කලින් ලිපියේ මම ඇහුවේ දුම්රිය
"ඒ දුරකතන ඇමතුම දුන්නෙ කවුද?
ඒකෙන් කියවුනෙ කුමක්ද ?"
හරි පිලිතුර උනේ
"දුම්රිය රියදුරගේ අම්මා"
"අම්මට නහය දැවිල්ලට කිවිසුම් යනවා කියලා."
හරි පිලිතුරු දෙකක් ලැබිලා තිබුනා.
කොහොමින් කොහොම හරි ප්‍රායෝගික ජීවිතයෙදි අපිට අම්මව මතක්වෙන අවස්තාවක් මතක් කරන්න ඕන නිසා පහුගිය පෝස්ටුව ලියුවා.
පින්තූරය www.faithhill.com පිටුවෙන් |
අපිට හැම කරදරයකදිම ගැටලුවකදිම අමාරුවකදිම සිහියට නැගෙන්නෙ අම්මව. අම්ම ළඟ උන්නත් නැතත් සිහියට නැගෙන්නෙ අම්මව. ඒ හැම දුකකදිම,කරදරයකදීම ඒ දුක හදවතින්ම බෙදාගත්තෙ අම්මා නිසා. ඒක අපේ ඇඟෙන්ම එන්න ඒකයි.
ඒත් ලොකු තානාන්තරයක් ලැබුනම. ලොකු ලොකු යාන වාහන ලැබුනම. පදිංචියට ලොකු මන්දිරයක් හෙම ලැබුනම, හැම කරදරයකදිම අපි ළඟින් උන්න අම්මව මතක් වෙනවද කියලා නම් සැකයි. (හැමෝටම නෙමෙයි.)
ඒත් මේ ලිපියේ මම කියන්නේ මේ ලොකෙ බහුතරයක් දෙනාට. මවුවරුන්ගෙ දිනය කියලා එකක් හදාගෙන තියෙන්නෙ තමන්ගේ අම්මාව අමතක වුන දරුවන් වෙනුවෙන්. තමන්ගේ අම්මා සිහිකරන්න දිනයක් උවමනායි කියලා මම හිතන්නෙ නෑ. අම්මා අමතක කරලා මවුවරුන්ගෙ දිනයෙදි විතරක් අම්මා මතක්කරන උන්ටනම් කියන්න තියෙන්නෙ ..... මුන්ගෙ අම්මලට .... කියලා තමයි .
පසු සටහන : අද මැයි මාසේ 13 වනදා මීට අවුරුද්දකට කලින් අපෙන් සමුගත් ඒ සොඳුරු හිතවතාව නැත්නම් අපේ ආදර ඔබා මාමව ආයෙම සිහිකරමු නේද ?
අම්මා ජීවත් වුනානං හොදයි කියලා සමහර අයට හිතෙන්නෙ දරුවො හෙම ලලැබිලා බලාකියා ගන්න කාරුවත් හොයාගන්න නැති වුනාම..
ReplyDeleteඅපි නම් අපේ අම්මා විතරක් නෙමෙයි..... පාර්මේන්තුවේ ඉන්න අයගෙයි රට කරවන අයගෙයි අම්මලත් මතක් කරනවා හැමදාම
ReplyDeleteඅම්මාවරුන්ගේ දිනය, මිහිකත දිනය, ඒඩ්ස් දිනය, ළමා දිනය, මැයි දිනය, නත්තල්, වෙසක් ඔය ඔක්කොම මාර්කටිං වැඩ විතරයි.අපේ ජීවිතවල හැමදාම තියෙන දේවල් සමරන්ඩ වෙන වෙනම දවස් දාගන්නේ අපිට පිස්සුනේ බොල
ReplyDeleteඅඩේ මමත් ඔය උත්තරේ නේද දුන්නේ.
ReplyDeleteඔය එක එක දින කියන ඒව බිස්නස්කාරයො හදාගත්ත ඒවද කොහෙද.
ReplyDeleteඔබා අයියවනං ඉතිං සදා මතකයේ රැඳෙනවනෙ.
බ්ලොග් ගොං පාර්ට් - සෑම් ගේ සංගීතේ, සුධීකගේ ඩොස් ගේම්, තහනම් වචනගේ ප්‍රොග්‍රෑමිං
ReplyDeleteඅම්මේ තේ ටිකක් බොමුද.................
ReplyDeleteඅපේ උත්තරටත් සත්‍යයෙන් එච්චරම ඈත නෑ බලං යනකොට. :)
ReplyDeleteඔබා මාමා නැතිවෙලා අවුරුද්දකුත් වුනා නේද?.දැනුනෙවත් නැහැ
ReplyDelete//තමන්ගේ අම්මා සිහිකරන්න දිනයක් උවමනායි කියලා මම හිතන්නෙ නෑ.//
ReplyDeleteමේ කථාවට මම පට්ටම ලයික්...
ආදරණීය ඔබා නිවී සැනහේවා...
ReplyDeleteහොද සටහනක් ජෝන්.... ඔබා ට නිවන් සැප ලැබේවා..
ReplyDeleteඔය බටහිර අය දෙමව්පියන්ගෙන් වෙන් වෙලා, ඔවුන් අමතක කර දාලා ඉන්නකොට මතක් වෙන්න තමයි ඔහොම දවස් තියෙන්නේ. අපි අපේ ලඟම අම්මා/තාත්තා තියා ගන්න නිසා අපිට හැමදාමත් අම්මා තාත්තා දකින්න පුළුවන්. ඒ නිසා අපට එක දිනක් වැදගත් වෙන්නේ නෑ. දොඩම්පහල රාහුල හාමුදුරුවෝ තමයි මේ කථාව මුලින්ම කිව්වේ.
ReplyDeleteඇත්තටම ජෝන් අයියේ අම්මලාව සිහි කරන්න දින මොකටද?? ගොඩක් අය අනිත් දවස් වල තමන්ගෙ අම්මලව අමතක කරලා සැප පුටු වල වැජඹිලා එක දවසක් අම්මලගෙ දිනේ කියලා දාගෙන මවාගත්තු ආදරයක් පෙන්නනවා(හැමෝම නෙමෙයි) අර වගේ උන් නම් මහ පිස්සු *#&#&@$ තමා..
ReplyDeleteමේ සිද්දවෙන සමහර දේවල්වලට අම්මලා මතක්කරල විතරක් හිටියොත් ඇති.
ReplyDeleteඒත් තමන්ගෙ අම්මා මතක් වෙන්නෙ ඕනැම මොහොතක ඇය ලඟ නැති බව දැනුනුන විටදියි
අම්මලාගේ දිනය සමරන එවුන් හරියට,
ReplyDeleteඅමද්‍යප සංගමේ සංවත්සරේ පාටියට අරක්කු ඕඩර් කරපු එවුන් වගේ තමා.