පින්තූරය calibermag.org එකෙන් |
ඒ උනාට මම අද කියන්නෙ ඔය එක එක්කෙනාගෙ බය ගැන නෙමෙයි. මගේ හිතෙ පැලැපදියම් වෙලා තියන බය ගැන. සමහර විට මෙය අනියත බියක් යැයි ඔබ කියන්නට පුලුවන්. ඒත් මේ නියත හෝ අනියත බිය මගේ හිතෙ නිරන්තරයෙන්ම තිබෙන්නක්.
මගේ හිතෙ තිබෙනවා ඔය අනියත කියන මට්ටමේ බිය දෙකක්. මම අනියතයි කියල කියුවෙ මේ බිය ඔබට ඇති නොවන්නක් නිසා යැයි හිතන්නකෝ.
පලවෙනි එක තමයි ගුවන් ගත වීමට තියන බය. ඒකට හේතුව තමයි අපි පොළවෙ පය ගහලා ඉන්නකොට අපිව කිසිම කෙනෙකුට වට්ටන්න හැකියාවක් නෑ මොකද වැටෙන්න තැනක් නෑ. අපි ඉන්නෙ මහ පොළවේ . අපි ඉපදුන පොළවේ. අපිට අයිති පොළවේ.
මේ ගැන පසුවට කතාකරන්න ඉඩ තබලා මගේ හිතෙ තිබෙන අනිත් බය ගැන කියන්නම්. මේ ගැන ලියන්න සෑහෙන දවසක සිට උත්සාහ කලත් අද වනතුරු මෙ ලිපිය මා නොලිව්වේ අත්දැකීමක් සමගම මෙය ඔබ වෙත ලියන්නට මට අවකාශ ලැබෙන දිනයක් උදාවන බව දන්නා නිසාවෙනි. ඔන්න අද ඒ දවස.
පහු ගිය දවස් කීපයේ මට බ්ලොග් කියවන්න ලියන්න කමෙන්ට් කරන්න අවස්තාවක් උදා උනේ නෑ. මා කාර්‍ය බහුලයි කියලා කලින් පොස්ටුවේදි කියුවේ.දින කීපයකට අතර්ජාලයට එබෙන්න නොලැබෙන නිසා. හේතුව සුලු ශල්‍යකර්මයකට රෝහල් ගතවීමට සිදුවන බව දන්න නිසා.
මගේ තිබුන දෙවන බය ඔන්න ඕක.ශල්‍ය කර්මයකට මුහුන දීම නොව. පෞද්ගලික රෝහලකට නේවාසිකව ඇතුල්වීමට තිබෙන බය. පෞද්ගලික රෝහලකට ඇතුලු වූ සැනින් එම ශල්‍ය කර්මය කල හැකිව තුබුනත් මගේ අනියත බිය එයට හරස් වුනා මාස දෙකකට ආසන්න කාලයක් කලුබෝවිල ශික්ෂන රෝහලේ පොරොත්තු ලයිස්තුවේ බලාන උන්නේ ඒනිසයි.
මගේ බියට හේතු : පෞද්ගලික රෝහල් වල රෝගීන් ගැන සලකන්නේ රෝගීන්ට ගෙවීම්ට ඇති හැකියාව මතයි. කෙතරම් ඔබ නෑ කීවත් පෞද්ගලික රෝහල්වල අංක එකෙහිලා සලකන්නේ නිරෝගීකමට වඩා රෝගියාගේ සාක්කුවෙ ඇති මුදලයි. වෛද්‍යවරුන් සාත්තු සේවකයින් හෙදියන් ඇතුලු සියලුම දෙනා අපට සලකන්නේ අපි ගෙවන මුදලට සාපෙක්ශවයි. ඔබට මතක ඇතිනම් පහුගිය දිනක එක්තරා පෞද්ගලික රොහලක මලමිනිය බාර දීමට ප්‍රාන ඇපකරුවෙකු තබාගත් සිද්දියම සලකා බලන්න.
මා අත්දුටු දේ දේ ඔබ හා බෙදා ගන්නේ ඉතාමත් සතුටින්. ඒවාගේම රොහලේ සියලු දෙනාටම ගරු කිරීමක් ලෙස. මෙය අතිශෝක්තියකින් කල ප්‍රකාශයක් නොවනබව සිහියට ගන්න. නයිටින්ගේල් ප‍්‍රතිපත්තිය අකුරටම ක්‍රියාත්මක කරවූ කරණාබර හෙද හෙදියන් ගෙන් පිරුනු රොහල මට නිවසේදී ලැබෙන සත් කාරයම නොඅඩුව ලැබුනි.
ඉස්සර අපට ඇහුන "මේ ලොකු උන්නැහේ කොහෙද යන්නේ " යන වදන් වෙනුවට "සීයේ සීයා කොහෙද යන්නේ සීයට දොස්තර මහත්තය කියලා තියෙන්නේ ඇවිදින්න යන්න එපා කියලනේද " ඒ රෝහල පුරා ඇවිදින ඉතාමත් වයසක සීයා කෙනෙකුට හෙදියකගෙන් ලැබුන ප්‍රතිචාරයයි.
මට යාබද ඇඳක හුන් තවත් වයෝ වෘද්ධ සීයා කෙනෙකුට නිරන්තරයෙන් මුත්‍රා පිටවීම සිදුවීමන් ඔහුගෙ ඇඳ නිරන්තරයෙන් අස් කිරීමට සිදුවිය. කිසිම පැකිලීමකින් තොරව උපස්තායක මහතුන් ඒ සියල්ල කලේ සිනහ මුසු මුහුනින් ඒ සීයා සමග විහිලු තහලුද කරමිනි. කොටින්ම කියනවා නම් මා එහි හුන් දින කීපය තුල ලෙඩ සුවවී රෝහලෙන් නික්මුනු අයගේ මුහුනේ රැඳුනේ රෝහලේදී හමුවූවෝ අත්හල යාමට ඇති මැලිකමයි.
මාහට මුනගැසුන වෛද්‍ය වරුන් සියලු දෙනාම පාහේ ද්‍රවිඩ ජාතිකයන් වීම තවත් එක් අත් දැකීමක්. ඔවුන් හැමවිටම රොගීන් ගැන සොයා බැලුවේ ඉතාමත් ඕනෑකමින් සමස්ත කාර්‍ය මණ්ඩලයේම තම රැකියාවට වඩා තම සේවය ගැන ප්‍රමුකතාවයෙන් කටයුතු කලබව නම් මට නිශ්චිතවම කිව හැක. මේ උන්නු දිනකීපය තුල ඔරලෝසු කටු බලමින් සේවා මුර නිමකල කිසිදු වෛද්‍යවරයෙකු හෙදියක හෝ උපස්තායකයෙකු මානුදුටිම්.
සමහර විට ඔබ මා හා ද්වේශයෙන් පවසන්නට පිලිවන් පහුගියදා සිදුවූ නීතිවේදී සිසුවියගේ අත ඉවත් කිරීම පිළිබද සිදුවීම.
වෛද්‍යවරුන් යනුද මනුශ්‍යයන් කොටසකි අත් වැරදීම් සිදුවීම ඔවුන් අතින්ද සිදුවිය හැක. අපිට හැමවිටම පෙනෙන්නෙ රජයේ රෝහල් වල සිදුවන වැරදි පමනය. එයට හේතුව ලෙස මම දකින දේ සුලු උදාහරනයකින් දක්වන්නම් ,
ගමේ පාසලෙන් උසස් පෙල විභාගයට සිසුන් 20 දෙනෙකු මුහුන දී ඉන් තිදෙනෙක් විශ්ව විද්‍යාලයට තෙරීපත්වෙනවා . කොළඹ ජනප්‍රිය පාසලක හාරසීයක් විභාගයට පෙනීසිටලා 20ක් සමත්වෙනවා. ඔන්න ඔය වගේ දෙයක් නේද සිදුවන්නේ.
රජයේ රෝහලක දිනකට රෝගීන් කීදෙනෙක් නම් සේවය ලබාගන්නවාද . සැත්කම් කීයක්නම් කරනවාද ඒත් අපට ඒක් වැරදීමක් මහාමේරුවක් තරම් උසට පෙන්වා තම මාධ්‍යයට ප්‍රචාරයක් ලබාගන්නා කාලකණ්නි මාධ්‍යවේදීන්. පෞද්ගලික රෙහල් වල වැරදි වහන්නේ ඉතාමත් නින්දිත ආකාරයටය. මෙය මේ වසරතුලදීම මා අත්දුටු සත්‍යයක්ය.
පසු සටහන : හප්පේ කියන්නම ඕනෙ කෙනෙක්ව තව ඩිංගෙන් අමතකවෙනවා අර එලියෙ ඉන්න සිකියුරිටි නෝනා එයා ගැන නම් ලියන්න තව බ්ලොග් පොස්ට් එකක් ඕනවෙනවා කොටින්ම කියනවනම් ලෙඩාටවත් වාට්ටුවට යන්න බෑ එයාගෙ අවසරය නැතිව.
sahathika aththa
ReplyDeleteවෛද්‍ය සිසුවෙකුනිසාවත්,වෛද්‍යවරයෙකු අතින් සිදුවෙන වැරැද්ද සාධාරණීකරනය කරන්න කියනවා නෙවෙයි, තාමත් ලංකාවේ ඉන්නේ රෝගීයාට හැකි උපරිමය ලබාදෙන්න බලං ඉන්න වෛද්‍යවරු පිරිසක්. එක වෛද්‍යවරයෙකු ගත්තම ඔහු තමන්ගේ වෘත්තීය කාලය තුල ඇතැම්විට සැත්කම් 1000කට වඩා සාර්ථකව කරලා ඇති. නමුත් අවාසනාවන්ත ලෙස මොකක්හරි හේතුවක් නිසා එක සැත්කමක් අසාර්ථක වෙන්න ඇති.රෝග විනිශ්චය වරදිනවා ඇති. ඔහුව මස්කඩ කාරයෙක් ලෙස හංවඩු ගැසීම සාධාරණද?
ReplyDeleteඅපේ මිනිස්සුන්ගේ තව වැරැද්දක් තමා වෛද්‍ය්වරයෙක් කියන්නෙත් මනුස්සයෙක්. ඒ මනුස්සයට කරන්න පුලුවන් දේවල් වලත් සීමාවක් තියෙනවා කියන එක අමතක කරන එක!
සියයට සීයක් එකඟයි ඔබ සමග
Deleteමාත් පහුගිය මාසෙක කළුබෝවිලම හිටියා. ඇත්තටම ඒ වාට්ටුවෙත් වැඩිපුර හිටියේ දෙමළ දොස්තරලා.හුගක් කාරුණිකයි. එන දවසේ මට විහිළු කලා මේ බටු ඇටේ බොරු ලෙඩ අරන් ඇවිත් තියෙන්නේ රෙස්ට් ගන්න කියලා.
ReplyDeleteඉස්පිරිතාල ගැන තව අත්දැකීම් තියෙනවා අහපු දැකපු.ඒක පෝස්ට් එකකින්ම කියන්නම්.
බලාපොරොත්තුවෙන් ඉන්නවා ඒ පොස්ටුව
Deleteවැරදි සිදුවෙනව හැම කෙනෙකි අතින්ම. දොස්තර උනත් එච්චරයි. වෙනසකට තියෙන්නෙ දොස්තරට වැරදුනොත් ලෙඩා මැරෙන්න පුළුවන් වීම. ඉතිං සැලකිල්ල උපරිමයෙන් තිබිය යුතුයි. මානසික ඒකාග්‍රතාවය උපරිමයෙන් තිබිය යුතුයි.
ReplyDeleteදොස්තරලගෙ වැරදි නින්දිත විදියට වහන දොස්තරල ගැනත් මම දන්නව.
ඒ වැරදි අපි පෙන්වාදිය යුතුයි
Deleteමාත් පසු ගිය කාලේ ලෙඩෙක් බලන්න ඔතනට ගියා . රෝහලත් හරිම පිරිසිදුයි .
ReplyDeleteඒවගේම එතන රෝගියා එක්ක කතා කලාම එයත් ඔබ කියපු විදියට බොහෝ ගුණ කිව්වා . ඇත්තටම මම ගෙදර ඇවිත් කිව්වේ ගෙදර උදවියට , මට මොනාහරි අසනීපයක් උනොත් එතනට ගෙනියන්න කියලා වෙන කොහේවත් ගෙනියන්න එපා කියලා .
අන්න එහෙම අපි හොඳ සේවාව අගය කල යුතුයි.
Deleteකළුබෝවිල ගැන මම කියන්නං මගේ අත්දැකීමක්. ඒ මට මතක විදියට 2003 විතර. අපේ අම්මගෙ කකුල ඉදිමීමක් ඇවිල්ල ගියා කළුබෝවිල ඉස්පිරිතාලෙට. ඒ කාලෙ අම්ම හිටියෙ හෝමාගම අක්කගෙ ගෙදර නැවතිලා. (මාස කිහිපයක් නැවතුනා කියල අයිඩෙන්ටි කාඩ් වෙනස් කරන සිරිතක් නෑනේ) ඉතිං ඇඩ්මිට් වෙන වෙලාවෙ අහනව ඇයි හම්බන්තොට අය මෙහේ එන්නෙ කියල. හොඳටම දොස් කිව්ව. ඒත් අහගෙන හිටිය, පෞද්ගලික රෝහලකට යන්න සල්ලිත් නෑ, අමාරුව තියෙද්දි කිලෝමීටර දෙසිය ගානක දුර මෙහේ එන්නත් බෑ නෙව. ඕං ඔහොමයි කළුබෝවිල ගැන මගේ අත්දැකීම්. ඇඩ්මිට් උනාට පස්සෙ උනත් හොඳ සේවයක් ලබාගන්න චැනල් කිරිල්ලක් කරන්න උනා.
ReplyDeleteදැන් ඔය තත්වෙ තියනව නං සතුටුයි.
අන්න ඒ කාල දෙකේ වෙනස දැනගන්න තමයි මම මේක ලියුවේ .මොකද ඔය අත් දැකීම තමයි ඒ කාලෙ හුඟදෙනෙකුට අත් විඳින්න ලැබුනේ
Deleteමොනවා උනත් දොස්තර වෘතිය කියන්නේ උත්තම සේවාවක්! සම්හරි ඒක තේරුම් ගත්තට සම"හරක්" ගේ තියෙන්නේ මහන්තත්ත කම විතරයි...
ReplyDeleteගරු කලයුතු සේවාවක් ඒක රැකියාවක් නෙමෙයි
Deleteහදවතට එකඟව ලියු ලියමනක් කියලා කියවන කොට දැනේනවා.වැරැද්ද මෙන්ම අපි හොඳත් දකින්න ඕන.එවන් වු මිනිසත්කම සොයා අපට යන්න බෑ කියලා ඇතමුන් කියයි.වැද්දාගේ පටන් අපි තුල තිබු මිනිසත්කම් අදටත් වලංගුයි.ඒ දෙවල් නැති වෙන්න යනවා නම් අපි ඒ මනුෂ්යිකම් රැක ගත යුතුය.එය උපහාසයට බදුන් වන කරුණක් නොවේයි.කාලීන ලිපියක්.
ReplyDeleteඇත්තෙන්ම
Deleteඅහන්නත් සන්තෝශයි. ඇත්තමයි.
ReplyDeleteදැන් උඹට හොඳද ජෝන්?
නිකං පැත්තට අදිනවා වගේ ගතියක් නැද්ද?
චූ කරන කොට කකුල හෙම ඉස්සෙන්නෙ නෑනේ?
(ඉහත සඳහන් වාක්‍ය දෙක විහිළුය)
දැක්ක වගේ කියලා තියන හැටි
Deleteටික දෙනෙක් කරන වැරදි වලට සියලන්ටම දොස් කීම අපේ සිරිතනෙ. මම එක වතාවක් රජයේ රෝහලක හිටියා බොහොම ඉස්සර. මට නම් ඔක්කොම ගැන තියෙන්නෙ බොහොම උණුසුම් හැඟීම් .. තාමත් එහෙම අය වැහි වැහැලා ඉන්නවා.
ReplyDeleteවෙනස පෙන්වනයි මට ඕනකලේ
Delete"සීයේ සීයා කොහෙද යන්නේ සීයට දොස්තර මහත්තය කියලා තියෙන්නේ ඇවිදින්න යන්න එපා කියලනේද "
ReplyDeleteමේක කිව්වේ උඹට නේද ඇත්ත කියපන්.:D
අනේ දුකෝ පීනසේට කෙස් ගහ් දෙක තුනක් ඉදුනට තාම හතලිය දැකලත් නෑ
DeleteThis comment has been removed by the author.
Deleteවැරදි කා අතිනුත් සිද්ද වෙනවා. වැරද්ද පිළිනොගන්න එකයි තියෙන වැරැද්ද...
ReplyDeleteඅද වැරැද්ද පිලිගත්තොත් ඌ හැමදෙකටම වග කිව යුත්තා වෙනවා නැති දෙවලුත් උගේ පිට පැටවෙනවා
Deleteඕකට තමයි ලොකු ජෝන් කියන්නේ ආත්මාර්ථකාමිත්වය කියලා. මටත් අද් අවෙන තෙක් කිසිම රෝහලකින් අයහපතක් සිඳුවෙලා නෑ. ඒත් අත් කපලා ඒවලින් ෂේප් වෙන්න යනකොට. ඒවට විර්ද්ධව කටක් වහගෙන ඉන්න නම් බෑ. උඹ මේකෙන් ඒ ජනමධ්‍යවේදින්ට ගහලා තිබුනා. ඒ ජනමාධ්‍යවේදීන් නොවන්න. ඒ කෙල්ල තවත් ඉල්ලං කාපු එක රෝගියෙක් පමණයි. හැඟීම් වලට වහල් වෙන්න එපා.
Deleteමම කියුවෙ අපෙ රටේ වැරැද්ද පිලිගන්න එකාව මරාගෙනම කන ප්‍රතිපත්තියේ අපේ මාධ්‍ය ඉන්න නිසා. මම අත කපපු කතාව හරි කියන එක නෙමෙයි කියුවේ. 1/1000 ක රජයේ රෝහලේ වැරැද්ද ලොකුවට පෙන අපේ මාධ්‍ය වේදීන්ට 1/100 ක පෞද්ගලික රෝහල්වල වැරදි පේන්නෙ නෑ කියන එක. හැබැයි මම හැඟීම්වලට ඉඩ දෙනවා මොකද ඒ මගේ හැඟීම් නිසා
Deleteඅවුලක් නෑ
Deleteමම තාම පට්ට බයයි වතුරට ! ඒත් ගොඩක් අය විශ්වාස කරන්නෙ නෑ..මන් අන්තිමට රෝහල් ගත වෙලා හිටියෙ 2003 විතර ජයවර්ධනපුර රෝහලේ..ඒ කාලෙ නම් හොඳ වෙදකමක් වගේම හෙදකමක් එතන තිබුනා..දැන් තත්වය ?
ReplyDeleteඇයි දැන් හොඳ නැද්ද ? මම දැන ගන්න ලැබුන තරමින් නම් හොඳයි
Deleteජ,පුර ඉතා හොඳයි තාම. හැබැයි අර්ධ රාජ්‍ය.
Deleteමම පලමුම දොස් නගනවා මට නොදන්වා ආපු එක. කළුබෝවිල ඉඳලා හුවක දුරින් මම ඉන්නේ. එහෙම උනානම් දුකසැප බලන්න එන්න තිබුණා. ඕනෑම දෙයක වැරදි වෙන ප්‍රතිශතය බලන එක තමයි නිවැරදි ක්‍රමය. 1% වඩා අඩු නම් මොනවා කරන්නද? ඒ අයටත් සිත් තැවුල්, පුද්ගලික ප්‍රශ්න තියෙන වෙලාවල් තියෙන්න පුළුවන්. ඕනෑම කෙනෙකුටත් එහෙමයි. නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.
ReplyDeleteසමාවෙන්න ඒ ගැන මතකයට ආවෙ නැ. අනික සුලුදෙයකට තව කෙනෙකුගෙ කාලය ගන්න එක ...
Deleteස්තුතියි ප්‍රාර්ථනයට
ඔයැයි කිව්ව සිකුරුටි නෝන පුද්ගලික සමාගමක වෙන්න ඕන ෂුවර් එකටම. එයැයිල අතර හොද අය වගේම නරක අයත් ඉන්නව. ගොඩක්ම අය නම් දැන් රුපියල් 50ක් 100ක් වෙනුවෙන් කැප උන අය.
ReplyDeleteඅනික් වැඩ කරන අය නම් ඇත්තටම දැන් ගොඩක් හොදයි. අහම්බෙන් හමුවන කෙනෙක් තමයි ලෙඩ්ඩුන්ට බනින්නෙ. තවත් එකක් තියනව සමහර ලෙඩ්ඩුත් ඉන්නව ගෙදරින් බලන්ට ආවහම බබා වගේ ඉදල කවුරුත් නැති වෙලාවට වැඩ කරන අයට ඇනයක් වෙනව. එහෙම අයට නම් සැරෙන් කතා කලත් සාධාරනයි.
අර අත කපපු කතවා ගැන නම් මාතලන් ඇතුලු කිහිප දෙනෙක්ම ලිව්වත් මං එව්වට කමෙන්ට් කලේ නෑ. ඇත්තටම ඒකට අර කිව්ව වගේම නරක වෙලාව කියල තමයි කියන්ට වෙන්නෙ.
එව්ව ඔක්කොමත් හරි දැන් හොදයිද කියන්ටකො
සිකුරිටි නෝනා පෞද්ගලික සමාගමක තමයි ඒත් එයත් කරන්නේ රාජකාරියක්නේ . හැබැයි කතාකරන ආකාරයේ තමයි අවුල.
Deleteසුව දුක් සොයාබැලීම ගැන ස්තුතියි . තව සුමානයක් විතර රෙස්ට් කරන්න හිහාන ඉන්නෙ ..
මටත් ඔය සම්බන්ධව අත්දැකීමක් තියෙනවා වෙලාවක් ලියන්න ඕන.වෛදවරු නම් නරක විදියට සලකන්නේ නැහැ තමා ඒත් හෙදියන් ගැන කතා කරද්දී හොඳ ය වගේම නරක අය ඉන්නවා.ගොඩක් ඉන්නේ ඩොක්ටස්ලාට වැඩිය පණ්ඩිත අය
ReplyDeleteඒ අත් දැකීමත් කියවලා බලමු
Deleteමම බය වෙන්නේ පෞද්ගලික රෝහල්වල දෙන බිල් එක දැක්කාම.
ReplyDeleteඒව පෞද්ගලික රෝහල් නෙමෙයි රෝහල් කඩ කියුවොත් වරදක් නෑ
Deleteඔබ වගේම මමත් පසුගිය ජනවාරි මාසේ දින 10 ක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගත්තා.ශල්‍යකර්මයක් හේතුවෙන්. මටත් ඔය අනියත බිය තිබුණා. සිහි නැති කරන විට ආයෙ සිහිය නොඒවි කියලා.
ReplyDeleteජාතික රෝහලත් කියල වැඩක් නෑ. සුපිරි රෝහලක් මගේ ජීවිතේ මුල්වතාවට රෝහල් ගතවුනේ.කවදාවත් නොවිදි මිහිරක් වගේම රෝහල් ගැන සුබවාදිව බලන්න පෙළඹුනේ එදායින් පස්සේ . වෛද්‍යවරු වගේම හෙදියන්ගේ කැපවිමනම් ඉතාමත් ඉහලයි.
හැබැයි මම බියක් තිබ්බේ මට පෞද්ගලික රෝහලකට යන්න වෙයි කියලා විතරයි. ඒ කියන්නෙ මගේ අත්දැකීම මට විතරක් සීමාවුන එකක් නෙමෙයි. ඒක සෞඛ්‍ය ක්ශේත්‍රයේ ප්‍රවනතාවයක්
Deleteලොකු ජෝන්,
ReplyDeleteඔය වැරදි කරන අය බොහොම අඩුයි. හිතා මතා වැරදි කරන අය නැතුවාම වගේ. නමුත් ඇත්තෙන්ම වැරදි කරන කීපදෙනෙක් ඉන්නවා. පුදුමේ කියන්නෙ අර දහසක් දෙවිවරු අතර ඉන්න මේ යක්කු තමයි රටේ වැඩි ප්‍රසිද්ධ. ඒ නිසා මේ වැරදි සහ වැරදි කරුවන් කීප දෙනා දහසක් දෙවිවරු ලබන නින්දා වලට මාධ්‍යද වගකිව යුතු වනවා. ඒ ගැනත් සිතිය යුතුයි.
සහතික ඇත්ත
Deleteබය? මොකද්ද සියේ බය කියන්නේ? මට එකපාරට මතක් උනේ මේ වැකිය මතකද සිංහල පොතක පාදමකතිබ්බා,?
ReplyDeleteස්තූතියි !
ReplyDeleteරජයේ රෝහල් පිලිඹඳව ඇත්තේ හොඳ අත්දැකීම් නම් නොවේ.
ReplyDeleteවෛද්‍ය සේවාව කියන්නේ උතුම් සේවාවක්.. ඒත් හුඟක් අය ඒක දන්නේ නෑනේ.. හරියට කරන්නෙත් නෑ..
ReplyDeleteහරි අය හරියට කරනවා හොරු තමයි බොරු කරන්නෙ
Deleteවැරදි සිද්ධවෙන්නේ මිනිසුන්ගේ අතින් කියලා තියෙන්නේ ඇත්ත. සමහර දොස්තරවරු සල්ලි වලට වැඩ කරද්දී, සමහරු දෙවිවරුන් වගේ සේවය කරනවා.
ReplyDeleteජෝන්ට දැන් සම්පූර්ණ සුවය ලැබිලා ඇති කියලා හිතෙනවා.
මටත් නම් පෙන්නන්ට බැරි තැනක් තමා රෝහල්. බය හන්දා වෙන්ට ඇති.:(
Deleteදැන්නම් හුඟක් දුරට හොඳයි . ස්තුතියි
godak hondai ape peththeth enna http://imalkiudana.blogspot.com/
ReplyDeleteඑන්නම් බලන්න
Deleteඉක්මන් සුවය පතනවා....
ReplyDeleteඒ උනාට සමහර සුළු සේවකයො ගැන නම් කියල වැඩක් නෑ.. දොස්තරලටත් වඩා උසස් කියලයි හිතන් ඉන්නෙ.. පුංචි උදව්වත් ගන්නත් රුපියල් 100,200ක් මිට මොලවන්න ඕන.. ඒ වගේ උන් අතරෙ ඔහොම උපස්ථායකයෝ වාසනාවං
.