he

Sunday, May 12, 2013

මුන්ගේ අම්මලට

පහුගිය ලිපිය ලියලා ටික දවසක් ගතවුනා. හිතාමතාම මේ ලිපිය ලියන්න පමාකලේ කලින් ලිපියෙ අහපු ප්‍රශ්නෙට මම බලාපොරොත්තු උන උත්තරය අද මේ ලියන්න යන ලිපියට අදාල නිසා. 

 කලින් ලිපියේ මම ඇහුවේ දුම්රිය
"ඒ දුරකතන ඇමතුම දුන්නෙ කවුද? 

ඒකෙන් කියවුනෙ කුමක්ද ?"




හරි පිලිතුර උනේ
 "දුම්රිය රියදුරගේ අම්මා"
 "අම්මට නහය දැවිල්ලට කිවිසුම් යනවා කියලා." 
හරි පිලිතුරු දෙකක් ලැබිලා තිබුනා.

 කොහොමින් කොහොම හරි ප්‍රායෝගික ජීවිතයෙදි අපිට අම්මව මතක්වෙන අවස්තාවක් මතක් කරන්න ඕන නිසා පහුගිය පෝස්ටුව ලියුවා. 
පින්තූරය www.faithhill.com පිටුවෙන්
ඒවගේම තව පරන පෝස්ටුවකුත් තියනවා "උදේ පාන්දර චන්ද්‍රිකා මැතිණිය සිහිවීම." කියලා. ඒකත් තියෙන්න ඒ සම්බන්දවම ලියපු හෑල්ලක්. නොබැලුවනම් ගිහින් බලලා එන්න. 

…අපිට හැම කරදරයකදිම ගැටලුවකදිම අමාරුවකදිම සිහියට නැගෙන්නෙ අම්මව. අම්ම ළඟ උන්නත් නැතත් සිහියට නැගෙන්නෙ අම්මව. ඒ හැම දුකකදිම,කරදරයකදීම ඒ දුක හදවතින්ම බෙදාගත්තෙ අම්මා නිසා. ඒක අපේ ඇඟෙන්ම එන්න ඒකයි. 


ඒත් ලොකු තානාන්තරයක් ලැබුනම. ලොකු ලොකු යාන වාහන ලැබුනම. පදිංචියට ලොකු මන්දිරයක් හෙම ලැබුනම, හැම කරදරයකදිම අපි ළඟින් උන්න අම්මව මතක් වෙනවද කියලා නම් සැකයි. (හැමෝටම නෙමෙයි.)
 ඒත් මේ ලිපියේ මම කියන්නේ මේ ලොකෙ බහුතරයක් දෙනාට. මවුවරුන්ගෙ දිනය කියලා එකක් හදාගෙන තියෙන්නෙ තමන්ගේ අම්මාව අමතක වුන දරුවන් වෙනුවෙන්. තමන්ගේ අම්මා සිහිකරන්න දිනයක් උවමනායි කියලා මම හිතන්නෙ නෑ. අම්මා අමතක කරලා මවුවරුන්ගෙ දිනයෙදි විතරක් අම්මා මතක්කරන උන්ටනම් කියන්න තියෙන්නෙ ..... මුන්ගෙ අම්මලට .... කියලා තමයි .…





පසු සටහන : අද මැයි මාසේ 13 වනදා මීට අවුරුද්දකට කලින් අපෙන් සමුගත් ඒ සොඳුරු හිතවතාව නැත්නම් අපේ ආදර ඔබා මාමව ආයෙම සිහිකරමු නේද ?

16 comments:

  1. අම්මා ජීවත් වුනානං හොදයි කියලා සමහර අයට හිතෙන්නෙ දරුවො හෙම ලලැබිලා බලාකියා ගන්න කාරුවත් හොයාගන්න නැති වුනාම..

    ReplyDelete
  2. අපි නම් අපේ අම්මා විතරක් නෙමෙයි..... පාර්මේන්තුවේ ඉන්න අයගෙයි රට කරවන අයගෙයි අම්මලත් මතක් කරනවා හැමදාම

    ReplyDelete
  3. අම්මාවරුන්ගේ දිනය, මිහිකත දිනය, ඒඩ්ස් දිනය, ළමා දිනය, මැයි දිනය, නත්තල්, වෙසක් ඔය ඔක්කොම මාර්කටිං වැඩ විතරයි.අපේ ජීවිතවල හැමදාම තියෙන දේවල් සමරන්ඩ වෙන වෙනම දවස් දාගන්නේ අපිට පිස්සුනේ බොල

    ReplyDelete
  4. අඩේ මමත් ඔය උත්තරේ නේද දුන්නේ.

    ReplyDelete
  5. ඔය එක එක දින කියන ඒව බිස්නස්කාරයො හදාගත්ත ඒවද කොහෙද.

    ඔබා අයියවනං ඉතිං සදා මතකයේ රැඳෙනවනෙ.

    ReplyDelete
  6. අම්මේ තේ ටිකක් බොමුද.................

    ReplyDelete
  7. අපේ උත්තරටත් සත්‍යයෙන් එච්චරම ඈත නෑ බලං යනකොට. :)

    ReplyDelete
  8. ඔබා මාමා නැතිවෙලා අවුරුද්දකුත් වුනා නේද?.දැනුනෙවත් නැහැ

    ReplyDelete
  9. //තමන්ගේ අම්මා සිහිකරන්න දිනයක් උවමනායි කියලා මම හිතන්නෙ නෑ.//

    මේ කථාවට මම පට්ටම ලයික්...

    ReplyDelete
  10. ආදරණීය ඔබා නිවී සැනහේවා...

    ReplyDelete
  11. හොද සටහනක් ජෝන්.... ඔබා ට නිවන් සැප ලැබේවා..

    ReplyDelete
  12. ඔය බටහිර අය දෙමව්පියන්ගෙන් වෙන් වෙලා, ඔවුන් අමතක කර දාලා ඉන්නකොට මතක් වෙන්න තමයි ඔහොම දවස් තියෙන්නේ. අපි අපේ ලඟම අම්මා/තාත්තා තියා ගන්න නිසා අපිට හැමදාමත් අම්මා තාත්තා දකින්න පුළුවන්. ඒ නිසා අපට එක දිනක් වැදගත් වෙන්නේ නෑ. දොඩම්පහල රාහුල හාමුදුරුවෝ තමයි මේ කථාව මුලින්ම කිව්වේ.

    ReplyDelete
  13. ඇත්තටම ජෝන් අයියේ අම්මලාව සිහි කරන්න දින මොකටද?? ගොඩක් අය අනිත් දවස් වල තමන්ගෙ අම්මලව අමතක කරලා සැප පුටු වල වැජඹිලා එක දවසක් අම්මලගෙ දිනේ කියලා දාගෙන මවාගත්තු ආදරයක් පෙන්නනවා(හැමෝම නෙමෙයි) අර වගේ උන් නම් මහ පිස්සු *#&#&@$ තමා..

    ReplyDelete
  14. මේ සිද්දවෙන සමහර දේවල්වලට අම්මලා මතක්කරල විතරක් හිටියොත් ඇති.

    ඒත් තමන්ගෙ අම්මා මතක් වෙන්නෙ ඕනැම මොහොතක ඇය ලඟ නැති බව දැනුනුන විටදියි

    ReplyDelete
  15. අම්මලාගේ දිනය සමරන එවුන් හරියට,

    අමද්‍යප සංගමේ සංවත්සරේ පාටියට අරක්කු ඕඩර් කරපු එවුන් වගේ තමා.

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..