මම මෙ මඩක් ගහනවා හෙම නෙවෙයි. අපෙ කන්තොරුවෙ යාලුවෙක් කියපු කතන්දරයක්. අපෙ කන්තොරුවෙ උන්නට ජීවිතෙට "අත්තම්මගෙ පෙට්ටගමට" ගොඩ නොවෙන හින්දා බය නැතිව මෙ කතාව දාන්න පුලුවන් අහන්නෙ බලන්නෙ නැතිවම. මගෙ හිතෙ හැටියටම ලියලා.
ඔන්න මේ කතාවෙ කතානායකයට සිරිල් කියමු . නැත්නම් හැමතිස්සෙම එයා මෙයා කියකිය ඉන්න එපැයි. ඔය එයා මෙයා නොහොත් සිරිල් හැම සති අන්තයෙම ගමෙ යනවා. ගමේ යනවා කියුවට ගමේ කාවවත් බලන්නවත් මුනගැහෙන්නවත් නෙමේ. සිරිල්ට ඉන්නවා මරු යාලුවො සෙට් එකක් , සිරිල් එනකන් මගබලා ඉන්න. උදෙ,දිවා,රැයෙ, කරටි කැඩෙන්න බොතල් හිස් කරන්න පුලුවන් සෙට් එකක්. සති අන්තයම එන්ජෝයි කරලා සඳුදා සමහරවිට වැඩට එන්න එන්න ලැබෙන්නෙත් නෑ.
ඉතින් මේ පහුගිය සති අන්තයෙත් සිරිල් ගමෙ ගිහින්. අනේ කරුමෙට පහුගිය සතියෙ යාලුවො සෙට් එක ගමෙ ඉඳලා නෑ. සිරිල්ටත් නිකන් ඇගට හරිමදි වගෙ. ඒපාර සිරිල් ගිහින් එයාගෙ මාමා කෙනෙකුගෙ ගෙදර. මාමගෙ පුතා සිරිල්ගෙ හොඳ ගජයා පොඩිකාලෙ හිටන්ම. අර සෙට් එකෙම සාමාජිකයෙක්.
දෙන්නා පොඩිකාලෙ (පොඩි කියුවට පොඩිම නෙමෙයි නමයෙ දහයෙ පන්තිවල ඉන්නකොට ) ඉස්කොලෙ ඇරෙන්න විනාඩි දහයකට කලින් දෙන්නම පන්තියෙන් පනිනවලු. ඉස්කොලෙ ඇරිලා සුදු පරවි රෑනසේ පියාසලන්නෙ නැතිව ලී දඬු පාලම උඩින් ගෑනු ළමයින් ටික පොත් පත් තුරුලු කරන් පාසැල නිමවී යනකොට සිරිලුයි මාමාගෙ පුතයි දෙන්නා මාමාගෙ ඔරුවත් අරගෙන ලී දඬු පාලම යට උඩ බලාගෙන මාලු අල්ලනවලු. මොකද ලී දඬු පාලමේ ලී දඬු අතරින් පතර අඩුයිලු.
ඒක අතුරු කතාවක්. මෙ මාමට දුවෙකුත් ඉන්නවලු. විවාහවෙලා ළමයි හෙම ඉන්න. පදිංච් මාමගෙම ගෙදර. සිරිල්ට නෑකමට වෙන්නෙ නෑනා. ඔන්න සිරිල් මාමාගෙ ගෙදර ඇවිත් ඉස්සරහ පුටුවෙ වාඩිවුනු ගමන්ම අර ගෙදර ඉන්න දුවගෙ පොඩි පුතා සිරිල් ගෙ ළඟට දුවගෙන ඔඩක්කුවට පැනලා වාඩි වෙලා එක එක ප්‍රශ්න අහනවලු.
"මාමේ කොලෝනියල් කසින්ස් කියන්නෙ කාටද " සිරිල්ට මාර ප්‍රශ්නෙ සිරිල් දන්නවයි ඕවා. දැන් පොර කල්පනා කරලා බන්ඩක්කා උත්තරයක් දෙන්නත් එපැයි.
සිරිල් :"දැන් පුතෙ ඔය කසින් කියන්නෙ මස්සිනාට "
පුතා :"එතකොට මාමෙ කොලෝනියල් ?"
සිරිල් :"කොලෝනියල් ... කොලෝනියල් නේද ... "
මිනිහට එකපාරටම මතක් උනා කොටුවෙ කොලෝනියල් එක එතනත් මිනිහා බොන්න සෙට් වෙන තැනක්
සිරිල් :"කොලෝනියල් කියන්නෙ බොන මිනිස්සු ඉන්න තැනක් "
පුතා :"ඒ කියන්නෙ බේබද්දො ? කොලෝනියල් කසින්ස් කියන්නෙ බේබදු මස්සිනාට ?"
ඔන්න ඔහොමලු කොලෝනියල් කසින්ස් කියන්නෙ කවුද කියලා හදුන්වලා තියෙන්නෙ ඔයගොල්ලොත් නොදන්නවනම් මෙ විදියට හැදින්වුවට කමක් නෑ ඕන්...
මෙන්න "කොලෝනියල් කසින්ස්" ගැන ඇත්තටම දැනගන්න ඒගොල්ලන්ගෙ . සංගීත වීඩියොවක්
හෆෝයි... මෙහෙමත් මස්සිනා ලා!
ReplyDeleteඑකටත් පිංකරල තියෙන්න ඕන
Deleteඔය 'කොලොන්නාවේ කක්කුස්සි කාරයෝ' වගේ සංගීත කක්කුස්සි කාරයෝ මෙහෙත් ඉන්නවා 'බාල්දිය තංගුස්' ඒ වගේ එක සැට් එකක්. මෙලෝ රහක් නැහැ. රට කනවා. දන්නේ කීයක් හරි හම්බ වෙනවනම් 'හොටං පයිසි පං එක දැනිලා' කියලා තප්පුලන්න විතරයි.
ReplyDeleteමම ඇනෝලට උත්තර දෙන්නෙ නෑ කියලා
Delete"සුපර් ස්ටාර්ස් බිහි කල අනන්‍යතාවයක් ඇති හිඟන්නෝ"
පොස්ට් එකෙදි කියුවට , ඔය ඇනො කියපු කතාවනම් මසුරං
හොදයි හැදින්වීම.
ReplyDeleteකසින්ස්ලගෙ හහ් හහ්
Deleteමම කැමතිම දෙන්නෙක් තමයි\
ReplyDeleteකවුද සිරිල්ද නැත්නම් ...
Deleteසිරිල්ගේ මස්සිනාට :D
Deleteඇත්තටම කොලෝනියල් කියන්නේ බෙබදුකමටද? අද තමයි ඉගෙන ගත්තේ. හෙක් ... එහ්ක්...
ReplyDeleteඔන්න ඕක තමා සිරිල්ට උනේ
Deleteඔය දෙන්නා කාලෙකට කලින් මෙහෙටත් ආවා නේද! දැං වෙන්වෙලාද?
ReplyDeleteආවා නේන්නම් ඒකාලෙ රැල්ල උන්නේ
Deleteඔය කසින්ලාගේ මාර ලස්සන සිංදු තියෙනවා.. ඒත් දැන්නම් දෙන්නා වැඩිය එකට නෑ වගේ.. අර ලී පාලම යට කතාවනම් මරු..
ReplyDeleteලඟදි නම් මුකුත් කලෙ නෑ නෙද ? (පාලමෙ කතාව නම් ලීක් වෙච්ච කාඩ් එකක් )
Deleteඔය එක කසින් කෙනෙක් ලෝකල් කසින් ලා එක්ක සිංන්දුවක් 'ඔබේ බටේ" තියනවා දැක්කා...
ReplyDeleteලින්කුව දැම්මනම් තමා වටින්නෙ
ReplyDeleteඔබාගෙ බටේ නෙමේ බොලේ 'ඔබේ බටේ' :-)
Deleteමමත් මුලින්ම දැක්කම බැලුවෙ මොකක්ද මෙ කියන්නෙ කියලා
Deleteනියම මස්සෙනෙක්... හොයාගන්නවනම් අන්න ඩයල්
ReplyDeleteලැබීම තියෙන්න ඕනා
Deleteමේ පැත්තෙත් ඉන්නව ෆට්ට කොලෝනියල් කසින්ස් ලා..
ReplyDeleteකොහෙත් ඉන්නවා එලියට එනවා අඩුයි
Deleteකොලොනියල් කසින් = බේබදු මස්සිනා පට්ට කතාව
ReplyDeleteඅර කියනවා වගේ වාසනාවන්ත මස්සිනාල ඒකට අපේ එවුන්.
ආවාට ස්තුතියි ! ලැබීම
Deleteමටත් ලැබේවා එහෙම මචෙක්
ReplyDeleteඅන්න එහෙම එකෙක් ලැබේවා
Deleteහික් හික් මරු වැඩේ අර මාළු අල්ලන සීන් එකනං....බේබදු මස්සිනා එළ කියමන.....
ReplyDeleteඕක ඒදවස්වල හැමදාම කරනවා
Deleteඅපේ අක්කට කියන්න ඕන එහෙම මස්සිනෙක් හොයාගන්න කියල!:D
ReplyDeleteඒක හොඳයි
Deleteඒ දෙන්නටනම් ගැළපෙන නම...
ReplyDeleteඒක හරි
Deleteකාක්නස් කාමිං රවුන්ඩ් ඇන්ඩ් .......
ReplyDeleteගොඩවැදුනට ස්තුතියි
Deleteඅදයි මේපැත්තට ගොඩවුනේ....
ReplyDeleteහිකිස්..මරු කතාව....
දිගටම එන්නම්.....
හම්මෝ හොඳ වෙලාවට අයිය කියල කියන්න ඉන්න ලොකුයි පොඩියි දෙන්නම අමධ්‍යපයි....
Deleteස්තූතියි ඇවිත් කමෙන්ට් කලාට
Delete