අඩුම තරමෙ කියවන කිහිපදෙනෙක් වත් මේ බ්ලොග් අවකාශයෙවත් ඉන්න තැනක් වග දැනුන නිසයි. එහෙනම් අවසරයි විඳින්නට එදා මට සිතුනු ඒ සිතුවිල්ල ....
සුදෝ සුදු පාටින් සඳ එළිය
විල් පතුල තුල සැඟව
පියුම් පත් අතරින්
එබී හිනහෙයි මාසමග
පුන්සඳ හොරෙන් මෙන් ඉඳ හිට
රැඳෙයි මනෙතු යුගල මත
පියුමක් සුලඟට ලංව
සඟවාලයි සඳ වත විල තුලම
කාටත් නොපෙනෙනා සුළඟ
හිමින් රහසක් පවසයි ම සවනට.
හොරෙන් බැස විලට
නෙලාගන්නයි පියුම මට
කෙලෙස මම නෙලන්නද
පිපුනු පිනි පියුම අද
කලතමින් විල් දිය..
සඟවමින් සඳ වත....
19950119
මගෙ මින් පෙර ඉදිරිපත්කල සඳැස් හා නිර්මාන මෙ ලින්කුවෙන් බලා ගුන අගුන කියන්න සඳැස්
මල නොතලා රොන් ගන්න!
ReplyDeleteඒක කරන්න බෑ කියන්න විතරයි පුලුවන්
Deleteපිපුනු පිනි පියුම අද
ReplyDelete…කලතමින් විල් දිය..
…සඟවමින් සඳ වත....
සැහෙන්න තේරුම් ගොඩකට කනෙක්ට් කරන්න පුළුවන්නේ
එහෙම හිතලා තමයි අද ලියුවෙ
Deleteඅවුරුදු 17කට කලිං ඔහොම හිතුනනං දැං මොනව හිතෙනව ඇද්ද! :)
ReplyDeleteදැන්නම් මොනවත් හිතෙන්නේ නෑලු .
Deleteඔය කියන්නෙ හික් හික්
Deleteමට කවි බස ගැන නම් මෙලෝ දානයක් තේරෙන් නැහැ. ලස්සනයි කියන්න තමයි වෙන්නෙ.
ReplyDeleteකියෙව්වට ස්තුතියි !
Deleteමටත් ඉතිං වෙද මහත්මයට වගේ තමා....හෙහ්...හෙහ්...
ReplyDeleteඒත් කියෙව්වනෙ ස්තුතියි !
Deleteඅන්තිම පේලිය මම දැක්කේ..
ReplyDeleteගලවමින් ඇඳි වත...... වගේ...
ඒ බොගෙ වල් කොම හින්ද...හෙහ්...හෙහ්..
Deleteහොඳ වෙලාවට මට කලින් ඔබා මාමා කියුවෙ
DeleteThis comment has been removed by the author.
ReplyDeleteනෙලන්නට පෙර ඒ කුසුම හට
ReplyDeleteකියනු නරකද මදක් වත් ඔහුට
උදව් වන ලෙස,
එවිට හැකිවනු ඇත රිසි විටෙක
මල නො නෙල,ඉමිහිර විඳ ගන්ට.
අනේ අක්කේ මල නෙලනව කියන්න එපා.කුලුඳුලේම මිහිර විඳ ගන්නව කියන්න .මොකද පළමු දිනය පමනක් නෙමෙයි නෙ මධුසමය කියන්නෙ.මිහිර ඇති තාක් කල එසමය මදුසමය යැයි මට හැඟේ.අනේ අක්කේ මේ මට හිතුන විදිය විතරයි.හැම කෙනෙක්ම කැතට ගොතන මාතෘකාවක් ඔයා ලස්සනට ලියල තියෙනවා.මගේ නම වෙනස් කරන්න ඔන්න මම තීරනය කලා .මට නොගැලපෙන නම ගැන මට කිව්වට ස්තූතියි අක්කේ
මම අක්කෙක් නෙමෙයි මම ලොකු ජෝන්. මේක ලියුවෙ පිරිමි කෝණයකින් මෙ කවි ටික කියවන්න. එහෙම බැලුවම අවුලක් නෑ නේද?
Deleteකොහොමත් ඔය නම අමතන්න පුලුවන් විදිහට වෙනස් කරනවනම් හොඳයි තමා
නිසඳැස් කවි සිතුවිල්ල අපූරුයි. " සඳඑළිය" " විල " "පිනි පියුම" වැනි රූපක කවිය තුළ විවිධ අරුත් ජනිත කරවනවා. ඒ කවිය තුළ සිටින යුවතියක වෙනුවෙන් කියල හිතෙන්නෙ දාල තියන පිංතූරයයි කවියේ මාතෘකාවයි ගැලපුනාමයි.
ReplyDeleteඔය පින්තූරෙ හොයාගන්න සෑහෙන්න දුකක් වින්දා ඒත් පින්තූරෙ නම් මගෙ හිතට ඒත් මදි වගෙ.
Deleteකවි ගැන වැඩිය යමක් නොදන්න මම දන්නේ හිතට දැනෙන්න ලියැවුණු කවියකට ලෝබ නැතුව ලස්සනයි කියන්න විතරයි
ReplyDeleteස්තූතියි
Deleteනියමයි අයියේ කවිය.. 1995 ලිය උන එකක්.. ඒ කාලේ අපි හිච්චි එවුන්නේ..
ReplyDeleteලියන දෙවල්වලට වයස බලපාන්නෙ නෑ ඒකාලෙ ඔහොම හිතෙන්නෙ නැති එකයි වෙනස.
Deleteමම ඉස්කෝලෙ යන කාලෙ පාසලෙ කෙටි කතා තරඟයකට කතාවක් ලියුවා "පුංචි කෙල්ල" කියලා ඒකෙ විනිශ්චයමණ්ඩලෙ උන්නෙ ධර්මසිරි ගමගෙ මහතා. එතුමා මට අඬගහලා කියුවා මෙ කතාව ඔයාගෙ වයසට නොගැලපෙන හන්දා මට තොරන්න විදිහක් නෑ කියලා. ඒත් එයා කියුවා විවෘත තරඟයක් නම් පලවෙනි තැනට තොරනවා කියලා. ඇත්තටම ඒ වචන ටික මට පලවෙනි තැන නෙමෙයි ජාත්‍යන්තර සම්මානයකට වඩා වටිනවා.
අපූරු කවියක්! අපූරු අදහසක්!
ReplyDeleteස්තුතියි කියෙව්වට
Deleteසඟවමින් සඳවත
ReplyDeleteකළතවා විල්දිය
පිපුණූ නැහැඹුල් පියුම
අතවනයි රහසේම
එන්න යැයි බැස විල්දියට.....
මෙතෙක් රසවින්ද
Deleteසඳවතේ සොඳුරුබව
කෙලෙසනම් මකන්නද
තවම සිත දෙතැනකය...
සබීත් කියපු දෙ තමයි මම කියන්න හිටියේ.
ReplyDeleteඑහෙනම් සබිත්ට කියපු දේමතමා කියන්න වෙන්නෙ
Deleteනෙලාගන්නෙ නැතුවම ඒ මිහිර විඳින්න.... නෙළුවොත් ඉක්මනටම පරවෙලා යනවනෙ.....
ReplyDeleteඅන්න තෙරුනා
Deleteතේරෙන්නෙ නෑනෙ..කවි රස නහර මොට්ට වෙලා
ReplyDeleteහපෝ හරිම අපරාදයක්නෙ කොහොමහරි මුවහත් තියාගන්න
Deleteඅපි නම් 5 වසරේ ලොකු ජෝන් අයියා මෙව්ව ලියද්දි... හැබැයි කාලය රසයට බාධාවක් වෙලා නම් නැහැ... ලස්සනයි.
ReplyDeleteරස විදින්න කවද බැරිද ?
Deleteඋපරිමයි... ඒ වෙලාවෙ වෙන එවුන්ට එන වල්කම (තියෙන්ටත් ඕනෙ) මේ කවි සෙට් එකේ හංගලා.. ඒකට අමුතු රසයක් දීලා.. සුපිරියි.. ඇත්තටම..
ReplyDeleteස්තුතියි ඇත්තටම එදා ලියුවට අද හිතෙනවා එදා එහෙම හිතුනෙ ඇයි කියලා
Deleteදැන් මොනවද හිතෙන්නෙ,
ReplyDeleteමහන්සියි කලතලා
විලත් දැන් පල් වෙලා
ඒ වුනත් නොම නිමා
වෙයි හිතේ ඇති පෙමා
වගේ ද?
කොල්ලො මම කලින් කියුවා මෙ මගෙ අත් දැකීමක් නෙමෙයි මගුල් ගෙදරකදි මට හිතුනු දෙයක් මම බැන්දෙ මෙක ලියලා අවුරුදු 5කට පස්සෙ
Deleteමධු සමය දවසෙනං ඉතින් මල තලලා හරි රොන් ගන්න එපැයි...උදේට අම්මලා එනවනේ මී පැනි හොයන්න රෙද්දේ.....
ReplyDeleteඒත් දැන් මීපැනි හිගයි කියලා පොල් වැනි පාවිච්චි කරන බව අම්මලා දන්නවා ඒ හන්දා එච්චර හොයන්නෙ නෑ
Deleteහෆ්ෆටසිලි..මාර එව්වානෙ 17දි හිතිලා තියෙන්නෙ..ලස්සනයි ලියලා තියන ව්දිය..
ReplyDeleteනෑ නෑ මට 17දි හිතිච්චා නෙමෙයි මීට 17කට කලින් හිතුනු ඒවා
Deleteඅම්මප අයියටත් මාරම සිතුවිලිනෙ පහල වෙන්නෙ....මොනා වුනත් නියමයි හොඳේ....
ReplyDeleteඒකාලෙ පහල උනා ඒත් මෙ කොම්පියුටර් වලට බැස්සට පස්සෙ බිංදුවටම බැස්සා ඒකයි ආයෙත් ලියන්න හිතිලා පෙට්ටගම ඇරියෙ
Deleteරසම රසයි,මෙ වාගේ රස එව්වා තව ඇති මයේ හිතේ ,ඉඩක් ලැබෙන විදිහට දාමු අපිටත් බලන්න.
ReplyDeleteඑදා විලමයි
ReplyDeleteඑදා සඳ මයි
ඒත් සඳ එළි
අද අපතෙ යයි
ඒ මොකද ඒ එහෙම වෙන්නේ?