he

Sunday, February 10, 2013

මීයා ඉස්සීම හුනු ගෑම හා තමාටම සිනාසීම

හුගිය දවස්ටිකේම හවසට වැස්ස. දවාලට නැතිව රෑට වහින නිසා වැස්සේ සැරබව පේන්නේ නෑ. රට උලු වහලේ උලු කැඩිලා ඒ අස්සෙන් වැහි වතුර ගලාගෙන යනකොට මතක් වෙන්නේ, අපේ වහලේ උඩින් අල්ලපු කෙහෙල් වත්තෙ කෙහෙල් කොටුවට පැනයන වදුරු රංචුව. වදුරො පනින වෙලාවට උන් බය කරන්න රතිඤ්ඤා පත්තු කරනවා. මුන් රතිඤ්ඤාවලට බයත් නෑ. රතිඤ්ඤෙ පිපුරුනාට පස්සේ අපේ දෙස බලන්නේ නක්කලේට.


…කැඩුන වහලේ හදන්න උලු මාරුකරලා නැවත කුමේර බදින්න මේසන් බාස් කෙනෙක් ආවා. අවශ්‍ය කරන බඩු ලිස්ට් එක දුන්නා.

රට උලු කැට 10යි
සිමින්ති කිලො 10යි
වැලි තාච්චි 10යි
හුනු පැකට් 1යි
පරාල අඩි 30යි
එකහමාරේ කඳ හීනි ඇන 100යි

මමත් බඩු ලිස්ට් එක හැටියට බඩු ගෙනාවා.
…බාස් ආපු හැටියේ මගෙ දිහා බලලා නක්කලේට වගේ හිනාවක් දාලා ,

"මොනවද මහත්තයා මේ හුණු. මේ බිත්තියෙ ගාන හුණුනෙ ගෙනත් තියෙන්න මට ඕනෑ සිමින්තියට කලවම් කරන හුණු. මහත්තයලා මේවා ගැනත් දැනගෙන ඉන්න එපැයි. "

…--------------------------------------------------
…පහුගිය දවස්වල අපි අපේ මෘදුකාංගයක් හදුන්වාදෙන්න සීතල කඳුකරයේ වතුයායක පුහුණු සැසියක් පැවැත්වුවා. වතු කීපයක ලිපිකාර ලිපිකාරිනියන් ගනනාවක් ඒ වැඩමුලුවට පැමින තිබුනා. හුඟදෙනකුට පරිඝනක පිලිබඳව අවබෝදයක් තිබුනෙ නෑ. ඒ අයට පරිඝනක සැපයුවෙත් එදාමයි. ඉතින් සමහරු පරිඝනකයක් ඇල්ලුවෙත් එදාම තමයි.

අපි අපේ වැඩමුලුවේ ආරම්භයේදිම දන්න නොදන්න හැමෝටම පරිඝනකය සම්පූර්නයෙන්ම වයර් වලින් ගලවල නැවත සවිකරන්න උගන්වනවා (මවුස් කීබෝඩ් මොනිටර් ආදිය) තව කිහිප වතාවක් පරිඝනකය ආරම්භ කරන අයුරු නිවා දමන අයුරු උගන්වනවා.

…ඊට පස්සේ අකුරු කරන අයුරු මූසිකය නැත්නම් මවුස් හසුරවන අයුරු කියාදෙනවා දවසක උපරිම හැඳින්වීම ඔවුන්ට ප්‍රමානවත් බව පහුගිය පුහුනු සැසිවලින් අප ලත් අත්දැකීමක්.

…පුහුනු සැසියෙන් පසු අපි කරන්නෙ අපේ මෘදුකාංගය ඔවුනට කියාදීම. ඇත්තෙන්ම ඔවුන්ට තිබෙන්නේ දත්ත ඇතුලු කිරීම පමනයි. අපේ දත්ත ඇතුලු කිරීම මෙනුවේ විශාල දත්ත ප්‍රමානයක් එකවර ඇතුලු කල හැකියි. සමහර විට පරිඝනක තිරයේ එහා මෙහා යාමට මූසිකය යොදාගන්නත් සිදුවෙනවා. ඉතින් අපේ එක් පුහුණු කරන නිලදාරියෙක් කීවා

…"දැන් සේරමලා ඔය මවුස් එක උඩට අරගෙන යන්න "

…අනේ කට්ටියම අර මේසෙ උඩ තිබුන මවුස් එක අත උස්සගෙන ඔලුවට උඩින් අල්ලගෙන ඉන්නවා.


…අපිට ඒ වෙලේ හිනාගියත් ඒබව පෙන්නුවෙ නෑ .

…දැන් මම මේ ලිපිය කියවන ඔබෙන් අසන්නේ, 
ඔබට ඒ වතු ලිපිකරුවන්ගේ ක්‍රියාවට සිනහවක් නැගුනාද ?
ඒත් ඇයි ඔබට හුනු ගෙන්න කියුවිට බිත්තියෙ ගාන හුනු ගෙනා මාගැන සිනා පහල නොවූයේ ?

38 comments:

  1. හොඳ පොයින්ට් එකක්. ඇත්තටම ඇයි ?
    අපි දන්න විෂය පථය ඇතුලෙ කවුරුහරි වැරැද්දක් කලොත් අපිට හිනා යනවා. මොකද ඒක අපිට සාමාන්‍යකරණය වෙලා තියන නිසා අපි හිතන්නේ හැමෝම ඒ ගැන අවබෝධෙන් ඉන්නවා කියලා.

    ඒත් අපි නොදන්න විෂය පථයක දෙයක් කවුරුහරි වැරැද්දුවොත් ඒක අපිට එච්චර ගාණක් නෑ.මොකද අපි ඒක දන්නෑනේ..

    (ඇත්තම කියනවනං බිත්තිවල ගාණ හුණුයි සිමින්තිවල කලවම් කරන හුනුයි කියල ජාති දෙකක් තියනවා කියල මං දැනගත්තෙත් අදයි)

    ReplyDelete
    Replies
    1. තව එකක් තියෙනව බං......බුලත් විටට කන හුනු.

      Delete
  2. හිතන්න දෙයක් විහිලුවෙන්....
    එල පෝස්ට් එක

    ReplyDelete
  3. පාඩම් දෙකක් ඉගෙන ගත්තා, බිත්ත්යෙ ගාන හුණු වෙනයි, සිමෙන්තියෙ ගාන ඒවයි වෙනස් කියල අනිත් එක තවමත් පරිගණක භාවිතය අඩු ඒගැන දැනුම නැති අය ඉන්නවයි කියන එක..

    ReplyDelete
  4. ලොක්කයියේ ඔය දෙවනියට උනා වගේම සිදුවීමක් මටත් උනා මම ඒකත් ලියන්නම් ඔයාගේ ලිපියට සමගාමීව. නමුත් නොදැනුවත්කමට හිනහවෙන එක හොන්දවදක් නෙවෙයි මටනම් හිනහ ගියේ නැතෝ......

    ReplyDelete
  5. මමත් ඔය හුණු කතන්දරේ දැනගත්තේ අද නේ..
    තීර්ථ යාත්‍රිකයාගේ කමෙන්ටුවට සම්පූර්ණයෙන් එකඟ වෙමි....

    ReplyDelete
  6. පුදගලයන් දෙදෙනෙකූගෙ නොදැනුවත්කම ගැන බලන්නේ දෙවිදියකට..එකයි හේතුව..

    ReplyDelete
  7. ඕක තමා කියන්නේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අපි වගේ ප්‍රවීණයන්ගෙන් උපදෙස් ගන්න කියලා :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  8. විහිළුවෙන් වුනත් හිතන්න දෙයක් තියනෝ..

    ReplyDelete
  9. ඔතන ලොකු ප්‍රශ්ණයක් තියෙනවා. මම ගිවර පෝස්ට් එකේ ලිව්වෙත් ඔය වගේ දෙයක් තමයි. ඔවැනි දේකට සිනහවක් නැගෙන්නේ නැත්නම් ඒ මනුස්සයෙක් නෙමෙයි. ඒත් ඒ එක්කම අනුකම්පාවකුත් ඇතිවෙන්න ඕන.

    ReplyDelete
  10. හේතුව ඉතිං පැහැදිලියිනේ, මට නම් කතා දෙකටම හිනා ගියේ නෑ අයියේ. අපි හැමෝටම ඔහොම දේවල්වලට මුහුණ දෙන්න වෙනව.

    අර පහුගිය මහ වැස්සට පොල් ගහක් මගේ කාමරේ උඩටත් වැටුන. ඉතිං වහල හදන්න ගිහින් වින්ද කරදරේ මමත් දන්නව. ඔය හුනු බදාමයෙන් බඳින්නෙ කුමේර උළු නැවත ගලවන්න පුළුවන් වෙන්න. නැතුව සිමෙන්තියෙන් විතරක් බැන්දොත් ආයෙ ගලවනව බොරු උළු කුඩු කරන්නෙ නැතුව. වැඩේ කියන්නෙ මෙච්චර මූදු කරේ ඉන්න අපිටත් හුනු හොයා ගන්න බැරි වුනා, මෙහෙත් හාඩ්වෙයාර්වල තියෙන්නෙ ඔය පදම්කරපු බිත්තිවල ගාන හුනු තමයි වැඩිපුර. අන්තිමට බාසුන්නැහේ කිව්ව කමක් නෑ එහෙනම් සිමෙන්ති අඩුවෙන් දාලා බදාම හදල බඳිමු කියල ඔන්න වැඩේ කරල ගියා. ඒකයැ වැඩේ, කුමේර බඳින්න ඒ යක්කුත් අඩි ගානටනේ අයකරන්නෙ. ගේකම කුමේර බැන්ඳ නම් විකිණෙනව.

    ReplyDelete
  11. අප්පේ....ඇත්තටම හිතන්න දෙයක්.....

    ReplyDelete
  12. මම මෙහෙම කියන්න ද...?සාමාන්‍ය දැනීම කියල එකකුත් තියෙනව නේ..!

    ReplyDelete
  13. දැන් ඒ ලිපිකරුවන්ට හොඳ පරිඝනක දැනුමක් ඇති කියා සිතනවා . ඔබලා වැනි කාරුණික , ඉවසිලිවන්ත නිලධාරීන්ගේ පුහුණුවක් ලබපු නිසා .
    …සරළ ලිපියක් උනත් හිතන්න දෙයක් තියනවා .

    ReplyDelete
  14. ආධුනික සොල්දාදුවකු හමුදාවට බඳවා ගත්තම ඔහුට හමුදාවෙන් ලැබෙනවා තමන්ට අයත් නිල ඇඳුම් සහ හමුදා බඩුබාහිරාදිය දාගන්න මල්ලක්.කැන්වස් රෙද්දෙන් මසා ඇති මේ මල්ල හරියටම සිලින්ඩරාකාර හැඩයෙන් යුක්තයි. එක පැත්තකින් විවෘතයි. විවෘත පැත්තේ කට වටා ශක්තිමත් ලනුවක් දමා තිබෙනවා බඩු දමා ගැට ගසන්න. හරියටම බෙරයක් දැමීමට හදපු මල්ලක් වගේ.

    අලුත් සොල්දාදුවන් නිසි පරිදි තම බඩුබාහිරාදිය ලබාගෙන ඇද්දැයි බලන්න කෝප්‍රල් කෙනෙක් අවා. එක සොල්දාදුවකු තම හිස්වැස්ම ලබාගෙන නැති බව කෝප්‍රල්ට පෙනුනා. 'කෝ තමුන්ගේ 'බෙරේ' එක (හිස්වැස්ම) කියා කෝප්‍රල් ඇහුවා. 'බෙරේනං දුන්නෙ නෑ කෝප්‍රල් ඒ වුනාට බෙරේ දාන කේස් එකනම් දුන්නා' කියලා ආධුනිකයා උත්තර දුන්නා.

    මේවා හිනාවෙන්නත් බැරි අඬන්නත් බැරි එදිනෙදා ජීවිතයේ සිදුවීම්.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  15. මට නම් හිනා ගියේ නැත.මම උනත් තවම ළදරු අවධීයක ඉන්නෙ පරිඝනකය සම්බන්ධව.නොදන්නා බවට හිනා විම මෝඩකමකි.සයිබර් මල්ලීලාට පිං අයිති වෙන්න මමත් බ්ලොග් එක නඩත්තු කරගෙන ඉන්නවා.ගැටළුවක් ආ සැනින් උදව් කරනවා.එතරම් නිහතමානි අය මේ අන්තර්ජාලය තුලත් ඉන්නවා

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
  16. ඇත්තම කිව්වොත් මටත් රිපීට් කරන්න තියෙන්නෙ අර තීර්ථ යාත්‍රිකයා කියූ දේමයි... හරි වැරැද්ද මොනව උනත් මට නම් අර දෙවෙනි කතන්දරේ මැවිලා පේන පේන සැරේට හිනා යනවා.... පව්...ඒකට වැරදිකාරයා නම් හැබැයි ලොකු ජෝන්මයි... මොකටද ඔයා ඔය කතාව ඔච්චර චිත්ත රූප මැවෙන විදියට ලිව්වෙ...

    ReplyDelete
  17. මට නම් හිනා ගියේ 'මවුස්' එක කියලා කියන්නේ නැතුව 'මේසේ උඩ තිබ්බ මවුස්' එක කියලා වෙන්කරලා කියද්දි යි......


    පලවෙනි එකට හිනා නූනේ අපි ඔක්කොම සමාන නිසා...දෙවෙනි එකට හිනා උනේ එගොල්ලො අපෙන් වෙනස් උන නිසා

    ඕක මෙහෙමත් කියන්න පුලුවන්....

    You laugh at me because I'm different, I laugh at you because you're all the same.

    ReplyDelete
  18. බොරු කියන්ඩ ඕනේ නෑනේ...මට නම් හිනා ගියා..හැබැයි ටික වෙලාවකට විතරයි....ඒ එක්කම අනුකම්පාවට ලඟින් යන හැඟීමක් දැනුනා ඒ මිනිස්සු ගැන...

    ReplyDelete
  19. තර්කානුකුල ප්‍රශ්නයක් තමයි ඒක නම්.

    ReplyDelete
  20. කථාව ඇත්ත... මටත් ඇත්තමයි දෙවෙනි එකට හිනා ගියා... ඒත් ඒක වැරදියි කියලා හිතුනේ ඊළඟ ටික කියෙව්වාමයි... අපි හැමෝටම හිතන්න වටින දෙයක්.

    ReplyDelete
  21. ඒ මාරයිනේ...
    මටත් ලාවට හිනා ගියා...
    අපේ තාත්තටත් මං එක්සෙල් කියලා දෙනකොට තාත්තා මවුසා ඉහල පහල ගෙනිච්චේ එහෙමයි...

    ReplyDelete
  22. උඹ මේක කියාපු විදියයි මගෙ හිත ගත්තෙ.
    ඇත්තම කිව්වොත් මට බාසා එක්ක මල පනිනවා.
    මී කේස් එකට හිනා යනවා.
    ඒ මම පුරුතජ්ජනයෙක් නිසා.

    ReplyDelete
  23. කිසිවෙකුට මෝඩයා කියා නොකියන්න.මන්ද ඔබ නොදන්නා යමක් ඔහු දන්නවා විය හැක.කියන කියමන මේකට සෙට් වෙනවා වගේ කියලා හිතුනා.

    ReplyDelete
  24. දෙකටම හිනා ගියා බං...වැරැද්ද තමා කරන්න තියන දේ ගැන හරියට ඇහුන්කන් නොදීම..

    ReplyDelete
  25. පොඩි පොයින්ට්
    ලොකු තේරුම්
    මමත් කැමති
    ජය!

    ReplyDelete
  26. පුංචි උනත් හොද දාර්ශනික අදහසක්...පුද්ගලයන් එකිනෙකාට සාපේක්ෂයි නොවැ...අන්න එතැනදි එයාගෙ උගත්කම, වටපිටාව, වත්පොහොසත් කම් එක්ක තමයි මිනිස්සු තවත් කෙනෙක් ගැන තීරණයකට එන්නෙ...ඒක තමයි මම හිතන විදියට කාරණේ...

    ReplyDelete
  27. යම් දෙයක් ගැන හරියාකාර දැනුමක් නැති වුනාම අපිටත් මුලින් මුලින් වරදිනවා.ඒක සාමාන්‍ය දෙයක් මම හිතන්නේ.ඒක නිසා ඒ වගේ දේවල් වලට ලැජ්ජ වෙන්න ඕන නැහැ.

    ReplyDelete
  28. අත්තටම ඔබේ හුනු ගේන කතාවට හිනා නොගියේ සාමාන්‍යයෙන් හුනු වර්ග දෙකක් තියෙන නිසා.අදෙවනි සටහනේ මවුස් එක ගැන තබා පරිගණකක්වත් ගැන නොදන්න පිරිසකට සිදුවු අකරතැබ්බයක් විම. හිනා වුනත් පංචි දුකක් ඇතිවෙන්නේ තාමත් මේරට කොයි තරම් පසුගාමිද කියන කාරණයත් එක්ක

    ReplyDelete
  29. උන් දන්නව ඇත්තේ බං අර සජීවී මීයෝ පාලනය ගැන විතරක් වෙන් ඇති.

    ඒකයි අතින්ම උඩට ඉස්සුවේ ?

    ReplyDelete
  30. ඔවා ඔහොම තමයි. අපි දන්න දෙයක් වෙන කෙනෙක් නොදන්නවා උනාම අපි වැඩ්ඩ... එඊකෙම අනික් පැත්ත උනාම අපි කබ්බ...

    ReplyDelete
  31. ගොඩක් වෙලාවට අපි දන්න දේ අනිත් හැමෝම ටිකක් හරි දැනගෙන ඉනන් ඕන කියලා අපි උපකල්පනය කරනවා.

    අපි නොදන්න දේ අනිත් හැමෝම නොදන්න දෙයක් කියලත් ඒ ගමන් ම හිතනවා.

    මට හිතුනේ එහෙමයි.

    ReplyDelete
  32. අය්යෝ බොරුකියන්න ඕනෙ නෑ මට නම් කතා දෙකටම හිනා ගියා. දුකා කියලා තියෙන කතාවම තමයි මටත් හිතුනේ... :D

    ReplyDelete
  33. මට හිනා ගියේ නැහැ.එත් මට ආව ප්‍රශ්නයක් තමා පරිගණකය ගැන ඒ හැටි දැනුමක් අවබෝධයක් නැති පිරිසකට ඒ විදියේ තැනකට දැම්මේ ඇයි කියල.දත්ත ඇතුල් කිරීමේදී වගේ වැරදි වෙන්න ඉඩ තියෙනවා.

    හුණු ගැන කියද්දී මමත් රැවටිලා හිටියේ බිත්තියේ ගැන හුණු වෙන්න ඇති මේ කියල තිබුනේ කියලා.

    ReplyDelete
  34. මම හිතන්නෙ තීර්ථ යාත්‍රිකයා කියන කතාව තමා හරි. හිතන්ඩ යමක් ඉතුරු කරපු කතාවක්..

    මම හැබැයි බලාපොරොත්තු වුනේ ජෝන් මේ ප්‍රශ්නෙ අහයි කියලා

    "අපි ඒ ළමයින්ට හිනා වුනේ, සමච්චල් කළේ නෑ.. ඒත් ඇයි අර බාස් මට හිනාවෙලා සමච්චල් කළේ ?"

    ඒත් ඇහුවේ ඒකෙ ප්‍රතිලෝමය.. ඒකෙන් මම හොල්මන් වුනා..

    ReplyDelete
  35. මේ හැම ප්‍රශ්නෙකටම මුල, හැම ලොල් කතාවකටම පදනම සන්නිවේදන පරතර (Communications Gaps). යම් දෙයක් කියන පුද්ගයලා හිතනවා තමන් තේරුම් අරන් ඉන්න ගානටම අනිත් කෙනාත් තේරුම් ගන්නවා කියලා. එතකොට හුණු ගෙන්න කිව්වාම ජෝන් හිතන්න ඕනේ මේ හුණු ගේන්නේ බිත්ති වල ගාන්න නෙවේ කුමෙර බඳින්න කියලා. බාස් උන්නැහේ බලාපොරොත්තු වෙනවා ඔයාට මේ දැනුම තියෙනවා කියලා. ඉතින් අපි කාට හුණු ගෙන්න කිව්වත් ඔය වැරැද්ද කරනවා. ඒ නිසා එය පොදු දෙයක් අපිට හිනා වෙන්න දෙයක් නෑ.

    දෙවෙනි කාරණය දෙයක් අලුතෙන් ඉගෙන ගන්න අය දෙන උපදෙස් තමන්ගේ නැණ පමණින් තේරුම් ගන්නවා. ඔබ "මවුස් එක ඉහලට ගෙන යන්න" කියන පාටයේ යම් වැරද්දක් තියෙනවා. ඔබ කිව යුත්තේ මවුස් පොයින්ටරය ඉහලට ගෙන යන්න කියලා. මේ කාරණා දෙක එකක් විදියට තේරුම් ගන්න පුලුවන් කාලයක් මේ බස් වහරේ යෙදෙන කෙනෙකුට. මවුස් එක ඉස්සීමට හිනා යනවා තමයි. ඒත් මවුස් පොයින්ටරය ඉහලට ගෙන යන්න ඉගැන්නුවා නම් මේ ටික වෙන්නේ නෑ.

    ReplyDelete
  36. මට නම් හුනු කතාවට තමයි හිනා ගියෙ. මවුස් කතාවට නෙමෙයි...

    ReplyDelete
  37. එකකට වත් හිනා ගියත් ඒ බව කියන්නෙ නෑ :(
    හුණු ගේන්න කිව්ව නම් මමත් ඔහොම තමයි

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..