he

Friday, June 1, 2012

96. සිරා වැල්ල ( කොළඹ ආ හැටි )

චන්දරේ කොළඹ ආපු කතාව පහුගිය දවසක දැම්මනේ නොබලපු අය ඉන්නවනම් මෙන්න ලින්කුව "චන්දරෙ කොළඹ ආ හැටි" ගිහින් බලා ගන්න. මොකද මේ කතන්දර මාලාවෙ නිදන් කතාව තියෙන්නෙ එතන. ඒක නොකියෙව්වා කියලා මෙ කතාව වෙනම කතාවක් හැටියට කියවන්න අපහසු නෑ.


අද කියන්නෙ චන්දරේගෙ සගයා "සිරා" කොළඹ ආපු හැටි. මෙ දෙන්න එකතුවෙලා සොසේජස් බැදපු හැටි මතක ඇතිනෙ මතක නැත්නම් "මල්ටි purpose අයන්" මෙතනින් පොස්ටුවට යන්න. ඒ කතාවට අනුව මෙ දෙන්නගෙ බඩවලුත් දැන් හරි ගානට පදම් වෙලා. අවුරුදු ගානකට පස්සෙ බඩවල් පදම් උනාට කොළඹ එනකොටනම් එහෙම නෑ කියලා තමා තතු දන්නෝ කියන්නෙ. කොහොමින් කොහොම හරි මෙන්න මෙකයි අද කතන්දරය



ඔය "සිරා" "සිරා" කියලා කෙටියට කියුවට මේ අර අනිත් කතාවල ඉන්න සිරිල්ම තමා. වැලිගම පැත්තෙ මුහුදු වෙරළ පෙනෙන මායිමෙ, මුහුදු රළ පා ගැටෙන මායිමෙ, පුංචි කාලෙ ඉඳලා හැදී වැඩුන නිසා ටිකක් හයියෙන් කතාකරන පුරුද්දක් සිරිල්ට තියනවා. ඒ ගැනත් කතාවක් තියනවා ඒවා පස්සට.


චන්දරේව හොයන්න ගියා වගේම ලොක්කා වැලිගම පැත්තෙ ගිහින් සිරිල්වත් හොයා ගත්තා. එයාවත් ලොක්කාගෙ වාහනේම දාගෙන කොළඹ ඇවිත්. චන්දරේ නවතින්න හොයාගත්ත තැනම නවතින්නත් හදලා දීලා. බෝඩිම කිට්ටුවෙන්ම කෑමට තැනකුත් හොයලා දීලා. සිරාත් කන්න බොන්න හෙම දන්නෙම නෑ.


පහුවනදා උදේ තමයි ප්‍රශ්නය පැන නැගලා තියෙන්නෙ. කාපු බීපුවා පිටකරන්නත් එපැයි. කොච්චර උත්සහා කලත් වැඩේ වෙන්නෙ නෑලු. තටමලා තටමලා .. කොහෙද කොහොමහරි එක දවසක් නෙමෙයි දවස් දෙකක් තුනක්, කාපුවා පිටකරගන්න බැරිව සිරිල් තටමනවලු.


හතර වෙනි දවසෙ සිරිල් නිවාඩු දාලා ආපහු ගිහින් වැලිගම. පහුවෙනිදා මිනිහා එනවලු පෝර ගෝනියක් උස්සගෙන. කෙලින්ම ගෝනියත් උස්සගෙන ගියාලු බෝඩිමෙ පිලිකන්න පැත්තට. ගෝනියම එකපාර හැලුවලු බිම.


මුහුදු වැලි. මුහුදු වැලි කියුවෙ වැලිගම මුහුදු වෙරළින්ම ගත්තුවා. පුංචි කාලෙ ඉඳලා පුරුදුවෙලා තියන විදියට කාපුවා පිට කරන්න නම් පුරුදු වැල්ලම එපැයි.

42 comments:

  1. Replies
    1. :) මම බයෙ ඉන්නෙ වැඩට යන්න

      Delete
  2. මචං..හොදන්න..මූදුවතුර එතකොට....
    (අපේ පැත්තෙ එන්න ඇහැකිය....?)

    ReplyDelete
    Replies
    1. ඉස්සරහ කඩේන් ලුණු පැකට් එකක් අරන්

      Delete
    2. ඒ පැත්ත් ඉස්සරවෙලාම ආවෙ මම. දිගටම එන්නම් ලියමු බලන්න

      Delete
  3. මූ නම් සිරාම තමා..

    ReplyDelete
    Replies
    1. ඇත්ත්ටම සිරා පොරක් තමා

      Delete
  4. හෝදන්න මුහුදු වතුර ? ටැංකියට ලුණු දාන්න ඇති..

    ReplyDelete
    Replies
    1. හොදන්න යන්න එපැයි මූට තිබුන ප්‍රශ්නෙ නොයන එක

      Delete
  5. මරු.. මෙහේ ගෙවල් වල ඇති කරන පූසන්ටත් ඔහොම වෙනම බේසමක වැලි දාලා තියෙනවා අදාලා කාර්‍ය කරන්න.. :)

    ReplyDelete
    Replies
    1. ඊටපස්සෙ අයිතිකාරයා වැලිටික අස් කරනව . අය්යයියෝ කොහොමද පොරකට මිනිහෙක් දාපුවා අස් කරන්න කියුවොත් කරයිද ?

      Delete
  6. හික්ස් අයියෝ සල්ලි

    ReplyDelete
    Replies
    1. අයියෝ සල්ලි කියන්න තිබුනෙ උඩ Dinesh ගෙ කමෙන්ට් එකේ පූසන්ගෙ අයිතිකාරයට

      Delete
  7. ඒකත් නරක නෑ... :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. නරක නෑ . හැබැයි දැන් රාජ සම්පත් වැඩිවෙලා

      Delete
  8. ඇයි බන් හෝගාන පොකුනට එක්කන් ගියානම් අහකයිනෙ.

    ReplyDelete
    Replies
    1. ඒක හරි යන්නෙ නෑ ගමෙ කම ට තැන දෙන්න එපැයි ඒකයි ගමෙන්ම ගෙනාවෙ

      Delete
  9. ආයිස් අප්පා නියම කතාව.....!!!!

    ReplyDelete
    Replies
    1. නියම පොරවල් ඉන්නකොට නියම කතා එනවා

      Delete
  10. හික්ස්ස්ස්..... මරු ඈ

    ReplyDelete
  11. පට්ට පොරක් නේ :ඩ

    ReplyDelete
    Replies
    1. පට්ට නෙමෙයි බන් ඌ සිරා

      Delete
  12. මට මේ පෝස්ට් එක කියෙව්ව ගමන් මතක් වුනේ එව්.ඩී. ප්‍රේමරත්නගේ "සෙයිලම" චිත්‍රපටයේ රවීන්ද්‍රගෙයි. ඩබ්ලිව්. ජයසිරි ගෙයි ඔය කතාවට අදාල රංගන රූප රාමු ටික. ඒකෙ ජයසිරි මූදු රැල්ලක් එනකල් වෙරලෙ වාඩිවෙලා ඉන්නවා. කතාව තිබුණෙ වැල්වත්ත ප්‍රදේශයට අදාල කොටසක්.

    සිරාගෙ වැඩ සිරා ම තමයි

    ReplyDelete
    Replies
    1. ඔය මතක් උනෙ . සිරාගෙ කතාව අහද්දි මට මතක් උනා කොහෙද කියලා හරියට මතකයට ආවෙ මෙ කමෙන්ට් එකෙන්

      Delete
  13. පට්ට කතාව, ඇති ඔයින් ගියා!

    ReplyDelete
    Replies
    1. හික් හික් අපිට නම් මදි

      Delete
  14. ඔහොම වුන් ඉන්නවා තමන්ගේ ගෙදර එකම ඕනේ..

    ReplyDelete
  15. හිකිස්.. පන්සල් වත්තක වැලි මලුවකට ගියත් ඕකා රෙයි..

    ජය !

    ReplyDelete
    Replies
    1. ඒ වැල්ල හරියන්නෙ නෑ

      Delete
  16. අර සමහර අයට පස්ස පැත්තෙ තණකොළ ගෑවෙන්න ඕනලුනෙ. මේකත් ඒ වගේ

    ReplyDelete
    Replies
    1. හපෝ උන් හෝදන්නෙ නෑ

      Delete
  17. අපේ ගමේ සෙට් එකක් ඉන්නව උන්ට අහස පේන්න ඕනේ. ඒ කියන්නේ වහල තියෙන වැසිකිලි වලට යන්න බෑ. පස්සේ කාලේක් වැසිකිලි ගෙදර හදා ගත්තත් වහලක් ගහල නෑ. පුරුදු වෙලා තියෙන්නේ ගඟේ තියෙන ගස් අතු උඩ වාඩි වෙලා *න්න.

    ReplyDelete
    Replies
    1. වහලෙ අහස තියන පොස්ටර් එකක් ගැහුවනම් හරි

      Delete
  18. තැන මාරු උනහම අදාල කාර්‍යය කොරගන්න බැරිවෙන එක මාර සීන් එකක් තමා...

    ReplyDelete
  19. පුදුම එකෙක් නෙ. හික්ස් :)

    ReplyDelete
  20. බුදු අම්මෝ හරිම ඩේන්ජරස් කේස් එකක්. මූදු වැලි ඇදල පොලිසියට මාට්ටු වුනොත් කෙලින්ම හිරේ. ඇප දෙන්නෙත් නැත් ද කොහෙ ද. ඌ මූදු වැලි ගෝනිය එක්ක මගදි පොලීසියට අහුවුණා නම් බඩුම තමා. නිදහසට හේතු කියන්නෙ කොහොමෙයි. “මම මේ _න්න ගෙනියනව“ කියල කියන්නය.

    ReplyDelete
  21. ඔහ්...මාරයි...

    ReplyDelete
  22. මරු කතාව හී.. හී ... :)

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..