පහුගිය දවසක මගේ මිත්‍රයෙක් එයාගේ පොඩි පුතාව මොන්ටිසෝරියට ඇරලවන්න එන අතරෙදි මෝටර් සයිකලයට පැන්න දඩාවතේ යන වල් බල්ලෙක් බේරගන්න ගිහින් බයිසිකලය පෙරලිලා වැටිලා.
වැටෙන වෙලේ පුංචි පුතාව බදාගෙන පුතාට වෙන්න තිබුන අනතුර අවම කරගෙන. පුතාගෙනම් සුලු තුවාලයක් විතරයි.ඒත් තාත්තට සෑහෙන්න බරපතලයි දොස්තරවරු නම් කියන්නෙ තුවාල හොඳවෙන්නම මාස තුන හතරක් යයි කියලා.
ඊයේ රෑ එලිවෙනකම් බල්ලො බුරනවා. මල කරදරේ, නින්දක් නෑ මුන්ට මදන කුලප්පුව.
පාර කෙලවරෙ නෝනගෙ ගෙදර බූල් පිරුන බැල්ලියො දෙන්නයි. රෑට ලෙහලා දානවා. ඒත් වත්ත වටේටම තාප්පේ ගහලා ගේට්ටුව ලොක් කරලා නිසා එළියට යන්නෙ නෑ. ඒත් වටෙ පිටෙ බල්ලො ටික වත්ත වටෙ කැරකෙනවා. දන්න සෙල්ලම් සේරම දානවා, එකාට එකා මරාගන්නවා... ආයෙ සද්දයක් නෑ ටිකකින් ඔන්න ඇහෙනවා පොරකන සද්දේ ........
උදේ පාන්දර කරුවලේම රැකියාවට යන්න පාරට එනකොටම නමෝ විත්තියෙන් පාරෙ දකින සුබ පෙර නිමිති වලින් සිහියට නැගෙන්නේ අපෙ හිටපු ජනාධිපති තුමිය චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග මැතිනියව.
ආඃ ... ඒක තමයි උදේට උදේට චන්ද්‍රිකාට කිවිසුම් යනව කියන්නෙ.
ReplyDeleteයනවා ඇති
Deleteඇයි බන් උන්දැව සිහි වෙන්නෙ..? එයත් ඔහොම කරනවද ?
ReplyDeleteදැන්නම් කමෙන්ට් කියවලම බලන්න
Deleteබට ලයිට් උනා...
ReplyDeleteස්ටාටර් එක හොලවන්න
Deleteමෙවට තමයි යාං හෑලී කියන්නේ... සුපිරියි ඕන් ඈ.. කී දෙනෙකුට තේරෙයිද දන්නෙ නෑ......
ReplyDeleteදවසක් පාරෙ යනකොට බීපු මිනිහෙක් බනිනවා ඒක මතක්වෙලා තමයි ලියුවේ හුඟක් අයට තෙරිලා නෑ තමයි.
Deleteමටනම් තේරුනා ඔන්න මෝඩයට වගේ .
ReplyDeleteඅපිනම් මුකුත්ම කියුවෙ නෑ එයාමයි කියුවේ
Deleteතේරුනාද කියලා තේරෙන්නේ නෑ අෆ්ෆා :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
දැන්නම් තෙරෙනවා ඇති
Deleteසේහ් අප්පා තේරෙන්නේ නෑනේ මට යටි අදහස.
ReplyDeleteදැන් බලන්න
Deleteහි..හි.. ඒක නම් ඇත්ත..
ReplyDelete:)
Deleteහි හි...
ReplyDelete:D
Deleteඔව් ඒ පනත තාම ක්‍රියාත්මකයි.. හැබැයි දැන් අර පැටව් හම්බ නොවෙන ඔපරේශන් එක කරනවා නේද පලාතෙන් පලාතට ඇවිත්. කොළඹ නම් කලා..පාරෙ ඉන්නෙ බැල්ලියො අල්ලලා ඔපරේශන් කරා..
ReplyDeleteමේ කමෙන්ට් එකෙන් පස්සෙනම් ටිකක් තෙරෙන්න ඕන
Deleteචන්ද්‍රිකාව කාටත් අමතක නොවන්නම හදපු පනත ඒකමද කොහෙද
ReplyDeleteඑයාව කාටද අමතක
Deletedannam tika tika there
ReplyDeleteඒකනේ ස්ටාටර් එක තියෙන්න ඕනේ
Deleteතේරෙන්නේ නෑනේ
ReplyDeleteකමෙන්ට් බැලුවම තෙරෙයි
Deleteඅපූරුය් නොවැ..!
ReplyDeleteමහ අප්පිරිය කේස් එකක් බං ..ගල් පතයකින් ඇද බෑවත්..කෑං කියාගෙන ආයිත් සීන් එකට උන් එන්ටර්..!
ඊට වඩා දෙයක් තියනවා නොවැ
Deleteමටනං තේරුණේ නෑ.ඇන්ටි රට කාපු කාලේ අපි මිදුලේ චූ කරන ජුන්ඩි කොල්ලොනේ.ඒක හින්දා වැඩි විස්තරයක් දන්නෙ නෑ.
ReplyDeleteමම නම් කෑව කතාවට කැමති නෑ ඉන්න රට කරවන හැමෝම හොඳ නරක දෙකම කරනවා ඉස්මතුවෙන්නෙ නරක විතරයි. මටනම් හැමෝම එකයි
Deleteවෙනි අයියගේ කමෙන්ට් 1 දැක්කම තමයි තේරුනේ සීන් 1 මොකක්ද කියල!:D
ReplyDeleteතෙරුනානේ
Deleteමටද...? ඔන්න මගේ සිමාව පනිනවා..
ReplyDeleteඅපේ බෝඩිමේ අන්කලයත් ඔය වගේ. බල්ලෝ කිව්වොත් ඊට වඩා දෙයක් නෑ . ගමේම ඉන්න බල්ලොන්ට කතා කරලා කන්න දෙනවා. දැන් උන් ඉන්නෙම ඒ බෝඩිමේ.. පැටව් ගැහුවම තියෙන වදයක්.. කාමර ඇතුලෙයි. ඇයි ජරා කරාම.. මරන්නන තරහයි.. ඒ විතරක්ද සමහරක් දවස් වලට රෑ දෙගොඩ යාමෙට බුරන්න ගන්නවා.. අම්මප මට මරුවා වැහෙනවා.. එක දවසක් මහා රෑ කළුවරේ ජනේලෙන් බල්ලොන්ට වතුර ගහද්දි රෑ 2යි. ශීට් විඳපු දුකක්.. ඒ බෝඩිමේ ඔක්කොම හොඳයි බල්ලෝ නැති නම්
ඒ මැතිනිය පනත ගෙනාවේ තමන්ගේ පුතාගේ (විමුක්ති කුමාරතුංග) ඉල්ලීමකට
අන්න උත්තරේ
Deleteඇයි බං මලින්ද මාමා වගේම ඒ ගෑනිත් බල්ලො ගැන හිතන එක වැරදිද?
ReplyDeleteබලපං මිනිස්සු මැරෙද්දි නෙනැගෙන හඩ එතුමා නගනනව බලු සොහොන ඉදිරිපිට !
පට්ට ඇහ් !
ස්ස්ස්...
Deleteමේ බල්ලන්ව හෙලා දැකලා ප්‍රකාශයක් නිකුත් කරමු!
ReplyDeleteවැඩක් නෑ
Deleteමොකක්ද මේකෙ තේරුම? :/
ReplyDeleteතාම තෙරුනෙ නැද්ද ?
Delete:) :)
ReplyDelete:):)
Deleteචන්ද්‍රිකා නෝනා මතක් වෙනවා කිවුව කතාව තේරෙන්නේ නෑනේ අයියේ..
ReplyDeleteකවුරු හරි වැරද්දක් කරාම බනින්නෙ අම්මටනේ
Delete*
ReplyDeleteඇයි ඇත්තට චන්ද්‍රිකා නෝනව මතක් වෙන්නෙ?
ReplyDeleteකවුරු හරි වැරද්දක් කලාම බැනුම් අහන්නෙ අම්මානේ
Deleteබලාගෙන ගියහම චන්ද්‍රිකා හොදයි දැ ඉන්න එකාට වඩා !
ReplyDeleteදැන් ඉන්න එකා පවුල් පිටින්ම කනවා නෙව
එහෙමම කියන්න එපා ඔතනට යන හැමෝම වගේ ඔහොමයි මම ගියත් උඹ ගියත්. දුප්පතුන්ට බෙදන්න දීපු ටකරන් ශීට් විකුනපු මහත්වරුත් පානදුරෙ උන්නා
Deleteහි හි... :D
ReplyDeleteමට ඒකට උත්තරේ හිතාගන්න බැරුව වෙන වෙන අභූත දේවල් හිතුවා. ඔන්න අනිත් අයගෙ කමෙන්ට් දැක්කාමයි තේරුනේ
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
වෙන්න පුලුවන් ලංකාවෙන් පිට ඉන්නකොට මේ ගැන අවබෝදයක් නැතිවෙන්න පුලුවන්. ඕක පටන් ගත්ත එකත් දැන් රටේ නැ පොර පිට රට ඉඳගෙන ලංකාවෙ සත්ව කරුනාව ගැන කතාකරනවා. ... ඔන්න ඔන්න මට ආයෙම චන්ද්‍රිකා මැතිනියව මතක්වෙනවා
Delete(බලු උනත්) ආදරයට කොහේදෝ බාදා නැත්තේ ?
ReplyDeleteඒක වෙනම කතාවක්
Deleteතේරුම් ගියේ නැති හැඩයි.
ReplyDeleteබනින්න ඕනේ කොල්ලගෙ අම්මට
Deleteමෙහෙම කතාවක් දැනගත්තෙත් මේ පෝස්ට් එකෙන් පස්සේ තමා
ReplyDeleteමට නම් බල්ලෙක් දැක්කම පොරව මතක් වෙනවා පොරව මතක් උන හැටියෙම ....
Delete"සත්ව වන්ද්‍යාකරණ පනත" නේද ?
ReplyDeleteඅන්න එහෙම එකක් තමා
Deleteයන්තම් යන්තම් වගේ තේරුනා :)
ReplyDeleteබල්ලන්ට බලලු්නට සැත්කම් කරන්න පුලුවන් ඒත අපේ රටේ උන් විනාශ කරන්න බෑ.
ReplyDeleteමිනිස්සුන් අතුරු දහන් වෙන්න පුළුවන් ඒත් බල්ලන්ට බලලුන්ට එහෙම කරන්න බෑ.
අපි හරිම ධාර්මිකයි ඒ අතින්
අනේ මන් දා නෝනා මොනා ඒ කාලේ කොලාද කියලා
ReplyDeleteමම නම් පුද්ගලිකව බල්ලන්ට ගොඩාක් කැමතියි. හැබැයි වාත වෙනවට කැමති නෑ. බැල්ලියන්ව වන්ද්‍යාකරනය හොදයි. ඒත එහෙම කැන්නෙ ගෙවල්වල හදන බැල්ලියන්ව මිසක් දඩාවතේ යන උන්ව නෙවෙයි. ඉතින් මළ කරදරේ නිමක් නෑ.
ReplyDeleteහැබැයි චන්ද්‍රිකා, එක වතාවක් පොලීසියට බල්ලො ගේන්න අදාල පත්‍රිකාව දාපු වෙලාවෙ රට බල්ලන්ට වඩා වල් බල්ලො හොදයි කිව්වා.... ;)
මම දැන් දෙලොවක් අතර ඉන්නේ. උඩේ පාන්දර චන්ද්‍රිකාව මතක් වුනේ බල්ලෝ කරපු වැඩේ තියෙන සමානාත්මතාව නිසාද, එහෙම නැත්නම් පනත නිඔසාද, දෙකම නිසාද?
ReplyDeleteඒ පනත ගෙනාවේ චන්ද්‍රිකා කියලා දැන ගත්තේ කමෙන්ට්ස් කියවලා ඕන්. ඔය පනත ගේන කාලේ අපි පොඩි එවුන් නොවැ.. ( තාමත් ඉතින් පොඩීනේ.. )
බලු වාඩනෙ අෆ්ෆා.....
ReplyDelete