අද හුඟ දවසකට පස්සෙ තමයි බ්ලොග් එක පැත්තට ආවේ. සාමාන්‍යයෙන් මම අප්‍රේල් මාසේ බ්ලොග් පොස්ට් දානවා අඩුයි. මොකද අප්‍රේල් නිවාඩු කාලෙනේ. ඒ ඉතින් ඉස්කෝලෙ යන අයට, ඒ උනාට මට තාම අප්‍රේල් දෙසැම්බර් මාස නිවාඩු මාස කියලා හිතෙනවා. මීට අවුරුදු ගානකට ඒකියන්නෙ අවුරුදු 20කට විතර ඉස්සර මතකය මට තාම අමතක කරන්න බෑ.
ඉස්සර පාසැල් නිවාඩුව ලැබුනම අපි කොච්චර නම් සෙල්ලම් ජාති කරනවද. චක්ගුඩුපනිනවා, වලකජුගහනවා, ටින් කඩනවා, අයිස්පයිස් කරනවා ඇයි ටොපිකොල ඔට්ටුවට ජිල් බෝල ගැහිල්ල. මේවායින් මම ආසම ජිල් බෝල ගැහිල්ලට.
හවසට හතරවටෙම ඉන්න කොල්ලො කුරුට්ටන්ගේ ටොපි කොල ටික එකතු කරගෙන පොඩි උන ඒවා පොත් අස්සෙ දාගෙන මැදගෙන පරන සූට් කේස් එකේ දාලා ගනන් කරන එකතරම් වින්දනයක් තවත් නෑ.
ඒත් අද ළමාකාලයට ඔය දෙවල් එකතු වෙන්නෙ නෑ. අඩු තරමින් අද පොඩි එවුන් බට්ටො පනින්න කොටු අදින්නවත් දන්නෙ නෑ. විලුඹ භාගෙට කරකවලා සලකුනු කරන්න දන්නෙ නෑ. එහෙම කරන්න උන්ට වෙලාවකුත් නෑ. උදෙ ඉඳන් හවස් වෙනතුරුම පොත අතේ.
අද මට මේ පොස්ටුව ලියන්න හිතුනෙ හන්දියේ කොමියුනිකේශන් එක පැත්තෙ ගිය වෙලේ දැක්ක දෙයක් හන්දා.
කොමියුනිකෙශන් රාක්කේ වීදුරු බෝතලයක් තුල දිලිසි දිලිසී වීදුරු බෝල පුරවා තිබුනා. වීදුරු බෝල, ටීක්බෝල, මාබල් යන මොන නම්වලින් මගේ වචනයෙන් කියනවනමේවා ජිල් බෝලය.
රත්තො නිල්ලො සුද්දො ජයන්තියො වැනි නම් ජිල් බෝලයේ පාට හඳුන්වන්න යොදාගත්තත් පට මැකීගිය දුර්වර්නවුන ජිල් බෝල අපි හැඳින්වුයෙ කබ්බො කියලා.
කබ්බො දුර්වර්න උනාට අපේ අතේ කබ්බො දෙන්නෙක් තුන් දෙනෙක් තියාගන්න පසුබට නොවෙන්නේ ටොයියො නැත්නම් අලුත් කිරි කිරි උන්ගේ පලු අරින්න කබ්බොන්ට හැකි නිසා.
අලුත්ම අලුත් දිස්නෙ ගගහා තියෙන ටොයියො බැබලෙන්නේ කබ්බොත් එක්ක එකට තිබ්බම විතරයි අර කමියුනිකෙශන් එකේ වීදුරු බෝතලේ දිලිසි තියනකොට ඒ සේරම එකයි.
සවලෙන් ගත්තත් හැන්දෙන් ගත්තත් සේරම එකයි. ඒ ටොයියො දිස්නෙගහලා බබලන්නෙ කබ්බොත් එක්ක එකට ඉන්නකොට විතරයි. ඒවගේම ටොයියොන්ගෙත් ඔය ඔපෙ තියෙන්නෙ කබ්බොන්ගෙන් පාර වදිනකන් විතරයි.
:D
ReplyDelete:)
Deleteසිරා කතාව....
ReplyDeleteහ්ම්
Deleteටීක් බෝල ගහපු කාලයක් මතක නෑ... කොහොම වුනත් ටීක් ගහන උන් නැතිවේගන යනකොට කබ්බො ටොයියො බෝතල් වල එක තැන පල්වෙනව...
ReplyDeleteසම්පුර්න ඇත්ත
Delete// ටින් කඩනවා,//
ReplyDeleteමේ සෙල්ලම මොකක්ද? :)
ඇයි අර ටින් එක උඩ තියලා බෝලෙන් ගහන්නෙ ඊට පස්සෙ ටින් ටික ආපහු එකතු එක උඩ අහුරන්නෙ
Deleteඅපි ඒකට කියන්නේ නයිස්ටොන් කියලා.මේ ගැන මම ත් ලිපියක් ලියාගෙන යනවා.ලොකු ජොන් ට වයසයි කියලා දැන ගත්තේ අදනේ.
Deleteහපො මම එච්චර වයස නෑ. සයිබරෙ සිහින උළෙලට ආවනම් හම්බවෙන්න තිබුනනෙ. දැන් ඉතින් බුකියෙන් වත් හඳුනගන්න
Deleteටින් කඩනව කියල තමා අපි කිව්වෙත්.
Deleteඅපි නං කිව්වෙ කැට පහ ගහනව කියල,ඉස්සර තිබ්බ රේඩියෝ වලට දාන ලොකු බැටරි,ඒ පිච්චිච්ච බැටරි ඇතුලෙ තියෙන කෑලි පේලියෙන් පහක් තමා කැට විදියට ගත්තෙ.
Deleteඅතීත මතකයන් අවදිවුනු පෝස්ටුවක්.
මමත් අනන්තවත් ටීක් ගහල තියෙනව... කොච්චර රන්ඩු වෙනවද කබ්බොන්ගෙන් ගහල ටොයියො ගන්නව කියල.... බොහොම සතුටුයි අතීතය මතක් කලාට....
ReplyDeleteඅතීතෙන් වර්තමානෙටත් එන්න
Deleteඑල කතාව
ReplyDeleteස්තුතියි
Deleteහා..හා..
ReplyDeleteකබ්බොත් ඉන්න ඕනි ටොයියොත් ඉන්න ඕනි.එතකොටනේ විවිධත්වයක් තියෙන්නේ.හා නැද්ද..?
හරියටම හරි
Deleteටොයියොයි කබ්බොයි එකට එකතුවෙන්න කාලේ හොඳයි කියලා තමා මට කියන්න තියෙන්නේ..මේ ටොයි කබු බේදේ තියන තාක් වෙන්නේ කාටත් යහපතක් නොව අයහපතක් කියන දේ හැමෝ ම භේදයකින් තොරව හිතට ගත යුතුයි.
ReplyDeleteඅනෙක සිහි තබා ගත යුතු ම දේ ඉහළින් සාතන් කියලා තියනවා //ටීක් ගහන උන් නැතිවේගන යනකොට කබ්බො ටොයියො බෝතල් වල එක තැන පල්වෙනව...//
මෙන්න මේ දේ තේරුම් ගෙන ටොයි කබු වාදෙ අත හැර දාමු කියල තමා මටත් කියන්න තියෙන්නේ..
ජෝන් අයියේ ඉතාමත් දක්ෂ ආකාරයෙන් කිව යුතු ලොකු කතාවක් කාටත් නොරිදෙන්න ඔබ පවසා ඇති ආකාරයි මනරම්.. ස්තුතියි ඔබට.
ඔබේ කතාව හරි .
Deleteඋබ මට අයියා කියනවා මම බොට අය්යා කියනවා ඒකත් නරක නෑ නෙද නලින් අය්යෙ.
අපි ටීක් ගැහුවෙ සතුටු වෙන්න...සමහරු ටීක් ගහන්න ආවෙ තමන්ගෙ ටීක් ගොඩ ලොකු කර ගන්න...සතුටු වෙන්න ටීක් ගහන්න ආපු අපි දිනුවත් පැරදුනත් සතුටින් හිටියා..ගොඩ ලොකු කර ගන්න ටීක් ගහන්න ආපු අය අද දිනලා සතුටු වෙලා හෙට පරදින කොට දුක් උනා...ඔය සේරම දේවල් තියෙන්නෙ හිතේ බන්...සතුටින් ඉන්න එකා ඕනි අපායකට වෙලා ඔළුවට හෙන හත වැඩුනත් දත් වහල්ල ඉතුරු වෙලා තියේනම් උඩ පැන පැන හිනා වෙවී ඉන්නවා...
ReplyDeleteමසුරං කතාව Weni , අන්තිමේදි අපිමොනවටද මේ පිස්සු කෙලින්නෙ කියලා හිතෙනවා
Deletegodak dewal matak karala duna.
ReplyDeleteJayawewa.
තව දෙවල් හිතෙ තිබුනා සැර වැඩ්යි කියලා හිතුනා
Deleteකිරි කිරි ටොයියො කබ්බංගෙන් පලු යවන ජිල් බෝල ගැහිල්ල අපිත් පොඩි කාලෙ කළා.
ReplyDeleteනමුත් මේ බ්ලොග් අස්සෙ ඔය යන කතාවෙ හැටියට කබ්බො ටොයියො දෙක පටලවගෙන වගෙයි මට පේන්නෙ. ඕක පටංගත්ත කෙනා කවදාවත් ටික්බෝල ගහල නැද්ද දන්නෑ.
'ටීක් ගහන උන් නැතිවේගන යනකොට කබ්බො ටොයියො බෝතල් වල එක තැන පල්වෙනව' සාතන්ගෙ කතාවට මාත් එකඟයි.
ඇඟට නොදැනෙන්න ලියල තියෙන හැටි අපූරුයි.
ස්තුතියි සහෝ පැමිනීමට
Deleteටපලවාගැනීමේ විප්ලවය සහ වෙනත් කතා :D
ReplyDeleteහෙක් හෙක් හෙක්
Deleteලොක්කා කන්න වගෙ හදන්නේ
ReplyDeleteඇනෝ කියන එක නොදන්නා මීහරක් අතට ඇනෝ අයිතිය යාමේ ඵලය පේනවද ජෝන්? මේකට කියන්නේ ඇනෝ ත්‍රස්තවාදය.
Deleteඋබටත් කන්න හිතිලද ලොකු ජෝන්
ReplyDeleteඉස්සර ටීක් බෝල පුරවපු බෑග් එකක්ම තිබ්බා මං ගාව,පස්සේ කාලෙක ඒක මල්ලිට දුන්නා..
ReplyDeleteදැන් මල්ලිලට කෝ ටීක් ගහන්න කාලයක්
Deleteඔක්කොම අමරදේවලා වුනොත් වැඩක් නෑයි කියනවනේ. ජෝතිපාලලා, නිහාල් නෙල්සන්ලත් ඉන්න නිසා තමයි වෙනස පේන්නෙත්.
ReplyDeleteමේක මගේ අදහසක් නෙවෙයි, කාලයක් ජනප්‍රිය වෙලා තිබ්බ කියමනක්.
වෙනසට වඩා ඔය හැමදෙනාම හන්දනේ ඔය ක්ශෙත්‍රය බැබලුනේ
Deleteමොන ටොයියත් කබ්බෙක් වෙනවා. එච්චරයි.. කිරිටොයි ඉන්න උනත් පුළුවන් ඕනනං.. ඒත් මක්කටෙයි. ඔන්න ගහමු ජිල්බෝල. සෙල්ලං කොරන්න නෙව තියෙන්නේ...
ReplyDeleteඅන්න ඒකනේ කරමු සෙල්ලං
DeleteMokutma terune ne ;)
ReplyDeleteහැ.. මේ රෙප් මහත්තයමද ?
Delete'ටීක් ගහන උන් නැතිවේගන යනකොට කබ්බො ටොයියො බෝතල් වල එක තැන පල්වෙනව'
ReplyDeleteමේක තමා නියම කෑල්ල.
කබ්බොයි ටොයිටොයි දෙගොල්ලොම ඉන්න ඕන අප්පා. එතකොට තමා ටීක් බෝල කොටුව ලස්සන.
ඔන්න ඔය ටිකනෙ තෙරුම් කරන්න අමාරු
Deleteමෙතන ජෝන් කියල තියෙන්නේ විදුරු බොලවලට සිමා නොවූ යතාර්ථය..
ReplyDeleteහුඟක් දුරට
Deleteවටිනවා දරුවෝ,හරි වටිනවා,
ReplyDelete(සේන අම්බලන්ගොඩ)(sena ambalangoda)
පැමිනීම සතුටක්
Deleteටීක් නේ!
ReplyDeleteහ්ම් ටීක්
Deleteඑතකොට ජිල් බෝල ඔට්ටුවටත් ජිල් ගැහුවනෙ.. ඕකෙ ගේම් දෙකක් තිබුනා.. එකක් පාර දිගේ දිගටම ගගහා ගිය එක. ඒක කරපු විදිහ, නීති රීති අද අමතකයි..
ReplyDeleteඅනිත් එක හරහට ඉරක් ඇඳලා, වියතක් විතර ඈතින් ජිලක් වැටෙන්න පුලුවන් තරමෙ වලක් හාරලා ජිල් බෝල ටික ඔක්කොම එහෙට විසිකරන්වා, ඊට පස්සෙ ප්‍රතිවාදියා පෙන්නන එකට ගහන්න ඕනා.. ඔන්න ඔය වගේ සෙල්ලම් ගොඩක් තිබුනා... අනේ එහෙව් අතීතයක්..
කබ්බොයි, ටොයියොයි ගැන කතා නොකරම ඉමු..
ඇත්තටම මටත් ටීක් එකෙන් ටීක් එකට ගගහා පාර දිගේ යන ගේම් එක හරිය මතක නෑ අපිත් ටොපි කොල ඔට්ටුවට ගැහුවේ අනිත් එක.
Deleteඒත් කබ්බොයි ටොයියොයි නැතිව මොන ජිල් බෝලද
පාර දිගේ දිගටම ගහගෙන ගියපු එකට අපි කිව්වේ වියත් මනිනවා කියලයි සෙන්නෝ. ඒකෙදි අපි කරේ මුලින් ජිල් බෝලයක් කෙනෙක් ඈතට වීසී කරාම අනිත් කෙනා තම්න්ගේ අතේ තියෙන ජිල් බොලයෙන් ඒකට ගහනවා. නැත්නම් ආසන්නයට දානවා. අනෙක් ජිල් බෝලයට වියතක දුරින් මෑතින් අපේ ජිල් බෝලය තිබුණොත් අපි දිනුම්. නැත්නම් ඊළග අවස්ථාව අනෙකාට.
Deleteරතූ, හරි බන් ඔය වගේ එකක් තමයි.. හැබැයි ඕක පාර දිගේම දිගට, දිගට ගියා වගේ මතකයි....හරියට මතක නෑ බන්.. අඩු ගානෙ ඒකට අපි කියපු නමවත් මතක නෑ..
Deleteතේරෙන්න අවශ්‍ය මිනිස්සුන්ට තෙරුනානම් ඉතින් වටිනාකම කියල වැඩැක් නැහැ.
ReplyDeleteඒ අය හිතන්නෙ ඒ අය හරියි කියලා විතරයි
Deleteමේවට තමා කියන්නේ රැවුල ගිනි අරන් තියෙන වෙලේ සුරුට්ටු පත්තු කරනවා කියලා :D
ReplyDeleteමම නම් ටික් ගහලා තියෙනවා ඒ ජිල් බෝල ගාන වැඩි කරගන්න.අපේ අතේ හැම වෙලේම කබ්බෙක් ඉන්නවා.සමහරු ඒ කබ්බගෙන් ජිල් ගොඩක් දින්නම ඒ කබ්බාව ලකී කබ්බා කියලා හදුන්වලා දේව සැලකිලි කරන්නේ :)
අනේද කියන්නේ
Deleteදැන් කාගෙද රැවුල ගිනි අරන් තියෙන්නේ .....
Deleteඑහෙමෙ නෙමෙයි මලයො තැටිය රත්වෙලා තියන වෙලාව් රොටිය පුච්චගන්න ඔනෙ
@ අටම්පහුරා
Deleteඋඹනං ලකී කබ්බෙක් නෙමෙයි,
පීචං කබ්බෙක්.
කොයි ටොය්යත්....ටිකකාලයක් සෙල්ලම් දානකොට කබ්බො වෙනව...D
ReplyDeleteහ්ම් ඒකනෙමෙයි එදා නාවෙ ඇයි ?
Deleteමට ඔය ජිල් ගැහිල්ල අල්ලන්නෙ නැහැ..බෝල පොඩි වැඩියි..මං ආස පුට් බෝල ගැහිලි වලට..
ReplyDeleteඑක එක්කෙනාගේ ආසාවල්වල හැටි !
Deleteරිදෙන්න වැදුනොත් මොන ජිල වුනත් පුපුරනව නොවැ...
ReplyDeleteපිපිරෙන්නෙ නැතිව උන්නොත් ඌට කබ්බෙක් වෙන්නෙ පුලුවන්
Deleteදෙකම ඕනේ බං! නැත්නම් කිසි ගතියක් නෑ!
ReplyDeleteඅන්න ඒකනේ
Delete//ටොයියො දිස්නෙගහලා බබලන්නෙ කබ්බොත් එක්ක එකට ඉන්නකොට විතරයි. ඒවගේම ටොයියොන්ගෙත් ඔය ඔපෙ තියෙන්නෙ කබ්බොන්ගෙන් පාර වදිනකන් විතරයි. //
ReplyDeleteඇත්ත කතාව.. ඕක ජිල් වලටත් එකයි, අනෙක් කොයි එකටත් ඒකයි..
සමහර එවුන් හිතන් ඉන්නේ කිරි ටොයියෝ කියලා නේ.. ආන්න උන්ටත් එකයි!!
ජය වේවා!!
හෙක් හෙක්
Deleteමං ගාවත් තිබ්බා ටීක් බෝල නම්.. සෙල්ලම් දන්නවා උනාට කවදාවත් සෙල්ලම් කරලා නෑ... මං ඉතිං අවුරැදු 7 වෙනකම් තනි අලියානේ... හි හි ....
ReplyDelete//කොහොම වුනත් ටීක් ගහන උන් නැතිවේගන යනකොට කබ්බො ටොයියො බෝතල් වල එක තැන පල්වෙනව...//
කබ්බෝ ටොයියෝ ගැන කියලා තියෙන කතාවට නම් ආයිත් වෙන කියන්න දෙයක් නෑ.... කියන්න තිබ්බ එකම දේ සාතන් කියල....
තනියමත් මමනම සෙල්ලම් කරලා තියනවා .. හිරු එදා ආවෙ නෑනෙද ?
Deleteහි හි ....
Deleteහි හි ....
කබ්බො නැත්තම් ජිල් බෝල හොද්ද වගේ තමයි
ReplyDeleteඑහෙමත් කියන්න පුලුවන්
Deleteඉස්සර මටත් කබ්බෝ,ටොයියෝ, කිරියෝ පිරිච්ච ජිල් බෝතලයක් තිබුනා, තවමත් ගෙදර කොහේ හරි අරන් තියල ඇති මෙදා පාර ල0කාවට ආවම හොයල බලන්න ඕනේ
ReplyDeleteඑහෙනම් මාවත් මතක් වෙයි නෙද ?
Deleteනැතුව නැතුව ජෝන් අයියා නොවෑ ටික් බෝල බෝතලය මතක් කලේ
Deleteටොයියොත් ඉන්න ඕන කබ්බොත් ඉන්න ඕන. නැත්නම් ගේමක් නෑ.
ReplyDeleteනැත්නම් ඔය හැමෝම ඉන්න ඕනෙ තමයි
Deleteඑකතු කරන්න දෙයක් නැහැ ජෝන් අයියා.. මුහුනෝ පොතේ මම පුද්ගලිකවම මේ ගැන කියල තියෙනවා ඔබතුමා දකින්න ඇති නෙව. මොනවා වුණත් ආයේ නැහැ අතිසාර්ථකව කියන්න ඕනේ දේ කියල තියෙනවා.. සුබ සහ ජය!!
ReplyDeleteස්තුතියි .
Deleteකනේ පාරක් නේහ්.................. හි හි හී
ReplyDeleteඑහෙම හිතෙනවද
Deleteඅපි නම් කබ්බො කිව්වෙ වැලිවල වැදිලා ඔපය නැතිවුන....එකිනෙක ගැටිලා කඩතොලු වුන....පරණ නිසාම දුර්වර්ණ වුන පරිණත ජිල්බෝල වලට...
ReplyDeleteකිරි කිරි ටොයියොත් පස්සෙ ටොයියො වෙලා අන්තිමට "කබ්බො" වෙනවා....
හැබැයි ප්ලේ වෙනවනම් විතරයි....ප්ලේ වෙන්නෙ නැතිනම් ටොයියත් එකයි කබ්බත් එකයි....
ඒකනේ ඇත්ත
Deleteසෑහෙන්න වටින කතාවක්..
ReplyDeleteකාලේ හැටියට
Deleteටීක් බෝල ගැහීම වැදගත් ක්‍රීඩාවක්. ඒක බ්ලොග් ලිවිල්ල එක්ක පටලලා ටීක් බෝල ක්‍රීඩාවට අපහාස කරන්න එපා හොඳේ.
ReplyDeleteසමාවෙන්න ඕන එහෙම උනානම්
Deleteඅපි කැම්පස් එකේ ටොයියො කීවෙ කෙල්ලන්ට.
ReplyDeleteටොයියො, කිරි ටොයියො, කිරි කිරි ටොයියො කීව ලස්සනේ පිළීවෙලට.....
අදනෙ ටොයියොයි කබ්බොයි මොක්කුද කියල හරියටම දැනගත්තෙ....... :)
එහෙනම් වැඩක් වෙලා තියනවා
Deleteaniwaaaaaaaaaa
Deleteඇටබෝල ගහද්දි ටෝයියෝයි , කබ්බෝයි දෙකම තියෙන්ඩ ඕනෙ. ගල් පොලවේ කුරු දාල ටෝයියො කබ්බෝ කරන්න පුළුවන්.
ReplyDeleteලොකු ජෝන්, ඔබේ අපේ කාලෙ තමයි ජිල් ගැහිල්ල තිබුණෙ.ගමේ කොලු රැල ගාව .තිබුණ ජිල් බෝල ටික එකෙක් දිනාගත්තාම ඌතමයි දවසකටත් රජා... අපූරු අතීත මතකය අවදි කිරීමක්
ReplyDeleteකබ්බා හිටියත් ටොයිය හිටියත් වදින්න ගැහුවේ නැත්තම් හුටා තමයි..
ReplyDelete