he

Tuesday, July 10, 2012

104.මාධ්‍ය හැසිරවීම

"පහරදීමකින් මියගිය නාදුනන කාන්තා මළ සිරුරක් ලුනාව කලපුවෙන් හමුවී තිබේ. වයස අවුරුදු 42ක් පමනවේ.තලඑළලුය උස අඩි 5යි අගල් 3යි කොන්ඩය කොටට කපා ඇත. මලසිරුර හඳුනාගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතයි."


මෙය මීට වසර ගනනාවකට පෙර දහවල් 12ට ශ්‍රි ලංකා ගුවන්විදුලිය ඔස්සේ ප්‍රචාරය වුනු "පොලීසියෙන් පුවත්" නම් වැඩසටහනින් උපුටා ගන්නා ලද කොටසකි.


එකල් කුඩාදරුවන් වූ අප එම වැඩසටහන ශ්‍රවනය නොකලෙමු. ඒ වෙන කිසිවක් නිසා නොව රෑට හීනෙන් බියවීමට අප
අකමැති බැවිනි.


එදා අප දෙමාපිය වැඩිහිටියන්ද, කුඩා අප නිවසේ සිටින්නෙ නම් දහවල් දොලහට ගුවන් විදුලිය නිවාදමන්නේ එම වැඩසටහන කුඩා අපට නුසුදුසු යැයි ඔවුනට හැඟුන නිසාවෙනි. පුංචි අපේ සිත් වලට එවැන් පුවත් ප්‍රචන්ඩ බියකරු බව ඔවූහු අවබෝද කරගෙන සිටියහ. මට මතක අයුරින් අප පුංචි කල එවැනි පුවත් අපට අසන්නට ලැබුනේනම් ඒ අහම්බෙනි.


 එහෙත් අද තත්වය ඊට ඉඳුරාම වෙනස්ය වෙලාවක් අවේලාවක් නැතිව ඕනැම මොහොතක ඉහත ආකාරයේ පුවතක් රසකර ලුනු ඇබුල්ද එක්කර හැකිනම් වෙළඳ දැන්වීම්ක්ද අනුග්‍රහයට ගෙන ඉදිරිපත්කරන්නට සැදී පැහැදී ඉන්නා මාධ්‍ය සංස්කෘතියක් අද බිහිවී තිබේ. …
-----------------------------------------------------------
1983 එක්තරා දිනක පුවත් පතක වූ පුවතක් වූයෙ පුතෙකුගේ පොරව පහරක් වැදී පියා මිය යෑමෙ පුවතකි. මා කුඩා සුසුවෙකුව පාසැලේ අසුනක් මතට වී ගුරුතුමිය විසින් කියවන්නට යෙදුන එම පුවත වසර 29ක් ගතවෙලත් මා මතකයෙ රැව් දෙන්නේ එවන් පුවතක් මා මීට පෙර අසා නොතිබූ නිසාවෙනි.


 එම පුතා ආනන්තරීය පාපකර්මයට ලක් වුනු අයුරු අප ගුරුතුමිය එම පුවතින් අපට ඒත්තු ගැන්වුවය. අපට එවැනි පාඩමක් ඒදා උගන් වන්නට නොතිබුනත් එකල එම දුර්ලබ පුවතින් ඇය විෂය නිර්දෙශයට පිටින් අපට ආනන්තරීය පාප කර්මය ඉගැන්වූයෙ එම පුවතින් ප්‍රයෝජනයට ගන්නටය.
එහෙත් අද ජන මාධ්‍ය තුල මෙවැනි පුවත් කෙතරම්ද? එදා මෙදාතුර අපරාධ රැල්ල කෙතරම් දුර ගොස් ඇතිද? එය ඔබට නොතෙරෙනවා වන්නට බැරිය. 

අද පුවත් පත් තුලින් අපරාධ පුවත් ඉදිරිපත් කරන අයුරු තව තවත් අපරාධ සඳහා ආරාධනාකිරීමක් වැනිය. 

මීට මාසකීපයකට පෙර ගෙල වැල ලාගෙන සියදිවිනසා ගැනීමක් එක්තරා වාහිනියක් මගින් රඟදක්වාම පෙන්වූ අතර ඉන් සති දෙකක් තුල එලෙස ගෙල වැලලාගැනීම් තුනක් අප ප්‍රදෙශයෙන්ම වාර්තාවිනි.


පසුගිය සතියෙ එක් වාහිනී නාලිකාවකින් වාහන ධාවන තරඟයක සිදුවූ හදිසි අනතුරක් රසකරමින් පෙන්වූ අයුරු ඔබට මතක ඇති. මෙය සදාචාර සම්පන්නද කියා මම ඔබෙන් ඇසුවහොත් ? 

මේ ලිපිය මට යමක් කියන්නට වඩා ඔබෙන් යමක් අසන්නට බලාපොරොත්තුවෙමි. …මාධ්‍ය අද පුවත් හසුරවන අයුරු ඔබට සෑහීමකට පත්විය හැකිද ?

26 comments:

  1. ඕකෙ දෙපැත්තක් තියෙනවා නේද? ලෝකෙ සිද්ධවෙන දේවල් හංගලා තිබ්බම අපි ඊළඟ ගොදුර වෙන්ඩ පුලුවං. උදා : ස්ත්‍රී දූෂණ, බාල අපචාර ක්‍රියා.

    ඒ වගේම වැඩි වැඩියෙන් ඕවා පෙන්නන්න පෙන්නන්න ඕවා සාමාන්‍යකරණය වෙලා යනවා.කාව හරි මරණ එක එච්චර කජ්ජක් නොවේ කියන හැඟීම එනවා.

    කොහොමත් මාධ්‍ය මේ දවස්වල කඳුළට නොවැ ඉඩ දීල තියෙන්නේ.බ්ලොග්වල උනත් කඳුළට කොච්චර ප්ලේස් එකක් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. එකඟයි දිනුක සහෝදරයට!

      Delete
    2. හැබැයි මචං හැංගීම සහ වගකීමෙන් යුත් වාර්තාකරණය කියන්නේ දෙකක්! ස්ත්‍රි දූෂනයක් කලා නම් ඒක අනිවාර්‍ය්යෙන් වාර්තා කලයුතුයි!පුලුවන් නම් ඒක ඔප්පු වුනොත් විදින්න වෙන දඩුවමත් එකතු කල හැකියි! ඒත් බං කරපු විදිහ රඟපාලා පෙන්නන එක කෙරෙන්නෙ ඕනද? කඳුල මාකට් වෙනවා කියන එක නම් අමූලික ඇත්ත!ඒකනේ බං සූජීව ප්‍රසන්න ආරච්චිලා අද මිල මුදල් අතින් යහමින් වැජඹෙන්නේ! :D

      Delete
  2. මට හිතෙන හැටියට වානිජකරණය අනිසිලෙස අපගේ බොහො ආයතන වෙලාගෙන අවසානයි ඒවායේ ප්‍රතිඵල සාමාජයට එලිබහින කොට සමාජය තුලින් ලැජ්ජා බය කියන සාධකයන් බැහැරවෙන්නට පටන්ගන්නව ඉටපස්සේ රඟදැක්වෙන ජවනිකා තමයි ඔබ විස්තරකරලා තිබෙන්නේ

    ReplyDelete
  3. කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔය හැම තැනම තිබෙනවා. එතික්ස් කියලා දෙයක්. බලන්න රේප් කෙස් එකක් විදි කීයකට කියන්න පුළුවන්ද, අනුකම්පාව ඉපදෙන්න, ගිහිල්ල මරන්න හිතෙන්න, කෝපය ඇති වෙන්න, ඇඩෙන්න, හිනා යන්න, කාමය ඇති වෙන්න, මේ වගේ ආකාර කීයකට මේක කියන්න පුළුවන්ද්? අනික මාද්‍යයේ කාර්ය්‍ය වෙන්නේ වාර්තා කිරීම. අද විනිශ්චය දීල දඩුවම් දෙන්නෙත් මාධ්‍ය්ය නේද? වරද මේකයි. නැත්නම් ප්‍රවෘත්ති දැන ගැනීම මිනිස් අයිතියක්.

    ReplyDelete
  4. හරිය‍ට හරි. මනෝ විද්‍යාඥයන් කියන විදියට සාමාන්‍යකරණය නිසා සිදුවෙන අපරාධ ප්‍රමාණය වැඩි වෙනව. ඉස්සර මාධ්‍ය නොතිබුන කාලෙ මෙච්චරම අපරාධ තිබුනෙ නෑ. ඒ වගේම උතුරේත් දකු‍ණේත් ඇතිවුන කැරලිත් මේවට වගකියන්න ඕන. නමුත් අද මාධ්‍ය දියුණු නිසා අපිට ආපස්සට යන්න බෑ. ඒ නිසා කරන්න තියෙන්නෙ වාර්තාකරණය යම් හැදියාවක් ඇතිව කිරීමයි. උදාහරණ සඳහා යන්න පුළුවන් හොඳම අන්ත දෙක තමයි ස්වර්ණවාහිණියත් රාවය පුවත්පතත්. ස්වර්ණවාහිනියෙ කරන්නෙ අපරාධය නැවත රඟදැක්වීමක්. ඒත් ඔවුන්ගෙ කුණු වාර්තාකරණයට කැමති පිරිසක් ඉන්නව. යම් සංවරයක් ඇතිව මේ විදියෙ දෙයක් වාර්තා කරන්නෙ රාවය පත්තරේ විතරයි.

    ඒ වගේම ලිපියෙන් කතාකරන අපරාධ නැතිකරන්න නම් නීතිය ශක්තිමත් කරන්නත් ඕන. සැමටම සාධාරණව නීතිය ක්‍රියාත්මක වෙන්නත් ඕන. අපරාධ වලට හේතු හොයල බලල ඒවට නියම විසඳුම් දෙන්නත් ඕන.

    ReplyDelete
  5. ලංකාවේ නිව්ස් වලිං ෆස්ට් ලයිව් @ 8 නේ...
    අනේ අම්මපා...
    උන්ටනං අමුතු චූන් එකක් තියෙන්නේ

    ReplyDelete
  6. ඕනෑම දෙයක් දරාගන්න පුළුවන් කෙනෙක්ට නම් ඕක ප්‍රශ්නයක් නැහැ ඒත් දුර්වල අයට තමා ප්‍රශ්නේ.හොඳම විසදුම වෙන්නේ ඒ වගේ දේවල් පෙන්වද්දී බලන්න බැරි අය ඒක නොබලා ඉදීමයි.

    ReplyDelete
  7. අනේ මන්දා ඕවා නං.. :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  8. ඔය විදියට නිවුස් කියන්නේ අර අසුචිවාහිනියෙනේ ,මමනම් ඔය චැනල් බලන ඒක නතර කරලා තියෙන්නේ දැන් .....

    ReplyDelete
  9. ඊයේ දොරමඬලාවේ ඔය ගැන හොඳ සාකච්චාවක් ගියා
    හැබැයි එතනදී ටිකක් විතර තමක්ට ලකුණූ දාගන්නවා වගේ පෙනුනා
    සමස්තයක් විදිහට කියපු ගොඩක් දේවල් ඇත්ත කියලයි අවතාර්ට හිතෙන්නේ

    ReplyDelete
  10. ගොඩක් වෙලාවට සෝමා අක්කගේ පචවාහිනියේ මරණ, ස්ත්‍රී දූෂණ වගේ එවුවා රඟපාලම පෙන්වනවා.නිකන් ප්‍රවෘත්තිය කියලා මහජනතාව දැනුවත් කලා නම් ඉවරයි.

    ReplyDelete
  11. ඉස්සර වැඩ ඇරිලා ගෙදර ඇවිල්ලා රූප පෙට්ටියෙ ප්‍රවුර්ති බලනවමයි..දැන් බලන්න හිතෙන්නැහැ.ඕයවගේ හේතු නිසා.(බ්ලොග නිසා අනිත් හේතුව)

    ReplyDelete
  12. මේවා දැන් මිනිස්සුන්ට සුපුරුදු දේවල් වෙලා. මේවා නොතිබුණොත් තමා මිනිස්සු දැන් කලබල වෙන්නේ

    ReplyDelete
  13. ඒක නම් හැබෑව ජෝන් අය්යේ වාහිනියේ කියුව ගමන අනිත් එඋනුත් ටෙස්ට් කරලා බලනවා නේ :/

    ReplyDelete
  14. ස්වර්ණවාහිණියට එහෙම තියෙන එක ඒ අයගේ ගතිය. මතකනෙ එයාලගෙ රජ FM එක!

    ReplyDelete
  15. මම නම් ටීවී බලන එක නවත්තල හුඟක් කල් වෙනව. විශේෂයෙන් ප්‍රවෘත්ති. ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේදී රැකිය යුතු මූලික ආචාර ධර්මවත් රකින්නෙ නැති මාධ්‍ය තමයි අද තියෙන්නෙ. අර කිව්ව පිත්තලවාහිණිය නම් ඒ අතින් අන්තිමයි. ඒ වගේ පජාත වාහිනියක් ලෝකෙ කොහේවත් නැතුව ඇති.

    ReplyDelete
  16. මමත් බෙහෙතකටවත් ටීවි බලන්නෙ කලාතුරකින් දැන්නම් බලපු කාලයක් මකත නෑ.එත් දැන් මාධ්‍ය හැසිරෙන ආකාරය පිළිගත නොහැකියි. එක අතකට ඒවා මාධ්‍ය සදාචාරයට නොගැලපෙන තරම්. විශේෂයෙන්ම මේ අපරාධ ජනතාව දැනගතයුතු සහ දැනගතයුතු ක්‍රමයක් තියෙනවා.

    ඒත් අද කිසිඳු හරිකිතයකින් තොරව ඒවා ජනතාවට පෙන්නවනවා.ඒ තමන්ගේ ගොඩ වැඩිකරගැනීමේ අදහසින්.මේ තුප්පහි සියළුම මාධයකාරයෝ හිතාන ඇති බ්‍රේකිං නිවුස් කියන්නේ මේවා කියලා.

    ReplyDelete
  17. ගොඩක් වෙලාවට දැන් ප්‍රවෘති නොබලන තරමටම මේ සිද්දි මුල් වෙලා..

    ReplyDelete
  18. ලංකාවෙ නිව්ස්,පිටරටඉඳං කිව්වනම්හරි.

    ReplyDelete
  19. ඇයි මචං ප්‍රසිද්ධ වාහිනියක වෙච්ච දේවල් රගපාලා හිටන් පෙන්නනවා ප්‍රවෘත්ති වලට.. හිකිස්...

    උන්ට ඕනෙ මිනිය විකුනල හරි සල්ලි නෙවැ!

    ජය !

    ReplyDelete
  20. ‍දැන් ප්‍රවෘත්ති වලින් ඉදිරිපත් කෙරෙන්නේ තොරතුරු නෙමෙයි දත්ත.........

    සිද්ධියක් වුනු තැනට ගිහින් එතැන ගන්න පුළුවන් වුනු සේරම වීඩියෝ ටික නිව්ස් එකට ඇතුලු කරනවා. ඉස්සර ඔහොම අවස්ථා තිබුනේ බෝම්බයක් පුපුරපු වෙලාවට දෙන සජීව විකාශයේ විතරයි. ඊට පස්සේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයේදී සංස්කරණය වුනු දර්ශන ඉදිරිපත්‍ කෙරුනා. දැන් මොන සංස්කරණයක්වත් නැහැ.. නෑයෝ අඬන හැටියි... බණින හැටියි... බලන්න බැරි දර්ශනයි සේරම එකගොඩේ දාලා දත්ත ටික පෙන්වනවා... එයින් එන තොරතුර නැහැ... මේ ලඟදි සිරසේ රෑ 10ට විකාශය වන ප්‍රවෘත්තියේ මුලින් ම කිව්වා මාතර ප්‍රදේශයේ දෙපිරිසක් අතර ගැටුමක්....... ඊට පස්සේ රූප රාමු... හාමුදුරුවරු බැනර්ස් අල්ලාගෙන ඉන්නවා... යාන්තං පිටිදූවේ සිරිධම්ම වගේ වචනයක් පෙනී නොපෙනී ගියා... ටිකකින් තව හාමුදරුවරු වාහන වලින් ආවා........ තවත් ටිකකින් කෙනෙකුට පිරිසක් එකතු වෙලා ගහනවා පෙන්නුවා... දත්ත ටික ඔන්න ඔහොම පෙන්නුවා... එච්චරයි එතැනින් එහාට කිසිම තොරතුරක් නැහැ... අඩුම තරමින් දෙපිරිස කවුද? එයාලා පෙනී හිටියේ මොන මොන මත වෙනුවෙන්ද? කියලා අද වෙනකං මං දන්නේ නැහැ.... ඔන්න ප්‍රවෘත්ති ප්‍රකාශනය...........

    ReplyDelete
  21. ගොඩ කාලෙකින් රුපවහිනය බලන්න බැරි වුනා. හැම දෙයක්ම වල පල්ලට යද්දී මාද්‍ය විතරක් සධාචාරයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ද?

    ReplyDelete
  22. අද මාද්‍ය කරුවන් බහුතරය සල්ලි පස්සෙ දුවන්නෙ යුතුකම් අමතක කරලා..

    ReplyDelete
  23. දැන් අපරාධ ගැන කියවලා අහන්න ඔනී නෑ, කට්ටිය රගපාලම පෙන්නනවනේ... හෆෝයි

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..