ගෙදරට හොරෙන් ලව් කරන කාලේ ගෑනු ළමයව වේලපහින් ගෙදර යවන්න ඕන. නැත්නම් වීසා කැන්සල් වෙනවා. ඒ නිසා වැඩ ඇරුනට පස්සේ අතන මෙතන තැග් ගැහෙන්නෙ නැතිව වේලාසන ගෙදරට යවන්න මම උත්සාහා කරනවා. එයත් එහෙමයි. ඔන්න එක දවසක් හවස රැකියාව නිමකරලා එන අතරෙදි අර කලින් කියපු යාවත්කාලීන වාර්තාවක් ඉදිරිපත් කලා.
නිරෝමි එකට අලුත් කියුලට් නැත්නම් "කිලොට්ස් ෂෝට්ස්" වගයක් ඇවිත්.( මම මේ වචන අල්ලගත්තෙ මාතලන්ගෙ කොට කලසන් පෝස්ටුවෙන්. නැත්නම් මම පාවිච්චි කරනෙත් අර කලින් කියපු කියුලට් වචනෙම තමයි.) ගෑනු ළමයන්ගේ ඔලුවට මොකක්හරි වැටුනම ඒ ගැන හොයලා බලන්නම එපැයි.
ඉතින් කොච්චර පරක්කු උනත් එදා හවස නිරෝමි යන්නම වෙන විත්තිය මට දැනුනා.අනේ ඉතින් තියන කාලවේලාව ගතවෙන්න කලින් නිරෝමි එකට ගොඩ උනේ ඉක්මනින්ම ගෑනු ළමයගේ හිත හැදෙන කියුලටෙකක් නැත්නම් "කිලොට්ස් ෂෝට්ස්" එකක් ගන්න.
ගෑනු ළමයි ඇඳුම් තෝරද්දි හරි ඉක්මනට තෝරන හන්දා ඈනුම් කඩකඩ මමත් ෆ්ලැට් එකේ තරප්පුව නගින බහින අය දිහා මගේ ඇස් යොමු කරා. තරප්පුව අසලින් නිතරම එහාමෙහා ගිය හමුදා සෙබලා සැක කටයුතු ද්‍රවිඩ ජාතික තරුණයෙකුගෙන් ප්‍රශ්න කරනවා. මම හිමිහිට ඔවුන්ගේ කතාවට ඇහුම්කන් දෙන්න ඒ දෙසට යන්න හදනවත් සමගම ඈ මට කතාකලේ ඇය තෝරාගත් ඇඳුමේ හැඩ බලන්න සූදානමින්.
කාලය වේගයෙන් ගතවෙලා වගක් හැගුනේ ඇඳුමට මුදල් ගෙවන්න පසුම්බිය අදිනවෙලේ දුම්රිය ප්‍රවේශපත්‍රය දුටු මොහොතෙයි.
අලුත්ගම කෝච්චිය මගහැරුනොත් පානදුරයට යන ඊලඟ කෝච්චියේ ප්‍රමාදය විනඩි විස්සකට තිහකට වඩා වැඩියි. පානදුරයෙන් තවත් බසයක ගෙදර යන ඇයට වන ප්‍රමාදය තවත් වැඩිවෙනවා.
ඉක්මනින් මුදල් දුන් අප 103 කොටුව බසයකට එල්ලුනේ හැකි ඉක්මනින් මරදාන දුම්රිය පලට යන අදහසින්. කොට කොට යන බස් එක නැවැත්තුවේ ආනන්දෙ ලඟ.
ඔතනින් බැස්ස අපි ඇවිදගෙන ගිය දවසක් නම් මගෙ මතකයෙ නෑ. හති හල හල දුවනවා මිසක හිමින් ගමනක් ඔය වෙලාවට යන්න බෑ
කඩිමුඩියෙ පාර පැනලා හති හලමින් ආවත් මරදානේ තරප්පුව බසින්න හදනවත් සමගම අලුත්ගම දුම්රිය ඇද්දුවේ අප දෙන්නටම දුම්රියට ගොඩවන්නට ඉඩ නොදී.
හැමදාම යන මිතුරු මිතුරියන් අපට අතවනමින් කීවේ එල්ලෙනට එපා කියලා. ඇගේ කලිසමට බැන බැන මමත් අසල නවතා තිබූ ගාල්ල දුම්රියට ගොඩ උනේ තරහින් පුපුර පුපුර.
නවතා තිබෙන දුම්රියෙ කසු කුසු ඇහෙන්නට විය අනේ අපොයි කියනා හඬද කැගසන හඬද අතරින් කුමක් සිදුවී ඇත්දැයි සොයා බැලීමට මමද නැගිට්ටෙමි.
"අලුත්ගම කෝච්චියට බෝම්බ තියලා "
"කාලකන්නි හැත්ත"
චිත්‍රය http://sundaytimes.lk/ අඩවියෙන් |
ඇඳුම පුරා ලේ පෙරාගත් කීපදෙනෙකු දුම්රිය පාරදිගේ අප දුම් රිය දෙසට එනු දුටු අපට සිදුවී ඇත්තෙ කුමක් දැයි වටහා ගත හැකිවුනි.
දෙහිවල සිට වැල්ලවත්තද පසුකරමින් අප දුම්රිය දෙසට දිව ආ ඔවුන් ආවේ සිහියෙන්දැයි අසිහියෙන්දැයි මට අදද පැනනැගෙන ගැටලුවකිකි,
ජංගම දුරකතන අදමෙන් නොමැති යුගයක බම්බලපිටිය තට්ටු නිවාසයේ තිබූ පේ ෆෝන් කුටියට තිබූ පෝලිම මට තාම මතකය. ඒ පෝලිමට අප දෙදෙනාද එකතුවුනේ නිවෙස්වලට අප යහතින් ඉන්න බව පැවසීමටය.
දුරකතන මාර්ග අපහසුතා නිසා නිසියාකාරව ගෙවල්වලට පනිවිඩයක් දීගත නොහැකි වූ අප ගෙදර බලා ගිය හැටි, මට අදවත් හරියකට මතක නැත්තෙ බෝම්බය පුපුරා ගොස් තිබුනෙ අප දෙදෙනා නිති පතාම යන දුම්රිය මැදිරියේදී බව දැනගත් පසුය.
1996 ජූලි මස 24වනදා හරියටම මීට වසර 18කට පෙර අපට අතපසුවූ දුම්රියේ අපට අතවනමින් නගින්නට එපා කියූ අයව මට අදත් එදා මෙන්ම සිහිවෙයි. ඒ අතර ඔබත් අදුනන සුදීප පූර්ණජිත් නම් දක්ෂ චිත්‍ර ශිල්පියාද විය.
මට හොඳට මතකයි දෙහිවල බෝම්බේ. හැබයි ඒ කාළේ සෙලියුලර් ෆෝන් තිබුනා වගේ තමයි මතකය. එදා බේරුනේ කෙල්ල නිසා නේ. අද බැඳලා ඉන්නේ එයාවමද? මරදානේ කෝච්චි වලට දුවන සීන් එක නම් මම ගොඩක් වෙලාවට දකිනවා. ඔය ට්‍රැෆික් නැති කරන්න තමයි මාතලන් යෝජනා ගෙනාවේ. යාන්තම් මරදානෙයි ටෙක්නිකල් එක හන්දියෙයි ඉම්ප්ලිමන්ට් කොරලා තියෙනවා. ඒත් එක අත්කින් ට්‍රැෆික් එක නිසානේ උඹලා බේරුනේ..
ReplyDeleteලින්ක් එකට් ස්තූතියි...
සෙලියුලර් තිබුනා අපේ ගෙදරත් තිබුනෙ එහෙම එකක් තමා. ඒත් දුරකථනය අද වගේ හැම කෙනෙකු ලඟම තිබුනෙ නෑ කියන්නයි මට උවමනා කලේ.
Deleteඅපොයි ඔව් මම බැන්දෙ එයාවම තමයි.
ඒකනේ කියන්නේ මේ රජය මාතලන්ගේ බොගත් බලනවා
ට්‍රැෆික් එක නිසාම නෙවෙයි අර කිලොට් ෂෝට් එක නිසා .
අැත්තටම අපි ඒ කාලේ මොනතරම් ගින්දරක් ඉහිලුවද.එතකොට යාපනේ මිනිස්සුන්ට කොහොම දැනෙන්ඩ ඇද්ද. කොළඹ ඉන්න සමහරක් උන් නං පිටින් දුක්වෙනවා වාගේ පෙන්නුවට ඇතුලෙන් සතුටු උනා .
ReplyDeleteඅර තමිල්චෙල්වම් මැරිච්ච දවසේ උන් හරියට දුක් උනා.
පරමේෂ්වරි කියලා කෙල්ලෙ ඇඩුවා
ඒකනම් එහෙම තමයි ලක්මල්
Deleteඔය වගේ අනු නවයෙන් ජිවිත කියක් නම් බේරිල ඇත්ද.
ReplyDeleteහැබැයි 96 කාලෙ සුළුතරයක් අත සෙලියුලර් ෆෝන් තිබුනට හැමෝ අතම තිබුනෙ නැහැ.
ජපානෙ ඉදල මම ෆෝන් එකක් ගත්තෙත් '97දී.
සෙල් ෆොන් තිබුනා මට කියන්න උවමනා කලේ අදවගේ නෑ කියලා
Deleteබෝම්බ..? බෝම්බ පුපුරන්න මේ රටේ යුද්ධයක් තිබ්බෑ බං.. බොරු නොකියා හිටහං...
ReplyDeleteඒකනේ කවුද එහෙම කියන්නේ.අමතක උනා ප්‍රබන්ධයක් කියලා ලියන්න ... හෙක් හෙක්
Deleteඒ කාලෙ ගෙයින් එලියට බැහැපු මනුස්සය ගෙදරට එනකල් විස්වාසයක් තිබුණෙ නෑනෙ.
ReplyDeleteඒකනම් ඇත්ත
Deleteඅම්මෝ.. ඒක නං පිස්සු හැදෙන කාලයක් මතක් කරනකොටත්... දෙහිවල බෝම්බෙ මටත් මතකයි... අපිත් කෝච්චියේ ගියෙ පරාණ බයෙන්.... හිටපු ගමන් මහරගම නුගේගොඩ හරියේ කෝචිචිය නවත්තලා ඔක්කොම කට්ටිය බස්සලා චෙක් කරනවා... අඩු ගානේ අපි බෑග් එකක්වත් රැක් එකක දාන්නේ නෑ ඒකාලේ.... කවුරුහරි දන්නැති කෙනෙක් රැක් එකට බෑග් එකක් දැම්මම කට්ටිය ඇහැගහගෙන හිටියේ... කෝච්චියේ උනත් දන්න කියන කට්ටිය එකට ගියෙ ඕවා නිසා... දැන්නං වාහනයක් පොලිසියෙන් නැවැත්තුවත් පරක්කු වෙනවා කියලා බැන බැන යන අය ඒ කාලේ පැය ගනං කෝච්චියෙ බස් එකේ කට්ට කෑවා ආමාරුවක් නැතුව.. ඒ අයටම දැන් මේ වෙනකොට යුද්ධයක් තියලා එකක් තිබ්බද කියලා අමතකයි...
ReplyDeleteහරියටම හරි හිරු. අද උදේ කෝච්චියෙ එනකොට මිනිස්සුන්ගේ ක්‍රියාකලාපෙ දැක්කම මට ඕකම හිතුනා.
Deleteජොඩුව එක වාහනෙන් වෑඩට නොගිය කලයක් තිබුන කියල මතක් වෙන්න හොද ලිපියක්.කෙල්ලට සලකපන් දෙයියෙක්ට වගෙ
ReplyDeleteස්තුතියි .
Deleteසලකනවා නේන්නම්.
අනේ මටත් යුද්ධයක් තිබ්බද කියලා මතකවත් නෑ.....
ReplyDeleteකවුද ඔය මුසාවාදෙ දෙසාබැවෙ
Deleteහ්ම්ම්....බලපන් උඹ ජංගියක් හින්දා බේරුන කොල්ලෙක්...
ReplyDeleteහ්ම් උඹට තෙරුනා
Deleteසංවේදී කතාවක්, මේ වගේ කතා ඒ කාලේ අනන්ත අහලා තියෙනවා, ඒ පීඩනය අපිට ඒ තරම් නොදැනුනාට ඒ කාලේ අපේ අම්මලා , අප්පච්චිලා ජීවත්වුණු රටාව මැවිලා පේනවා, ඒ කාලේ ඔවුන් මොනතරම් පීඩනයක් දරන්නට ඇතිදැයි දැන් හිතෙනවා.
ReplyDeleteඒකනේ මම කියුවේ ඇත්තටම ගෙදර ගියෙ කොහොමද කියලා මට තාම මතක නෑ
Deleteයුද්ධය අහවර වෙලා අවුරුදු හතරයි.යුද්ධය අහවර කරපු පාලකයොම ආපහු යුද්ධයට පස සකස් කරනවාද කොහෙද?අහවර වුනාම පිරිත් කියපු අයම යුද බීජ වපුරනවාද කොහෙද?යුද්ධෙන් පස්සේ ජය ගී ගයපු අයම ,යුධ බිජුවට වතුර ගහනවද කොහෙද?හැබැයි ඒ ඵලදාවනම් අපට එපා.අතීතය එතරම්ම අමිහිරියි.
ReplyDeleteසුදීප පුර්ණජිත් නැවත මතක්කලාට ස්තුතියි.
ඇත්තටම අමිහිරියි ඒ අතීතය
Deleteබුදු අම්මෝ.... උබට දෙවියො සිහිවෙන්න ඇති.... අපේ රටේ ඉන්න වීරෝදාර රණවිරුවන්ට පිංසිද්ද වෙන්න අපි දැන් මෙහෙම ඉන්නව...
ReplyDeleteනමුත් කියන්න දුකයි... දැන් අපේ රට රැකපු රණවිරුවන්ගෙන් බල්ලන්ගෙන් වගෙ වැඩ කරන එක මම තරයේ හෙලා දකිනව.... වැඩ කරාට කමක් නෑ... ඔවුන්ගේ ගෞරවය කෙලසන්නෙ නැතුව....
පලාලි කෑම්ප් එක ඇතුලෙ ඔවුන් වගා කරනව වගේ.. මොකද සාමාන්‍ය ජනතාවට නොපෙනී...
මේක සෑහෙන්න කතාකරන්න ඕන කතාවක්
Deleteමටත් යාන්තමට මතකයක් තියෙනවා කාර්යාල දුම්රියක් දෙහිවලදී බෝම්බයකට බිලිවූ වග.
ReplyDeleteඒ අතීත මතක සමරුම් මැදින් එකවහලක් යටට ආ ගමනත් ඒවගේම සුන්දර මතකයක් වෙන්න ඇති.
සුන්දර මතක නම් තියනවා. මේ කතාව වගේ දුක්බර සිද්දිත් තියනවා
Deleteඒ කාලේ ගෙයින් එලියට ගියාම එනකම් විශ්වාසයක් නැති කාලයක්. එහෙනම් ජෝනත් බේරිලා තියන්නෙ අනූ නමයෙන් නේද ?
ReplyDeleteආයේ මොනවා කතාකරනවද
Deleteඅප සමග එකට වැඩ කළ අපේ හොඳම මිත්‍රෙයක් සුදීප. ඔහු දස්කම් දැක්වුයේ මුද්දර නිර්මාණයෙන්. මේ සිහි කිරිම ඉතාමත් ම වටිනවා මචං.
ReplyDeleteඅවුරුදු 18 ක්. ඒ කියන්නේ අපිට මොනවත්ම තේරෙන්නේ නැති කාලේ. එක අතකින් අපි ලොකු මහත් උණේ ඒ යුගයත් එක්ක කියලා.
ReplyDeleteඔව් මට මතකයි නිරෝමි එක. ඕක අනූ ගනංවල හෙන ජනප්‍රියයිනේ.
ReplyDeleteදෙහිවල බෝම්බේ ගැන මටත් තියෙනවා කතාවක්. ඒක පස්සෙ ලියන්න ඕනෙ. මරදානේ බෝම්බෙන් අපි මේරුන බේරිල්ල මම HeyDude බ්ලොගේ නම් ලියලා තියෙනවා. ඇයි හැලපයත් ලියල තිබ්බේ මහ බැංකු බෝම්බේ ගැන/
උඹලා බේරුන බේරිල්ල! අර කලිසමට වැඳපං.
කෙල්ලෝ ෂොපිං කරද්දි පමා වෙන එකට බනින එක හරිම වැරදි මචං.
ReplyDeleteස්තුති ඇස් පෑදුවාට..
:)
ඇයට තවත් වැඩියෙන් ආදරේ කරපං..
ජය !
අම්මෝ .... අනූනවයයි දශම නවයයි නවයෙන්නේ බේරිලා තියෙන්නෙ. ඒත් ඒ තැන වෙන කෙනෙක් ගන්න ඇති. ඕක තමයි ජීවිතේ. අපි ගෙනාපු ආයුෂ ඉවර වෙනකන් ගලේ ගැහැව්වත් මැරෙන්නෙ නෑ. කොහොම උනත් එක තැන තොග ගානට මැරුන ඒ අවිනිශ්චිත අඳුරු යුගය දැන් අවසන්. ඒ වෙනුවෙන් කැපඋනු දිවිදුන් හැමෝටම පින්.
ReplyDeleteජූලි මස 24වනදා කියන්නේ මටත් අමතක් නොවෙන දවසක් .
ReplyDeleteඔබතුමා මේ කියන දවසේනම් මම ඉන්න ඇත්තේ මොන්ටිසෝරියේ .
හඃ හඃ හඃ
ඒ මැදිරියේ හිටපු අයට නිවන් සුව ලැබේවා !
ගෙදරට හොරෙන් ලව් කරද්දි පරක්කු වෙලා ගෙදර යන්ඩ වෙන එක තරම් ආතල් එකක්නං තවත් නෑ.බොක්ක කූල් වෙලා තමයි ඉන්නේ ඒ වෙලාවට.අම්මෝ බෝම්බ ගැන මතක් කරන්ඩ එපා.
ReplyDeleteමම හිතන්නේ අපි සෑහෙන දෙනෙක් මේ වගේ අනූනවයෙන් බේරුනු අවස්ථාවලට මූණ දීලා ඇති..
ReplyDeleteඅන්තිම ටික කියවද්දි ඇඟේ හීගඩු පිපුනා..
ReplyDeleteපික්සු හැදෙනවනේ !
ReplyDeleteඋඹ හරි වාසනාවන්ත මිනිහෙක්... මගෙ වයිෆුත් මරදානෙ බෝම්බෙන් කෙස් ගහෙන් බේරිච්ච කෙනෙක්..
ReplyDeleteහප්පා..පුදුම බේරිල්ලක් නෙ. ඔය වගෙ සිද්ධි කොච්චර නම් වෙන්න ඇද්ද මේ බිමේ. මේක කියවපු මට දැනුනු හැඟීම මෙහෙම නම් ලොකු ට කොහොම දැනෙන්න ඇද්ද කියල හිතා ගන්න පුළුවන්.
ReplyDeleteමම කොළඹ නතර වුනේ 95 දෙසැම්බර් මාසේ. නැත්නම් කොළඹ රාජකාරි කරපු දිනයක මම යන්නෙත් ඔය කෝච්චියේ. ඔය සිද්දිය වුණ දවසේ අපි හිටියේ සූරියවැව. ඒත් අපේ එකෙක් හිටියා වාද්දුවේ කොල්ලෙක්. අක්කා ගියේ මේ ට්‍රෙන් එකේ. ඌ මැරෙන්න හැදුවා. ඒ සිද්දිය මම ලියන්නම්. දුක-හාස්‍ය දෙකම තියෙන එකක්.
ReplyDeleteකියුලට් වලට කියන්නේ "යං කලිසං - මං එන්නං" කියලා.
අපේ ගමේ කෙනෙකුත් නැති වුණා මේ සිද්ධියෙන්
ReplyDeleteවෙලාව කියන්නේ ඕක තමා.ජිවිතේ වෙන පොඩි පොඩි දේවල් වලින් අපි දන්නෙත් නැතිව ලොකු වෙනස්කම් වෙනවා ඇති මේ වගේ...
ReplyDeleteපිස්සු හැදෙනව බං අතීත මතක.........
ReplyDeleteවෙලාව තමයි ඉතිං.. :)
ReplyDelete