තෙල් ගැන කතාකරන දවස්වලම මේ කතාව පෙට්ටගමෙ දිගහරින්න හිතුවා.මොකද මෙ කතාව තෙල් ගුන අගුන ගැන උනත් හොයාගන්න පුලුවන් වුනු කතාවක් නිසා. කතාව මගෙ පාසැල් සමයෙදි සිදුවූවක්. ඒකියන්නෙ මීට අවුරුදු 20කට විතර උඩදි සිදුවූවක්.
උසස් පෙල කරන සමයෙ පාසලෙ උසස් පෙල සිසුන් විනෝද චාරිකා වල යෙදීම නිරන්තරයෙන් සිදු නොවුනත් අවුරුද්දකට එකවතාවක් කට්ටියම කොහේ හරි යනවා. අපි කට්ටිය උසස් පෙල කරන සන්දියෙ අපිත් එක්ක උසස් පෙල කරන්න අනුරාධපුරයෙන් තුන් දෙනෙක් ආවා. සාමාන්‍යයෙන් ඔහොම පිටස්තර ප්‍රදෙශයකින් කොළඹට ඉගෙන ගන්න ආවම රැග් එක දෙනවනෙ. අපි එහෙම කලෙ නෑ. මොකද උන් තුන්දෙනාම අපිට ගැලපෙන උන් බව අපිට තෙරුන නිසා.
මාස හයක් හතක් විතර අපි එකට ඉගෙන ගත්තා. අපි රැග් නොකල නිසාම උනුත් අපි එක්ක හුඟාක් කිට්ටු උනා. ඒ අයම අපිට ආරාධනා කලා අප්‍රේල් නිවාඩුවට ඒ අයගෙ ගමෙ, ඒ කියන්නෙ අනුරාධපුරේ යන්න එන්න කියලා. ඉඳුම් හිටුම් ගැන ඒ අය බලාගන්නම් කියලා කියුව නිසාත් විනොදගමනක අවශ්‍යතාවයක් තිබුන නිසාත් අපිත් ඒගමනට කැමතිඋනා.
කොළඹ පාසලක් නිසා හුගාක් හිටියෙ කොළඹට කිට්ටු සිසුන්. ගම ගැන එතරම් අවබෝදයක් තිබුන අය නෙමෙයි. අපිත් එක්ක උන්නා වාද්දුවෙ ඉදන් ආපු කෙනෙක් මට පොරගෙ නම මතකෙට එන්නෙ නෑ. කොහොමින් හරි මිනිහට පැවරිලා තිබුනෙ රා බූලියක් චාරිකාවට රැගෙන ඒමයි. අපිත් එක්ක ගුරුවරයෙකුත් යන නිසා. මෙ වැඩෙ කෙරෙන්න වෙලා තිබුනෙ රහසිගතව.
කොහොම හරි පොර සාර්ථකව රා බූලියක් අපි යන බස් එකෙ පිටිපසෙ ආසනයට යටින් හැන්දෑවෙ ප්‍රයොජනය සඳහා තැන්පත් කලා.
හවස කට්ටිය නුවර වැව ඉස්මත්තෙ බස් එක නවත්තලා නුවර වැවේ. දියකෙලෙමින් නාන්න පටන්ගත්තා. කොහොමහරි අපිත් එක්ක ගිය ගුරුවරයාවත් නාන්න වැවට බැස්සුවට පස්සෙ කට්ටියගෙ බලාපොරොත්තුව තිබුනෙ රාබූලියට වැඩෙ දෙන්න.
පන්තියක ළමුන් කියුවම ඒ කුලකයෙ, ළඳුන් වගෙ ළමයිනුත් ඉන්නවනෙ ඒ කට්ටියව ගුරුවරයගෙ තනියට තියලා එකා දෙන්න බස් එක වෙත ගෑටුවා.
අපේ පන්තියෙ උන්නා ආසිරි කියලා පොරක්. පොර සුදුම සුදුයි හරියට සුද්දෙක් වගෙයි. ආසිරි ගැන කතා කීපයක් මගෙ මතකයෙ තියනවා. ඒවා පසුවට ඉදිරිපත්කරන්නම්. "අ"යන්නෙන් පටන් ගන්න හන්දා මිනිහගෙ නම තමා පන්තියෙ මුලින්ම කියවෙන්නෙ ඒ හන්දා ඒ නමයි පොරයි මම මෙ කියන සිදුවීමයි මට කවදාවත් අමතක වෙන්නෙ නෑ.
ඉතින් උනෙ මෙකයි අපි බස් එකට යනකොට ආසිරි අපිට කලින් බස් එකෙ පිටිපස්සට ගිහින් මිනිහ හතර ගාතෙන් වැටිලා වමනෙ කරකර ඉන්නවා. පොර සුදු නිසා වමනෙ වැටෙන හැටි පැහැදිලිව පේනවා. මොකද යන වමනෙ යන්නෙ අර ALIEN චිත්‍රපටිවල ALIENලගෙ ලේ කලුපාටට යනවා වගෙ කලු පාටට. අපිට හරි පුදුමයි මූ කලු පටට වමනෙ කරනකොට.
මූ පෙරෙතයා වගෙ අපිට හොරෙන් ඇවිත් රා බූලිය කියලා එන්ජින් ඔයිල් බූලිය බීලා හොඳ වැඩෙ නොදන්න රා, දන්නව වගෙ බොන්න යනවට.
අද කාලේ එහෙම ඔය වැඩේ උනානම්.විනාසයි.මොකද රා වගේද ඩීසල් කියන්නෙ අරුම පුදුම විශ්මිත දුර්ලභ වස්තුවක් නේ..........හිහ්
ReplyDeleteඅනේද කියන්නෙ හැබැයි ඒක සාපෙක්ශයි
Deleteහොඳ වැඩේ රා හොරුන්ට..එත් හැබැයි පවුනේ කොල්ලෙක් නේ...
ReplyDeleteපොර හොරට බොන්න නෙමෙයි කලින් බොන්න ගිහින් ඔය ජංජාලෙ උනෙ
Deleteයකෝ රායි එන්ජින් ඔයිලුයි වෙන් කරලා අඳුරගන්න බැරිද මූට.
ReplyDeleteනෑ මූ මීට කලින් කවදාවත් රා බීලා තියා දැකලවත් තිබුනෙ නෑ හැබැයි පොර ලොකු ලොකු ජාතිවලින් නම් අපි අහන්න හිතලා වත් නැති එවා ගත්ත අයෙක්. වාද්දුවෙ එකෙකුට කියලා රා ගෙන්නව ගත්තෙ එහෙම එවුන්ට වෙනසකටත් එක්ක. අපෙ පන්තියෙ තව එහෙම එව්වෝ සෑහෙන්න හිටියා.
Deleteපිලිගන්න අමාරුයි.. අවංකවම...
ReplyDeleteඅවංකවම දීපු පිලිතුරට ස්තුතියි. මේ කතාව 1993 අපෙ ඉස්කෝලෙනම් ප්‍රසිද්ද කතාවක් වෙලාවට බ්ලොග් රසවිදින උන් ඒ සෙට් එකේ නෑ. හැමෝම දන්න කාඩ් එකක් නිසයි ලියුවේ. තාරබර එච්චරම නෑ කෑන් දෙක මාරුවෙලා.
Deleteමට සැකයි ඇත්තටම මේක වුනේ කාටද කියලා....
ReplyDeleteදැන් අමාද්‍යප උනාට ඒ දවස්වල මම හොඳ බේබද්දා ඒ හන්දා ඒ මම නෙමෙයි. අනික මම පානදුරෙ, කට හෝදන්නෙත් රා වලින් ... හෙක් හෙක්
Deleteපවු වැඩේ අප්පා ආසිරියා.. ඌට සුවදින්වත් දෙකේ වෙනස තේරුනේ නැද්ද?
ReplyDeleteරා වල ගඳ සුවඳ තියා පාටවත් ඌ දන්නෙ නෑ .
Deleteඑන්ජින් ඔයිල්????? රා ??? මේ දෙකම එක වගේද? ඇහුවෙත් අදයි අප්පා.....
ReplyDeleteඑක වගෙ නෙමෙයි , ඒත් දාලා තිබුන කෑන් එක වගෙ ඒකයි මෙ හුට පටේට මුල
Deleteහුටා.. පොරට වදින්න ඇති පැලෙන්ට...
ReplyDeleteඅපේ ඉස්කෝලෙ සුදු එකෙක් හිටිය පොර 'රුසිරු' මට පොර මතක් වුනා..
වැදුනෙ නෑ වමෙනෙ දාලම මෑන්ට එදා කලන්තෙ. නෑ නෑ සුදු උනාට රුසිරු ගෙ වගෙ ඩයල් එකක් නෙමෙයි
Deleteයකෝ මූ රා දැකලා නැද්ද !!!
ReplyDeleteපොඩ්ඩක් හිටහන් මලේ මම් කොච්චි අහුරකුයි කරෝල කෑල්ලකුයි තෙලට දැම්මා. ඒක බැදෙනකන් හිටු !!!
ඌ දැකල තිබුනෙ නෑ .
Deleteබලාගෙන තෙල් විසිවෙයි නොදන්න වැඩ කොරන්න ගිහිල්ලා
වාද්දුවේ නං ඉතිං අහන්න දෙයක් නෑ පොල් රා උපත එහෙ නේ...පුදුමයි ආසිරියා මලේ නැති එක....
ReplyDeleteහොඳ වෙලාවට මැරෙන්න තරම් බීලා තිබුනෙ නෑ. මම ලියපු තාර බර ඇරලා ගත්තම හරි
Deleteඅනේ ඉතින් තාර බර ඇරියම අන්තිමට මුකුත්ම නැති වෙයි .D
Deleteඒකනෙ පහුගිය දවස්වල මුකුත් නොලියා හිටියෙ නැත්නම් ගිය ට්‍රිප් එකක් ගැන කතාවක් තිබුනා ඒකෙ තාර බර සෙරම ඇරියා අන්තිමට මුකුත් ඉතුරූනෙ නෑ
Deleteඔය දෙක මාරු වෙනවද අප්පා...
ReplyDeleteනෑ කොහෙත්ම නෑ හැබැයි කෑන් මාරුවෙන්න පුලුවන්නෙ
Deleteඇන්ජින් ඔයිල් ගහපු එකා ඊ ටපස්සේ හෙන ඉස්පීඩ් දුවනවලු නේද ?
ReplyDeleteඑහෙම කතාවකුත් තියනවා.
Deleteමොන මූ දපලා උන්නෙ ට්‍රිප් එක ඉවරවෙනකන්
අඩේ රායි ඇන්ජිං ඔයිලුයි මාරු කර ගත්තනම් ඌව තියන්න වටින්නෙ නෑ, තව ඩීසල් කාලකුත් පොවලම ඌව නැගිට්ටුවානම් හරි... අපෙ එකෙක් නම් පැට්‍රොල් ගැහුවා.. මේ තියෙන්නෙ ඒක
ReplyDeletehttp://funlokaya.blogspot.com/2010/12/blog-post_29.html
-ප්‍රසා
අඩෙ නොදන්න කමට බීවම ඔහොම කියන්න එපා.
Deleteඋබෙ කතාවත් එල
රා බොන් බොන්
ReplyDeleteපළයන් බන් :-)
ඔය කට්ටිය රා පිලිබඳ පස්චාත් උපාධි ගත්තට මූ රා හෝඩිය ෆේල් :D
Deleteහ්ම් ජෝනගේ යාලුවොත් ජෝන වගේම නැතෑ.
ReplyDeleteමොනවා කියනවද උන් මේවා නොබලන හන්දා හොඳා. මට බය ලබන මාසෙ උන්ව හම්බ වෙනවා බිග් මැච් එකේදි.
Deleteඅනේද කියන්නෙ ගිම්හානි.... :D
ReplyDeleteඔන්න තව උල්පන්දම් දෙන්න ආවා
Deleteඅපෙ අප්පේ මෙහෙමත් වැඩක්. අපේ එකෙක් බූමිතෙලුත් බිව්වා රා කියලා.
ReplyDeleteහුඟ දවසකින් මුකුත් නොදැම්මෙ බූමිතෙල් ගනන් ගියහන්දා නෙමෙයිනෙ ?
Deleteමම නම් තවම රා බීල නැත
ReplyDeleteරා වලයි ඔයිල් වලයි වෙනස අදුරගන්න බැරි මූව අදහන්න වටිනවනේ බං
ReplyDeleteහොඳ වැඩේ මල පෙරේත කමට......පට්ට සීන් එක.
ReplyDelete