මතක ඇතිනෙ වැසිකිලි ජල කප්පාදුව නොහොත් Cost Cutting කතාව නැතිනම් ලින්කුව උඩ කොටලා ඒ කතාව බලන්න. මේ කතාවක් එක්ක කෙලින්ම සම්බන්ද නොවුනත් අද ලියන කතාවත් ඒ වගේම cost cutting කතාවක් තමයි. කන්තෝරුවනම් වෙනස්.
මම මේ කියන්න යන කතාවෙ සඳහන් වන කන්තෝරුවෙ ලොක්කට තියන ලොකුම ගැටලුව තමයි සේවක සේවිකාවන්ට සුබසාධනය සඳහා යන වියදම අවම කර ගැනීම. මොකද දන්නවද සුබසාධනයට යන වියදම ඉස්මතුවෙලා පේනවා වැඩියි. ඒකෙන් ආයතනයට ලැබෙන ප්‍රතිලාබ කෙලින්ම පේන්නෙ නෑනෙ. ඉතින් ලොක්කා දන්න සෙල්ලං සේරම දාලා එම වියදං අඩුකර ගන්න උත්සහා කරනවා. වායු සමීකරණ වියදම අවම කරගන්න දවසට පැය හතරකට වායුසමීකරන යන්ත්‍ර පාවිච්චිය සීමා කලා. වතුර ශීතකරනය ක්‍රියා විරහිතවෙලා ශීතකරනයට විදුලිය සැපයිම නැවතිලා.
වැඩේ කියන්නෙ මේ ආයතනය විදුලි උපකරන සේවා සපයන ස්ථානයක්. අර කියමනක් තියනවනෙ වඩුවගෙ ගෙදර පූටුව නෑ කියලා. හැබැයි මෙකෙ ඉන්න වඩුවන්ට පුටුව හදන්න පුලුවන් කම තිබුනට හෙඩ් බාස් ඒ කියන්නෙ ලොක්කා ඉඩ දෙන්නෙ නෑ හදන්න. ඒකෙන් විදුලි බිලට යන ගාන පිරිමැහෙන නිසා.
ඔය හැම කන්තෝරුවකම උදෙ 10 ටයි හවස 3ටයි ඉන්න සේවකයන්ට තේ පානය සපයනවනෙ. මේ කන්තෝරුවෙත් ඉස්සර ඉදන්ම ඉන්න සේවකයන්ට කිරි තේ කෝප්පයක් ආයතනය ගානෙ ලැබෙනවා. මේ ආයතනයෙ ඉන්න සේවකයන් ගානට අනුව දින දෙකකට එක ග්‍රෑම් 400 කිරි පිටි පැකට් එකක් යනවා ලොක්කට මෙ වියදම ඉවසාගෙන ඉන්න බෑ. දැම්ම නීතියක් තේ හදන පියොන්ට, නීතිය නම් සූත්‍රයකට අනුව තේ සෑදීම.
මෙන්න සූත්‍රය,
(පැමිනීමෙ ලේඛනයෙ එදිනට පැමිනි සේවකයන් ගනන) - (බැහැරවූ සෙවකයන් ගනන) x (කපාපු පිටි හැඳි 1) = වරුවට අවශ්‍ය තේ කෝප්ප ගනන
ඔන්න ඔය විදිහට තමයි තෙ හදන්නෙ. ඔය සූත්‍රය කවුරු ලොක්කට දුන්නද කියලා දෙයියො තමයි දන්නෙ.
ඔය කන්තෝරුවෙ උන්නා පොරක්, පොරක් කියුවෙ ටිකක් ජොලියෙන් ඉන්න මේ මං වගෙ බුවෙක්. (හික් හික්) ඔය පිටි පෙට්ටිවල තියනවනෙ පාරිබෝගික ඇමතුම් සඳහා අංකයක්, පොර දවසක් ඔය අංකයට ඇමතුමක් දීලා , ඒ ඇමතුම ස්වයංක්‍රීය ඇමතුමක් එතනදී අහලා තියනවා ගැටලුව සහ පිලිතුර ලැබියයුතු දුරකතන අංකය. පොර අහලා තියන ගැටලුව "තේ කෝප්පයට අවශ්‍ය පිටි හැඳි ගාන කොපමනද ? " අංකයට දීලා තියෙන්නෙ ලොක්කගෙ අංකය සහ ලොක්කගෙ නම .
ප.ලි : මම හිතන්නේ කිරි පිටි සමාගමෙන් ලොක්කට හොඳ ප්‍රතිචාරයක් ලැබෙන්න ඇති . කට්ටියට ඊට පස්සෙ හම්බවෙලා තියෙන්නෙ ප්ලෙන් ටී
// කට්ටියට ඊට පස්සෙ හම්බවෙලා තියෙන්නෙ ප්ලෙන් ටී //
ReplyDeleteHikz.....
මේක උන කෙනා කවුදකියල හිතාගන්ඩ පුලුවන් :D
ReplyDeleteits beauty
ReplyDeleteපව්! සේවකයො. අපේ ඔපීසියකත් තිබුන ඔයවගේ වැඩක්. ලොක්කො ඒ.සී.ආගෙන ෆෑන් දාගෙන ඉන්නව. පොඩි එවුන් තේ ටිකක් බොන්න හීටරයක් ගැහුවත් සද්දෙ දානව. පස්සෙ කාකාස.ලත් අල්ලගෙන ලොක්කන්ට දෙන උණුවතුර වලට ඇල්වතුර දාල දුන්නෙ. එහෙමයි ගොඩගියේ.
ReplyDeleteඅපිට නං දෙයියනේ කියල ඔහොම අවුලක් නෑ . . . . ලංකාවෙ මම වැඩකරපු තැන හෙනටම කොස්ට් කටිං සීන් එක තිබුන . . . හැබැයි සේවකයන්ගෙ පහසුකම්, කෑම බීම වගේ දේවල් කප්පාදු කලේ නෑ
ReplyDeleteමං දන්න විදියට නං දැන් ඔය ඔපීසියේ දෙන්නේ ප්ලේං ටි එකකට සමාන උකු බැවින් යුතු ටි එකක්...
ReplyDeleteහිකිස්...
අලියන වල් තියල මීයො යන ගුල් වහන ලොක්කො!
ReplyDeleteඅපේ අය ඉතින් නිකන් දෙනවනම් ඔහේ බොන හින්දා ලොක්කටත් එපා වෙන්න ඇති..පව්
ReplyDelete@ Observer ඒකනම් එහෙම තමයි
ReplyDelete@ කුරුළු පැංචා හරි කවුද කියමු බලන්න
@ amila chathuranga තැන්කූ කියුවා
@ රාජ් අන්න ඒ වගෙ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නවත් වෙයි ඒත් එතන එච්චර සේවක පිරිසක් නෑ
@ ඕනයා ඒවටත් පිං කරලා තියෙන්න ඕන
@ හි තු ම තේ මට පේන්නෙ මෙයත් ඒ ඔපීසියෙම කෙනක් වගේ
@ ඉන්දික උපශාන්ත නියම කියමන ලොක්කා
@ පුංචි කුමාරිහාමි නිකන් දෙනවා කියන්නෙ ඔච්චරයි නිකන් දෙන්නෙත්
මිටි තැනින් වතුර බහිනවා කියන්නේ මේ වගේ ඒවාට... ලාභයෙන් කොටසක් සුභ සාධනයට යොදනවානම් දෙපැත්තටම හොඳයි..
ReplyDeleteලොක්කට තේරෙන්න ඇති කෝල් එක ආව පාර.... හික්ස්....
ReplyDeleteඔය ගොඩක් තැන්වල කොස්ට් කටිං කියල වැඩිපුර කරන්නෙ සාමාන්‍ය සේවකයන්ට දෙන පහසුකම් කප්පාදු කරන එක නේන්නම්....
මම නම් කවදාවත් තේ නිකම් දෙන ආයතනයක වැඩ කරල නෑ ලංකාවෙදි... ඒත් මෙහෙදි නම් එහෙමයි.. තේ එකේ අඩුවැඩිය දුන්නට තේ හදල දෙන සිරිතක් මෙහෙ නැති හින්ද තමුන්ට ඕන විදියට හදා ගන්නව....
අපේ සුබ සාධනය නම් හොඳයි.. තේ දෙනවා කැන්ටිමෙන් සාමාන්‍ය මිලට වඩා අඩු ගණනට ! නිකම්ම දෙන්නෙත් නෑ..කෑම වුනත් එහෙමයි..
ReplyDeleteඅපරාදේ එකෙන් අර එක හැන්දක් හරි දාලා දෙන ටී එක නැති උනානේ...
ReplyDeleteහික්... කුක්කු වලට කිසි වියදමක් යන්නැති ක්‍රමයක් තියෙනවෝ....
ReplyDeleteමැරෙනවා අප්පා හිනාවෙලා.. හික්ස්.. අපටත් ඔපීසියේ ඔහොම උනා.. අන්තිමට අපට පියොන්ගේ ගණන් බලන්නත් උනා තේකෝප්පේ හේදුවේ නැත්නම්.. උන්ට ගිය රට සික්
ReplyDeleteහප්පේ ඇති ප්ලේන් ටී වත් හම්බුනා.....
ReplyDeleteමමනං ඇහුවමයි තේකට ඔච්චර ලෝබ කරන කොම්පැනියක් ගැන.. :))) අපේ අක්කා වැඩ කරපු තැන්වලනන් දෙයියනේ කියල හවසට පොඩි කෑමකුත් එක්කම තේක හම්බෙනවලු...
ReplyDeleteහැබැයි ඉතිං පොඩි පාලනයක් නැතුවමත් බෑ නේද? හිතන්නකෝ නිකමට වගේ රජයේ කාර්යාලෙක හොයන්නේ බලන්නේ නැතුව තේ දෙන්න ගියොත් වෙන දේ!!! :p පිටි පැකට් පිටිං අතුරුදන් වෙයි!! ලංකාවනේ!! :)))
ඉල්ලගෙන කාලා.. ප්ලේන් ටී බීලා !
ReplyDeleteඅයියෝ සල්ලි
ReplyDeleteකෝරලේ වලව්ව