වීරසිංහ මහත්තයා කන්තෝරුවක වැදගත් නිළයක් දරන කෙනෙක් ඒ හන්දා එයාට කන්තෝරුවෙන් වාහනයක් හෙම දීලා තියනවා. තම බිරිද ජාත්‍යන්තර පාසලක ගුරුවරියක්.
උදෙට උයලා පිහලා තම සැමියට දහවල් කෑමවේල බෙදලා දීලා දෙන්නම තම තමන්ගෙ රැකියාවට පිටත් වෙනවා. ඇයව පාසැල ඇරලවලා වීරසිංහ මහත්තයා තමන්ගෙ වැඩ රාජකාරිය සඳහා පිටත්ව යනවා.
එදා ඉරිදා දවසක්, දෙන්නටම නිවාඩු. වීරසිංහ නෝනා තම මුලුතැන්ගෙයි වැඩකරමින් ඉන්න අතරතුර වීරසිංහ මහත්තයා මුලුතැන් ගෙට ඇතුල් වෙන්නෙ මෙන්න මෙහෙම කියාගෙන ..
"හා හා නෝනා ලිපෙ ගින්දර වැඩියි"
"තව ටිකක් අඩු කරන්න"
"දැන් ඔය සාස්පානට තෙල් ඩිංගක් වෙන්න දාන්න"
"දැන් ඔය බිත්තරය මැද්දට හැන්දෙ මිටෙන් තට්ටුවක් දීලා බිත්තරය කඩලා සාස්පානට දාන්න"
"ලුනු ගම්මිරිස් ටිකත් ලං කරගත්තනම් නෙද හොඳ "
"දැන් බිත්තරය බාගෙට තැම්බෙන කොට................ "
වීරසිංහ මහත්මයට කියන්න ලැබුනෙ එපමනයි.
"ඈ ඕයි තමුසෙ හිතුවද මම බිත්තර බදින්න දන්නෙ නෑ කියලා. මම මෙ පුරුදුවෙන්න බිත්තර බදිනව නෙමෙයි. " වීරසිංහ නෝනා ගොරනාඩු කලා.
"අනෙ නෝනො ඔච්චර කෙන්ති ගන්න එපා. උදෙට වාහනෙ යනකොට, මට වාහනෙ අතනින් දාන්න, මෙතනට කපන්න , ඔතන අස්සෙන් යන්න.. වගෙ දෙවල් කියන හන්දා මටත් හිතුනා නෝනා දන්න දෙයක් ගැන මාත් කියලා දීලා බලන්න ඕනෙ කියලා "
වීරසිංහ නෝනා ඉන් පසු කිසිවක් කීව්වේවත් ඉන්පසු වාහනෙ ඉදිරිපස යනවිට වීරසිංහ මහතාට වාහනෙ පදවන්නට උපදෙස් දුන්නෙ වත් නැත.
මේකට තමයි කියන්නේ "ඌරගෙ මාලු ඌරගෙ ඇඟේ තියල කපනවා කියලා"
ReplyDeleteඇත්ත කතාව නෝනා ඒකෙන් වත් හැදුනා ඇති.
ඒත් පුරුද්ද අතහරින්න පුලුවන් වෙයිද මන්දා
Deleteහිකිස්.... ගෑණු උදවිය ඔහොම්මමයි... :-)
ReplyDeleteසමහර පිරිමිත් එහෙමයි.
Deleteමරුම රිටර්න් එකක්නෙ දීල තියෙන්නෙ.. එල කතාව.
ReplyDeleteවෙලාව බලලා ඇණේ හැහුවම හොඳට ඇණේ වදිනවා
Deleteඅන්න එහෙම තමයි ඉන්න ඕන.. නැත්නම් හැමදාම අරහෙම කරන්න මෙහෙම කරන්න කියාගෙන එද්දි එපා වෙනවනේ..
ReplyDeleteඉවසීම තමයි හොඳ
Deleteආ.. ඕකට පිළියමක් විදිහට මම මූනු පොතේ දැක්කා ආරක්ෂිත ආසන පටියක්. ඒකෙන් ඉස්සරහ අනික් සීට් එකේ ඉන්න කෙනාගෙ කටත් වැහෙනවා. ඔයාලත් දැකල ඇති මම හිතන්නෙ.. හි හි
ReplyDeleteනරකම නෑ මමනම් කරන්නෙ වාහනේ පදවන වෙලාවට කනේ ඉයර් පීස් දෙක ගහගෙන සිංදුවක් අහගෙන යනවා කිසිම දෙයක් ගැන අහන්නෙ නෑ
Deleteඅපොයි ඔව් බන් කච කචේ එපා වෙනවා රෙද්ද මේ ගෑනුන්ගේ
ReplyDeleteතාරට දුන්න උත්තරෙ බලන්න ඒ විදියට කරලා බලන්න
Deleteකච කචේ නැවතුනානම් ඒ ඇති.
ReplyDeleteමොන කීදවසකටද කියලද
Deleteඅනේ අම්මේ ඔය කරදරේ මමත් විඳිනවා. මම රිය පැදවීමේ බලපත්‍රය ගත්තේ 1990 දී. තවම එළවලා නැත්තේ ප්‍රයිම් මූවර් එකක් විතරයි. එහෙව් මටත් අපේ උන්දෑ ඩ්‍රයිවින් උගන්නනවා දිනපතාම.
ReplyDeletehttp://jangun.wordpress.com/
උන්දැ දන්නෙ නැතිව ඇති
Deleteමට වාහන නැති එක හොදට ගියා නැත්තං මටත් ඔය ටිකම තමයි.
ReplyDeleteමෙක ඩ්‍රැයිවින් වලට විතරක් පොදු දෙයක් නෙමෙයි
Deleteඅපොයි මෙහෙමත් කට්ටියක්...හොදට බනින හැටි ගෙදර උන්දැලට....
ReplyDeleteඇයි බොලෙ රැවුලයි කැඳයි දෙකම එපැයි
Deleteඅපේ ගෙදර තියෙන වාහන දෙකෙන් එකක් "ලෙෆ්ට් හෑන්ඩ් ඩ්‍රයිව්" හෙවත් වමෙන් පදවන එකක්...!! ඒක ගත්ත දවසෙනම් ස්ටියරින් වීල් එක තිබුණෙ සාමාන්‍යයෙන් වගේ ම දකුණු පැත්තෙ..
ReplyDeleteනමුත් බිරින්දෑ වම් පැත්තෙ සීට් එකට නැග්ග ගමං ඒක ලෙෆ්ට් හෑන්ඩ් ඩ්‍රයිව් වෙනව.
මං කියන්නෙ තව ටික කාලයක් ගියා ම මාව අන්ධයෙක් උනත් මට කාරෙක පාරෙ එලවගෙන යතෑකි කියල....මොකද අපේ උන්දෑ පාර වැලි කැටේ ඉඳං විස්තර දෙනවනෙ අනිත් පැත්තෙ ඉඳං...!!!
ඔහොම යනදවසක එකපාරටම බ්‍රෙක් එකක් ගහලා ඊටපස්සෙ පවුල කියන ටික කියාගෙන කියාගෙන යන්න ...
Delete