he

Tuesday, December 20, 2011

ව්‍යාග්‍රා සහ හොට් චොකලට්

හැමදාම අත්දැකීම් ලියන්න ඕනෙ කියලා නීතියක් නෑනෙ. අද වෙනසකටත් එක්ක හිතුනා පොඩි විහිලු කතාවක් ලියන්න. මේ කතාව බලන අයට මුලින්ම කියන්න කැමතියි… වෛද්‍ය විද්‍යාව ගැන මගෙ දැනීම අන්තිමයි. ඒ හින්දා මෙ කතාව විහිලු කතාවක් විදියට විතරක් බලන්න.


…සාමාන්‍යයෙන් අපෙ රටෙ තාමත් හුගක් දෙනා වැඩිහිටියන්ට සලනක නිසා මෙ කතාව ටිකක් නුහුරු වෙන්න පුලුවන්. ඒ උනාට උපස්ථාන සෙවා කියලා පවත්වාගෙන යන මහලු මඩම් ගැන පෙනකොට ඒ කතාව ඉල්ලා අස්කරගන්නත් හිතෙනවා. මේවායෙ නැවතී සිටින වැඩිහිටියන්ගෙ අලගිය මුල ගිය තැන් හොයන්න ගියොත් මාස ගානකට බ්ලොග් එක පුරවන්න පුලුවන්. …
ඔන්න එක සීයාකෙනෙක්ව එක මුනුබුරෙක් මෙ වගෙ මහලු නිවාසෙකට ගෙනල්ලා ඇරලෙව්වලු. මේ සීයට අවුරුදු 85 ත් පැනලා. හරිම දුර්වල තත්වයෙ තමයි හිටියෙ. ගෙදර සලකන්න බැරි හන්දා වෙන්න ඇති මුනුපුරා සීයව මහලු නිවාසෙට ගෙනත් ඇරලුවෙ. … 


කොහොම හරි මේ මහලු නිවාසයෙ සාත්තු කරන්න ඉන්නෙ තරුණ මනා පෙනුමැති රූබර ගැටිස්සියො. මුනුපුරාටත් නතරවෙන්න හිතෙන විදිහෙ අය තමයි ඉන්නෙ. සීයව අතින් අල්ලගෙන එක්කරගෙන යන්න සෙරම වැඩ කරන්නෙ අර මුලින් සඳහන් කරපු විදිහෙ උපස්ථායිකාවො. කොහොම කොහොමහරි මුනුපුරා සීයව ඇරලවලා ආවා. 

මාසෙකට විතර පස්සෙ මුනුපුරාට සීයව මතක් උනා. සීයව මතක් උනාද අර නාඹර ගැටිස්සියො ටික මතක් වුනාද කියන්න දන්නෙ නෑ කොහොමහරි සීයව බලන්න මහලු නිවාසෙට ආවා. මුනුපුරාට හිතාගන්නවත් බෑ. සීයගෙ තත්වය මරු සීයා පොරවෙලා. අර දුර්වල ගතිය කොහේ ගිහිල්ලද දන්නෙ නෑ. හොඳට ඇවිද ඇවිද ඉන්නවා. ඉතින් අපෙ මුනුපුරාට හරි සතුටුයි. 

ඉතින් මුනුබුරා හවස් වෙනකම්ම සීයත් එක්ක හිටියා සීයට රෑ කෑම කවන්නෙත් අර ලස්සන හුරුබුහුටි ගැටිස්සියක්. රෑ කවලා ඉවර වෙලා සීයට මේ ගෑනු ළමයා හොට් චොකොලට් පානයක් දුන්නා. ඒ එක්කම තව බෙහෙත් පෙත්තක් දුන්න. මුනුබුරාට ලං වෙලා බැලුවා බෙහෙත් පෙත්ත මොකක්ද කියලා. යකඩො ව්‍යාග්‍රා පෙත්තක්. මුනුබුරාට ෆුල් හොල්මන්. මේක මාරම ප්‍රහෙලිකාවක්. සමහර විට ඉරිසියත් හිතුනද මන්දා.  


ගෑනු ළමයා එලියට යනකොට මුනුබුරත් එලියට ඇවිල්ලා අර ප්‍රහෙලිකාවට උත්තර හොයන්න. හිමිහිට ලංවෙලා අහනවා අර ළමයගෙන් "ඇයි අර සීයට හොට් චොක්ලට් එකක් එක්ක ව්‍යාග්‍රා පෙත්තක් දුන්නෙ ?" කියලා. 

ඒ ළමයා මොකක්ද දන්නවද කියුවෙ ............................................................................................
............................................................................................
............................................................................................
.................. ........................................................................
.........................................................................................
හොට් චොක්ලට් එක දෙන්නෙ නින්ද යන්නලු ........................
ව්‍යාග්‍රා එක දෙන්නෙ ඇඳෙන් පෙරලෙන එක නවත්වන්නලු .

40 comments:

  1. මොකක්ද මචන් වයාග්‍රා පෙත්ත කියන්නෙ? ( ඇත්තටම දන්නෙ නැති නිසයි අහන්නෙ. )

    ReplyDelete
  2. හීක්.... ඇත්තටම ව්‍යාග්‍රම ඕනෙද ඕකට ...... එක්කො ඕනෙ නැහැ. කථාව හොදයි.

    ReplyDelete
  3. ව්‍යාග්‍රා යනු ප්‍රසිද්ධ වාජීකරණ ඔසුවකි!

    ReplyDelete
  4. අර උපස්ථායක ගැටිස්සි පොස්ටිනෝ පෙත්තක් ගන්නවා ඇති,,,

    ReplyDelete
  5. ව්‍යාග්‍රා පෙත්ත කියුවේ මොකක්ද? මම දන්නෙත් නැහැ.

    ReplyDelete
  6. හෑ.. එහෙනම් වැටෙන්නෙ නැතුව අලවන්ගුව හිරවෙනව ඇති.hikk අම්මපා මන් හොස්පිටල් සතියක් හිටියා. අර නර්ස් නෝනලාට හිතුන් නෑනේ ඕක.

    ReplyDelete
  7. උපස්ථායක ගැටිස්සි දින පතා කප් රුකේ ඵල වල සිවිය ඉවත් කරනවා වෙන්ටත් පුළුවනි, සීයට නින්ද ගියහම.

    (සමා වෙන්ට පළමු ගොඩ වැදීමේදීම අසැබි දෙයක් කිව්වනම්)

    වෙද මහත්තයා කියා නොකී කතාව මොකක්ද ?

    ReplyDelete
  8. සීය ඉක්මනටම වැලිගම යන්නැති පෙති බීලා බීලා

    ReplyDelete
  9. viagra kiyanne avurudu 5000 kin mepita hoyagath prabala batahira waJikarana aushadayak ousshadeeya namaya SILDENAFIL

    ReplyDelete
  10. ඔ්ක මොන වර්ගයේ ලීවරයක්ද බොලව්

    ReplyDelete
  11. වයාග්‍රා නොදන්නා කට්ටයට.
    'වයාග්‍රා' යනු ඉන්දියාවෙ කැළෑ වල වෙසෙන ව්යාග්‍රයින් වර්ගයකි. වැඩිදුරටත් විස්තර අවශ්‍ය නම් 'ජිම් කෝබට්' විසින් ඉංග්‍රීසියෙන් ලියන ලදුව, සිංහලට පරිවර්තනය කර ඇති, 'රුද්‍රප්‍රයාග්හි මිනී කන ව්යාග්‍රයා' පොත කියවා බලන්න.

    ReplyDelete
  12. අපේ හොස්පිට්ල් වල නර්ස් නෝනලාටත් ඔහොම හිතෙනවා නම්...................

    ReplyDelete
  13. පට්ට කතාව.. එතකොට ව්‍යාඝ්‍රා පෙත්තේ ඒ වාසියත් තියෙනවා එහනම්...

    ReplyDelete
  14. වියග්‍රය කියන්නේ ලොසින්ජරයක් වගේ පෙත්තක් පෙත්තක් එක බිවුවහම ගොරවන්නේ නැහැ

    ReplyDelete
  15. ඔබා මාම නං නියමෙට කියලා තියෙනවා පෙත්ත ගැන..හික් හික් ...ජැක් හැමර් කියලා එකෙක් තියෙනවා හැබැයි ඒක තියෙන්නේ වාහන හදන ගැරේජ් වල ....

    ReplyDelete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. අපි නොදන්න ව්‍යාග්‍රා .........
    ෂෝක් උපස්ථායිකාව .....

    ReplyDelete
  18. මුනුබුරත් එහේ නැවතුනා කියන්නේ ඇත්තද?...
    ආං නියම හැඳින්විමක් ඔබා මාමාගේන්

    ReplyDelete
  19. අනේ නොදන්නා දෙවල් ගොඩාක් දැන ගත්තා..

    ReplyDelete
  20. අදයි දැන ගත්තේ ව්‍යාග්‍රා ගැන.......

    ReplyDelete
  21. @සමනල් පැටියා මට උත්ත්‍රදෙන්න පරක්කු උනාට ඔය කට්ටිය උත්තර දීලා තියෙන්නෙ

    @වෙද ගෙදර මහ වෙදනා අන්න අන්න ගිල්ලා. විහිලුවකින් හරි මොනවහරි ඉගෙනගන්න එපැයි. අර කියන්න ගියදෙ කිව්වනම් නේද හොඳ

    @විසිතුරු | visituru Thank you කියුවා

    @දූපත් වැසියා අවශ්‍ය වෙන්නෙ නෑ මයෙ හිතෙ ව්‍යග්‍රා ගන්නෙ පෙරලෙනවට විතරනෙ.

    @වර්ණා ඔය විසිතුරුත් කියලා තියෙන්නෙ

    @Stillwaters Jk ඉති එකට මහලු මඩමට යන්න එපැයි

    ReplyDelete
  22. @ඉඳුනිල් ස්තුතියි ආවාට . කතාවෙ හැටියටනෙ කොමෙන්ට් වැටෙන්නෙ නැද්ද මං අහන්නෙ

    @Gimhani වැලිගං ගියත් ගමන කෙලින් නෙ ..හික් හික්

    @Anonymous ස්තුතිය් දැනුවත් කිරීමට

    @නරකයා ...!! ඔන්න දන්නෙ නැති දෙවල් අහනවා

    @Observer ආ ඔය කියලා තියෙන්නෙ . මොන ශබ්දකෝශයෙන්ද උපුටා ගත්තෙ

    @රෙප් මහත්තයා කට්ටිය සෙරම ලෙඩවෙයි

    @Dinesh නැතිව ඒ හොයා ගැනීමට පෙටන් එකක් දෙන්න ඕනෙ

    @Sabith හොරා වගෙ හිනා වෙන හැටි <0b>

    ReplyDelete
  23. @අසරණයා ඔය කියලා තියෙන්නෙ :)

    @ඔබ නොදු‍ටු ලොවක්..... අපි නොදන්න ජැක් හැමර්

    @පන්සල් හංදිය අනෙද කියන්නෙ

    @Raj දැන් මුනුබුරා හැමදාම සීයා බලන්න ගිහින් රෑවෙනතුරු ඉන්නවලු පෙත්ත උස්සන්න

    @Ruka එහෙනම් දාපු පොස්ට් එකෙන් වැඩක් වෙලා

    @මහි Rukaට දීපු උත්තරයම තමයි දෙන්න තියෙන්නෙ

    ReplyDelete
  24. හික් හික්.... අනේ අම්මප මේ ගැටිස්සියන්ටත් කල්පනා වෙන දේවල්

    ReplyDelete
  25. 25 දෙනෙකුට

    මගේ එකෙත් මෙතන කොටුවක් පේනවා ඇයි කියල දන්නෙ කවුද?
    මේක ටිකක් මනෝ කතාවක් :)
    ගුරුත්ව කේන්ද්‍රය සම්බන්ධ ගණිත ගැටළුවක් වගේ :)
    එළ....

    ReplyDelete
  26. @ ලොකු පුතා වැඩ ලේසි කරගන්න මොනවද දැන් නොකරන්නෙ

    …@ Gordonia ceylanica මොකක්ද බං මේ කොමෙන්ටුව

    ReplyDelete
  27. සර් ජෝන් හරි බණ්ඩාරනායක මහත්ත්යා හරි ගොවි පොළක් විවෘත කරන්න ගිහිනුත් මේකට ටිකක් සමාන කතාව වෙලා තියෙනවා. දන්නවාද ???

    ReplyDelete
  28. මේක කමෙන්ට් එක:
    මේක ටිකක් මනෝ කතාවක් :)
    ගුරුත්ව කේන්ද්‍රය සම්බන්ධ ගණිත ගැටළුවක් වගේ :)
    එළ....


    මේක ඔයාගෙන් අහපු ප්‍රශ්නයක්:
    "25 දෙනෙකුට

    මගේ එකෙත් මෙතන කොටුවක් පේනවා ඇයි කියල දන්නෙ කවුද?"
    මට මේ සිංහල බ්ලොග් වල (මගෙත් ඇතුළුව ) තැන් තැන් වල පොඩි කොටු පේනවා,
    ඔයාගෙත් කමෙන්ට්ස් ලග පේනවා:)

    ReplyDelete
  29. මට පෙන්නෙ යුනිකෝඩ් ගැටලුවක් වගෙ (මෙක මම මගෙ එකවුන්ට් එකට ලොග් නොවී දැම්මට අමනාපවෙන්න එපා ඒත් මෙ මමම තමා :) )

    ReplyDelete
  30. අප්පොච්චියේ ඔන්න පුංචි නම් මේක කියෙව්වේ නෑලු..හේ හේ..

    ReplyDelete
  31. mata theruneth nah lu :D

    ReplyDelete
  32. සැහ් අද නෙව හරියටම ව්්‍යාග්‍රා ගැන දැනගත්තෙ . . . ටංකිවු ඔබා අයියා

    @ Gordonia ceylanica:
    සිරාවටම මටත් එහෙම පේනවා

    @ලොකු ජෝන්:
    කොමෙන්ට් වලට උඩිං තියන "32 දෙනෙකුට මෙහෙම හිතිලා තියනවා.:" කියන පේලියෙ කොම්බුවට වැටිල තියන කො‍ටුව ගැන ඔය ගොර්දෝනියා සෙලනිකා අහල තියෙන්නෙ

    ReplyDelete
  33. ඔය ලීවරයේ භාරය තියෙන්නෙ මැදද කෙළවරේද බං.

    ReplyDelete
  34. ඇඳ හිල් උනේ නැද්ද දන්නෑ

    ReplyDelete
  35. ඇඳෙන් පෙරලෙන්නෙ නැත්තෙ ඇයි කියල නම් තාම තේරුනේ නැහැ!!!!!

    ReplyDelete
  36. @ දඟ මල්ල>> පොඩි ළමයින්ට ඕවා තේරෙන්නෙ නෑ. තව ටිකක් ලොකු වෙන්නකෝ

    ReplyDelete
  37. අන්න කෙල්ලො

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..