
අද මට ලියන්න හිතුනේ අත්දැකීමක්. මගේ අත්දැකීමක් කියුවට මේ අත් දැකීම බොහෝ දෙනෙකුට ඇති. සමහරවිට මෙ අත්දැකීමට නැත්නම් මේ ගැටලුවට පිලියමක් තවම හමුවෙලත් නැතිව ඇති. බලන්න මේ ගැටලුවට ඔබ ඔබ මුහුන දුන්නානම් ඔබ කරන්නෙ කුමක්ද කියා.
ලොකු ජෝන් ගෙ මහගෙදර ඒ කියන්නෙ අපි පුංචි කාලෙ හැදුන වැඩුන, සෙල්ලම් කරපු, මගේ අතීත කතා ගනනාවකට සම්බන්ද වුනු මහගෙදර. අද මම එහෙ නැතත් අම්මයි තාත්තයි ඉන්නෙ එහේ. තව මගේ මල්ලිගේ ජීවිතෙ ගතවෙන්නෙත් එහෙම තමා. අම්මයි තාත්තයි මුනුපුරු මිනිපිරියන් එක්ක දවස ගතකරන්නේ මේ මහගෙදර තමා.
මහගෙදර කියුවම කාගේත් හිතෙ මැවෙන අක්කර ගානක පොල්ගස් දෙල්ගස් කොස්ගස් පිරුනු වත්තක් නම් නෙමෙයි අපට තිබුනේ. පර්චස් 20කට සීමාවුන ටිකක් හිමින් හූවක් කීවත් අල්ලපු ගෙදරට ඇහෙන සාමාන්‍ය නිවසක් තමයි අපේ මහගෙදර.