he
Friday, September 9, 2011
හඳට හොරෙන්
මා
යන එන තැන
මට හොරෙන්
හොරෙන් හිඳ
මා කියන කරන දෑ,
මට හොරෙන්
මගෙන් ගෙන
ඇයට මා ගැන කිසිත්
කියන්නට එපා නුඹ
ඔතැන හිඳ
1995-03-23
චන්ද්‍රග්‍රහනයක් අතරතුර
හිරු සඳු හා පෘථිවිය අතර සිදුවන
සිතුවිලි හුවමාරුවක්
මෙම සඳැසේ පාදකය විය
Tuesday, September 6, 2011
ආයාචනය!
කමක් නෑ මගේ හිත
ඔයා අරගෙන යන්න..
අර පේන සමුදුරෙන්
දුරස්වී ඉගිලගෙන..
නොපෙනෙනා ඉසව්වට
නොදැනෙන්න ගෙනයන්න..
ළිහිනි හඬ ඇසෙන විට
රළ පවුරු බිඳෙන විට
වැහිබිංදු වැටෙනවිට
කොහෙන් හෝ හිඳගන්න..
ඉකිබිඳින මගේ හද
අනන්තෙදි සිපගන්න...
1995-07-08
Monday, September 5, 2011
ස්ටෙෆ්නි සිරිවර්ධන කියන්නෙ මොනවද බලමු
විශ්ව රූ රැජින තරඟයට යන ස්ටෙෆ්නි සිරිවර්ධන කියන්නෙ මොනවද බලමු.
Saturday, September 3, 2011
මංගල යෝජනාව
මගෙ හිඟන බැංකුපොතේ
තිබුන සොච්චම් මුදල
මට හොරෙන් රැගෙන නුඹ
කාටද අම්මෙ දුන්නෙ.....
Friday, September 2, 2011
භිසරු ලිය හා ඇගේ හිමි
මා
බඹරෙකු බව දන්න
නුඹ,
නුඹ
මලක් බව කීවේ
මට පමනද?
Thursday, September 1, 2011
මංගල මුදුවේ කාන්තිය
නුඹේ අත මත
රැඳී ඇත්තේ
ඈ
නුඹට
දුන් සෙනෙහෙ නොව,
මා
නෙතේ දිදුල
කඳුළයි...
අවම කාලයකින් අවසන් වුන ක්‍රිකට් තරඟය ගැන ඔබ අසා තිබෙනවාද?
මෙම තරඟය පවත්වලා තිබෙන්නෙ 1932 දී ඔස්ට්‍රේලියාවෙ මෙල්බෝන් පිටියෙ. පැය 5කුත් මිනිත්තු 53ක් තුල මෙම තරඟය නිමවෙලා තියනවා. තරඟයටම වැයවෙලා තියෙන්නෙ පන්දු 656යි. තරඟය පවත්වලා තියෙන්නෙ ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර.
මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව ලකුණු 36 කට තම ඉනිම අවසන්කරගෙන තියෙන්නෙ පන්දු ඕවර 23.2කින්.
ඔස්ට්‍රේලියානු ඉනිම ලකුණු 153කින් අවසන් වුනු අතර එම ඉනිමට පන්දු ඕවර 54.3ක් වැයකොට තිබුනා.
දෙවන ඉනිමෙදී දකුනු අප්‍රිකාව ලකුණු 45 කට සීමාවුනු අතර පන්දු ඕවර 31.3 කින් තරඟය නිමාවූයේ ඔස්ට්‍රේලියාවට ඉනිමකින් හා ලකුණු 72ක ජයක් අත් කර දෙමින්.
ලකුණු සටහන ඕනෙ නම් මෙතනින් ගන්න
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)