Saturday, August 11, 2012
109. උඩ ගිය මැස්සා +18
හැමදා කතා ලියුවත් මම ගොතමින් අකුරු
සිතුනා ලියන්නට අද කවියෙන් කර අකුරු
මිතුරෙක් සිටියි තනිකඩ ජීවිතය හුරු
කියමි කතාවක් ඔහු හා බැඳි අපුරු
තනියම තමයි හැම වැඩ ඔහු කෙරුවේ
මාල වලලු පලඳන අය නෑ පැතුවේ
මගුල් තුලා ගැන ඔහු මද පමනින් සිතුවේ
වයස ගියා ඔහු නෑ ඒ ගැන දුටුවේ
මාතෘකා
කවි,
මඩ,
විහිළු,
සිරාගෙ කතා
Friday, August 3, 2012
108.මසාලා තෝසේ කෝලා සහ ප්ලේන් ටී
දාඩිය බේරෙන දවසක අව්වත් එක්ක හරි හරියට හෙට්ටුවෙලා දිවා ආහාරයත් සමග සීතලම සීතල කෝලා වීදුරුවක් රසබැලුවොත් නරකද. මෙවැනි ග්‍රීෂ්ම දවසක ඔබ මේ ඉල්ලීම පැහැර හරීවි යැයි මම නම් හීනෙන්වත් හිතන්නෙ නෑ.
දිනය ගැන අවබෝදයක් හරියාකාරව මතකයට නොනැගුනත් ඒ 1998 වසර බව හොඳටම විස්වාසයි.ස්ථානය කොටුව බංගසාල වීදිය. ඉර හරියටම මගේ හෙවනැල්ල මකාගෙන මාත් සමගම ඇවිද යන වෙලාවක්. ව්‍යාපාර කටයුත්තකට කොළඹ ආ දිනයක්. බොහෝවිට දිවා ආහාරයවන්නේ මසාලා තෝසේ එකක් බොන්ඩාවක් සමග, උනු උනු සම්බාරු සමග මුසුකොට රසනහර පිනා යන අයුරු මටනම් අමතක වන්නේ නෑ ඒ සියල්ල අවසානයෙ සීතලම සීතල කෝලා බෝතලයක් හිස්කිරීමටද අමතක කරන්නෙ නෑ
දිනය ගැන අවබෝදයක් හරියාකාරව මතකයට නොනැගුනත් ඒ 1998 වසර බව හොඳටම විස්වාසයි.ස්ථානය කොටුව බංගසාල වීදිය. ඉර හරියටම මගේ හෙවනැල්ල මකාගෙන මාත් සමගම ඇවිද යන වෙලාවක්. ව්‍යාපාර කටයුත්තකට කොළඹ ආ දිනයක්. බොහෝවිට දිවා ආහාරයවන්නේ මසාලා තෝසේ එකක් බොන්ඩාවක් සමග, උනු උනු සම්බාරු සමග මුසුකොට රසනහර පිනා යන අයුරු මටනම් අමතක වන්නේ නෑ ඒ සියල්ල අවසානයෙ සීතලම සීතල කෝලා බෝතලයක් හිස්කිරීමටද අමතක කරන්නෙ නෑ Monday, July 30, 2012
107.තාප්පෙන් පැන්න තාත්තා.
පාසැල් කලයෙ සුන්දර ඒ වගෙම නොමැකෙන මතක ගොන්නට වැටෙන කතාවක් අද කියන්නම්.
නුහුරු බීම හෙවත් තනි අකුර මේ මම ආසිරි ගැන ලියපු පලවෙනි කතාව. නොබලපු අය ඉන්නවනම් බලන්න. අද කතාවත් ආසිරි ගැන. පාසැල කිට්ටුවම පදිංචි වෙලා උන්න සිසුවෙක්. වෙලාවට කලින් පාසැලන් නික්මයාම ගැන හොඳ පළපුරුද්දක් මොහු සතුයි. පාසැලන් නික්මයම කියලා කියුවෙ ගේට්ටුවෙන් නෙමෙයි, තාප්පෙන්. මේ ඒ සම්බන්ද රසවත් කතාවක්.
ඒ අපේ උසස් පෙල අවසාන වසර, උසස්පෙලට එන පලවෙනි වසරෙ පලමු වාරයෙ ඉගනගැනීමට තියන උනන්දුව දෙවන නැත්නම් අවසන් වසරෙ මුල් වාරය වනවිට සෑහෙන්න අඩුවෙලා. අපෙ පන්තියෙ හුඟ දෙනෙකුට තිබුන මානසිකත්වය එහෙමයි. පළමු වාරයෙ ක්‍රීඩා තරඟ. විද්‍යාලාන්තර මහ ක්‍රිකට් තරඟ ආදිය පැවැත්වීම අධ්‍යාපනයට තියන
උනන්දුව අඩු වීමට එක් හේතුවක්. අනික අපේ පන්තිය ගනිත පන්තියක් වුවත් වැඩිහරියක් උන්නෙ වෙන වෙන අංශවලට කැමැත්තක් ඒවගෙම දක්ශතාවයක් පෙන්වන අය. ඒ ගැන මගේ පන්තියෙ උන්න මිත්‍රයෙක් (දෙනුවන්) ලියු මේ සටහනින් බලන්න
ඉතින් ඔය මොනවා තිබුනත් වාර විහාගෙත් තියනවනෙ. ඒක ඉවර උන ගමන්ම අපිට දෙනවා ප්‍රගති වාර්තව. හැබැයි ඒ දෙන විදියෙ පොඩි වෙනසක් තියනවා. ගුරු දෙගුරු රැස්වීමක් කැඳවලා තමයි ප්‍රගති වාර්තාව දෙන්නෙ ඒ දෙන්නෙත් ළමයින්ට නෙමෙයි දෙමාපියන්ට.
අනූවෙ දශකයෙ මුල් කාලෙ
කොළඹ පාසැල් ශ්‍රවනාගාර අතුරින් මලලසේකර ශාලාවට හිමිවුනෙ ඉහල තැනක්. නාලන්දා විද්‍යාලයෙ ප්‍රථම විදුහල්පතිවරයාවන මහාචාර්‍ය ගුනපාල මලලසේකර මැතිතුමා සිහිවීම පිනිස නම් කර එම රඟහල, විශාල කාලයක් වගේම විශාල පිරිවැයක් යොදවලා අට පට්ටම් හැඩයට සදා
ඒ අපේ උසස් පෙල අවසාන වසර, උසස්පෙලට එන පලවෙනි වසරෙ පලමු වාරයෙ ඉගනගැනීමට තියන උනන්දුව දෙවන නැත්නම් අවසන් වසරෙ මුල් වාරය වනවිට සෑහෙන්න අඩුවෙලා. අපෙ පන්තියෙ හුඟ දෙනෙකුට තිබුන මානසිකත්වය එහෙමයි. පළමු වාරයෙ ක්‍රීඩා තරඟ. විද්‍යාලාන්තර මහ ක්‍රිකට් තරඟ ආදිය පැවැත්වීම අධ්‍යාපනයට තියන
උනන්දුව අඩු වීමට එක් හේතුවක්. අනික අපේ පන්තිය ගනිත පන්තියක් වුවත් වැඩිහරියක් උන්නෙ වෙන වෙන අංශවලට කැමැත්තක් ඒවගෙම දක්ශතාවයක් පෙන්වන අය. ඒ ගැන මගේ පන්තියෙ උන්න මිත්‍රයෙක් (දෙනුවන්) ලියු මේ සටහනින් බලන්න
ඉතින් ඔය මොනවා තිබුනත් වාර විහාගෙත් තියනවනෙ. ඒක ඉවර උන ගමන්ම අපිට දෙනවා ප්‍රගති වාර්තව. හැබැයි ඒ දෙන විදියෙ පොඩි වෙනසක් තියනවා. ගුරු දෙගුරු රැස්වීමක් කැඳවලා තමයි ප්‍රගති වාර්තාව දෙන්නෙ ඒ දෙන්නෙත් ළමයින්ට නෙමෙයි දෙමාපියන්ට.
![]() |
| මලලසේකර රඟහල එදා |
Wednesday, July 18, 2012
106. කොච්චි මිරිස්
Thursday, July 12, 2012
105. ලොක්කා Shut down
1997 දි විතර තමා සිද්දිය උනෙ. අදාල කන්තොරුවෙ නම නොකිය ඉන්නම්. තාම එතන ලොක්ක මම හිතන විදියට ඒ කන්තොරුවෙ වැඩ කරනවා. නිකන් ඉල්ලගෙන පාන් කාලා ඇමරිකාවට ගැතිවෙන්නෙ මොකටද. ඒ හන්දා නම් ගම් මන:කල්පිතයි.ඒකාලෙ මම වැඩකලෙ කොම්පියුටර ගෙන්වන කොම්පැනියක. කොම්පියුටරයක වයර අමුනන එකත් ඒකාලේ හැටියට මාරම ජොබ් එකක්.
Tuesday, July 10, 2012
104.මාධ්‍ය හැසිරවීම
"පහරදීමකින් මියගිය නාදුනන කාන්තා මළ සිරුරක් ලුනාව කලපුවෙන් හමුවී තිබේ. වයස අවුරුදු 42ක් පමනවේ.තලඑළලුය උස අඩි 5යි අගල් 3යි කොන්ඩය කොටට කපා ඇත. මලසිරුර හඳුනාගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතයි."
මෙය මීට වසර ගනනාවකට පෙර දහවල් 12ට ශ්‍රි ලංකා ගුවන්විදුලිය ඔස්සේ ප්‍රචාරය වුනු "පොලීසියෙන් පුවත්" නම් වැඩසටහනින් උපුටා ගන්නා ලද කොටසකි.
එකල් කුඩාදරුවන් වූ අප එම වැඩසටහන ශ්‍රවනය නොකලෙමු. ඒ වෙන කිසිවක් නිසා නොව රෑට හීනෙන් බියවීමට අප
මෙය මීට වසර ගනනාවකට පෙර දහවල් 12ට ශ්‍රි ලංකා ගුවන්විදුලිය ඔස්සේ ප්‍රචාරය වුනු "පොලීසියෙන් පුවත්" නම් වැඩසටහනින් උපුටා ගන්නා ලද කොටසකි.එකල් කුඩාදරුවන් වූ අප එම වැඩසටහන ශ්‍රවනය නොකලෙමු. ඒ වෙන කිසිවක් නිසා නොව රෑට හීනෙන් බියවීමට අප
Sunday, July 1, 2012
103. මගුල දා රෑට කරන දේ
විකී අංකල් ගැන පහුගිය කතාවකින් කියුවා මතක ඇතිනේ.ඒක විකී අංකල් ගේ ගැස්සීම මේ කතාව විකී අංකල් ගෙ මගුල දවසෙ උන දෙයක්. මේ කතාව ඇත්තටම උනාද කියලානම් මම දන්නෙ නෑ. ඒත් ඒ කාලෙ මගුලට ගිය අයනම් කියන්නෙ කතාව ඇත්ත කියලා. මතක ඇතිනෙ මම කියුවා විකී අංකල් කතෝලික බැතිමතෙක් කියලා. ඉතින් මංගල චරිත්‍ර වාරිත්‍ර කරන්නෙ පල්ලියෙ. පල්ලියෙ සැමදෙම සංවිදානයකරලා දැන් ඔන්න මගුල් දවස උදා උනාලු. ඔන්න එහෙනම් කියවන්න එදා උනු රසවත් ම සිදුවීම.
Subscribe to:
Posts (Atom)



