he

Friday, February 1, 2013

විසිපහේ නිල් චිත්‍රපටි

මේ කතාවේ කාලය 1991 නැත්නම් 1992. ඉස්කෝල යනකාලේ සිදුවීමක්. අද වැඩිහිටියෙකු ලෙස මම මෙම සිදුවීම අනුමත නොකලත් සීමාව දැන කටයුතු කිරීමේ හැකියාව අප සතුවිය. එලෙස කීවේ මා කියන්නට යන කතාව සාධාරණීයකරනය කරන්නට නොව. වරද වරදමය. ඒත් ඒ වරද තුල මා අත් විඳින කතාවක් ඇත. එය කියවීමේ අවස්ථාව ඔබ වෙත ඉදිරිපත් කරමි.

…එදා මමත් තවත් මිතුරන් දෙදෙනෙකු සමග පානදුරයෙන් මරදාන බලා ආවේ මරදානේ අපේ සෙට් එකත් සමග හැට් කලෙක්ශන් යාමටය. ශාප් එයිට් තර්ටි නැත්නම් හරියටම අටහමාරට මරදානේ දුම්රිය නැවතුමට පැමිනීමට අපි පාසලේදී කතාකර ගත්තෙමු.


බිග් මැච් කාලෙට හැට් කලෙක්ශන් යාම තරම් විනෝදජනක ක්‍රියාවක් තවත් නැත්තෙය. …කාන්තා පාසැල් අසලට ගොස් නටා ගයා විනෝදවී කීයක් හෝ කඩා ගැනීම අතිශයින්ම විනෝදජනකය. එහි කිසිවිටක අසංවර විහිලු තහලු නොතෙබූන බව අවදාරනයෙන් මතක් කලයුතුය. කලෙක්ශන් එක වැඩි වන්නේ සුන්දර විහිලු තහලුවකින් සුන්දර ගීතයකින් සංග්‍රහකල විටය.


හරියටම කතාකරගත් පරිදි ශාප් එයිට් තර්ටි නැත්නම් අටහාමාරට අප තිදෙනා හැර කිසිවෙකු හෝ පැමින තිබුනෙ නැත. එදා අද මෙන් ජංගම දුරකතන තබා සාමාන්‍ය දුරකතනයක්ද තිබුනේ එහෙව් පුද්ගලයෙකුගෙ ගෙදරය. එයටද ඉබි යතුරු දමා තිබුනි.
…අටයි තිහ ඔරලෝසු කට්ටෙන් පැන නමයයි තිහ දක්වාද ගමන්කලේය. ඒත් එනවා කියු එවුන් පැමින නැත. සංගීත භාන්ඩද ඔවුන් ළඟ බැවින් අප තිදෙනාට කරන්නට කිසිවක් නැත. මරදානේ දුම්රියපල ඉදිරිපිට එහාට මෙහාට ගමන් කරමින් අපි උන්නෙ කොයි මොහොතෙ හෝ ඉතිරි උන් ටිකත් එතැයි යන බලපොරොත්තුවෙනි. දහයයි පහලොව වනතුරු ඔරලෝසු කට්ට ගනන් කරනවිට අපේ රතු කට්ටද පැන තිබුනි.
දැන් කලෙක්ශන් යාමේ උවමනාව තිබුනත් ඊට හැකියාවක් නොමැත පාසැලට යාමට හැකියාවක්ද නොමැත. ක්‍රීඩා තරඟ පැවැත්වෙන නිසා පාසලට ගොස් ගිනි අව්වේ වම දකුණ ගනන් කිරීමට වඩා සිත් ඇදගන්නා සුලු කටයුත්තක් ඒ වනවිට අප එක් මිතුරෙකුට සිහියට ආවේය.
"Island of thousand delights" ඔලිම්පියා සිනමා ශාලාවේ ප්‍රදර්ශනය කරමින් තිබුනි. ඒ වනවිටත් තුන් හතරවතාවක් එය නරඹා තිබුනත් නැවත වතාවක් එය නැරබීමේ අකමැත්තක් මා තුල නොවීය.

…අප තුන් දෙනාම කරන්නට තිබුන එකම දෙය හැටියට එම සිනම පටය නැරබීම යෝජනාකර ඒකමතිකව සම්මත කරගත්තෙමු. ඉක්මන් ගමනින් සිනමා හල වෙත ගියේ සෑම දිනකම House Full වන එම චිත්‍රපටය මග හැරුනොත් කරන්නට කිසිවක්ම නැති බැවිනි. ඔලිම්පියා සිනමාහලට යාබදව කුඩා දොරක් සහිත නිවසක් අසල එක් පුද්ගලයෙකු, 

"විශි පායි , විශි පායි" 
යනුවෙන් කියනු ඇසිනි. අපි ඒ දෙස බලනවිට 
"මල්ලි බලමුද ?" 

යනුවෙන් ඔහු අපෙන් විමසීය. ක්නික ආසාවක් අපතිදෙනා තුලම ඇතිවූවත් මින් පෙර කිසි දිනක නොකල අලුත් වරදක් කිරීමේ බය ඒ ක්ෂනයෙන්ම අප සිත් වලට ප්‍රතිරෝදයක් දුන්නෙය.

…එය අමතක කර ඔලිම්පියා සිනමශාලව තුලට ශාලාව අසලින් ඇති ගැලරි පෝලිමෙන් ඉක්මන් ගමනින් ගොස් සිනමා හලට ඇතුල් විය ඒ වනවිට පූර්ව ප්‍රචාරක පට පටන් ගෙන තිබුන නිසා කලුවරෙම ගැලරියට ගොඩ වූවෙමු.

…දහවල් දොලහයි දහය වන විට චිත්‍රපටය අවසන් විය නැවතත් දුම්රිය පොලවෙත ගමන් කරන විට අප දුටුවේ ,
…අපි වැනිම තරුණ වයසේ ගැටවු කීපදෙනෙක් වයසක මහල්ලන් කීපදෙනෙක් හා මැදිවියේ කීපදෙනෙකු බංකු කීපයක් කරේ තබා ගෙන පෝලිමට ගමන් කරන අයුරුයි ඉදිරියෙන්ම හා පසුපසින් පොලිස් නිළදාරීන් කීපදෙනෙකු ගමන් කල අතර පෝලිමේ ඉදිරියෙන්ම වූයෙ "විශි පයි විශි පායි " යනුවෙන් අපට ඇමතූ පුද්ගලයා බව සිහියට නගන්නට අපට අපහසු නොවීය. 

ඔහු ගමන් කලේ වීඩියො කැසට් රෙකෝඩරයක්ද කරේ තියාගෙන වීම දුටුවිට අපේ කකුල්ද වෙව්ලා ගියෙය . වැඩි කතාවක් උවමනා නැත මේ කතාව ලියනමොහොතෙ පවා ඒ සිද්දිය මතක්වීමෙන් මගේ කකුල් වෙව්ලා යනු දැනුනි.

79 comments:

  1. මට තේරුනේ නැහැ. ඒ කවුද බං ?

    ReplyDelete
    Replies
    1. කරේ තියාගෙන ගියෙද ? ඒ කරවපු කෙනානේ

      Delete
    2. මට තේරුන එක සෑමට නොතේරුනේ කොහොමෙයි????
      පස්සෙ කාලෙක ලොකු ජෝං අයියේ අර රූබි එක හොද ප්ලේස් එකක් උනා..
      එතන හිටියා කොට අංකල් බුවෙක් ඌ තමයි වැඩි ගානට ටිකට් කඩලා ඉස්කෝල කොල්ලංව ඇතුලට දාන්නේ..
      මං නං ගියේ නෑ බලන්න හැබැයි..

      Delete
    3. තරියා ඔය කියන්නේ අර ලාදුරු අංකල් වෙන්ටැ .. පොර අපේ හොඳ යාලුවා . ඉස්සරහහට තව කතටිකක් තියනවා රූබි එකේ ඒවත් කියන්නම්කො

      Delete
  2. හැබැයි ඉස්සර මරදාන සෙන්ට්‍රල්, එම්පයර්, රියෝ, වගේ හෝල් වලත් වැඩිහිටයන්ට පමණයි චිත්‍රපට පෙන්වන තැන්වල එයවගේ තැරැවි කරුවන් ඉන්නවා මම දැකල තියෙනවා..

    ගිහින බැලුවනම් බඩුම තමා..කොහොමද ගෙදර කට්ටියට පොලිසි එන්න කියලා පනිවුඩ යවනකොට.

    ReplyDelete
    Replies
    1. ඒ කතා අහලා තිබුන නිසා තමයි බය හිතට ආවේ

      Delete
  3. අඩේ ඔලිම්පියා එකට එහා පැත්ත පොට් එක ගැන නේද මේ කියන්නේ...මාත් රිංගල තියනවා ඒ කාලේ ඕකට. එදා ඔයාලත් ගියානම් බංකු කරේ තියන් යන්න තිබුණා.

    ඔයත් සුලෝහිතයෙක් වගේ..

    ReplyDelete
  4. වෙලාව ටිකක් හොදයි වගේ.
    දැන් කාලෙ නම් ඉතින් එහෙම වෙන්නෙ නෑනෙ. අන්තර් ජන්ජාලෙ තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. හොඳට නරකට දෙකටම දැන් ඉතින් ජංජාලෙ තමයි

      Delete
  5. ඒකට ගියා නං මේ කරුමේ නෑ නේ.. එහෙනං පෙට්ටගම මෙතනට උස්සන් එන්නෑ නේ.. අනිවා සොදුර පත්තරේ බද්දට ගනීවි.. හෙහ්.. මරු කතාව.. ජෝන්

    ReplyDelete
    Replies
    1. ඔව් එක සුලු සිදුවීමකට මුලු ජීවිතෙම වෙනස් කරන පුලුවන් හොයාගෙන බලන්න Run Lola Run

      Delete
    2. බැලුවා.. බැලුවා...

      Delete
  6. අපි ඉස්කෝලෙ ගියේ 1975 කාලෙනෙ..
    අපේම කරුමෙට ඒ කාලෙ ඔය මලමගුල් එකක්වත් තිබුනෙ නෑනෙ..!!
    තිබුනෙ පොත් විතරයි. ඒව මැකලම් පාරෙ (ඒ කියන්නෙ ගාමිනී හෝල් එක ළඟින් පාරෙ) පටන් ගන්න තැන ම තියෙන පොත් කඩ පේලියෙ, ඇතුල් පැත්තෙ තමයි දිව්‍යලෝකය තිබුනෙ. :v :v
    රු. 2ක ඩිපොසිට් එකක් තියල පොතක් අරං යතෑකි සත 5යි...දවස් දෙකකට..!! :D :d
    සමහර පොත්වල පින්තූර කොළ නැහැ කඩාගෙන. බොහෝ පොත්වල කාන්තා නිරුවත් පින්තූර උඩ ලොකු වියලි පැල්ලං තියෙනව..ෂිහ්.. මතක් වෙනකොටත් අප්පිරියයි...!!

    ReplyDelete
    Replies
    1. කාලයෙන් කාලයට ඒකත් වෙනස්වෙන හැටි. අද ඔය දෙවිදියටම වෙනස්නේ. ඔබ තුමාගේ පැමිනීමට ස්තුතියි

      Delete
    2. මටත් එකසැරයක් ඔහොම පොතක් බලන්න හම්බවුනා ඔෆිස් එකේ එකෙක් ගෙනල්ල.
      ඒකත් ඔය පැල්ලම් සහිත පොතක්. ෂිහ් ... ගඳේ බෑ ...
      ඒත් අපි පොරකාගෙන බලන්නෙ ... නහය අතින් වහගෙන.
      දැන්නම් මතක්වෙනකොට හිනාත් යනව.

      Delete
    3. අපේ කාලේ නම් පොත් වලට වඩා තිබ්බේ පත්තර . . වී.සී.ආර් එහෙමත් තිබ්බා සමහර යාලුවනෙග ගෙවල් වල නම්

      Delete
  7. නූලෙන් බේරිලා..

    ReplyDelete
    Replies
    1. ඒකනම් දෙවියො අපේ දිහා බැලුවා වගේ වැඩක්

      Delete
  8. හපොයි!
    බංකුවක බර මතකෙන් කියන්න තිබ්බ ගියානම් එහෙම :-)

    ReplyDelete
    Replies
    1. බංකුවක බරකියන්න තිබුනට වඩා, අම්මලා තාත්තලා එනතුරු බංකුවේ වාඩිවෙලා ඉන්න උනානම්නේ වැඩේ

      Delete
  9. මම බලල තියෙන්නේ එකම වතාවයි. ඒ ගමේ යාලුවෙක්ගෙ ගෙදරක. අපිත් එක්ක සෙල්ලම් කරන ක්ලබ් එකේ සෙට් එකම ඒක බැලුව.

    ReplyDelete
    Replies
    1. ඒකාලේ එහෙම බලන එකත් මරුම අත්දැකීමක් නේද ?

      Delete
  10. අහුවුනානම් එහෙම කොහොමද ෂනීපේ

    ReplyDelete
    Replies
    1. කියන්න වදන් නෑ එහෙනම්

      Delete
  11. සැහැ මටත් අහන්න තියෙනෙන් සෑම අහපු එකම තමයි , මොකක්ද අර කැසට් රෙකොදරේ කරේ තියං ගිය කතාව

    ReplyDelete
    Replies
    1. ඒ එතන පවත්වගෙනගිය කෙනානේ පොරත් ගිය අයත් එක්ක කූඩුවේ

      Delete
  12. අපේ ගමේ සෙට් එකක් එක්ක දවසක් බල බල ඉන්නකොට කට්ටිය දැහැනෙන් මිදුනෙ ගෙදර එකාගෙ අම්මා ඇතුලටම ඇවිත් මොනවද යකුනේ තොපි මේ බලන්නේ කියනකොට. මම වාඩිවෙලා හිටියේ ජනෙල් පඩියෙ නිසා ජනේලෙන්ම මාරු. අපේ මලයා මාට්ටු. ගෙදර එකා කුස්සියෙ බයිට් හද හද ඉදලා එතනින්ම මාරුවෙලා හොද පුතාලා වගේ මමයි ඌයි ආපහු ඇවිත් පාරෙන් ඒ ජරා සීඩී එක අහුලං ආපු එකාට හොදටම බැන්නා සෙටප් එක සවුත්තු කරනවා කියලා.

    ReplyDelete
    Replies
    1. චැහ් ඒකනම් වස නෝන්ඩියක්

      Delete
  13. ගිහින් අහුවුනානම්... විනාසයි

    ReplyDelete
  14. තව පොඩිඩෙන් කාටද ආඩමිබර.........
    මළ මගුලයි නේ......... හික්ස්

    ReplyDelete
  15. බුදු නාථෝ ඒ කාලේ මේ වැඩේ හැම තැනම තිබ්බා මට මතකයි. අපිටත් ඔය ආසාව ඔය විදියටම ඇතිවුනා. ඒත් ඒක කොහොම හරි බය නිසාම යටපත් වුනා. දැන් නම් දෙයියනේ කියලා එහෙම ප්‍රශ්න නැහැ තරුණ පරම්පරාවට. ජාලේ තියනවනේ.

    ReplyDelete
    Replies
    1. අද කාලෙ ඔය බය නැති එකනේ හුඟක් ප්‍රශ්න වලට මුල

      Delete
  16. ඇති ඔයින් ගියා. උඹලගේ වෙලාව හොඳයි. මමත් ඔය පජාති වැඩේ නම් ඕන තරම් කරලා තියනවා. හැබැයි ඔය පොත එක තිබ්බේ පොලිසියේ අල්ලපු වත්තේ. ඒ හින්දා බය වෙන්න දෙයක් නැ මොකද පොලිසියේ පූර්ණ අනුග්‍රහයෙන් පවත්වාගෙන ගිය එකක්නේ.
    itnishantha

    ReplyDelete
    Replies
    1. පොලීසිය කියන්නේ සතපහකට විස්වාසකරන්න බැරි තැනක්

      Delete
  17. නූලෙන් නොවැ බේරිලා තියෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. නූලෙන් කියන්නේ .....තාමත් ඇඟ සීතලවෙනවා

      Delete
  18. අෆ්ෆා .... නූලෙන්නේ බේරිල තීන්නෙ, කොහොමද නිකන් හරි ඒකට ගියානම්. මට නම් එහොම එකක් වුනා නම් වහ කන්න වෙන්නෙ. ඒකාලෙ මම හිතන් හිටියෙ ගෙදරට නෝන්ඩි වෙන්නෙ නැතුව වෙන මොනව උනත් කමක් නෑ කියල.

    ReplyDelete
    Replies
    1. අන්න ඒ ගෙදරට තිබුන බය ගරුත්වය තමයි අපිව එදා බේරුවේ

      Delete
  19. දැන් අවුරුදු 10 කට 12 කට කලින් සෙන්ට්‍රල් සිනමා එක ගාව වගේම ආමර් විදියෙත් පොට්‌ 2 ක් තිබුන. මම බැලුවේ ඒවායින්. එක සැරයක් පඩි ගත්ත අලුත්ම සල්ලි කොළවලින්. දවල් ම ගිය පොට් එකට බස් එකේ. බස් එකෙන් බහින කොට මුළු පඩියම නැහැ. විදලා. ඔෆිස් එකට ඇවිත් පිට් පොකට් ගහල කිව්වම කට්ටිය කලෙක්ෂන් පාරක් දාල දුන්න.

    ReplyDelete
    Replies
    1. ඔයවගේ දෙවලුත් වෙනවා

      Delete
  20. ෂිඃ හොඳ අත්දැකීමක් මිස් වෙලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒ අත් දැකීමත් ඇති

      Delete
  21. ඔය හරියේ පොට් දෙකතුනක්ම තිබුන මට මතක විදිහට

    ReplyDelete
  22. දැන් ඔය රෙකෝඩරේ පොලෝසියට අරං ගිහින් රාලහාමිලා එහේදිත් දාල බලන්න ඇති නෙහ්? නඩු දාන්න කලින් හරියටම හොර බඩු අඳුන ගන්නත් එපායැ

    ReplyDelete
  23. Replies
    1. මම හිතන්නේ ඔය වගේ ජොයින්ට් දැන් නැති හන්දා වෙන්න ඇති නොතෙරන්නේ . ඉස්සර තිබුනා රුපියල් විසි පහක් අරගෙන නිල් චිත්‍රපටි පෙන්වන කුඩා (අනවසර)සිනමාශාලා. බංකු තුන හතරක් දාලා ඉස්සරහ ටිකක් ලොකු අඟල් 21ක විතර TV එකක් දාලා VHS කැසට් තමයි පෙන්නන්නෙ. කට්ටිය කට ඇරගෙන වලාගෙන ඉන්නවා. සිනමා ශාලව ඉස්සරහ ලොකු දෙමළ චිත්‍රපටයක පොස්ටරයක් ගහලා තියනවා

      Delete
  24. නූලෙන් බේරිලා තියෙන්නේ. :)

    ReplyDelete
    Replies
    1. හිත පොඩ්ඩක් හරි වෙනස් උනානම් අපිටත් සොරි තමා

      Delete
  25. මාර බේරිල්ලනෙ බං!

    හරක් හොරුන්ටත් ඔහොම දඬුවම් දුන්නලු පොලීසියෙන් නේද? නමුත් වැඩේ කැතයි. ඒක නීතිය ඉක්මවා කටයුතු කිරීමක්.

    ReplyDelete
    Replies
    1. ඇයි අයියා කසිප්පු බූලි කරේ තියන් පොලිසි එක්ක ගියාය කියලත් කියන්නෙ. පොලිසිය ඉතිං කවද්ද පොතේ නීතියට අනුව වැඩ කෙරුවෙ.

      Delete
    2. ඒ කැලෑ නීතිය ක්‍රියාත්මක කිරීමනේ

      Delete
  26. ඒ කාලේ මතකයන් තමයි අන්තිමට ඉතුරු වෙන්නේ.

    අපි ශ්‍රී ලංකා නිවුස්

    ReplyDelete
  27. මචං කතාව පැනලා නේ. තව විස්තර තියෙන්න ඕන වගේ නේ??

    ReplyDelete
    Replies
    1. නෑ නෑ කතාවට අවශ්‍ය ටික මෙතන තියනවා

      Delete
  28. අපේ එවුන් 5 දෙනක් රූබි එකෙන් එලියට ඇදලා දාලා. එකවතාවක් මට්ටු වුන නිසා දැන් බලන්නේ ඩවුන් ලෝඩ් කරගෙන. ඔය සෙට් එකේ මම හිටියේ නැහැලු.

    ReplyDelete
    Replies
    1. රුබී එකේ කතානම් තව තියනවා ඒවා වෙලාවට එලියට දාන්නම්. සාමාන්‍යයෙන් රූබි එකෙන් එලියට දාන්නෙ මොකක් හරි කුප්ප වැඩක් කලොත් තමයි. නැත්නම් සුදු ඇඳුමින් උනත් යන්න පුලුවන් තැනක් තමයි රූබි කියන්නෙ

      Delete
  29. හික්ස්!අනේ අපිනම් ඕවා බලන්නේ නෑ ඔන්න!

    ReplyDelete
    Replies
    1. අපි නොදන්නවයැ නාඩියගෙ තරම

      Delete
  30. අනේ මන්ද මමත් ඉස්සෙල්ලාම කියලා සැවෝයි එකෙන් ජුලියා රොබර්ටස් ගේ Private Lesson තමයි බැලුවේ. ඒත් OL කාලේ.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පෙට්ටගමට පිලිගන්නවා . සුලු වැරදීමක් වෙලා තියන හැඩයි Private Lesson චිත්‍රපටයේ ඉන්නේ ජුලියා රොබට්ස් නෙමෙයි සිල්වියා ක්‍රිස්ටල් එයාගෙම තව ඒවගේම එකක් තමයි Julia ඒක නම් ආවේ ඔලිම්පියා එකට

      Delete
    2. අනේ යකෝ අත ඇරලා නැ නේද එකක්වත්

      Delete
  31. ඔලිම්පියා, සෙන්ට්‍රල් වගේ තැන්වල සෙකන්ඩ් ක්ලාස් පෝලිම නම් හරිම භායනකයි. උඩින් පවා යකඩ වැට. තෙරපීමක් ඇතිවුනොත් එතනම මැරෙනවා!

    මරදානේ...!!!

    අතීතය සිහිවිය!

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ඒ පෝලිමේ වංගු වංගු හැරිලා මූනු හංගගෙන ගිය අතීතය කොච්චර කතන්දර මතකයට එකතු කරනවද

      Delete
  32. හැබැයි..අබිං කෑව ව්ගේ ඕවට වහ වැ‍ටුනු එවුනුත් හිටිය ඕනතරම්..!

    ReplyDelete
    Replies
    1. දැනුත් වැලවරකා කන්න හුඟක් අය මනාපයි

      Delete
  33. අපි නම් ස්කෝලෙන් පැනල ඇවිත් ගෙදරකට සෙට් වෙලා බලනවා... පොලිසියෙන් නෙමෙයි ඉතින් ගෙදර මිනිස්සු අවොත් නම් සොරි තමා...

    ReplyDelete
  34. අඩේ අපිත් ඉස්සර හොරෙන් ඔලිම්පියා එකේ ෆිල්ම් බලන්න යද්දී ඔය බන්කු උඩ වාඩිවෙලා බලන ඒවා බලන්න යමුද කියලා අපේ සමහර උන් අහනවා.

    මම ඒ කාලේ ඉඬහ්න් අම්බානක බය එකා වෙච්චි.

    මගේ කටේ බලේට බන්කු උඩ ඉඳන් බලන ඒවා එකක් වත් මරදානෙන් බලන්න පුලුවන් වෙලා නෑ . .

    (යාලුවන්ගේ ගෙවල් වල නම් අම්මලා එහේ මෙහේ ගිය වෙලාවල් වලදී බලලා තියෙනවා ඉතිං . . ) හික්ස්

    ReplyDelete
  35. දෙයියො බලනවා කියන්න ඕකට තමයි

    ReplyDelete
  36. ආන් ඒකට අපි නම් අහු උනේ නෑ ඔව්වයෙ ගිහින්..කොච්චර බැලුවත්..

    ReplyDelete
  37. දැන්නම් ඔය තැන් නෑම වගේ නෙද? ගෙදරට ගිහින් නිලක් බලන එක මහලොකු දෙයක් නෙමෙයිනෙ මේ දවස්වල.....

    ReplyDelete
  38. අඩේ දශමෙටනෙ බේරිලා තියෙන්නෙ...කොහොමද අහු උනානම් ...ආතොල් එක...

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..