මීට කලින් ලිපියෙ (කාලය ගතවීම ..)කාල කලමනාකරණ කතවෙ කොමෙන්ටුවකදි මම් කියුවා මීලග කතාව ගැන ඉඟියක් මතක නැත්නම් පහුගිය කතාවෙ කොමෙන්ට් ටික බලන්න. නැත්නම් ඒවා නොබලා මෙ කතාව කියවන්න. මේ කතාව නම් අවුරුදු ගානක් පරන එකක් නෙමෙයි . ඒත් මීට අවුරුදු පහකට විතර උඩදි උනු කතාවක්.
මගෙ ප්‍රියතම විනෝදාංශය තමයි නිදා ගැනීම බස් එකක් හිටගෙන ගියත් ඉඳගෙන ගියත් කාටවත් කරදරයක් නැතිව නිදාගැනීමෙ හැකියාවක් මාසතුව තියනවා . හැබැයි කවුරුහරි කතාවට සෙට් වෙනවානම් සෙට් වෙන එකාට අවුරුදු ගානකට ඇතිවෙන්න කතාකරකර යන්න හැකියාවකුත් මට තියනවා. ඉතින් වාහනයකට ගෙඩවූ සැනින්ම මම කරන්නෙ කතාකරන්න කවුරුන් හො සිටිනවා දැයි සොයා බැලීම. එසේ කවුරුන් හො නැත්නම් විකල්ප ක්‍රියාමාර්ගයවන නිදාගැනීමට හිත යොමු කරනවා.
දිනය නම් මතක නෑ වේලාව උදෑසන පාසැල් යන වේලාව. ස්තානය කොට්ටාවෙ සිට ගල්කිස්සට එන 255 බස් එක. හප්පේ සෙනග. ඉස්කෝලෙ යන පොඩිඋන් වැඩට යන ඈයො තෙරපිලා. පිලියන්දලින් තමයි මම නැග්ගෙ. කොහොම හරි මමත් හිටගෙන එක අතක් උඩ අනික් අත .... මට තෙරුමක් නෑ එක කොහෙද කියලා මොකද හිරිවැටිල වගෙ ඒ තරමට තෙරපුම . සුවාරිපොළ පහුවෙනකොට යන්තම් මගෙ අර හිරි වැටිලා තිබුන අත තිබුන තැන කෙනා බැස්සා ඒ හන්දා යන්තම් වාඩි වෙන්න ඉඩක් ලැබුනා. ලොකුම අමාරුව උනෙ කකුල් දෙක එක තැනකට ගන්න එක. කොහොම හරි වාඩිඋනා. ආයෙත් මතක්කරන්න උවමනා නෑනෙ මගෙ විනෝදාංශය ගැන . ඔන්න දැන් මම නිදි.
"මහත්තයා බහින්න බහින්න බෝම්බයක් බෝම්බයක් !" කවුදෝ කෑගහනවා ඇහුනා. බෝම්බ කියන්නෙ මම මෙ කතාවට යොදාගත්ත කාලයෙ වැඩියෙන්ම කතාකරන මතෘකාව. කෝච්චිවල බස්වල කුනු ගොඩවල්වල ඔය කීව නොකීව හැම තැනකම කොයි මොහොතෙ හෝ පුපුරායාමට හැකියාවක් තිබුන දෙයක්. ඉතින් බොම්බයක් කීවම කවුද බය නොවෙන්නෙ . ඒ වෙනකොටත් මෝල්පෙ පාලම ලඟ වාහන පරික්ෂා කරන ස්ථානයෙ බස්රථය නවත්වලා. මා හැර හියලු දෙනාම උන්නෙ බසයෙන් බැහැලා මමත් ඉතින් මගෙ විනෝදාංශයෙන් මිදිලා බස් එකෙ රැක් එක උඩ තිබුන මගෙ බැග් එක අරගෙන බස් එකෙන් බැස්සා මෙන්න යකඩො මම බහිනකොට හැම එකාම මගෙ දිහා බලනවා ආයෙත් සැරයක් මගෙ අතෙ තියන බෑග් එක දිහා බලනවා
කට්ටිය මම නිදි අතරෙ රැක් එක උඩ තිබුන මගෙ බෑග් එකට අයිතිකාරයෙක්ව හොයලා . අයිතිකාරය පැත්තක නිදියන් ඉන්නකොට කවුද ඕවට අයිතිය කියාපාන්නෙ. ඊට පස්සෙ තමයි පොලෝසියෙ රැකවරනය හොයලා තියෙන්නෙ
ප.ලි. මෙ කතාව මතක් කරදුන් SLIIT එකෙ හේෂාන් සහෝදරයාට ස්තුති කරනවා
හික් හික්...නියම වැඩේ...සියොළඟම පරික්ෂා කරාද ඊට පස්සේ?
ReplyDeleteඅපෝ 255 තමයි මටනම් එපාම කරපු බස් එක..
මගෙත් ප්‍රියතම විනෝදාංශය තමා ඕක .....
ReplyDeleteඕන විදියකට හිටගෙන, ඉඳගෙන සමහර වෙලාවට සොරි පනහක් විතර කියලා මිනිස්සුන්ගෙන් බැනුම් නාහා ඉන්න වෙලාවලුත් නැතුවම නෙවේ ........
එහා පැත්තෙ කෙල්ලෙක් නෙවේනම් ඇගේ නොවැදී නිදා ගැනීමේ හැකියාවක් මටත් තියෙනවා....
ReplyDeleteමටත් දවසක් 138 අතුලෙ දොයිය ගියා. මහරගම බහින්න ඕන. ඇහැරෙනකොට හිටියෙ ට්‍රේනින් කොලේජ් එක ගාව.
ReplyDeleteමුකුත් නොවුන වගේ ඊළඟ හෝල්ට් එකේ බැහැල පයින් ආව වැස්සෙ තෙමි තෙමිම..
මරු ටොපිය....අර බොම්බේ අයිතිකාරය හොයපු එවුන්ට..නිදගෙන ඉන්න කස්ටියව ඇහැරවන්ඩ අමතක වෙලාදො.....
ReplyDeleteමගෙත් ප්‍රියකම විනෝදාංශය නිදාගැනිල්ල. හැබැයි බවලතෙක් ලග නැත්තං. මොකද සරළ අනුවර්තී චලිතෙ යෙදෙනකොට එහෙම සෙරෙප්පු පාර කන්න බෑනෙ ආයුබෝවං.
ReplyDeleteඒත් ඉතින් අයෙමත් ඒ බස් එකේ යන්න පුළුවන් කමක් තිබුනද ?
ReplyDeleteමුත්තා කුම්ඹකර්ණද දන්නේ නෑ...
ReplyDeletepolice uncle la allan giyanan thama wade...
ReplyDeleteකොන්දොස්තර එහෙම මුකුත්ම කියන්නේ නැතුව ඉන්න ඇති නේද?
ReplyDeleteප්‍රතිචාර දුන්නු හැමෝටම ස්තුතිය් !
ReplyDelete@ සයුරි බැනුම් වරුසාවයි
ReplyDelete@ පන්සල් හංදිය අන්න දැක්කද ඒකෙ ආතල් එක දන්නෙ එහෙමත් එක්කෙනෙක්
@ නරකයා... මටනම් මොකෙක් උනත් කමක් නෑ නින්ද තමා පරම සතුට හික්ස්
ReplyDelete@ සමනල් පැටියා හොඳ වෙලාවට කොන්දොස්තරට මතක නොතිබුනෙ මූ මහරගමට ටිකට් ගත්තෙ කියලා
@ Raj බෝම්බ ගැන කතාකරද්දි මොන නින්ද ගිය එවුන්ද, පන බෙරගෙන දුවනවා මිසක්
ReplyDelete@ රාජ් එහෙම වෙලාවට මම නම් කරන්නෙ බවලතා ඉන්න පැත්තට විරුද්ධ පැත්තට JACK එකක් ගහනවා . එතකොට ඒ ප්‍රශනෙ ඉවරයි
@ අසරණයා කොහොමටත් මම ඒ පැත්තෙ යන කෙනෙක් නෙමෙයි එදාම තමයි ගියෙ
ReplyDelete@ මාතලන් කවුරුත් කියනවා, මට හිතෙන්නෙත් එහෙමයි
@ heshan දන්නෙ නැතුව වගෙ අහන හැටි
ReplyDelete@ Sabith පොරට මාව මතක නෑ ඒ තරමටම සෙනග වැඩියි
අප්පා දවසක් වෙන මනුස්සයෙකුගේ මල්ලක් නිසා මම පොලීසියෙන් කුණු බැනුම් ඇහූ හැටි මතක් වුණා මේ කතාව කියෝලා .
ReplyDeleteහප්පා මාර සීන් එකක් නේ , මගේ හොද යාළුවෙක් පිළියන්දල බස් බෝම්බෙට අහු උනා,අදටත් ඉන්නේ රෝද පුටුවේ....
ReplyDeleteමට හෝල්ට් එකක් බස් එකේ ගියත් නින්ද යනවා. දවසක් එහා පැත්තේ කවදාවත් නාපු නැති කසිප්පු අංකල් කෙනෙක් කොට්ටෙට තියාගෙන නිදි...ඊක්කාාාා
ReplyDeleteඔබට ජය...
අනේ මෙයාටත් වෙන වැඩ..
ReplyDeleteඊට පස්සේ ලොකු ජෝන්ට අක්කලා නංගිලා නැන්දලා ටික වටකරගෙන කුඩ වලින් නෙළුවේ නෑලු...
ReplyDeleteඅර දැන් ගහලා තියෙන පෝස්ටරේ වගේ කියන්න තිබුනේ "ඔව් මං කොටියෙක්" කියලා...
ඒ දවස් ගැන නම් මතක් කරන්න එපා. අම්මලා පාරට වෙල බලාගෙන ඉන්නවා වෙනදට වැඩිය ටිකක් හරි රෑ වුනොත්.
දීයා කන්න එපෑ මේකව, අර අහිංසක පාසල් දරුවොයි, වැඩට යන කාශ්ටියයි මොන tharan rasthiyaadu වෙන්න ඇද්ද?
ReplyDeleteඇති කස්ටිය එකතු වෙලා ස්ට්‍රෙචර් එකක තියලා බස් එකෙන් අරන් ගියෙ නැතුවා....
ReplyDeleteවැඩේ ඇත්ත තත්ත්වෙ තේරුනාම අනිත් මිනිස්සු හරි ආදරෙන් බලන්න ඇති නේද අනේ ඔයා දිහාව...? :D
@ලොකු ජෝන් : ඒක අවුලක් නෑ. මම ඕන තරම් මහරගමට ටිකට් අර0 ට්‍රේනි0 කොලේජ් එක ගාවින් බැහැල තියෙනව. මොකටද නිකන් එක හෝල්ට් එකට රුපියල් 2 වැඩියෙන් දෙන්නෙ..
ReplyDelete@ හිස් අහස කතාවක් විදිහට දැම්මනම් එල
ReplyDelete@ ඔබ නොදුටු ලොවක්..... …ඒකනම් සෑහෙන දුකක්
@ sAm (සෑම්) මටත් නින්ද යනෙන් නම් එහෙම තමා මීටර් 100ත් ඇති නිදාගන්න
ReplyDelete@ වර්ණා එහෙම තමා සිරා පොරවල් උනාම හික් හික්ස්
@ prasanna86k මට නම් බෝම්බ අත් දැකීම් තියනවා දෙහිවල පලමුවෙනි බෝම්බෙන් අනූනවයෙන් බේරුනෙ ඒ කතාව පස්සෙ ලියන්න හිතන් ඉන්න නිසා මෙතන දානෙ නෑ
ReplyDelete@ Observer ඉතින් මම මක්කැයි කොරන්නෙ නින්ද කියන්නෙ මූලික අවශ්‍යතාවයක්නෙ
@ Miyuru මොනවා කතා කරනවද මන්දා මුන් බනින ඒවා අහගන්න බැරිව බැග්ග් එක අතේ තියාගෙන අනිත් පැත්ත හැරිලා නිදා ගත්තා කටුබැද්දට යනකන්
ReplyDelete…
@ සමනල් පැටියා හැබැයි පුතො කොන්දොස්තරලා ඕවා නෝට් කරන් ඉන්නෙ
ලොකු ජෝන් උන්නැහේට වෙච්චි දෙයක්....!! කියනකොටත් බයයි බෝම්බ නම් අපෝ....://
ReplyDeleteමොනවා උනත් මේ ලිපියේ මම ආසම තැන අර මුල් හරියෙම ලියල තියන "මගේ ප්‍රියතම විනෝදාංශය....." කියන තැනින් පටන් අරන් "....නිදාගැනීමට හිත යොමු කරනවා" කියන එකෙන් ඉවර වෙන කොටසට..හි හි...!!