
ඔය කියුව පාලමයටින් ගලාගෙන යන ගඟ දැන් අවුරුදු ගානක සිට ගලාගෙන යනවා. ගඟ අයිනෙ බොහෝ දෙනා දියනාන මනස්කාන්ත ගල් තලාවකුත් තියනවා. දියනාන ස්ථානය කියුවම මට පොඩි අතුරු කතාවක් මතක් උනා.
මෙ කතාව මාතරින් කොළඹට, මම ඉස්කෝලෙ විශයක් විදියට සා.පෙලට චිත්‍ර විශය හදාරනකොට උන සිද්දියක් අපිට හිට්යෙ චිත්‍ර උගන්වන්න ගුරුවරයෙක්, හැබෑම දක්ශ ගුරුවරයෙක්. අපිට එදා මාතෘකාව උනෙ දිය නාන දර්ශනයක්.
ගුරුතුමා පන්තියට ඇවිල්ලා මාතෘකාව කියුවා. කියලා කියුවා ළමයින්ගෙ හිතෙ ඇඳුන දෙවල් කියන්න කියලා .
අපෙ පන්තියෙ හිටියා පොඩි කොට පොරක්. මිනිහගෙ නියම නම නොවුනට හැමෝම කියුවෙ "සල්ලා" කියලා. සල්ලා කියුවම නොදන්න කෙනෙක් නෑ. වැඩ නම් හරියට ඇම්ඩන්ට සමානයි. වචන ගලාගෙන එනවා කටට.
මිනිහට සම්බන්ද රසකතා හුගක් තියනවා හැඳින්වීමක් විදියට මෙ කතාව මතක තියා ගන්න.
ගුරුවරයා හිතෙ ඇඳුන ඒවා කියන්න කියුව ගමන් සල්ලා නැගිට්ටා
"සර් බාත් රූම් එක" කියලා කියුවා.
චිත්‍ර ගුරුතුමාගෙ මූන රතුපාට උනා "බාත් රූම් එකෙ නානවද ඕයි ?" එතනින්ම එදා චිත්‍ර පාඩම අහවරයි.
දැන් ආයෙත් කතාව මාතරට.ඔන්න ගල්තලාව උඩදි ඇඳුම් උනාදමලා දිය රෙද්ද ඇගලාගෙන සීතලට ගලාගෙන යන වතුර පාරෙ එබෙන සුන්දර ලලනාවෙ දැකලා ඇතිනෙ. (කට්ටිය හොරෙන් හරි බලල ඇතිනෙ)
අර කොලෝනියල් කසින්ස් කතාවෙ සිරිලුත් ඔය ලලනාවො නානවා බලන්න තැනක් හදාගෙන උන්නලු. ඒ මෙ ගල් තලාවට කිට්ටුව නෙමෙයි ගඟෙන් එගොඩ ගොඩේ ගහක් උඩ ඉඳන්. ඒමොකද දන්නවද. ලලනාවෝ ගඟෙ දි නානගමන්, ගඟ මැද කවුරුත් නැති නිසා ගඟ දිහාවට හැරිලා තමයි දිය රෙද්ද බුරුල් කරන්නෙ.
සිරිල් එයා ගාව තියන දුරබලන කන්නාඩියත් අරන් ගඟෙ එහා ඉවුරෙ උස ගහකට නැගලා සිනමාපටයක් සෙ දිස්වන මෙ දර්ශනය දිනපතාම නරඹනවා. දවසක් මෙයා මෙ කතාව එයාගෙ යාලුවෙකුට කියලා. දැන් යාලුවටත් හරි ආසයිලු ගහ උඩ ඉඳන් මෙ දර්ශනය බලන්න. ඉතින් යාලුවා බැගෑපත් වෙන විදියට සිරිල්ට බඩ පපුව දාලා ගිහින්. පහුවදාට ගඟ ඉවුරට එන්න කියලා.
මෙන්න පහුවෙදා සිරිල් ගඟ අයිනට යනකොට උදෙන්ම ඇවිත් යාලුව.
දෙන්නත් එක්ක ගහට නැගලා. සිරිල් දුරබලන කන්නඩියෙන් සීරු මාරුකරලා එක සුන්දර දර්ශනයක් බලලා යාලුවට දුරබලන කන්නාඩිය දීලා.
"අම්මට හුඩු උඹ කොහොමද මේ ගෑනිව මෙතනට ගෙන්නුවෙ" කියලා ගහ උඩ ඉඳන් ඉස්සරහට අඩියක් තියලා. යාලුවා මීටපෙර කවදාකවත් දුරබලන කන්නාඩියකින් බලලා නෑ .
අඩි විස්සක් විතර උස ගහෙන් බිමට යාලුවා වැටිලා.
හොඳ වෙලාවට වැටිලා තියෙනෙ වතුරට.
නරක වෙලාවට උඩ ඉඳන් වැටුනම එගොඩ ගොඩේ නාන කට්ටියට මේ දෙන්නව පෙනිලා.
එදයින් පස්සෙ සිරිල්ටත් ඒ දර්ශනය බලන්න තිබුන අවස්තාව මග හැරිලා.
පව් .. ඔය වගේ දේවල් බෙද හදා ගන්ඩ ගිය හම ඔහොම තමයි !
ReplyDeleteඒක තමා
Deleteබදාගන්න ඕන දෙවල් බෙදාගන්න නරකයි තමා
DeleteHmmmmmmm
Deleteමම නම් කිසි කරදරයක් නැතුව ඕක විඳලා තියෙනවා.. කවදාවත් නෝන්ඩි වෙලත් නෑ.. මම මේ ගැන මගේ පොස්ට් එකක් දැම්මා...
ReplyDeleteලින්කුව දැම්මනම් නොබලපු උන්ට බලන්න තිබුනා
Deleteඅන්න බලන්න. දසුන්පෙල කොයි තරම් ලස්සනට තියෙන්න ඇති? ඒකනේ හිටිතැන අමතක වුනේ.
ReplyDeleteහිටි තැන අමතක උනෙ නෑ ඌ කවදාකවත් දුරබලන කන්නාඩියකින් බලලා නෑ ඌ හිතුවෙ ගෑනි ඉන්නෙ ළඟ කියලා
Deleteශා මරුනේ !
ReplyDeleteහොද වෙලාවට අපේ ගෙවල් ළග ගඟක් නැත්තේ!:P
හොඳ වෙලාවට වෙන්නෙ කොහොමද කරුමෙට .
Deleteහැක හැක හැක අප්පෝ මට මැවිලා පේනවා අරු වැටෙන හැටි :ඩි
ReplyDeleteමමත් ඕක අහපු කතාවක් මටත් මැවිලා පෙනුනා වැටෙන හැටි
Deleteඔයිං ගියා ඇති අතක් පයක් නොකැඩී...අපේ ගෙවල් ලග තිබුනා ගාමන්ට් අක්කලගේ බෝඩිමක්...එක්කෝ ඕනේ නෑ.....
ReplyDeleteඔව් ඔව් ඕනෙ නෑ තමා
Deleteහෙහ්...හෙහ්..ඇත්ත කතාවක් මතක් වුනා වෙලාවක පෝස්ට් එකක් හැටියට දාන්නං...
ReplyDeleteThank you, Loku John
එහෙනම් කට්ටිය දතකට මැදගෙන ඉන්නවා ඔබා මාම හොරෙන් නානව බලපු කතාව බලන්න
Deleteඕක කොමෙන්ට් හැටියට මට මතක විදියට මාරයගෙ සයිට් එකේ කිව්ව, එත් කමක් නෑ, ටිකක් පඳුර වටේ තලල අග හරියට සීන් කෝන් ඒක කියල දාන්නං...හෙහ්...හෙහ්...
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඅපරාදේ ලයිව් ෂෝ එක
ReplyDeleteඒකනෙ හවුලට නොගියනම් ඌ අදවෙනතුරු ලයිව් ශෝ බලනවා
Deleteමමනං ඉතිං පොතක් හරි පත්තරයක් හරි ගත්ත බැල්කනියට ගියා . . .
ReplyDeleteපත්තරෙ උඩු යටිකුරු කරලා වෙන්ටැ බලනවා ඇත්තෙ
Deleteතනියම කරගෙන ගියානම් සිරිල්ට තවම යන්න තිබුන ගහ උඩට. අපරාදෙ
ReplyDeleteඑකනෙ බෙදාගෙන කෑමෙ අනිටු විපාක
Deleteදිර්ඝකාලීන ආතල් එකක්නේ යාළුවා සුළු මොහොතක මෙව්වා එකක් වෙනුවෙන් විනාස කර ගත්තේ
ReplyDeleteමෙව්වා එකක් කියුවෙ ?
Deleteහක හක හප්පේ මිනිහට ට්‍රේනින් එකක් දීලා ගෙන්න ගන්න තිබ්බේ හමුදාවට..
ReplyDeleteඑහෙනම් මීට කලින් අපිට ජිනීවා යන්න තිබුනා
Deleteඔය බලන එකට වඩා ආතල් පිටේ සබන් ගාන්න සෙට් වෙන එක... :D
ReplyDeleteපොඩි මෑන්ට ඕවට පලපුරුද්ද තියනවනෙ ...
Deleteඅපෝ අපේ නං ළිඳ වටේ උස ක්‍රෝටන් වවල තිබ්බ අපි නානකොට එහා ගෙදර කෙල්ලො බලනවට.
ReplyDeleteදෙමාපියො හොඳට හිතලා මතලා අල්ලපුගෙදර කෙල්ලො ඉන්න නිසා ක්‍රොටන් ගස් ටිකක් ඉන්දුවෙ
Deleteළඟ ඉන්නෙ කියල හිතල පැනල බදාගන්න යන්නැති.... :D
ReplyDeleteඅපේ පැත්තෙ අක්ක කෙනෙක් නම් ඔහොම හොරෙන් බලන එව්වන්ට නියම වැඩක් කළා ආයෙ පැත්ත පළාතෙ නො එන්න....
කියුවනම් හෙම අපිටත් දැනගන්න
Deleteබෙදාගෙන කන්න ඕන දේවලුත් තියනවා!බදාගෙන කන්න ඕන දේවලුත් තියනවා~
ReplyDeleteඒකනෙ කියන්නෙ බදාගන්න ඕන ඒවා බෙදාගත්තම කෙලවෙනවා
Deleteදුරබලන කන්නාඩියකින් කිසිදා නොබලාපු එකෙක් එක්කං ගිය එක න හෙනම බයානකයි . කලබලේ වැඩි කමට පපුවේ අමාරුවක්වත් හැදුනානම් මක්ක කොරන්නද . මුලින්ම ඔය පොඩි පොඩි රූප සටහන් පෙන්නලා පස්සේ අවසාන ජවනිකාව පෙන්වන්නයි තිබුනෙ
ReplyDeleteසිරිල් දන්නෙත් එදාමලු මූ දුරබලන කන්නාඩියකින් බලලා නැතිවග
Deleteඅපේ පැත්තේ කෙනෙකුත් හිටියා ඌ හග උඩ ඉද්දි එකෙක් ගහ කපුවා.කෙලින්ම ගඟට ඌ වැටුනේ.
ReplyDeleteඒතරහට වෙන්ටැ
Deleteයාළුවෝ එක්ක උනත් හැමදේම බෙදාගන්න හොද නෑ කියන එකට මේක හොදම ආදර්ශය...
ReplyDeleteඑකනෙ තනියම බලන්නෙ නෙද ?
Deleteසල්ලා කිව්වෙ සල්ලාලයා කියන එක කෙටි කොරලා වෙන්ටෑ...
ReplyDeleteහපෝ නෑ උගෙ නම ඊට් ලගින් යන නමක් තියෙන්නෙ ඒක දාන්න බෑ බිග් මැච් එක කිට්ටුයිනෙ. මොකටද නිකන් ඉල්ලන් කන්නෙ
Deleteඅපිට කොහෙද ඔහොම චැන්ස් එකක්
ReplyDeleteහික් හික්!
ReplyDeleteai ane apita hariyata awasthawak nette pirimi naana diha balagena inna?
ReplyDeleteeka maha nondi wadak thamai ithin. anika ai ganunge ewata me tharam market ekak?