ඩෙංගු මර්දන ක්‍රියාවලිය සෑම ඉරුදිනකම උදෑසන අපේ ගෙවත්තෙ සිද්දවෙනවා. සුමානෙටම එක දවසයිනේ ගෙදර ඉන්නේ. එදාට වත්ත අස් කරලා ටින් බෙලෙක්ක ටික අයින් කරලා දානවා. වත්ත පුරාම තියන කොස් කොල අඹ කොල වගේ වැටෙන කොල ජාති එකතු කරලා පුච්චලා දානවා. ඔක්කොටම වඩා අමාරු වල් පැල ටික ගලවලා ඉවර කරන එක . ඒවැඩේ ඉවර වෙනකොට නම් හොඳ ගනං.
කොහොම උනත් උදේ 10 විතර වෙනතුරු ඔය වත්ත අස්පස් කිරිල්ල සිද්ද වෙනව. ඔය වෙලාවට තේ එකක් නැත්නම් තැඹිලි ගෙඩියක් සාමාන්‍යයෙන් වරදින්නෙ නෑ. ඒ සංග්‍රහය කෙරෙන්නේ ගෙදර උන්දැගෙන් තමයි.
ලොකු ළමයා දහම් පාසැල් ගිහිල්ලා හන්දා පොඩි කෙල්ල අම්මගේ සහායට ඉන්නවා. තාම අවුරුදු හතරයි. මතකනේ අර කොච්චි මිරිස් කතාව, බැලුවෙ නැත්නම් මේ ලින්කුවෙන් ඒකත් කියවලාම ඉන්න. හරි එහෙනම් දැන් ඔය පොඩි කෙල්ලගෙ වැඩ ගැන අවබෝදයක් තියනවනේ. මෙකත් එහෙම එකක්.
පහුගිය දවසක වත්ත අස්කරලා එනකොට පොඩි කෙල්ල ඉන්නව පඩිය උඩට වෙලා තැඹිලි ගෙඩියකුත් අතේ තියාගෙන ඇස්සත් ගහලා.
"චූටි බබා මේක මටද ?" මම ඇහැව්වා.
"තාත්තට ඕනෙමම නම් බොන්න " වැඩි තැකීමක් නැතුවම ඇය කියුවා.
මමත් ආයෙ බැලුවේ නෑ අරගෙන බීගෙන බීගෙන ගියා. කිසිම රහක් නෑ. හරියට වතුර වගේ.
"චික් කිසිම රහක් නෑ මොනවද මේ"
"ඉතින් තාත්තේ වතුර රහක් නෑනේ. මම ඕකෙ තිබුන තැඹිලි වතුර ටික බීලා වතුර පිරෙව්වා "
පුදුම වෙන්න දෙයක් නෑ පොඩි කෙල්ලනම් ජෝන වගේමයි . තාත්තගේම දුව :D
ReplyDelete++
Deleteහෙහ් හෙහ් හෙහ්...පුංචි ලිඳේ පැණිරහ වතුර, නිකම්ම නිකම් වතුර වෙලා.....!!!!. ශෝක් දු පැටියා !
ReplyDeleteතාත්තගේ කපපු පාළුව හොඳ වෙලාවට කාටවත් ඇහුනේ නැත්තේ. ලොල්
ReplyDeleteපවු ජෝනා ....
ReplyDeleteපොඩි එකා ලොකු වෙලා බ්ලොග් ලියන්න ගත්තොත් අපි ඉවරයි..!
ReplyDeleteපොඩි කොල්ලො නම් සාමාන්‍යයෙන් කරන්නෙ තියෙන වතුර ටික බීල චූ පුරවන එක. :)
ReplyDeleteහෙහ්... තැබිලි ගෙඩියට වතුර දාලා තැබිලි වතුර කරන්න පුංචි උත්සාහක් දීලා..
ReplyDeleteඅයියෝ....
ReplyDeleteපොඩි උංගේ වැඩ තමයි වැඩ
ReplyDeleteතාත්තගෙම දූ නම් ඕව ගැන අරුමයක් නැත, :)
ReplyDeleteමං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්
චූටි බබානං එලකිරි...
ReplyDeleteහික්ස්..
ගහේ කටු උල් කරන්න ඕන්නෑලුනේ..
හරි ආදරේ හිතෙනවා බං පොඩි එකී කරන වැඩ වලට. :)
ReplyDeleteජෝනා වත්තෙන් සතියක් ගානෙ ටින් බෙලෙක්ක අහුලන්න වෙන්නෙ මොකෝ බං. ඒව මුලින්ම වත්තට විසි නොකර හිටපංකො. මදුරුවා බෝවෙන්න දවස් හතක් බලා ඉන්නෙ නෑ.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
අපිනම් තැඹිලි වතුරට සීනි ටිකකුත් දාල බොන්නෙ මහන්සිවුන වෙලාවට...ෂාහ්...නියමයි..!! කොහොමද..? කෙල්ලගෙ වැඩ අම්ම උගන්නල තාත්තව රවට්ටලද..?
ReplyDeleteහයියෙන්ම හූඌඌඌඌඌඌ.... :-))
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
දෝණි දන්නවා වැඩියෙන්ම මහන්සි වුනාම වෙන කිසිවකටත් වඩා ඇල්වතුර ගුණයි කියලා. ඒකයි. නියම දෝණි පොඩිත්ත.
ReplyDeleteඅපේ කොල්ලෙක්ට දීල තිබ්බා තැබිලි කෝම්බෙට චූ දාලා. පොර බිව්වලු හොදට.
ReplyDeleteහි හි......ෂෝයි පොඩි එකා..:)
ReplyDeleteෂාහ් නියමයි.. ඔය දුන්නේ උඹ මගේ බ්ලොග් එක පැත්තේ නොඑන එකට නිසි දඬුවම පොඩ්ඩි..
ReplyDeleteඅනේ ෂෝක් නේ චූටි බබා... වතුර තමා දෙන්න ඕන අයියට බොන්න...:)
ReplyDeleteලොලේ ලොල් ඇ........ කටවහගෙන හූ
ReplyDeleteහැකිස්......කුරුම්බයා...
ReplyDeleteහක්ක හක්ක හක්ක.....
ReplyDeleteගහේ කටු උල් කරන්න ඕනේ නෑනේ
තාත්තගේම අඩි පාරේ යනවා වගෙයි...
ReplyDeleteඅද වෙන්ට ඕන මුලින්ම ආවේ... අපූරු සිද්ධිය...
ReplyDeletehoda wadak tama chuti baba karala tiyenne...... :)
ReplyDeleteඅන්න අරක ඉවර කොලා
ReplyDeletehttp://raj-rajmyblog.blogspot.com/2012/08/blog-post_28.html
හොද වේලාවට බොටයි මටයි කොල්ලෝ නැත්තේ
ReplyDeleteජෝන්ගේම කපාපු පලුවක්නේ බලාගෙන යනකොට ;)
ReplyDeleteලොල්
ReplyDelete