දියනාන තැන ගැන දාපු සටහනේදි මම කියුවා මගෙ පාසැල් මිත්‍රයෙක් ගැන හැඳින්වීමක් හැටියට ඒ කතාව මතක තියාගන්න කියලා. අද කතාව අන්න ඒ මතක තියගන්න කියපු යාලුවගෙ කතාවක්.
මීට අවුරුදු 22කට විතර උඩදි තමයි මෙ පුංචි සිදුවීම උනේ. පුංචි කියලා කියුවේ මම මෙ කියන මිත්‍රයා ටිකක් පුංචියි. සමවයසෙ මිතුරන් හා සසඳද්දි මිනිහා කොටයි පොඩියි. හැබැයි කටනම් ලොකුයි. මිත්‍රයාට අපි කියන්නෙ සල්ලා කියලා.
හරි නම ඊට ටිකක් ලඟින් යන නමක්. මිනිහා පොඩි නිසාත් තව මෙ නමම තියන තව එකෙක් හිටි නිසාත් අපි මෙයාට කියුවෙ පොඩි සල්ලා කියලා.නාලන්දෙ- ආනන්දෙ සමකාලීනයෙකුගෙන් පොඩි සල්ලා
කියුවම තාමත් නොදන්න එකෙක් නෑ. සල්ලාත් මම වගේම පානදුරෙ තමා උන්නෙ. පාසැල් බස් රථය තමයි ප්‍රවාහන ක්‍රමය.
එතකොට අපි පොඩි කොල්ලො, කොට කලිසමෙන් දිග කලිසමට බහින දවස්වල තමයි මෙ සිද්දිය උනේ. ඔය සල්ලා හරිම කැමතියි පාපුවරුවෙ යන්න. පාසැල් බස් රථයෙ පාපුවරුවෙ යන එක හරිම ජොලි වැඩක්නෙ. ඒත් මූ පොඩි එකා නිසාත් ජේෂ්ඨයන්ට තැන දෙන්න ඕන නිසාත් බොහෝවේලාවට පා පුවරුවේ යාම අහිමි වෙනවා. ඒත් පා පුවරුවෙ උඩම පඩියෙ යන්තම් අඩිය තියාගෙ යන්නනම් පුලුවන්. මොකවත්ම නැති එකේ ඒකත් ලොකු දෙයක් කියලා කියලා සල්ලා එහෙම යනවා.
"මම ලොකු ජෝන් උන හැටි" කතාවෙදි මම කියුවනෙ ඔය පාපුවරුවෙයන කොට දෙහිවල වැල්ලවත්ත හරියෙදි පොලීසියෙන් වේවැල් තියාගෙන ගහනවා කියලා.මේ සිද්දිය උන දවසෙත් පොලීසියෙන් උන්නා. ඒත් එදා එහෙම ගැහුවෙ නෑ. බස් එක අයිනට කරලා නවත්වන්න කියලා පොලිස් නියෝග ලැබුනා. දන්නවනෙ පොලිස් අංකල්ලා දයාවෙන් කරුනාවෙන් පිරුනු කටහඩින්නෙ අමතන්නේ.
"සේරම ෆුට්බෝඩ් ආපු උන් බැහැලා අයිනට වෙයල්ලා "
ඒ පොලිස් නියෝගයක්. පාපුවරුවෙ උන්න ලොකු අයියලා සෙරම වෙව්ල වෙව්ලා බැහැලා අයිනට ගියා. උඩම පඩියෙ උන්න සල්ලත් කොට කලිසම පිටින්ම අර අයියලා පිටි පස්සෙන් ගියා.
"ඈ බොල පොල්කට්ටක් පිරෙන්න හුජ්ජ කරගන්න බෑ, ඒත් ෆුට්බෝඩ් යන්නේ "
සල්ලා දිහා බලාගෙන එක් පොලිස් නිලධාරියෙක් ගිගුරුවා.
සල්ලත් අයිනට යනගමන් හිමිහිට ඇඟට පතට නොදැනී ,
"හැබැයි ලොකු එකක්නම් බෑ පොඩි පොල්කට්ටක් පිරෙන්නනම් පුලුවන්"
බස් එකෙ උන්න අපිට හිනා ආවත් හින නොවුනෙ බයට. ඒත් පොලිස් අංකල්ලා ටිකට නම් හොඳටම හිනා ගියා. ඊට පස්සෙ අර සැර සේරම නිවිලා ගිහිල්ලා කට්ටියට යන්න කියුවා.
සල්ලා තමා සල්ල මූව අල්ලලා හොල්ලන්න එප ඈ යකෝ
ReplyDeleteහපෝ හොල්ලන්න නම් කතා කරන්න එපා
Deleteela dial 1k ne
ReplyDeleteඑලම තමයි
Deleteවැල්ලවත්ත සැවෝයි එක තියෙන හරියේ හැමවෙලේම හිනාවෙන පොලිස් මහත්තයෙක් හිටියා මතකද ?
ReplyDeleteවිලියම්ස් එක ගාව(ඉස්සර ඔතන ෆිල්ම් හෝල් එකක් තිබුනා) උන්න කලු මහත ට්‍රැෆික් අංකල්ද නැත්නම් වයසක සුදු අංකල්ද ? එහෙම කට්ටිය දැන් නෑ ඒ සුදු අංකල්ට නම් මරු දුවෙක් හිටියා වගේ මතකයි
Deleteගොඩගියවිදියනම් නියමයි.ඊටපස්සෙ ආශාවඉෂ්ටඋනාද?
ReplyDeleteඊට පස්සෙ ඌ දිගටම ෆුට් බෝඩ්
Deleteසල්ලා තමා සල්ලා..පොලිස් අන්කල් ලාට හිනා ගිය හන්දා හොදා..
ReplyDeleteනැත්නම් හිනාවෙන් කොච්චර දේවල් කරගන්න පුලුවන්ද ?
Deleteහෙහ් හෙහ්..... ඒකත් නරක නෑ...
ReplyDeleteචූ කතා නං ගොඩයි.... :)
සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
මෙක චූ නෙමෙයි හුජ්ජ කතාවක් හික් හික්ස්
Deleteඔන්න මමත් ආවා පෙට්ටගමේ දාපුවා කියවන්න.දැනට කියෙව්වේ මේ චූ කතන්දරේ විතරයි හැබැයි ඕන්
ReplyDeleteස්තුතියි මේ පැත්තෙ ආවට.එහෙනම් හිමිහිට අනිත් එව්වත් කියවන්නකො
Deleteෆට්ටයි බන් ......
ReplyDeleteකවුද සල්ලද ?
Deleteහොදට වතුර බීවනම් ඒ කිව්ව එක කරන්න පුලුවන් වෙයි ලොකු පොල් කට්ටක් පිරෙන්න උනත් .
ReplyDeleteඒඋනාට ගැජට් එකේ හැටියටනෙ යන්නෙ
Deleteසල්ල අපූරු කොල්ලෙක් නොවැ, හොඳ අනාගතයක් තියන බව පේනව :D
ReplyDeleteදැන් ඔය සිද්දිය වෙලා අවුරුදු 22ක් නොවැ
Deleteඌ සුපිරි පොරක්නෙ....
ReplyDeleteඑදත් එහෙමයි අදත් එහෙමයි
Deleteඒකත් අමුතු මේනියාවක් තමයි... ටික කාලයක් අන්තිම ශීට් එකේ යන්නයි ෆුට්බෝඩ් යන්නයි එක එක කාලෙට එක එක
ReplyDeleteනැතිව. ඇයි බැටරි පෙට්ටිය උඩ යන එක . කන්දෙ උඩ සීට් එකෙ යන එක ..
Deleteඒ..අර චිත්‍රය කව්ද බං ඇන්දෙ..?? දෙකක් වැදුන නම් වේවැල් පාරවල්..., පොල්කට්ටක් ඉබේම පිරෙවි..!
ReplyDeleteපින්තූර සාප්පුවෙන් තමයි හැදුවෙ. . වෙවැල් පාරවල්නම් හොඳට හුරු පුරුදුයි
Deleteඒ කියන්නෙ පොල් කට්ටක් දෙකක් පුරවන්න පුලුවන්නම් වැඩේ ගොඩ ආ....
ReplyDeleteඒ සයිස් එක මනින මිම්මනේ
Deleteමම හිතුවෙ ඌ ප්‍රැක්ටිකලි වැඩේ කරල පෙන්නල කියල, අර රූපෙ විදියට.
ReplyDeleteරූපෙ නම් මම හැදුවෙ "පින්තූර සාප්පුවෙන්" ඌ කරන හැටි හිතෙන් මවාගෙන
Deleteඅපිටත් ඔය වගේ වැඩක් උනා...
ReplyDeleteඒත් එතකොටනං කිව්වෙ පුක කහ ගන්න නියපොත්ත නෑ කියලයි..
කොයිද නියපොතු අපේ එවුං කනවනේ...
(හැබැයි ඇහෙන්නනං කිව්වෙ නෑ)
අපේ එකානම් ඇහෙන්නම කියුවා
Deleteඅපරාදේ පොල් කට්ටක් හොයන් පුරෝලා පෙන්නන්න තිබ්බේ... :)
ReplyDeleteහික් හික් :)
Deleteපොලිසියෙන් හෝ වේවා කොතෙන්ට හරි වැරැද්දක් කරලා අහුවුණොත් හොඳ මෝඩ ජෝක් එකක් දාන්න පුලුවන් නම් බේරෙන්න පුලුවන් වගේ :D
ReplyDeleteනෑ ඒකම නෙමෙයි කොල්ලන්ගේ කොලු කාලෙ ගැන අවබෝදයක් ඒ පොලිස් නිලදාරින්ට තිබුනා ඒකයි
Deleteහැක හැක හැක :)
ReplyDeleteඉතින් පොලිස් මාමාලා පොඩි පොල් කට්ටක් හොයලා දුන්නේ නැද්ද?
දැන් එහෙම උනානම් කරන්න දෙයි.
Deleteඇඟට පතට නොදැනී කටට ආ ගමන් මේවා කියන්න හේද මුඛරි කමක් තියෙන්න ඕනේ. සල්ලා දැන් මොකද කරන්නේ. සල්ලට හරියන්නේ ඝන දෙවි ණුවන පහළ වෙන රස්සාවක්.
ReplyDeleteදැන්නම් හොඳ රැකියාවක් කරනවා. කටනම් තාම එහෙමයි.
Deleteඅන්න කොල්ලෝ !
ReplyDeleteඇයි අපි කොල්ලො නෙමෙයිද ?
Deleteෂා ඒ කාලේ මරැ යාළුවො ටිකක් ඉදලනේ
ReplyDeleteසුන්දර අත්දැකීම් ගොඩක් ලැබිලා
ඒකනම් කියලා වැඩක් නෑ තාම මතක් කරකර සතුටු වෙනවා
DeleteHikz! ඔය පින්තූරේ කොහෙන්ද ජෝන්?
ReplyDeletehenryblogwalker the Dude
ඒක මම "පින්තුර සාප්පුවෙන්" හැදුවෙ.
Deleteඑකනේ ඇඟ නැතත් කට වැඩ කියන්නේ....
ReplyDeleteනැත්නම් කටින් අද මොනවද කරන්න බැරි
Deleteඅඩෝ ලොකු ජෝනා "සල්ලා" නම් හුජ්ජ කරයි පොල් කට්ට පිරෙන්න.උබට පුලුවන්ද පොල් කට්ටක් තියා ටොනික් මූඩියක්වත් පිරෙන්න හුජ්ජ කරන්න??? හිකිස්ස්ස්ස්.....
Deleteහික්ස්ස්.. සල්ලා මාර එක්කෙනෙක්නෙ..:D
ReplyDeleteපට්ට ආතල්......
ReplyDeleteපොඩි කාලේ පොලිසියට බය නැහැ කියන්නේ එළ කොල්ලෙක් නේ.
ReplyDeleteපට්ට කොල්ලෙක් නේ සල්ලා :ඩ්
ReplyDeleteඒ කියන්නෙ පොල්කට්ටක් පිරෙන්න චූ කරන්ඩ පුලුවන්නං ෆුට් බෝඩ් යන්ඩ් පුලුවං......
ReplyDeleteහැහ්... ඌ හිතලා කිව්ව එකක්ද නැත්තම් කියවුණ එකක්ද?
ReplyDeleteඅද කාලේ පොලිස් මාමෙකුට කීවානම් එහෙම...?? හිකිස්!!!11111
ReplyDeleteපට්ට බුවෙක්!
ReplyDelete