he

Monday, May 21, 2012

95.ජන(අ)ප්‍රිය

අද වෙනස් මාතෘකාවක් ගැන ලියන්න හිතුනා. හැමදාම මඩ ගහනවා කියලා එහෙමත්ම මඩ ගහන්න පුලුවනෑ. මේකත් එක්තරා විදියක මඩ ගොඩක කතාවක්.  මුලින්ම කියන්නෙ මේ මගේ හිතෙ තිබුන, මට පෙනුන දෙයක්.   

නත් ජයසූරිය ඔස්ට්‍රෙලියානු පන්දුයවන්නට එලව එලවා පහරදෙනවිට අපි ඔහුට හුරේ දැම්මෙමු.

96 ලෝක කුසලානය දිනා වටිනාම ක්‍රීඩකයා වනවිට අපි ඔහු ගැන ආඩම්බර වීමු.

ඉන්දියානුවට ආර් ප්‍රෙමදාස ක්‍රීඩාංගනයේදී ලකුනු 340ක් ගසා වාර්තාවක් පිහිටවූදා ක්‍රිකට් වලට කැමති අය වගේම අකමැති අයද ඇතුලුව ශ්‍රී ලාංකිකයන්ගෙ සියයට සීයකගෙම ප්‍රසාදය ඔහු සමග විය. …




"ජනරාල් වැලන්ටයින් උතුමානනි, මම් උබෙ කීකරු බලු කුක්කා ෆැබ්ලො " …
1983 දී මෙතනින් මාරුවෙනු වෙදිකා නාට්‍යයෙ ජැක්සන් ඇන්තනි නොහොත් පනා පුත්‍ර කුහුඹු පැණියා, කෙතරම් අපූර්ව රංගනයක්ද ? 1987දී "මරාසාද්" හි රංගනය අමතක කල හැකිද?
වේදිකාවෙන් රූපවාහිනියට ගිය ඔහු "පලිඟු මැනිකේ" "කඩුල්ල" "පිටගම් කාරයෝ" වැනි ටෙලි නාට්‍ය හරහාත් ඉන් පසු රිදීතිරයෙන් "ගරිල්ලා මාකටිං" "අස්වැසුම" වැනි නිර්මාන තුලින් ශ්‍රීලාංකික ප්‍රෙක්ශකයන්ගෙ ඉමහත් ගෞරවයට පාත්‍රවිය. …

ඔස්ට්‍රෙලියානු ජාතික විනිසුරු ඩැරල් හෙයාර් විසින් පන්දුව දමාගසනවා යැයි මුත්තයියා මුරලිදරන්ට චෝදනා කරද්දී ඊට එරෙහිව ඇඟිල්ල ඔසවන්නට තරම් නිර්බීතවූ අර්ජුන රණතුංග කෙරෙහි එදා මුලු ලංකාවම ගෞරවයෙන් කතාකල බව එදා සිටි කාටත් නොරහසකි.
96 ලෝක කුසලානය ඔසවද්දී, ශ්‍රීලාංකික ක්‍රීඩාලෝලීහු පමනක් නොව මුලුමහත් ලංකාවම අර්ජුනට ගෞරව කලහ. …

මේ උදාහරන කීපයක් පමනි. සියයට සීයකගෙ කැමැත්ත හරි අඩකට බෙදාගන්න ඉහත කී උදාහරන වලට අවශ්‍ය වුයෙ දෙශපාලනය නම් මාර්ගයට තම වාහනය හැරවීම පමනි. සමහරු කැමැත්තෙන් ගියේය. තවත් සමහරු අනුන්ගෙ බලකිරීමට ගියේය. … …

දැන් ජයසූරිය යනු අයෙකුට වහකදුරුය. ජැක්සන් යනු ගොට්ටෙකි . අර්ජුන පිලිබඳව කතාකරන්නෙද නොසතුටෙනි. මොවුන් දෙශපාලනයට නොආවානම් මැනවි යැයි මට සිතෙ. ඒසෙ වූවානම් අදටත් මොවුනට මුලු ලංකාවම ආදරය කිරීම නවත්වන්නට කාටවත්ම බැරිය. ඒ පොදුජන ආදරය නවත්වන්නට හැකි ජගතෙකු මෙලොව සිටින්න්ට බැරි නිසාය.    

39 comments:

  1. මෙතනට තව නමක් එකතු වෙන්න ඕන නේද?... :)

    ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියනවනෙ... ඒක ඔලුවෙ තියන් ඉන්න ඕන නැති වුනත් වෙනත් ‍ක්ෂේත්‍රයකින් ගත්තු ජනප්‍රියත්වය හරහ දේශපාලනයට ඒම තමයි මේ අයගෙ වුන වැරැද්ද මගේ හිතේ... මොකද එහෙම අයගෙන් මිනිස්සු බලාපොරොත්තු වෙන ප්‍රමාණය වැඩී...

    ReplyDelete
    Replies
    1. එකතු කරන්න නම් තව සෑහෙන්න නම් තියනවා.

      …නෑ මම හිතන්නෙ ඒ අය කිසියම් දෙශපාලන පක්ශයකට පාක්ශිකව ඉන්න නිසා අනිත් පාක්ශිකයන්ගෙ තියන අකමැත්ත තමයි හේතුව. සමහරවිට ස්වාධීනව එනවනම් තත්වය වෙනස් වෙන්න ඉඩ තියනවා. හැබැයි එහෙම උනොත් රටෙ තියන දෙශපාලන වාතාවරනයත් එක්ක ස්වාධීනව එන මනුස්සයට තැනක් නැතිවෙන්න පුලුවන්.

      Delete
  2. ඇත්ත.. දේශපාලනයට ආව නිසා කලක් මිනිසුන්ගේ ගෞරවය දිනාගෙන හිටපු අය ඒ තැන අහිමි කර ගත්තා..

    ReplyDelete
    Replies
    1. මලේ,මගෙඊය හම්බඋනාද?

      Delete
    2. තමන්ට තිබුන තත්වය නැතිකරගන්න එක ගැන හිතනකොට දුකයි

      Delete
  3. සහතිකඇත්ත,පස්සේ කියන්නම් තවත්ඔයවගේ අයගැන...

    ReplyDelete
    Replies
    1. ඒ අය ගැන කතා නොකර ඉමු

      Delete
  4. ඇයි ෆොන්සේකා ??

    ReplyDelete
    Replies
    1. ස්ස්ස් කට කට

      Delete
    2. ඇයි ඔයා නිකම්ම නිකම් ෆොන්සේකා කියන්නෙ..? බයද? ජාතික වීරයකුට ගෙීරව කරන්න.. රහමජාගෙ මාද්දිය ලොන්ඩරියෙන් දාන දාන කුණු ගිලින උන් තමයි ඔහොම කියන්නෙ මලේ..

      Delete
  5. ඇත්ත ක්‍රීඩාව කලාව ස්වාදීන දේවාල් දේශපාලනය කියන්නේ එක පිරිසක් කැමති දෙයක් නිසා කොච්චර වීරයෙක් වුනාත් පිරිසකට වහ කදුරු වගේ.

    ReplyDelete
    Replies
    1. මමත් ඉන්නෙ ඔය මතයෙ තමන්ට අදාල විෂය ප්‍රවීන කරගෙන රටට සෙවයක් කරගෙන ඉන්නවනම් තමයි මම කැමති. ඇයි අර කතාවකුත් තියෙන්නේ බල්ලගෙ වැඩෙ බූරුවා කරන්න යනවා කියලා..

      Delete
  6. ඔන්න ඕකයි ලොකු ජෝන් මම දේශපාලනය ගෑවිලාවත් තියෙන පෝස්ට් කියවන්නෙවත් කමෙන්ට් දාන්න යන්නෙවෙත් නැත්තෙ. මට නම් දේශපාලනය වහ කදුරු මෙන් තිත්තයි. උඹ උනත් පලයංකො දේශපාලනයට ඔය ලොකු කෑල්ල හැලිලා නිකංම ජෝනා වෙලා ටිකදවසකින් තනිකරම ජෝන් බාස්ටම යන්නෙ නැද්ද කියලා බලන්න.
    :D

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඇත්ත Dude මමත් කැමති නෑ මෙක මම ලියුවෙ දෙශපාලනික අරමුනකින් නෙමෙයි මට මෙ ගැන හිතෙන දෙ කියන්න. අපි හැමෝම ගරුකරන අය දෙශපාලන හේතුන් වලින් අපෙන් ඈත්වෙන එක හිතට මදිකමක් ඒකයි

      Delete
  7. මමත් හැකි සෑම විටම කුණු ගඳ ගහන කුජීත දේශපාලනයෙන් ඈත් වෙලා ඉන්ඩ තමා බලන්නෙ. එහෙම ලිපි වලට කමෙන්ට් කරන්ඩවත් මම ආස නෑ..

    ReplyDelete
    Replies
    1. කලින් Dude ට දුන් පිලිතුරම ඔබටත් දෙන්නම් ස්තුතියි මෙ පැත්තේ ආවට.

      Delete
  8. අර්ජුනලගේ පරම්පරාවේ නම් දේශපාලනේ තිබුණා. ඒත් අනික් දෙන්නා නැත්තටම නැති වුණා දේශපාලනයෙන්. ජැක්සන්ලගෙ කලාවෙ තිබුණ සොඳුරු ගතිය දැන් නැහැ තිබුණත් ජනතාව මායිම් කරන්නෙත් නැහැ. බඩගෝස්තරවාදීන් කිය ජනතාව දන්න නිසා.

    මුරලි ඉදිරියට මොනව කරයිද දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඒත් අර්ජුනත් දෙශපාලනයට නෑවිත් හිටියනම් තමා හොඳ.

      Delete
  9. සනත් මැච් අතර තුර පාර්ලිමන්ටි ගිහින් නෝන්ඩි වූවාට අර්ජුන වැදගත් ලෙස ක්‍රීඩාවට සමුදී දේශපාලනය කලේය.

    මම අර්ජුනට ගරුකරමි.

    ReplyDelete
    Replies
    1. ඔබට අමතක ඇති අර්ජුන අයින් වෙනකොට තිබුන තත්වය. ගුරුසිංහට මහනාමට පල නොකියා පලා බෙදලා මුලු කන්ඩායම නන්නත්තාර උනාට පස්සෙ තමයි අර්ජුන අයින් උනෙ. ලෝක කුසලානෙ දිනාගත්ත ගමන්ම අයින් උනානම් වැදගත් කියලා කියන්න පුලුවන් කොහොමත් ඔය දෙන්නම අයින් උනෙ ක්‍රීඩා ලෝලීන්ට එපා උනාම.

      …ඇත්තටම වැදගත් විදියට අයින් උනෙ මුරලි විතරයි. තමන්ට කඩුලු 800 ගන්න තව කඩුලු 8ක් ඉතිරි වෙලා තියෙද්දි, තව තරඟයක් ඉදිරියට තියෙද්දිත් තරඟ 3කින් සමන්විත තරඟාවලියෙ දෙවන තරඟයෙන් සමුගන්න බව ප්‍රකාශකරලා කෙසේ හෝ කඩුලු 800ත් දවාගෙන සමුගත්තෙ වැදගත් විදියට.

      Delete
  10. අර්ජුනට සනත්ට තියන කැමැත්ත එච්චරම අඩුවෙලා නෑ. එයාල කෙලින්ම(විශේෂයෙන් අර්ජුන)දේශපාලනය කරනව. ජැකා නං රෙදි නැතුව කඩේ යනව. ඒකයි කවුරුත් කැමති නැත්තෙ.
    හැබැයි මේ ඕනම කෙනෙකුට අයිතියක් තියනව තමන් හරි කියල හිතන දේශපාලනයක් කරන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් ඕනෑම කෙනෙකුට තමන් හරි කියල හිතන දේශපාලනයක් කරන්න අයිතියක් තියනවා. ඒත් ජනමතය ඊට පටහැනියි. ජනප්‍රිය චරිත දෙශපාලනයට එන එකට කැමති අදාල දෙශපාලන පක්ශ විතරයි. කවුරු කවුරුත් කරන්නෙ කාට කාටත් කඩෙ යන එක තමයි. ජනප්‍රිය චරිත කරන්නෙ තමන්ටම කඩෙ යාම. ජනප්‍රිය චරිත වල කොන අන්න ඒක.

      //අර්ජුනට සනත්ට තියන කැමැත්ත එච්චරම අඩුවෙලා නෑ.// මේක ඔබේ දෙශපාලන මතයෙන් බලනකොට. සමහරවිට ශ්‍රි ලංකා නිදහස් පාක්ශිකයෙකුගෙ ඇසින් බලනකොට ඕකෙ අනිත් පැත්ත.

      … ඒත් අර්ජුන සනත් දෙශපාලනය නොකලා නම් ඔය පක්ශ සෙරම ඔය දෙන්නත් එක්කම ඉන්නවා . මගෙ මෙ ලිපියෙ අරමුන උනෙ අන්න ඒක. (මෙ කමෙන්ට් එකට මම කැමතියි)

      Delete
    2. මෙතන මම කියුවෙ අර්ජුනව සනත්ට සාපෙක්ෂව (පොඩි ටැපලීමක් උනා පස්සෙ දැක්කෙ )

      Delete
  11. එකඟයි ඔයත් එක්ක 100% එහා අගයකින්

    ReplyDelete
    Replies
    1. ජනප්‍රිය පුද්ගලයො ගැන වැඩි දෙනා ඉන්නෙ ඔය මතයෙ තමා ඒත් ඒක මේ අයට තෙරෙන්නෙ නැති එක තමා පුදුමෙ

      Delete
  12. මමනං දේශපාලනේ කොරන්ඩ යන්නෙ නෑ.මම කැමති නෑ දැං තියෙන ජනතා ප්‍රසාදය නැති කරගන්ඩ.

    ReplyDelete
    Replies
    1. සමහරවිට ඊට වඩා ආර්ථික වාසි හින්දා යනවද කවුද දන්නෙ

      Delete
  13. හොදයි තව ලියන්න දිරිය ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මෙහි ආවාට ඒ වගෙම පැතුමට

      Delete
  14. අපිත් ආවා ජොං අයියේ

    ReplyDelete
    Replies
    1. ඇ බං උබ අද යැ ආවෙ ?

      Delete
  15. එකඟයි..ඔබේ මතයට..
    "බලය.." පුහ්...
    ඕං ඕක ලබාගන්න ගිහින් තමයි ජන අප්පිරිය වෙන්නෙ..

    ReplyDelete
  16. ඒකතමා මොනතරම් පිරිසිඳු මිනිහෙක් වුනත් ඔය දේශපාලන මඩ වගුරට ගියාම මඩ නගන්න වෙනවමයි.. ආයෙ ඒකෙ දෙකක් නෑ

    ReplyDelete
    Replies
    1. අනික මුන් හිතන්නෙ සුදු ඇන්දම පිරිසිදුයි කියලා

      Delete
  17. 100% ක් හරි...
    ඒත් මිනිස්සු පක්ෂයට වඩා ඒ මිනිසුන් කල සෙවයට ගරු කරන්න ඔනෙ...

    ReplyDelete
    Replies
    1. සේවයට ගරු කරන්න නම්, සෙවයෙන් ලබාගත්ත ගරුත්වය දෙශපාලනයට බිලි නොදෙන්න ඕනේ.
      … හැමෝම එන්නේ ඒ ගරුත්වය දේශපාලනයට පොරවලා එතන හෙලුව වහන්න. ඒඋනාට එතකොට තමන්ගෙ රෙද්ද ගැලවෙනවා කියලා ඒ අයට තෙරෙන්නෙ නෑ

      Delete
  18. මමත් උඹේ කතාවට 100% එකඟයි මචං. ඔය මිනිස්සු දේශපාලනේ නොකරනම් අද හොඳ මහත්වරු...

    ReplyDelete
    Replies
    1. කොහොමත් දෙශපාලනෙ කරන්නෙ මහත් හොරු තමා

      Delete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..