he

Wednesday, January 18, 2012

කොලෝනියල් කසින්ස්

මම මෙ මඩක් ගහනවා හෙම නෙවෙයි. අපෙ කන්තොරුවෙ යාලුවෙක් කියපු කතන්දරයක්. අපෙ කන්තොරුවෙ උන්නට ජීවිතෙට "අත්තම්මගෙ පෙට්ටගමට" ගොඩ නොවෙන හින්දා බය නැතිව මෙ කතාව දාන්න පුලුවන් අහන්නෙ බලන්නෙ නැතිවම. මගෙ හිතෙ හැටියටම ලියලා.
    
ඔන්න මේ කතාවෙ කතානායකයට සිරිල් කියමු . නැත්නම් හැමතිස්සෙම එයා මෙයා කියකිය ඉන්න එපැයි. ඔය එයා මෙයා නොහොත් සිරිල් හැම සති අන්තයෙම ගමෙ යනවා. ගමේ යනවා කියුවට ගමේ කාවවත් බලන්නවත් මුනගැහෙන්නවත් නෙමේ. සිරිල්ට ඉන්නවා මරු යාලුවො සෙට් එකක් , සිරිල් එනකන් මගබලා ඉන්න. උදෙ,දිවා,රැයෙ, කරටි කැඩෙන්න බොතල් හිස් කරන්න පුලුවන් සෙට් එකක්. සති අන්තයම එන්ජෝයි කරලා සඳුදා සමහරවිට වැඩට එන්න එන්න ලැබෙන්නෙත් නෑ.



… …
      ඉතින් මේ පහුගිය සති අන්තයෙත් සිරිල් ගමෙ ගිහින්. අනේ කරුමෙට පහුගිය සතියෙ යාලුවො සෙට් එක ගමෙ ඉඳලා නෑ. සිරිල්ටත් නිකන් ඇගට හරිමදි වගෙ. ඒපාර සිරිල් ගිහින් එයාගෙ මාමා කෙනෙකුගෙ ගෙදර. මාමගෙ පුතා සිරිල්ගෙ හොඳ ගජයා පොඩිකාලෙ හිටන්ම. අර සෙට් එකෙම සාමාජිකයෙක්.

දෙන්නා පොඩිකාලෙ (පොඩි කියුවට පොඩිම නෙමෙයි නමයෙ දහයෙ පන්තිවල ඉන්නකොට ) ඉස්කොලෙ ඇරෙන්න විනාඩි දහයකට කලින් දෙන්නම පන්තියෙන් පනිනවලු. ඉස්කොලෙ ඇරිලා සුදු පරවි රෑනසේ පියාසලන්නෙ නැතිව ලී දඬු පාලම උඩින් ගෑනු ළමයින් ටික පොත් පත් තුරුලු කරන් පාසැල නිමවී යනකොට සිරිලුයි මාමාගෙ පුතයි දෙන්නා මාමාගෙ ඔරුවත් අරගෙන ලී දඬු පාලම යට උඩ බලාගෙන මාලු අල්ලනවලු. මොකද ලී දඬු පාලමේ ලී දඬු අතරින් පතර අඩුයිලු.


ඒක අතුරු කතාවක්. මෙ මාමට දුවෙකුත් ඉන්නවලු. විවාහවෙලා ළමයි හෙම ඉන්න. පදිංච් මාමගෙම ගෙදර. සිරිල්ට නෑකමට වෙන්නෙ නෑනා. ඔන්න සිරිල් මාමාගෙ ගෙදර ඇවිත් ඉස්සරහ පුටුවෙ වාඩිවුනු ගමන්ම අර ගෙදර ඉන්න දුවගෙ පොඩි පුතා සිරිල් ගෙ ළඟට දුවගෙන ඔඩක්කුවට පැනලා වාඩි වෙලා එක එක ප්‍රශ්න අහනවලු.
"මාමේ කොලෝනියල් කසින්ස් කියන්නෙ කාටද " සිරිල්ට මාර ප්‍රශ්නෙ සිරිල් දන්නවයි ඕවා. දැන් පොර කල්පනා කරලා බන්ඩක්කා උත්තරයක් දෙන්නත් එපැයි.
 
සිරිල් :"දැන් පුතෙ ඔය කසින් කියන්නෙ මස්සිනාට "
පුතා :"එතකොට මාමෙ කොලෝනියල් ?"
සිරිල් :"කොලෝනියල් ... කොලෝනියල් නේද ... "
මිනිහට එකපාරටම මතක් උනා කොටුවෙ කොලෝනියල් එක එතනත් මිනිහා බොන්න සෙට් වෙන තැනක්
සිරිල් :"කොලෝනියල් කියන්නෙ බොන මිනිස්සු ඉන්න තැනක් "
පුතා :"ඒ කියන්නෙ බේබද්දො ? කොලෝනියල් කසින්ස් කියන්නෙ බේබදු මස්සිනාට ?"
 

ඔන්න ඔහොමලු කොලෝනියල් කසින්ස් කියන්නෙ කවුද කියලා හදුන්වලා තියෙන්නෙ ඔයගොල්ලොත් නොදන්නවනම් මෙ විදියට හැදින්වුවට කමක් නෑ ඕන්...  


මෙන්න "කොලෝනියල් කසින්ස්" ගැන ඇත්තටම දැනගන්න ඒගොල්ලන්ගෙ . සංගීත වීඩියොවක්

38 comments:

  1. හෆෝයි... මෙහෙමත් මස්සිනා ලා!

    ReplyDelete
    Replies
    1. එකටත් පිංකරල තියෙන්න ඕන

      Delete
  2. ඔය 'කොලොන්නාවේ කක්කුස්සි කාරයෝ' වගේ සංගීත කක්කුස්සි කාරයෝ මෙහෙත් ඉන්නවා 'බාල්දිය තංගුස්' ඒ වගේ එක සැට් එකක්. මෙලෝ රහක් නැහැ. රට කනවා. දන්නේ කීයක් හරි හම්බ වෙනවනම් 'හොටං පයිසි පං එක දැනිලා' කියලා තප්පුලන්න විතරයි.

    ReplyDelete
    Replies
    1. මම ඇනෝලට උත්තර දෙන්නෙ නෑ කියලා
      "සුපර් ස්ටාර්ස් බිහි කල අනන්‍යතාවයක් ඇති හිඟන්නෝ"
      පොස්ට් එකෙදි කියුවට , ඔය ඇනො කියපු කතාවනම් මසුරං

      Delete
  3. හොදයි හැදින්වීම.

    ReplyDelete
    Replies
    1. කසින්ස්ලගෙ හහ් හහ්

      Delete
  4. මම කැමතිම දෙන්නෙක් තමයි\

    ReplyDelete
    Replies
    1. කවුද සිරිල්ද නැත්නම් ...

      Delete
    2. සිරිල්ගේ මස්සිනාට :D

      Delete
  5. ඇත්තටම කොලෝනියල් කියන්නේ බෙබදුකමටද? අද තමයි ඉගෙන ගත්තේ. හෙක් ... එහ්ක්...

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕක තමා සිරිල්ට උනේ

      Delete
  6. ඔය දෙන්නා කාලෙකට කලින් මෙහෙටත් ආවා නේද! දැං වෙන්වෙලාද?

    ReplyDelete
    Replies
    1. ආවා නේන්නම් ඒකාලෙ රැල්ල උන්නේ

      Delete
  7. ඔය කසින්ලාගේ මාර ලස්සන සිංදු තියෙනවා.. ඒත් දැන්නම් දෙන්නා වැඩිය එකට නෑ වගේ.. අර ලී පාලම යට කතාවනම් මරු..

    ReplyDelete
    Replies
    1. ලඟදි නම් මුකුත් කලෙ නෑ නෙද ? (පාලමෙ කතාව නම් ලීක් වෙච්ච කාඩ් එකක් )

      Delete
  8. ඔය එක කසින් කෙනෙක් ලෝකල් කසින් ලා එක්ක සිංන්දුවක් 'ඔබේ බටේ" තියනවා දැක්කා...

    ReplyDelete
  9. ලින්කුව දැම්මනම් තමා වටින්නෙ

    ReplyDelete
    Replies
    1. ඔබාගෙ බටේ නෙමේ බොලේ 'ඔබේ බටේ' :-)

      Delete
    2. මමත් මුලින්ම දැක්කම බැලුවෙ මොකක්ද මෙ කියන්නෙ කියලා

      Delete
  10. නියම මස්සෙනෙක්... හොයාගන්නවනම් අන්න ඩයල්

    ReplyDelete
    Replies
    1. ලැබීම තියෙන්න ඕනා

      Delete
  11. මේ පැත්තෙත් ඉන්නව ෆට්ට කොලෝනියල් කසින්ස් ලා..

    ReplyDelete
    Replies
    1. කොහෙත් ඉන්නවා එලියට එනවා අඩුයි

      Delete
  12. කොලොනියල් කසින් = බේබදු මස්සිනා පට්ට කතාව
    අර කියනවා වගේ වාසනාවන්ත මස්සිනාල ඒකට අපේ එවුන්.

    ReplyDelete
    Replies
    1. ආවාට ස්තුතියි ! ලැබීම

      Delete
  13. මටත් ලැබේවා එහෙම මචෙක්

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම එකෙක් ලැබේවා

      Delete
  14. හික් හික් මරු වැඩේ අර මාළු අල්ලන සීන් එකනං....බේබදු මස්සිනා එළ කියමන.....

    ReplyDelete
    Replies
    1. ඕක ඒදවස්වල හැමදාම කරනවා

      Delete
  15. අපේ අක්කට කියන්න ඕන එහෙම මස්සිනෙක් හොයාගන්න කියල!:D

    ReplyDelete
  16. ඒ දෙන්නටනම් ගැළපෙන නම...

    ReplyDelete
  17. කාක්නස් කාමිං රවුන්ඩ් ඇන්ඩ් .......

    ReplyDelete
    Replies
    1. ගොඩවැදුනට ස්තුතියි

      Delete
  18. අදයි මේපැත්තට ගොඩවුනේ....

    හිකිස්..මරු කතාව....

    දිගටම එන්නම්.....

    ReplyDelete
    Replies
    1. හම්මෝ හොඳ වෙලාවට අයිය කියල කියන්න ඉන්න ලොකුයි පොඩියි දෙන්නම අමධ්‍යපයි....

      Delete
    2. ස්තූතියි ඇවිත් කමෙන්ට් කලාට

      Delete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..