Saturday, August 11, 2012
109. උඩ ගිය මැස්සා +18
හැමදා කතා ලියුවත් මම ගොතමින් අකුරු
සිතුනා ලියන්නට අද කවියෙන් කර අකුරු
මිතුරෙක් සිටියි තනිකඩ ජීවිතය හුරු
කියමි කතාවක් ඔහු හා බැඳි අපුරු
තනියම තමයි හැම වැඩ ඔහු කෙරුවේ
මාල වලලු පලඳන අය නෑ පැතුවේ
මගුල් තුලා ගැන ඔහු මද පමනින් සිතුවේ
වයස ගියා ඔහු නෑ ඒ ගැන දුටුවේ
යටලීයේ නාරිලතා මල් දුටුවා
ඒ ගැන නිතරම සිහිනෙන් සිතුවා
දකුනු අතට යහමින් වැඩපල යෙදුවා
වෙරලු මලේ සුවඳට ඔහු පෙම් කෙරුවා
කම් සැප සොයා හතර වටෙ ගියේ නැත
ගෙදර අයගේ නම්බුව නැතිකලේ නැත
ස්වයං සැපත මිස කිසිවක් ඕන නැත
සැපත ඔහුගෙ වෙනකක් නොව ඔහු සුරත
නිතර නිතර අත වෙහෙසීම හැර
අලුත් යමක් කෙරුමට ඔහු සිතුවා දුර
ඉක්මන් වැඩට ඔහු හරි සමතෙකි නිතර
අල්ලා ගත්තා මැස්සෙකු පියඹන අතර
මැස්සගෙ තටුවකුත් කඩලා හිමීටම
දැම්මා උනා ඇඳි සලු පිලි සියල්ලම
බැස්සා වතුර බේසමකට උදයේම
කෙලින් කලා එක අවයවයක් වතුරේම
තිබ්බා ගෙන අවයවය මතින් මැස්සා
තටු නැති නිසා කැරකෙනවා ඒ මැස්සා
වීසිවී ගියා අහසට වතුරත් ගස්සා
රුං හඩින් කැරකැවෙමින් හුන් මැස්සා
Image johnnyflapjacks.blogspot.com
Subscribe to:
Post Comments (Atom)
කියන්නට ඇතිදේ කෙටිකර කවියෙන් කීවා
ReplyDeleteහංගපු දෙයක් නැත හොඳටම සරලය මේවා
මොනවා කරන්නද තනිකම ගෙපැලට ආවා
නවනළු රසට ඊයේ රෑ හදපු හිටිවන කවි මේවා
කතාවක් කියන්න ගියොත් වෙනවා කුනුහරුප
Deleteඑනිසා කියුවා එක්කරගෙන හතර පද
බැනුම් අසන්නට බෑ තෙපලා කුණුහරුප
ස්වයං විනය මත ලීවා හතර පද
ඔය "කයි පද" බැදලා තියෙන්නේ අපූරුවට. කතාව ඊට රසවත්. ඕක පිට රටක තිබුනා ගොඩාක් ඉස්සර. ඒ උනාට තිබුනේ අපේ කොළඹ පද්දතියේ එකෙක්ගේ වැඩක් කියලා. ඒ අතින් බැලුවම නම් අපි හරි නිර්මාණශීලීයි නේ....
ReplyDeleteකතාව කියුවනම් කුනුහරුපයක් වෙන නිසා, මට එච්චරම නුපුරුදු උනත් යන්තම් ගොතලා ගත්තා
Deleteකයි ටිකත් අපූරුයි,කයියෙ කතාවත් අපූරුයි.
ReplyDeleteබොහොම ස්තුතියි කියුවා
Deleteගි
ReplyDeleteන්
ද
ර
ලු... :-)))
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ලු කියුවේ ?
Deleteපට්ට කවි කතාවක් !
ReplyDeleteගොඩක් කල් හිතෙ තිබුනු මඩ කතාවක් ලියාගන්න හැටියක් නැතිව උන්නෙ එක පරටම හිතුනා කවියෙන් ලීවොත් හොඳා කියලා
Deleteමාර වැඩේ මැස්ස පව්.
ReplyDeleteමටත් එහෙම හිතුනා
Deleteඑනතුරු යුවතියක් කෙදිනක හෝ අතගන්න
ReplyDeleteඅතගත් පසුව අත නිදහස් වෙයි ඔන්න
එතකන් හිතට දැනෙනා ඒ අහවල් ගින්න
නැති කර ගන්න දෙයියෙකි අත ළඟ ඉන්න
අතට උපහාරයක්ම වේවා !!!!!!!!!
එසේම වේවා !!!
Deleteඊයා :D
ReplyDeleteඑහෙමත් කරන්න පුලුවන්ද අප්පා?
එහෙම තමා අත්හදා බැලීම්
Deleteකවුද එතකොට මේක අත් හදා බැලුවේ????
ReplyDeleteපෙට්ටගමෙම ඉන්න ගොයියෙක් තමා නම නම් කියන්න බෑ මොකටද ඉල්ලගෙන කන්නෙ
Deleteතමන් හිසට තම අතමය සෙවනැල්ල
ReplyDeleteකියලා කියා තියෙනවා අහලා නැද්ද
ස්ට්‍රයික්,වාරකන් කාලෙට අප සනසවන
අපේ අත ගැන අප හිතනවා මදි නැද්ද?
ඇත්ත තමයි ඔබ කිවු ඒ කියවිල්ල
Deleteඅත නැත්නම් මොනවා වෙනවා ඇද්ද
එනිසා තමයි වෙනයම් ක්‍රමයක් පතන
සෙව් මේ ක්‍රමය මැස්සාගේ නරකද හොඳද
swayan vinaya sebeewenma hoda ekaki...
Deleteobee kathawen eyamata hodata penee...
swayan vindanaya kaatath suwaya genee...
karadara nowei oba kii lesa swayan wedee...
කවි කාරයෙක් වෙලාද..?
ReplyDeleteඇයි නරකද
Deleteසිරාම කවිය ලොකු අයියේ.. අන්තිම ටික තමයි මරු... :)
ReplyDeleteඒ උනාට අන්තිමටිකට සමහරු මට බැන්නා ..
Deleteසුනාමියකට හසුවූ අබ්බගාතයා!
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
නියම අර්ථකථනය
Deleteමට මතක්උනේ නෝටි ටාර්සන්..(පින්තුරේ දැකල)
ReplyDeleteමාර ගේමක් දීලා ඔය පින්තුරෙත් හොයාගත්තෙ
Deleteඅනේ දෙයියනේ බඩත් එක්ක කොර උනා කවිය කියෝලා...
ReplyDelete//යටලීයේ නාරිලතා මල් දුටුවා
ඒ කතාව මං දන්නෑනේ අප්පා..
ඇයි අහලා නැද්ද එඩ්වඩ් ජයකොඩි මහතා ගයන "සිරි යහනේ ලණු ඉහිරී සුසුම් හෙලන රෑ" ගීතය අන්න ඒකේ ඔය ගැන ලස්සනට කියලා දෙනවා
Deleteරුං හඩින් කැරකැවෙමින් හුන් මැස්සා
ReplyDeleteහූ ඈ :D
:D
Deleteමැස්සගෙ තටු පෙගිලා !
ReplyDeleteතනි තටුවෙන් පියාඹන්න
Deleteලියලා තියනවා කවි ටික නියමෙටම
ReplyDeleteමැස්සා ගැන දුකක් සිතුනා එකවිටම
මෙච්චර කලක් දුන්නා වද දෑතටම
මැස්සෙක් අල්ලලා දෙනවා වැඩ හෙටම
හික් හික් හැක :D
අල්ලා ගන්න බැරිනම් මැස්සෙක් තාම
Deleteඅල්ල ගන්න බලපන් කෙල්ලක් වත්ම
ඒක කරන්නත් බැරිනම් මේ දැන් ම
නුබට පිහිටනම් පමනයි නුබේ අතම
හයියෝ අහිංසක මැස්සා.... තමන් හිසට තම අතමය සෙවනැල්ල !!!
ReplyDeleteතටු කඩපු මැස්සට ඇවිදගන්නත් බැරිවෙන්න ඇති ගම් වලට.....හික් හික් හික් එළ කවි ටික ඈ...
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමොක වුනත් ලස්සනට කවි ටික ලිය ජෝන්....
Deleteඅහ් ඔය තියෙන්නේ අපූරුවට "කයි පද"
ReplyDeleteඅහ් ඔය තියෙන්නේ අපූරුවට "කයි පද"
ReplyDeleteනියමයිනෙ. අහෝ මැස්සා.
ReplyDeleteඔන්න ජෝන් මලයත් කයි පද බදින්න පටන් අරන්. ජය වේවා.
ReplyDeleteජීවිතේට නොකළ එකෙක් වුව මේවා
ReplyDeleteඅකමැති නොවී කරන්න දවසක් එනවා
නවලෝකයෙදී මා එය හොඳටම දුටුවා
සරු බව බලන්නට සාම්පල් ගන්නට දත කනවා