he

Thursday, May 17, 2012

94.චන්දරේ කොළඹ ආ හැටි

මෙ කතාවනම් එහෙම පිටින්ම මඩක්. අනිවාර්‍යයෙන්ම ඉදිරි දින කීපයෙදී අම්බානක කන්න වෙන විත්තියනම් පටන් ගන්න කලින්ම කියන්න ඕනෙ. කෑමෙන් බේරෙන්න නොකිය ඉන්න හිතුනට මෙ කතාටික එහෙම කොහොම නොකිය ඉන්නද. මෙක කන්තෝරු කතා ගොන්නට එකතු කරන තවත් කතාවක්. මේකතාවෙ කතා නායකයෝ එක්කෙනෙක් නෙමෙයි,සෑහෙන්න ඉන්නවා. ඒවගෙම කතාන්දරත් ඒ හාසමානව තියනවා. වෙලා තියන තියන විදියට එක එක කතාව ලියන්නම්. අනිත් කතන්දරත් එක්කම.


මේ කන්තෝරුව නාරහේන්පිට පිහිටි එකක්. කන්තෝරුවෙ ඉන්න උන්න හැමෝම වගෙ කොළඹ අය නෙමෙයි. ලොක්කත් අර හඳට පොල්ලකින් ගහලා, හඳ කඩා වැටුනට පස්සෙ යන්තම් අතගාලා, හඳ ඇඟිල්ලෙ ගෑ උනාම, ලෙව කාලා හඳ ඇබුල් රහයි කියපු ගමෙ කෙනෙක්.


ලොක්කා කොළඹ ආවට පස්සෙ එයා එයාගෙ කොම්පැනියට ලංකාවෙ හතර වටින්ම කට්ටිය ගත්තා. ඒකට හෙතුවක් තියනවා. ඒකත් පස්සෙ කියන්නම්. ඔක්කොම කතා එකක කියුවම හරි නෑනේ. ඔන්න අද කතාව චන්දරෙ කොළඹ අපු හැටි.



මේ කාලෙ ලොක්කා එයාගෙ කන්තෝරුවට කට්ටිය හොයන කාලෙ. ගමෙ යනගමන් ලොක්කා වෙහෙරහෙන පැත්තෙ යාලුවෙකුගෙ ගෙදරකට ගොඩවෙලා. මේ යාලුවා මාර්ගයෙන් ලොක්කට හම්බවෙලා තියනවා වෙහෙරහේනෙ පැත්තෙන් පොරක්. පොරගෙ නම චන්දරෙ. 

ලොක්කට කියාපුම පොරක්, නියම වැඩ්ඩෙක් බව ඉවෙන්ම තෙරුන ලොක්කා දුටු තැනම කතාකරලා.  ඒ කාලෙ හැටියට රුපියල් දෙදහස් පන්සීයක් දෙන්නත් පොරොන්දුවෙලා. ආයෙත් ඇහිල්ලක් බැලිල්ලක් නැතිවම චන්දරෙත් කැමතිවෙලා. 

ලොක්කා ගමෙ ගිහින් එන ගමන් පොරව කොළඹ එක්කරගෙන යන්න පොරොන්දු කරගෙන. දින කීපයකට පස්සෙ ලොක්කා වෙහෙර හෙනට ඇවිත් චන්දරේට කොළඹ යන්න කතාකරලා. හොඳ ගුන යහපත්කමට හැදුන එකා හන්දා අම්මා තාත්තට දනගහලා වැඳලා කොළඹ  යන්න    පිටත් වෙලා.

 චන්දරේවත් වාහනේට දාගෙන දැන් ලොක්කා කොළ එනව. වාහනේට නැගලා ටිකවෙලාවකින්ම චන්දරේට නින්ද ගිහිල්ලා. 

මිනිහට ඇහැරිලා තියෙන්නෙ කොළඹට කිට්ටුවදි. ඇහැරුනාට පස්සෙ ලොක්කට චන්දරේගෙ වෙනසක් දැනිලා.

 සැරින් සැරෙ ලොකු ලොකු බිල්ඩින් දැක්කම මෙ මනුස්සයා නැගිට නැගිට වඳිනවලු.  දෙහිවල ඉඳන්ම ඉඳලා තියෙන්නෙ හිටගෙන වැඳගෙන. 

ටිකදවසක් ගියාට පස්සෙ තමයි ඒකට හෙතුව දැනගත්තෙ, චන්දරේ දැකලා තිබුන ලොකුම ගොඩනැගිල්ල තමා වෙහෙරහේන පන්සල . චන්දරේගෙ හිතේ ලොකුවට තියන හැම ගොඩනැගිල්ලක්ම පන්සල් කියලා.










… …පසු සටහන : මෙ පොස්ට් එක ලියුවෙ 13වනදා. ඔබා මාමාගෙ අභාවය නිසා පොස්ට් එක ලියලත් දාන්න හිතදුන්නෙ නෑ ඒ දුක්බර පුවත ආරංචි වෙනකොට Schedule කරලා තිබුන එකක්  බිත්තර බදින හැටි පළවෙලා. කොහොමටත් ඔබාමාමගෙන් මේ කතාවලට ප්‍රතිචාර නොවැටෙන බව හැඟෙනවිටනම් දුකයි. එතුමට නිවන් සුව ප්‍රාර්තනා කරනවා!

33 comments:

  1. හික්ස් ආතල් ඩයල් එකක්නේ.....

    ReplyDelete
  2. හෙට ඔෆිස් දිහා යනකොට හොදවයින් හෙල්මට් එකක් අරන් ගියොත් ඇගට ගුනවෙයි වගේ...

    ReplyDelete
    Replies
    1. අද ටිකක් පරක්කුවෙලා ආවෙ එතකොට තරහ නිවිලා

      Delete
  3. හත්වලාමයි....මරු පොරක්නෙ බං
    අළුත් පිරුළ චන්දරේ කොළඹ ගියා වගේ... :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!! (මගෙ අළුත් වචනේ ඈ...)

    ReplyDelete
    Replies
    1. පිරුළ නම් මරු. ඇයි අලුත් වචනේ..

      Delete
  4. ඒ මනුස්සයාට වැරද්දක් කියන්නත් බැහැ

    ReplyDelete
    Replies
    1. කවුද වරදක් කීවේ මේක කාඩ් එකක් බං

      Delete
  5. ලොක්කගෙ ගම කොහෙද අයියෙ......? චන්දරේ තමා චන්දරේ.......:)

    ReplyDelete
  6. දිගටම කරගෙන යන්න මගේ සුභ පැතුම්

    ReplyDelete
  7. අන්න පොරවල්

    ReplyDelete
  8. ලොක්කා පනන්ගලද?

    ReplyDelete
    Replies
    1. හිතහොඳ පිස්සාට NEEL පිළිතුරු දුන්න

      Delete
  9. පව් බං.. හැබැයි අටමස්ථාන වන්දනා කෙරෙව්ව වගේ පිං..
    අපේ පැත්තෙ ඉන්නව ගෙම්බ චන්දරේ කියල අංකල් කෙනෙක්.. :)

    ReplyDelete
    Replies
    1. ඒකනම් සහතික ඇත්ත

      Delete
  10. ගමේ එකානේ.වෙහෙර හේන වගේ පන්සල් එක පේලියට හදපු පළාතක් කියලා හිතෙන්න ඇති.

    ඔය චන්දරේ තාමත් කාර්යාලයේ ඉන්නවනම් හෙට කාටවත් කියන්න එපා අලුත් පෝස්ට් එකක් දාල තියනවා කියවන්න කියලා. මොකද මිනිහා ගමේ එකා වුණාට නපුරා

    ReplyDelete
    Replies
    1. උන් ටික මෙක වැඩිය බලන්නෙ නෑ ඒත් අද බලලා ටික වෙන්න බැනුම් නම් ඇහුවා

      Delete
  11. අර අනිත් ලියනවයි කියපු කතා ලියන්න චන්දරේ ලොකු අයියාව යහතින් තියාවියිදැයි සිතමින්..

    ReplyDelete
    Replies
    1. කොහොමත් අනිත්වා මට ලියන්න වෙනවා නැත්නම් තමා චන්දරේගෙන් කන්න වෙන්නෙ මොකද පොරට විතරක් මඩ ගැහුවා කියලා

      Delete
  12. එම් සී එකට සෙරෙප්පු ගලෝලා ගියා වගේ.

    ReplyDelete
    Replies
    1. ඒකත් හොඳ කතාවක් වෙන්ටැ

      Delete
  13. චන්දරේ කොළඹ එන ගමන්ම පුවත් මවාගෙන ආව නම් මේක ගැන තව සීරීස්
    එකක්ම ඇතිනේ ලොකු ජෝන්?

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. චන්දරේගෙ කතා ඉඳලා හිටලා මම දාලා තියනවා . මල්ටි purpose අයන් එකේ ඉන්න දෙන්නගෙන් එක්කෙනෙක් තමා චන්දරේ http://oldpettagama.blogspot.com/2011/10/purpose.html

      Delete
  14. Replies
    1. මොනවා කතාකරනවද ඒකනෙ කොළඹ එක්කන් ආවෙ

      Delete
  15. වලාමයි... චන්දරේ රට එහෙම ගියොත් ශුවර් ආයේ වැඳලම මැරෙනවා..

    ReplyDelete
  16. ඔයාට උන වැඩක් එහෙම නෙමෙයි නේද.. :D

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..