අනූවේ දශකයෙ මුල් කාලෙ නැත්නම් අසූවේ දශකයෙ අග බාගයේ මම දන්න මල්ලි කෙනෙක් ගැන පොඩි කතාවක්. මෙ මල්ලිගෙ නම සම්පත් ඒ කාලෙ නම් වයස අවුරුදු 13-14ක ගැටයා දැන් මේකතාව කියෙව්වොතින් මිනිහට ලැජ්ජත් හිතෙයිද මන්දා.
කියවන ඔය ගොල්ලො දන්නවා ඇතිනෙ මගේ පදිංචිය පානදුරේ කියලා. ඔය කියන සම්පත් මල්ලි උන්නෙ අපේ ගෙවල් වලට නුදුරු මාවතක. පාසැල් ගියෙ පානදුරේමයි.
ඒකාලේ පානදුරෙයි කොළඹයි අතරෙ දැන් වගේ කිට්ටු සම්බන්ධතාවයක් ඒ කියන්නෙ විනාඩි පහෙන් පහට බස් පහසුකම් වගේ ප්‍රවාහන පහසුකම් තිබුනේ නෑ උපරිම උනොත් පැය භාගයකට එක බස් එකක් වගේ තමයි. මාර්ග අංක 100 පිටකොටුව පානදුරත් මාර්ග අංක 111 පුරහල පානදුරත් තමයි තිබුනෙ. පුරහලනම් තිබුනෙ ලංගම බස් පමනයි.
ඔය අවුරුදු 13-14 කාලෙ වෙනකොට ටිකක් ගෙදරින් දෙන අවවාද රුස්සන්නෙ නෑනේ. ඒ කාලෙට පේන්නේ ගෙදරින් කියන දෙවල්වල වැරදිමනේ. ඉතින් ඔන්න ඔයදෙම තමා සම්පත් මල්ලිටත් උනේ. ගෙදරින් දෙන අවවාද නුරුස්සන්නට උනා. සම්පත් මල්ලිත් ඔය පොඩි පොඩි වැරදි වැඩ නොකලාම නෙමෙයි. පාසැල් කට්ටි පැනීම් වගෙ සුලු සුලු වැරදි වැඩ කලා.
ඔන්න දවසක්දා ගෙදරින් ටිකක් දරදඬු ආකාරයකට බැනවැදිලා. හිතෙ අමාරුව වැඩිකමටම තමන්ගෙ කාමරය ඇතුලින් අගුලු දාලා තමන්ගෙ ඇඳුම් කැඩුම් ටික බෑග් එකකට දාගෙන උදේ පාන්දරම ජනේලයෙන්ම එලියට බැහැලා පාර පැත්තට ඇවිල්ලා.
පැය කීපයකට පස්සෙ තමයි ගෙදර අය සම්පත් මල්ලිව හොයලා තියෙන්නෙ. අනේ ගෙදර අය හතර අතෙ මෙයාව හොයනවා. අඩුගානෙ ලියුමක් ලියල තියලා වරෙන්. ඒත් නෑ. ගෙදර අයට හරි ප්‍රශ්නයක් මෙයා කොහෙද ගියේ කියලා. මුලු පානදුරෙම පීර පීර සම්පත් මල්ලිව හොයනවා. යයි කියලා හිතෙන හැමතැනකම හොයනවා. නැන්දලාගෙ ගෙදර ලොකු මාමලගෙ ගෙදර පොඩි අක්කලගෙ ගෙදර ඔය වගෙ දන්න දන්න හැමතැනකම හොයනවා ඔහෙ නෑ
හවස 6ට විතර සම්පත් මල්ලිලගෙ ගෙදරකට යාබද ගෙදරකට දුරකතන ඇමතුමක් ඇවිත්. අනිත් පැත්තෙන් කතාකරලා තියෙන්නෙ සම්පත් මල්ලි .
"අනෙ පුලුවන්නම් ඇවිත් මාව එක්කගෙන යන්න මට මෙතනින් එහාට යන්න දන්නෙ නෑ මම ඉන්නෙ කොළඹ කොටුවෙ ටු යන්න යට ".
කොලඹ කොටුවෙ මේ (ටූ ) යන්න හරි ප්‍රසිද්ධයි නේද ? ඉස්සර බොහෝ අය මුණ ගැහෙන්න මෙතනට යනව කියල අහල තියෙනවා .
ReplyDeleteඒකියන්නෙ ඔයත් ගියාද ?
Deleteඅපි නම් සෙට් වෙන්නේ කොම්බුව යටට...
Deleteසමහර දවස්වලට එතන අම්බානක සෙනග :)
ඈ ඒක කොහේද තියෙන්නෙ..හරි සෝක්...
ReplyDeleteඇයි අර කොළඹ කොටුව කියලා ලොකුවට ලියලා තියෙන්නේ
Deleteහික්ස් ඒකාලේ ඔයවගේ දඩබ්බර වැඩ කොලේ නැත්නම් ගතියක් නෑ නේව
ReplyDeleteනැතුව ඒ කාලෙ ආපහු එනවැයි අනික පස්සෙ ඔයවගෙ වැඩ කලොත් කෙලින්ම ලයිසන් කැන්සල්
Deletepassene meetor une 'tu' yanna mokakda kiyala.
ReplyDeleteකොහොම හරි මීටර් උනානේ
Deleteමරු පොරක්...
ReplyDeleteහෙහ් හෙහ් හෙහ් ... මට තාමත් හිනා.
ReplyDeleteමමත් ගෙදරින් තලා වෙල ගිහින් තියෙනව, එහා ගමේ තිබුණු ආත්තම්මලගෙ ගෙදරට !
අනේ පව් මල්ලි. මේක මතක් කලොත් එහෙම දැන්නම් ලැජ්ජාවෙ ඇඹරෙයි.
ReplyDelete"ටු" යන්න තියෙන්නේ කොහෙද..??
ReplyDeleteහී හී මොනා වුනත් අපූරු මලයා
ඇයි වදේ,
Delete'කොටුව දුම්රිය ස්ථානය' කියන බෝඩ් එකේනේ ඔය 'ටු' යන්න තියෙන්නේ. :)
හික්ස්.. මරු තැන.. :D
ReplyDeleteමේ පෙට්ටගම බර වැඩිද මන්දා අද දවසේ හතරපරක් උත්සාහ කරලා අතහැරියා . ඔන්න යන්තම් එබුනේ දැන්.. ලෝඩ් වෙන්න මාර වෙලාවක් ගියා !!
ReplyDeleteඅපි සෙට්වෙන්නේ පාණදුර ප්‍රයිවට් බස්ටෑන්ඩ් එකේ නාග දරනේ ලඟ...මචං නයා ලඟට වරෙං කිව්වම හැම එකාම දන්නවා...සික්සර් එක මෙහා පැත්තේ තැන දන්නවා ඇති නේ....
ReplyDeleteහික්ස්... ඔය “ටු“ යන්න යට මාත් ඉදලා තීනවනේ..
ReplyDeleteඅපි නම් සෙට් වෙන්නේ වයන්න යට
ReplyDelete:)
අපේ පවුලේ එකෙක් ඔයිටත් පොඩි කාළේ ගෙදරින් පැනලා ගියා ඒ උනාට ඌ ලියුමක් ලියලා ගිහිල්ලා තිබුනා.
ReplyDelete" මම ගැන හොයන්න එපා, මම ගාල්ලේ ආච්චිලයි ගෙදර යනවා"
මීට මහතුන් පුතා.
අදත් මේක මතක් කළාම මහතුන් ඌගේ පුංචි අම්මව මතක් කරනවා (අපේ අම්මා)
හික්ස්. මම ටු යන්න යට.
ReplyDelete"හා... ස්ටේෂන් එකේ කොතනටද එන්නේ..?"
ReplyDelete"ම්ම්ම්... වයන්න යටට එන්න..."
" වයන්න යටට..?"
"එළියේ උඩ ලොකුවට ගහලා තියෙන්නේ කොටුව දුම්රිය ස්ථානය කියලා..."
“ඔව්..."
“ඉතිං ඒකේ වයන්න යටට එන්න..."
- එකෝමත් එක කාලෙක, ආදර කතාවක් - කියවන්න මෙතැනින් -
මම නම් ඉන්නේ කො යන්න යට :D
ReplyDeleteකොළඹ කොටුවෙ ටු යන්න යට
ReplyDeleteසිරා කථාව, පස්ටයි...
මරු මිනිහෙක්නේ.........
ReplyDeleteවැඩේ මං හිතන්නේ එයා කියන්න ඇත්තේ මං කොටුවේ ටු යන්න යට ඉන්නම් කියලා වෙන්න ඇති නේද? ඔය කියන කාලේ මොබයිල් ෆෝන් එහෙම හැමෝ අතේ ම නැහැනේ නේද?
ReplyDeleteඇත්තට බලං ගියහම ඔය ටු යන්නයි ව යන්නයි යට පෝලිම ඇතිනේ කෝච්චියේ ටිකට් පෝලිමට වඩා........ :D
Deleteම්හ්.... ඒ උනාට හුඟ දෙනෙක් ඉන්නෙ " ටු" යන්න යට නෙවෙයි " ව"යන්න යට .... :D :D
ReplyDeleteඅනේ ඇත්තටම ඔය "ටු" යන්න කොහෙද තියෙන්නේ... පව් හැබැයි කොල්ලා..
ReplyDeleteහවස් වෙද්දී උදේ තිබ්බා ගැම්ම දිය වෙලා
කතාවක් අහල තියේද කොල්ලෙක් ගෙදරින් තරහ වෙලා යනවා අම්මට බැනල මම ඔලුව හැරුන අතේ යනවා කියලා. හවස කොල්ල ගෙදර එද්දී අම්ම අහනවා මොකෝ මේ ඔලුව හැරුන අතේ ගියපු කෙනා ගෙදර එන්නේ කියල. එතකොට පුතා කියනවා මගේ ඔලුව හැරුනේ ගෙවල් පැත්තට එකයි ගෙදර ආවේ කියල.
ReplyDeleteමමත් ඔය "ව" යන්න යට අනන්තවත් ටැග්ගැහිලා තියෙනවා. බලන් ගියාම එතන හරිම සුන්දර තැනක්.
ReplyDeleteකොටුවේ " ටූ " යන්න හරි ප්‍රසිද්ධයිනේ..හි හී. ඉතින් සම්පත්ව හොයා ගත්තද ටූ යන්න ලඟට ගිහින් ?
ReplyDeleteඅඩේ ඌ මාර පොරක්නේ බං
ReplyDeleteඒක නම් දඟකාර කමක් උනත් හරිම හුරතල් කතාව. ඒකා ගාවා ෆෝන් බොක්ස් එකකට දාන්න සල්ලි තිබ්බ එකත් ලොකු දෙයක්!
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
මදැයි හිතුවක්කරමක තරම. කොටුවේ "ටු" යන්න ගාව දුරකථන කුටියක් තිබුනද ජෝන් අයියේ. මොකද අනුව දශකයේ මොබයිල් ෆෝන් පාවිච්චි කලා කියල හිතන්න අමාරුයිනෙ.
ReplyDeleteනෑනේ....නෑනේ.... කොල්ල වෙන කොහෙන් හරි කෝල් එකක් අරන් ඇවිත් "ටු" යන්න ගාවට එන්න ඇති
පස්සෙනෙ මීටර් උනේ..!!
ReplyDeleteකොටුවේ (ටු) යන්න යටට හරි ගිහින් කෝල් එකක් දෙන්න මතක් උන එක මදෑ.. :)
ReplyDeleteහි හි....නියම කතාව :)
ReplyDeleteඅපිත් ඒ දවස් වල ට්‍රිප් යන්න සැට් වෙන්නෙ "ව"යන්න යට....
ReplyDelete"ටු" යන්න හෝ "ව" යන්න දන්නෙ නැති අයට මෙන්න...
Deletehttp://www.itnnews.lk/latest/wp-content/uploads/2011/09/colombo-fort-station.jpg
හොද වෙලාවට ටු යන්න යටට වෙලා හිටියේ... හික්ස් :)
ReplyDeleteදැන් නම් කොල්ලට ලැජ්ජත් හිතෙයි නෙහ්.
මම නම් ඔය 'ටු' යන්න දැකලා නෑ. යන කෙනාට යන්ට දීලා හොයන්නේ නැතුව හිටියා නම් හරි.:D
ReplyDeleteගෙදර ආවට පස්සෙ කොල්ලගෙ තත්වය සෝචනීය වෙන්න ඇති නේද
ReplyDeleteඔහොම ටු යන්නක් තියනවද? හැමදාම ගිහිනුත් මට ඔක මීටර් නැනෙ..
ReplyDeleteහොඳ වැඩේ පණ්ඩිතයාට :)
ReplyDelete"ටු"යන්න යට,හික්ස් :ඩ්
ReplyDeleteඅපිත් හිටියා හැබැයි කොම්බුව යට
ReplyDeleteහිහ් හිහ් මරු තැන තමයි.
ReplyDeleteටුයන්න කියන්නේ මමත් දන්නේ නැහැ
ReplyDeleteපට්ට කතාව!
ReplyDelete