1982 මාර්තු මාසේ අග දවසක්, තාත්තත් එක්ක බොරැල්ලට බස් එකේ ගිහින් වනාතමුල්ලේ සරවනමුත්තු පිට්ටනියට පයින්ම ගියේ නිල් පාට කොට කලිසමයි සුදුපාට කමිසයයි ඇඳගෙන. අතේ තද රතු නැත්නම් සුලෝහිත කොඩියක් උස්සගෙන වතුර බෝතලය කරේ එල්ලගෙන පිට්ටනියට ගියේ හරිම උනන්දුවකින්. ටිකට් පරික්ශා කරන තැන හිටපු ගුරුතුමා අතට තාත්තා ටිකට් දෙක දීලා ආපහු තාත්තා අතට දුන්න ඉතුරු ටිකට් එක මම ඉල්ලගෙන නාස් පුඩු වලට තියලා බලපු ඒ තීන්ත සුවඳ මට තාම දැනෙනවා වගේ හැඟෙනවා.
මගේ බලන්න ගිය පලමු මහ ක්‍රිකට් තරඟයේ මතකයක් හිතට ආවේ 2015 ලෝක කුසලානයෙන් විසිවුන සියුම් දුකත් එක්ක.
එවර මහ ක්‍රිකට් තරඟය බලන්න උනන්දුවක් ඇතිඋනේ ශ්‍රීලංකාවට ටෙස්ට් වරම් හම්බවෙලා පවත්වපු පලමු මහතරඟය වීමම නෙමෙයි.
එවකට ශ්‍රීලංකා පිලේ නායකයා ආදි නාලන්දීයෙක් වීම කියුවොත් මා නිවැරදියි. එවකට මම දන්න තරමින් මගේ හිතේ ඇඳිලා හිටපු වීරයා බන්දුල වර්නපුර.
මම බලන්න ගිය පලමු තරඟය අපි පරාදයි ඒ කාලේ ඒ හැටි දැනීමක් නොතිබුනත් අපි පැරදුන ඒ කන්ඩායමේ රොෂාන් මහානාම, අසංක ගුරුසිංහ, තිලංග සුමතිපාල එහෙම උන්නා. පස්සේ පස්සේ අවුරුදු වලදි පාසලේ පවත්ත්වපු හැම තරඟයක්ම වගේ බලන්න පුරුදු උනේ පාසැල් යන කාලේම අනාගතේ තරුවෙනලකුනු පෙන්නපු රොෂාන් මහනාම, අසංක ගුරුසිංහ, ගාමිනී වික්‍රමසිංහ, කුමාර ධර්මසේන, චාමර දුනුසිංහ, මහේල ජයවර්දන වැන්න වුන් සිටිය නිසා.
පාසලේදි ඇතිඋන ක්‍රිකට් උන්මාදය ජාත්‍යන්තර තරඟවලටත් ඇදිලා ගිය එදිනෙදා හමුවුන පාසලේ ක්‍රිකට් තරු ශ්‍රීලංකා කන්ඩායමේ බැබලුන තරුවීමම කියුවොතින් එය නිවැරදියි.
ඉස්සර මගේ ප්‍රියතම ක්‍රීඩකයා රොෂාන් මහානාම. මම හිතන්නේ මහනාම ගහපු හැම තරඟයක්ම සජීවීව (රූපවාහිනියෙන්, ගුවන් විදුලියෙන් හෝ ක්‍රීඩාංගනයේ සිට) මම අත්දැකලා ඇති. එක්දින ටෙස්ට් කීයල විශේෂත්වයක් නෑ. මහනාම ඉන්නවනම් මම ඒ තරඟයත් එක්ක ඇති.
මහනාමගේ සමුගැනීමත් සමගම ශ්‍රීලංකා කන්ඩායමට එක්වුන මහේල මගේ ප්‍රියතම ක්‍රීඩකයා උනා. එතනින් එහාට මහේලගේ හැම තරඟයක්ම සජීවීව අත්දැකලා ඇති. මහේලගේ එක පාසැල් තරඟයක් බලන්න ගිහින් උන සන්තෑසියක් මම කලින් කියලා ඇති. මෙතන කොටලා ඒක බලන්න. මහේලගේ පලමු ටෙස්ට් තරඟය අපි කාටත් අමතක වෙන තරඟයක් නෙමෙයි . ශ්‍රීලංකා කන්ඩායම ලකුනු 952ක් ගත්තු තරඟය.
මහානාමයි ජයසූරියයි ඔය තරඟයේදි තබපු වාර්තාව පස්සේ තමන්ගේ නමට ලියාගන්න මහේලටයි සංගට හැකිවීම, මගේ ප්‍රියතම ක්‍රීඩකයන් දෙදෙනෙක් අතර හුවමාරුවීමම නිසා මගේ සතුටට හේතුවක් උනා. මහේල අඩු ලකුණු ගනනකට දැවීයන හැම තරඟයක්ම මම බලන්නේ හරිම අපහසුවෙන්. සමහරවිට ඔය අපහසුව දින දෙක තුනක් යනකන් මගේ හිතේ තියනවා.
ඒත් දැන් මහේල ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුඅරන්. ආපහු කන්ඩායම දිහා බලද්දි මගේ ප්‍රියතම ක්‍රීඩකයා කියන තැන දැන් කවුරුවත් නෑ. මට හිතෙන්නේ නිදිමරාගෙන ගුවන් විදුලියෙන්, රූපවාහිනියෙන්, අන්තර්ජාලයෙන් මම ක්‍රිකට් තරඟ නරබපු කාලය ඉවරයි වගේ.
ප.ලි. මම ඇත්තටම ක්‍රිකට් පිස්සෙක් උනේ මගේ පාසලේන් බිහිඋන මහනාම මහෙල වැන්නවුන් නිසා. ඔවුන් මගේ සමකාලීනයන්, ඔවුන්ට එදා පාසලේදි හුරේ තියපු අයුරු වගේම අද ශ්‍රීලංකාව වෙනුවෙන් ක්‍රීඩාකරන ක්‍රීඩාංගනයෙදි හුරේ තියන්නෙත් මගේ පාසැල හා මගේ රට යන දෙතැනදීම ඔවුන් මට ලෙන්ගතු හන්දා. ඒත් ඉදිරියෙදි ඔය දෙතැනදිම ලෙන්ගතු කම තියන කෙනෙකු බිහිවන්නෙ නෑ .
උදාහරනයකට මම අද තිරිමාන්නගේ පිතිහරඹයට කැමතියි. ඔහුගේ තාක්ෂනය මම මහේල මහනාමගෙන් දුටුව තාක්ෂනයම තමයි. ඒත් ඔහුමට ලෙන්ගතු කෙනෙකු වන්නෙ මගේ රට පැත්තෙන් විතරයි.
ක්‍රිකට් වලට තියන කැමැත්ත මගේ හිතෙන් අඩුනොවෙන බවනම් විස්වාසයි. ඒත් නිදිමරාගෙන Live බලන උන්මාදයනම් නැතිවේවි
තව කව්රු හරි ඒවි බං..
ReplyDeleteකවුරු හරි ඒවි . ( පසු සටහන බලන්න )
Deleteඋඹ ඒක පාර්ශ්වික චින්තකයෙක්.. ඔය කියන අදහස වෙනස් වෙයි දවසක.. මම කිව්වා කියල මතක තියාගනිං.
Deleteසමහරවිට එහෙම ලෙන්ගතු වීරයෙක් බිහි උනොත්
Deleteහැක් හැක්.. අස්ථිර ලෝකයේ කිසිවක් ස්ථිර ලෙස ප්‍රකාශ කළ නොහැකි බවයි මා ඔබට දැනුවූයේ..
Deleteබය නැතුව හිටිං. කවුරු ගියත් තව කවුරුහරි එනව. ගිය එකා ගියා මැරෙන්න ඕන නෑ ඌ මත්තෙම
ReplyDeleteබය නෑ ( පසු සටහන බලන්න )
DeleteGay?
ReplyDeleteමොනවා වුණත් අහිමි වීමක්.............
ReplyDeleteලෙන්ගතු අහිමි වීමක් ( පසු සටහන බලන්න )
Deleteමහේල වගේ කෙනෙක් ආයෙ එන්නෙ නෑ. ජය! වේවා මහේලට.
ReplyDeleteබම්බුව තමා හිටං.. හැක්
Deleteඅලුත් දක්ශයො බිහිවෙනවා. ( පසු සටහන බලන්න )
Deleteහෙක් හෙක්
මහේල සුපරි ක්‍රීඩකයෙක්....හැබැයි තව සුපිරි ක්‍රීඩකයො එයි..
ReplyDeleteතව එනවා ඒක ෂුවර් ( පසු සටහන බලන්න )
Deleteඕව ඉතින් ඔහොම තමා...සමහරු කඩුලු දෙක අතරෙදි දැවිල යනව සමහර ඈයො බෝලෙ කඩුල්ලෙ වැදිල දැවිල යනව....ගනන් ගන්න එපා...තව තව ලස්සනට සෙල්ලම් කරන කිරීඩකයෝ ඉස්සරහට එ්වි
ReplyDeleteඔබ හරි ( පසු සටහන බලන්න )
Deleteබන්දුල වර්ණපුර මහතා තමයි මැලේසියාවෙ ක්‍රිකට් දියුණු කරන්න අන්තර්ජාතික ක්‍රිකට් සංගමයෙන් පත් කරලා ඉන්න නිලධාරියා...මට පන්සලේදි සමහර වෙලාවට හමු වෙනවා...හරිම නිරහංකාර මිත්‍රශීලී චරිතයක්.
ReplyDeleteඅපි හිතාන ඉන්නෙ සංගා මහේල වැනි දක්ෂයො නැවත බිහිනොවෙයි කියලා..නමුත් අද තියෙන තරගකාරී ක්‍රිකට් වලදි ඊට වඩා දක්ෂයො බිහිවෙයි කියලා මට හිතෙනවා.
බන්දුල වර්නපුර මම පුද්ගලිකව දන්න කෙනෙක් ඔබගේ හැඳින්වීම් හරි.
Delete( පසු සටහන බලන්න )
මමත් එක පාර හිතුවේ ආයේ මැච් බලලා මොකටද කියලා.. ආසම ක්‍රීඩකයෝ දෙන්නා නැතිව බලලා මොනා කරන්නද කියලා.. ඒත් ඉතින් අපි ඔක්කොම ක්‍රිකට් පිස්සොනේ.. මොනා උනත් ආයි මැච් එකක් තියෙද්දී බලනවා..
ReplyDeleteහ්ම් ( පසු සටහන බලන්න )
Deleteඉස්සරහට තව අලුත් අය එයි. ක්‍රිකට් පිස්සුව කවදාවත් ඉවරවෙන එකක් නෑ. ලංකාව ගහනවා කීවොත් ඕනිම වැඩක් දාලා ඒක බලනවා. :)
ReplyDeleteඅලුත් අය ඒවි . මම ලංකාව ගහන තරඟ විතරක් නෙමෙයි ඕනම ක්‍රිකට් තරඟයක් බලනවා . මේ දැනුත් ඔස්ට්‍රේලියා පකිස්තාන් මැච එක බලන ගමන්.
Deleteඕව ඔහොම තමා. ඇයි හැම එකේම පසු සටහන බලන්න කියල ලියන්නෙ.
ReplyDeleteපසු සටහන ලියුවේ ඒ කමෙන්ට් වලට පස්සේ ඒකයි
Deleteඔය කිව්වට ක්‍රිකට් පිස්සුවනම් අඩු වෙන්න නෑ... බලමුකෝ.......
ReplyDelete"ක්‍රිකට් වලට තියන කැමැත්ත මගේ හිතෙන් අඩුනොවෙන බවනම් විස්වාසයි. ඒත් නිදිමරාගෙන Live බලන උන්මාදයනම් නැතිවේවි"
ReplyDeleteජීවිතයේ යතාර්ථය වැටහීමේ මුල් පියවර..
viteka jaya.viteka parajaya ohoma thama cricket.eath mehema kalayak nam dakke naha kawadawath
ReplyDelete