මගෙ ලොකු කෙල්ල පොඩි කාලේ එක්තරා ජාත්‍යන්තර පාසලකට පෙර පාසැල් අධ්‍යාපනය සඳහා යොමු කලා. ඇයට එහිදී විධිමත් අයුරින් මැනවින් අධ්‍යාපනය හදාරන්න හැකිවුනා. ඉංග්‍රීසි අධ්‍යාපනයෙ මුලකුරු ඇය එහිදී ඉතාමත් හොඳින් හැදෑරුවා.
ප්‍රාථමික අධ්‍යාපනයේ මුල්වසරෙදිම මට තෙරුනා ජාත්‍යන්තර මට්ටමින් හිතලා ඉගෙන ගන්නවට වඩා සාමන්‍ය අධ්‍යාපන රටාවට ඉගෙන ගත්තොත් අඩුගානේ පොලවෙ පයගහලා ඉන්නහරි ඉගන ගනී කියලා. පොලවෙ පය ගහලා ඉන්න එකාට ජාත්‍යන්තරේට යන එක අමාරු දෙයක් නෙමෙයිනේ.
අද මම කියන්න යන්නේ ජාත්‍යන්තර පාසැල් ගැනවත් සාමාන්‍ය පාසැල් ගැනවත් නෙමෙයි.
දෙමාපියන්ගේ කතාවලට පොඩිඋන් හොටදාන එක නරක පුරුද්දක් වෙනවා වගෙම, පොඩි උන් ඉස්සරහ පොඩි උන්ගෙ ගුන අගුන කියවන එකත් එච්චරම හොඳ දෙයක් නෙමෙයි.
හුඟක් වෙලාවට ලොකු අයගේ කතාවලට පොඩි උන් හිමිහිට කන්දීගෙන ඉන්නවා. ඒවගේ වෙලාවට ලොකු අයට කතාව නතර කරගන්න එක කරන්න අමාරුයි. ඔන්න එතකොට පොඩි එකාට නොතෙරෙන බාසාවලින් කතාව ගෙනයන්න උත්සහා කරනවා.
ඔන්න අපේ ලොකු කෙල්ලත් පන්තියෙ තවත් ළමයෙක් එක්ක පොඩි පහේ සන්ඩුවක් වෙලා. ඉතින් පාසැල අවසන් උනාම එක්ක යන්න යන්නෙ මම හන්දා පන්ති බාර ගුරුතුමිය මට සම්පූරන විස්තරය කීවා. මමත් ගෙදර ඇවිත් ගෙදර උන්දැට විස්තරය කියන්න යනකොට මට තෙරුනා කෙල්ල රබර් කන දාගෙන ඉන්න විත්තිය ඉතින් මමත් අර කලින් කියපු විදියට ,
"Teacher told me that ... බ්ලා බ්ලා බ්ලා hit her with his books and බ්ලා බ්ලා බ්ලා return with her ruler."
"මේ තාත්තෙ ඔයා ඔහොම කියුවට මම දන්නවා මම සඳුන්ට ගහපු එකතමයි ඔයා අම්මට කියුවෙ කියලා ..." ඇය කීවා
ඉතිං කාපන්කො.
ඊට හපන් වැඩෙ කියන්නෙ දැන් මුන් දෙමලත් දන්නවා.මට බය මුන් අපිට බ්ලා බ්ලා කියයිද කියලා.
----------------------------------------------------------------------------
ප.ලි : ලියන්න හිතෙ තිබුන කතාව වෙන එකක් ඒක මීලඟට ලියන්නම්
හැදෙන ළමයි. දැන් කාලෙ පොඩි උන් නම් හෙන ඇට්ටරයි. අපිට බෑ උන්ට බොරු කරන්න
ReplyDeleteකාලයේ වෙනස
Deleteමගේ හඳවතට වැදුණා.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
මෙයාගේ මේ තදබල උනන්දුව මොකටද කියල මට හිතා ගන්න බෑ,
Deleteහැමෝටම උනන්දුව කියන එක තියෙන්න එපැයි
Deleteපොඩි එවුන් අපි හිතනවට වඩා ඇඩ්වාන්ස්.
ReplyDeleteඅපි අපේ දෙමාපියන්ට වඩා ඉස්සරහින් ඉන්න ඇති ඒ අයත් අපිට ඔහොම කියන්න ඇති
Deleteපොඩි උන් එක්ක නම් බේරෙන්න බෑ... දැන් අපිට වඩා ගොඩාක් ඉදිරියෙන් ඉන්න අයයි ඉන්නෙ...
ReplyDeleteඒකනම් ඇත්ත
Deleteහික්..හික්...හික්... ඇද්ද තාත්තට...!!
ReplyDeleteඔය හිනා උනේ මටද ?.... අපි බලමුකො ඉස්සරහට
Deleteදැන් කාලේ ඉන්න පොඩිවුන් අන්දන්න හරි අමාරුයි අපි අන්දන්න හිතන කොට එයාල අපේ කනෙනුත් රිංගලා
ReplyDeleteකෝරලේ වලව්ව
ඒකනම් එහෙමයි කෝරලේ මහත්තයො
Deleteසමහර ගෙවල් වල ළමයි කතා කරන්නෙ දෙමළෙන්. වැඩිහිටි අයට තේරෙන්නේ නෑ. කටවල් ඇරගෙන බලාගෙන ඉන්නවා. සමහර පොඩි උන් හින්දිත් දන්නවා. කොච්චර දෙයක්ද....?
ReplyDeleteඉස්සරහට මොන මොනවා වේවිද ?
Deleteඅදකාලේ හැදෙන පොඩ්ඩෝ ලොකු තාත්තලටත් උගන්වයි..
ReplyDeleteහ්ම්
Deleteපේනවා නේද..දැන් ඉන්න දූලා තාත්තා හැරෙන්න කලින් කනෙන් රිංගන සයිස්. මම හිතන්නෙ ඒ මේ කාලේ හැටි. අපි හිතනවට වඩා ළමයි ඉදිරියෙන් ඉන්නවා..ඒක හොඳ පැත්තට තිබුනොත් හොඳයි. නැත්තම් ඉතින් බ්ලා බ්ලා තමා...
ReplyDeleteඅපි ඇලට් එකෙ ඉන්නවා වෙන මොනවා කරන්නද
Deleteහැහ්...
ReplyDeleteමාත් මේ දවස් වල බලං ඉන්නේ අපේ නංගි තාත්තගේ කනෙං රිංගන හැටි තමා...
අපේ තාත්තා පවු කීලා හිතෙනවා...
තව කොල්ලෙක් හදා ගත්තනං ඔය සෙල්ලං නෑනේ..
අපිට වගේ සද්දේ දාලා රෙස්පට් පිට ඉන්න තිබ්බා...
"තව කොල්ලෙක් හදා ගත්තනං ඔය සෙල්ලං නෑනේ..
Deleteඅපිට වගේ සද්දේ දාලා රෙස්පට් පිට ඉන්න තිබ්බා..."
-දවසේ කතාව-
කොල්ලො ගැන නම් මොන කතාද අපේ ගෙදරත් කොල්ලො තුනක් හිටියනේ
Deleteමුන් හැදිලා ඉවරයි දැන්!
ReplyDeleteනෑ නෑ තාම හැදෙනවා
Deleteඕක නිසා අපිත් දැනගත්තා.දෙමව්පියො කිව්ව එක හරි.
ReplyDeleteකොහොමත් දෙමව්පියො හරි තමා
Deleteමුලදීම ගත්තු තිරනයනම් ගොඩාක් හොඳයි. ගොඩාක් ජාත්‍යන්තර පාසල් වල ඉන්නේ වෙනත් රටකින් ඇවිල්ල විසා පිට ජිවත් වෙන පිරිසක් වගේ හිතන ළමයි.
ReplyDeleteඇත්ත හිතන්නේ ඉංග්‍රීසියෙන් කරන්න සිංහලෙන්
Deleteදැන් පොඩි උන් දියුණුයි :)
ReplyDeleteසෑහෙන්න
Deleteදැන් ඉන්න පොඩි උන්ව තම්බන්න ගියොත් අපිටමයි කෙල වෙන්නේ.
ReplyDeleteතම්ම්බන්නනම් අමාරුයි ඒක මම අත්දැකීමෙන් දන්නවා
Deleteඉස්සර අපිත් දන්නවා අම්මලා තාත්තලා හැරෙනකොට අපි ගැනද කියන්නෙ නැද්ද කියලා.
ReplyDeleteඅපේ කාලෙට වඩා දැන් උන් හැරෙන්න කලින් දන්නවා
Deleteඅයියෝ ජෝන් මහත්තයා :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
එහෙම කියමු
Deleteඅපෙ ගෙවල් ලඟත් ඉන්නවා ඔහොම ඇට්ටර පොඩි එකෙක්, අපි අහන්නෙ, "පුතේ.. අද මොන්ටිසෝරි ගියාද.. ට්ට්චට හොඳට ඉගැන්නුවද.." කියලා. හි හි...
ReplyDeleteහික් හික් ඒකනම් මරු
Deleteපුදුම වෙන්න දෙයක් නෑනේ.. අප්පොච්චගෙම දූනේ...
ReplyDeleteහ්ම්
Deleteපොඩි එවුන් එහෙම තමයි අපි හිතනකොට උන් ඒක කරලා අහනවා මෙහෙම නේද හරි කියලා.. දැන් අපි හිටපු යුග වලට වඩා ලෝකය පුළුල්
ReplyDeleteඇත්ත දයා
Deleteඔව් බං අපිට බ්ලා..බ්ලා කියයිද කියල මටත් බය.!
ReplyDeleteඋන් එක්ක අපිත් යන්න ඕන
Deleteමට බය මුන් අපිට බ්ලා බ්ලා කියයිද කියලා//
ReplyDeleteඅනිව! ලෑස්ති වෙලා හිටපං අනාගතේට.
අනාගතෙ සුබයිනේ ....හික්
Delete:D හැබැයි ලංකාවේ පාවිච්චි වෙන භාෂා ටික කතා කරගන්න පුලුවන් කියන්නේ සෑහෙකගේ කල යුතු දෙයක්!
ReplyDeleteමගේත් ඉලක්කය ඒක
Delete