස් එකෙන් තමයි ඉන්නේ. පස්සෙ ආපහු හරි යනවා. උඹ කියන්නේ අපි හිනාවුනාම සමහර උන් අපි දිහා බලන්නේ පුදුම සැකේකින්.
ඒකනෙ ඩුඩ් අයිය මේ මිනිස්සු කියන වුන් කොහොමද විශ්වාස කොරන්නෙ. හිනාවුණොත් ඔරවනව. එරෙව්වොත් ගොරවනව. එහෙම නැතුව අපි හිනානොවී ගියොත් උන් හිනාවෙනව. එහෙම වෙලාවකට මටනම් දුකකුත් ඇතිවෙනව අපරාදෙ අරූ මට හිනා වෙලත් මට හිනාවක් දාන්න බැරි වුණානෙ කියල. මම වැරදිද ඩූඩ් අයියා
Delete:) පිටරැටියන්ට නුහුරු උනත් අපිට උරුම ඒ හිනාව වත් මෙහෙ උන් හරියට නොකරන එකනෙ වැඩේ
Deleteගොඩක් ප්‍රශ්න අව්‍යාජ සිනහව මගින් විසඳගන්න පුලුවං.
ReplyDeleteඅනිවා එකගයි
ReplyDeleteසිනහවට කල හැකි දේ බොහොමයි, ඒ වගේම සිනහවෙන හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා. ඇත්ත අපිට පුළුවන් හැම වෙලාවේම ඉන්න ඕන හිනාවෙලා, එතකොට ප්‍රශ්න ගොඩක් අඩුයි.
ReplyDeleteහිනා නොවෙන අවංකයා ලඟට වඩා හිනාවෙන කපටියා ලඟට මිනිසුන් එකතුවේ.
ReplyDeleteඋදා:....රනිල් සහ මරා
ඔය මෙහෙම ලිව්වට රනිල් අවංකයා කියා උගේ ගෑනිවත් පිලිගන්නවදැයි මම නොදනි.
ඇත්ත.. හිනා බෝවෙනවා.
ReplyDeleteයමෙක් සමල වචනයක් කතා නොකලත් එකම එක සිනහව මිළ කරන්න බැරි අදහසක් බව හැෙඟෙන්නේ ඒ නිසයි. එතකොට හිතෙන්නේ අර රුපියලට වඩා ඒ ප්‍රතිචාර දැක්වූ සිනාව වැඩි වටිනාකමක් ගෙන දෙන බවයි.
ReplyDeleteසමහරක් උන් මට බනිනවා ''හිනාවෙන්නේවත් නැ ලොකු එක'' කියලා
ReplyDeleteකොහොමද බං හදවතින්ම එන්නේ නැතුව බොරුවට හිනාවෙන්නේ
අනික මේ තියන කරදර ප්‍රශ්න එක්ක හිනාවෙනවා තියා අඩාගන්නවත් බැ
hinaawak rupiyalai :D
ReplyDeleteහික් හික්!
Deleteඇත්ත ....සිනහවට කල හැකි දෙ බොහෝය
ReplyDeleteඇත්තටම සිනහවට බොහෝ දේ කළ හැක ලබා ගත හැක.. අද්දැකීමෙන් ම දනිමි.
ReplyDelete“උදේම ඉස්සරහට දකින අය ලස්සන හිනා පාරක් දාල විෂ් පාරක් එහෙම දානවනම් මුළු දවසම මරේ මරු. නැත්තම් ඔය ඔරවගෙන ඉන්න පොරක් එහෙම දැක්කොත් දවසම මස්ත බාල්දු වෙනව“ කියල සමහරු කියල තියෙනව මටත් ඇහිල තියෙනවා. ඒ විතරක් නෙමේ කියලත් තියෙනව
ReplyDeleteකතාව ඈත්ත,එත් වුඩ් කියනව වගෙ පෑත්තකුත් තියෙනව
ReplyDeleteසිනහ බෝ වේවා !
ReplyDeleteසිනහව සහ හොඳ වචන වලට හුඟක් දේ කරන්න පුළුවන්. කතාවට කියන්නෙ හිනාව ඉනාවකි කියලනෙ. වැඩේ කියන්නෙ, මෙහෙම කිව්වට මගෙ ලඟ නම් සිනහව අඩුයි. :)
ReplyDeleteඅපේ ඉස්කෝලෙ හිටියා හෙන සැර හාමුදුරු නමක්. ආයෙ අතින් අල්ලල ඇදල ගත්තම පිට දිහාට දෙක තුනක් දීලමයි අත හරින්නෙ. ඊට කලින් කොහොම හරි හිනා වුනොත් නම් බේරෙන්න පුලුවන්. කොල්ලො ඉතින් කිචි කවාගෙන හරි හිනා වෙනව. :D
අපි නම් ඉතින් හිනාවෙලා විෂ් එකක් දාල තමයි යන්නේ. ඒත් තමන්ගෙ නිලය හිතේ තියන් ඉන් නැතුව ඇඟේ කාවද්දලා තියෙන මිනිස්සු බලන්නෙයවත් නැතුව යනකොට අපරාදෙ නිකම් කියලත් හිතෙනවා...
ReplyDeleteකතාව නම් ඇත්ත තමයි....
ReplyDeleteඔලුව උඩට අහස කඩන වැටුනත් මගේ නම් වැඩේම 'හිකි හිකි' ගගා ඉන්න එකයි... (ඒ කියන්නේ මම කවදවත් සයිකෝ ගහල නැහැ කියන එක නම් නෙවෙයි හොදද...)
සමහර වෙලාවට මහා කරදරයක් මැද්දේ උනත් මට හිනා යනවා... කොටින්ම එක දවසක් අපේ මැනේජර් කාරයෙක් බනිනකොට මට හිනා ගියා... ඒ මනුස්සයට අවුල් ගියා මිනිහගේ තරහ සාධාරණ නැහැ කියලා... ඉක්මනට බනින එක නතර කරලා රුම් එකට රිංගුවා....
මමත් ඔය වගේ වැඩ කරලා තියෙනවා.. ඒ කියන්නේ කවදාවත් හිනාවක් නොතිබෙන, කොයි වෙලෙත් මල පැනල වගේ ඉන්න අයට වෙනම හිනා වෙලා යනවා. හැබැයි ඉතින්, ගැනුලමයි විදියට හැමෝටම විරිත්තන්න ගියොත් ඉතින් වෙන්නේ නැති කරදර වලට මුණ පාන්නයි.
ඩුඩ් ගේ කතාවත් ඇත්ත. එත් මම නම් කරන්නේ උන් හිනා උනත්, එරෙව්වත් මම මගේ ලෝකේ ඉන්න හින්ද හිනා වෙනවා.... සමහ වෙලාවට උන්ට හෙන සර්ප්‍රයිස් වෙනවා.... එක හෙන ජොලි වැඩක්... හි හි...
හිනාවෙමු. හිනාවෙමු. නෙතින් නෙත බලා. හැබැයි ප්‍රවෙසමට.
ReplyDeleteඇත්ත! සිනාවට කරන්න පුලුවන් දේවල් බොහොමයි!ඒකෙන් එකිනෙකා ආකර්ශනය වෙනවා.ඒකයි කවදාවත් රුපියල ඉතුරු නොදෙන කොන්දොස්තරත් වෙනස් වුනේ.
ReplyDeleteමම දුලාගේ අඩවියේ™ දුලා
පුලුවන් වෙලාවක් ඇවිත් යන්න අමතක කරන්න එපා:-dulageadawiya.blogspot.com
මමත් හිනාව ගැන ලිපියක් ලිව්වා. බලන්නකෝ එකත්...
ReplyDeleteමිනිසුන්ගේ හදවත් දිනාගැනීමට නම් මෙය ඔබ සතු විය යුතුය............!!!
හරි යන්නේ නෑ අප්පා. අපි හිනා උණා කියලා උන් ගණන් ගන්නේ නෑ. හිනා උණත් ඔලොක්කුවට හිනා වෙන්නේ.
ReplyDeleteහිනා හිනා හිනා හිනා වෙන්න හිනා කරදර ඉවත දමා පොඩ්ඩක් වෙන්න හිනා.... :D
ReplyDeleteහිනාවකට මිනිසුන් ආකර්ශනය කර ගැනීමේ ලොකු බලයක් තියෙනවා. හැබැයි අර කිව්ව වගේ ගෑනු අපි හිනාවෙන කොට ඒකත් වැරදියට තමා ගොඩක් පිරිමි අය සලකන්නෙ.
ReplyDeleteඔය කොන්දොස්තර කම කියන්නෙ කාගෙන්වත් හොදක් අහන රැකියාවක් නොවෙයි නොවැ...වතාවක් බස් එකේ හිටපු මදාවියෙක් කොන් දොස්තර එක්ක ජල්ලියක් ඇල්ලුවා...චන්ඩියා කොන්දොස්තරගෙ අතේ තිබුන මාරු කාසි වලට උඩ යන්න ගැහුවා...ඒවා බස් එක පුරා වැටුනා...කොන්දොස්තර මගේ කවුරුවත් නොවුනත් මට යකා ආවේශ උනා...මම බිමට බැහැලා චන්ඩියාට නොන්ඩි වෙන්න කනට එකයි ගැහුවෙ..පළාතම නිශ්ශබ්දයි...චන්ඩියා මූණ අල්ලගෙන පාත් උනා...එදායින් පස්සෙ අර කොන්දොස්තර මම කොහොම දෙන්න හැදුවත් සල්ලි ගන්නෙ නෑ....
ReplyDeleteමේක කියන්න අමතක උනා චණ්ඩියා මට නොන්ඩි වෙන්න ගහයි කියලා ඊට පස්සෙ සතියක් මම ඒ මාර්ගයෙන් ගෙදර ගියේ නෑ...
Deleteසිරා කොල්ලෙක්නේ.. හොඳක් අහන රස්සාවක් නෙවේ තමයි.හොඳ අයත් කලාතුරකින් උන්නට එයාලට අහන්න වෙන්නෙත් නරකම තමයි.
Deletepatta
ReplyDeleteමාත් නිකං තියෙන හිනාව හැමෝටම පෙන්නන්න හිතාගත්ත.. :)
ReplyDeleteඅදයි මේ ලිපිය දැක්කේ.
ReplyDeleteඅපි ගොඩක් වෙලාවට පාරේ රැඳෙන්නේ උදේට වැඩට එද්දී, එහෙම නැත්තන් වැඩ ඇරිල හවසට ගෙදර යද්දි. ඔය වෙලාවල් දෙකේදිම අපි ගොඩක් ප්‍රශ්ණ හිතේ තියන්, එහෙම නැත්තන් නොරිස්සුමෙන් ඉන්න වෙලාවල්. උදේට එක්කෝ වැඩට යන්න පරක්කුයි...හවසට එන්නේ මුළු දවසෙම තිබ්බ ප්‍රශ්ණ වලින් හෙම්බත් වෙලා. අපිට මුණ ගැසෙන ගොඩක් දෙනා ඉන්නෙත් මේ අපි වගේම මානසිකත්වකින්.
එහෙම වෙලාවට ගොඩක් දෙනා අපි එක්ක හිනා නොවෙන්නේ අපේ මුණත් බොහොම අඳුරු වෙලා තියෙන නිසා වෙන්නත් පුළුවන්. මාත් හිතාගත්ත...අඩුමගානේ උදේට අපිට වාහන තදබදය ඇතුලෙන් රිංගල යන්න ඉඩ හදල දෙන පොලිසියේ මහත්තුරුන්ටවත් පොඩි හිනාවක් දාල එන්න ඕනි කියල :)
සිනහවට කරන්න පුළුවන් ඔයිට වඩා ලොකු වැඩ කරන්න හරි තැනදී ඒක පාවිච්චි කාලම නොසිතු විරු ප්‍රතිලාභ ලබන්න පුළුවන්
ReplyDeleteජෝන් අයියේ මොකද එක සැරේට මලා ජෝන් වගේ අතුරුදහන් වුනේ ලියන්නේ නැද්ද මොනවාවත්
ReplyDelete