Wednesday, September 28, 2011
මට වැරදුන තැන
වම්බොට්ටගෙ පොඩි පුතා
මගේ පළමු පෙම්වතා.
ඌ නම් මට හරි සෙනේ.
මානම් උට නැත සෙනේ....
මා පංතියෙ මුල් පෙලේ
ඌනම් අන්තිම පෙලේ....
දවසක් හරි වැඩෙ උනේ
පාසලෙ ලැබ් එක කොණේ.
මගෙ දත කට පිය උනේ
ඩෝං… ගාල වැටුනනේ..
කොල්ලන් ටික බය උනේ.
මාව දාල දිව්වනේ.
වම්බොට්ටගෙ පොඩි පුතා
මගෙ අම්මො හරි සතා
කොහෙන්ද ගිරයක් ඔතා
හිටියනෙ ලගටම වෙලා....
හැඩ වැඩ ඇති කොල්ලනේ.
බැරි උන විට කොයි සෙනේ?
දන්නවාද කෙල්ලනේ
මේකයි මා පැතු සෙනේ....
අපි දැන් පෙම් ගගුලේ වෙලී
මම ඔහුගේ සමනළී.......
…ඩෙඟ ඩෙඟ පරි.......
Subscribe to:
Post Comments (Atom)
මොකටෑ අක්කා ගිරයක් ගෙනල්ල තියෙන්නේ ???
ReplyDelete@මධුරංග
ReplyDeleteමීමැස්මොරකාරියක් .. ඒක හැදුනම යකඩයක් අතට දෙනව.
අඩේ වම්බොට්ටගෙ පුතා තමයි දවසකටවත් පුතා .........:D
ReplyDeleteඋඹට හොඳයි නම් නගා
ReplyDeleteවම්බොට්ටගෙ පොඩි පුතා
හෙට අනිද්ද බන්දන් නම්
ගම් හත අටකට කියා... :)
වම්බොට්ටා හොද එකා
ReplyDeleteඋගේ පුතා හරි ගොනා
රූපෙ නිසා මේ යකා
ලෙඩ වාහෙට රැවටුනා
ඔන්න ඉතින් කෙල්ලන්ගේ හැටි. හැමදේම වාසියට තමයි. :D
ReplyDeleteමේකනම් මරු....:D
ReplyDeleteවම්බොට්ටගෙ පොඩි පුතා
ReplyDeleteසතා උනත් හිතවතා
දත කට තෙරපුන වෙලේ
දැක්කනෙ පානා සෙනේ
දනි පනි ගා දඟලලා
කෙල්ල ලඟට ලංවෙලා
ලෙඩ වාහෙයි නොසිතලා
පෙන්නුවා වීරයා වෙලා
හික්ස්. මරු කවිය.
ReplyDeleteසූරියකන්ද පැත්තේ එකා නෙවෙයි නේද?
ReplyDeleteවම්බොට්ටගේ පොඩි පුතා,
ReplyDeleteලොකු ලොකු වැඩ දන්නා හාදයා
වැඩ පෙන්නල මන්දකටත් අහුවෙලා
ගිම්හාණිගේ හිත අරගෙන ඒ හොරා
සුජීව,
මට පේන්නෙ ඌ තමයි. දැන් හරි හොඳ වැඩේ ඌට.
රඹුට කැකිරි
ReplyDeleteමීමැස්මොර
ලෙඩකි සුපිරි
ජල ජලකේ
ReplyDeleteජලකේ
ජල ජලකේ
හි හී :D
ReplyDelete@The Lion
ReplyDeleteඔව් අනේ එයා දක්ෂයා.
@සාතන්
එන්න ඕන වෙඩිමට හොඳේ.
@Loku Jhon
මාවැනි ලඳක් ලැබුනේ පෙර පිණකට නේද?
ලෙඩනම් ඉතින් කාටත් හැදෙනවා නේද?
.
@කසුන්
ReplyDeleteකෙල්ලො සොයන්නෙ මේ වගේ කොල්ලො තමයි තමන්ට ඇත්තටම ආදරය කරන.
@ප්‍රියන්ත ,
ගොඩාක් ස්තුතියි..
@දිල්
ReplyDeleteඅප්පගෙ පුතා කියනා එක බොරුය.
මේවගෙ කථා ඕවට හොඳ නිදසුන්ය...
@පිණිබිඳු
ගොඩාක් ස්තුතියි..
@සුජීව
කොල්ලගෙ පියානම් ඒවගේ කෙනෙක් තමා. නමුත් පුතා වෙනස්.
වම්බොට්ටගේ පුතා මෙහෙම නම්,
ReplyDeleteවම්බොට්ටා කොහොම ඇත්ද?
මරු පොස්ට් එක නියමයි..!
@මහවෙදනා
ReplyDeleteබ්ලොග් ලෝකයේ හිස්තැන නිති පුරවමිනා..
කවදත් ඔබ අපේ සුන්දර මහ වෙදනා
වම්බොට්ටගේ පුතාගේ යහ ගුණ මට පෙනුනා..
සෙනෙහස ඉතින් මා ඔහු හට දුන්නා..
@මාතලන් අය්යා
කීවොත් ඔහොම කීමක්මයි සුපිරි
ගෑවේ කව්ද කට ඇතුලේ රන්කිරි?
@ගයාන්
හික්ස්
@සයුරී
හැඩ කොල්ලන්ගෙන් වැඩක් නෑ හොඳේ තමන්ට ආදරේ නැත්නම්.
"වම්බොට්ටගෙ පොඩි පුතා
ReplyDeleteමගෙ අම්මො හරි සතා
කොහෙන්ද ගිරයක් ඔතා
හිටියනෙ ලගටම වෙලා"
හැඩ වැඩ ඇතිමුත් පදමට
ගිම්හානිත් කොට උඩ
පතනෙමු සුභ පැතුමක් සිහිකොට
වම්බොටු පුතුගේ අවසානය සිහි කොට
@දේවා,
ReplyDeleteඔහුනම් පිංකාරයෙකි මේ ලෝකෙහි සිටිනා..
ඔහු හැර අනිකො පව් කාරයො කෙල හලනා...
Niyamai, hemadaama dakina kawi atharata wenasak.. maru.
ReplyDeleteබලාගෙන ගියාම අක්කට තමා ඔක්කොටම වඩා කොල්ලො ඉදල තියන්නෙ..
ReplyDeleteඑළ කවිය
@ඇනෝ,
ReplyDeleteකවිය රසවින්ඳනම් මට එය සතුටක්.
@Gordonia ceylanica ,
මේවා ඔක්කොම නිර්මාණ විතරයි. ඒත් මම යම් පණිවිඩයක් දුන්න මේ කවිය හරහා.
අපි කවි මඩුවක් තියනව පහසු වෙලාවක . ඔයත් සහභාගී වෙන්න කැමතිනම්.
ස්තුතියි..
ඒ ආදරේ කෙල්ලන්ට තේරෙන්නේ නැති එකනේ අක්කේ අවුල. ඔහොම දෙයක් වුනොත් තමයි ඉතින් ඒක තේරුම් ගන්නේ.:)
ReplyDeleteඔව් කසුන් මාත් මේ උත්සාහ ගත්තෙ ඕක තේරුම් කරන්න. මේ මම කියන යුවතිය මහ ආඩම්බර කාරියක් පංතියේදී මේ කොල්ලව ගනන් ගත්තෙවත් නෑ .එයා හීට්යෙ පෝසත් පවුල්වල ඉන්න අර ලස්සන කොල්ලො සෙට් එකත් එක්ක...
ReplyDeleteමට කියන්න ඕන උනා තත්තලා නරක උනාට පුතාලත් එහෙම නොවන බව. ස්තුතියි.
වම්බොට්ටගෙ පොඩි පුතා
ReplyDelete64 - ට අහු උනා..
මීමැස්මොරයක්කියා..
කොල්ලන්ටික දිවගියා..
වම්බොට්ටගෙ පොඩි පුතා
ගිරයක් උස්සන්ගියා...
සතා උනත් ඒ පුතා...
දවසක් හරි බේරුනා...
@ඇනෝ
ReplyDeleteඑහෙමද හිතන්නේ..
ස්තුතියි කවියෙන්ම පිලිතුරු වලට..
නියමයි... කොහොම උනත් මීමැස්මොරේ තිබුනෙ නැත්නම් ඒක හරි යන්නෙත් නෑ.. :D
ReplyDelete@හංසි
ReplyDeleteඔව් නේද එහෙනම් චාන්ස් එකක් එන්නෙ නෑනෙ
niyamai...ahhh
ReplyDelete