පින්තූරය www.onoffbeirut.com |
මේ පිරවුම් හල අයිති පුද්ගලයත් එතන උන්නා. ඔහු මගෙත් හොඳ මිතුරෙක් නිසා මා ඔහු හා කතාවට වැටුනා.
"වාසියක් උනා නේද? " මම ඇසුවා.
"වැඩක් නෑ. ඒ වැඩිවුන ගානට අපි ගෙවන්න ඕන ඩිපොසිට් එකත් වැඩි උනානේ"
ඔය කතාව තව විස්තර ඇතිව අපි කතාකරකර ඉන්න අතරතුරේදි තෙල් ගහගැනීමට අපේ තව මිතුරෙක් එතනට ආවා.
"ආ මචෝ කොහොමද උඹලගෙ ලොක්කා ඔන්න ආයෙම උඹලට බෝනස් දුන්නා නේද ? දැන් ඉතින් බලන් හිටපන් ඉස්සරහට බස් ගාස්තු බෝන්ස් එකයි ලයිට් බිල් බෝනස් එකයි එනකන්"
තෙල් පිරවුම් හල අයිති පුද්ගලයා එලෙස කීවේ ඔහු දැඩි එක්සත් ජාතික පාක්ශිකයෙකු වූ බැවිනි.
තවද අනිත් මිතුරා වත්මන් ජනාධිපතිතුමා ජනපති පදවියට පත් කිරීමට බර කරට ගත් දැඩි ශ්‍රීලංකා නිදහස් පාක්ශිකයෙකුබව සියලු දෙනාටම නොරහස වූ නිසාවෙනි.
"එහෙම කියන්න එපා මචො උඹලා ඔය ව්‍යාපාර දියුනු කරගෙන ඉන්නේ. ව්‍යාපාරිකයින්ට පාඩුනම් උඹලා කොහොමද යහතින් වැජබෙන්නෙ ?"
"ඉතින් කවුද බං කියුවේ අපිට පාඩුයි කියලා මම කියුවෙ උඹලගෙ ලොක්කා පොඩි එකාගෙ පාත්තරේටම තමයි කෙලවන්නෙ කියලා "
ඉතාම රසබර සංවාදයක් යන්නට යනබව ඉවෙන් මෙන් දැනුන මම කිසිවක් නොකියාම දෙදෙනාගේ කතාවට කන් යොමාගෙන උන්නෙ ඉමහහ් සතුටින් ..
"උඹ කියුවෙ පොඩි එකාගෙ පාත්තරේ ගැනනෙ? එහෙනම් අහගනින් පොඩීකාගෙ පාත්තරේට කෙලවෙන හැටි ."
"දැන් බලහන් අරහේ තෙල් බැරල් එක වැඩිවෙනවා. එතකොට ඒ වැඩිවෙන ගාන මෙහේ ආන්ඩුවේ වියදනුත් එකතු කරලා උඹලගේ පොම්පවලට එනවා . වැඩි උනාට ඒ පාඩුව අල්ලන්නේ අපි වගේ පොඩි උන්ගෙන් . අපි අපේ බයිසිකල් කටුවලින් ඒ තෙල් ටික පුච්චනවා අපිට ඒ ගාන පියවගන්න තැනක් නෑ . උඹලානම් අඩුගානෙ අපෙන් හරි ඒ ගාන පියව ගන්නවා."
"බස් කාරයො වැඩිවෙන ගාන බස් ගාස්තුවලින් හරි පියව ගන්නවා හරි කියහන් බලන්න බස් මගියා කාගෙන්ද වැඩිවුන බස් ගාස්තුව පියව ගන්නෙ ? "
"ඉතින් ඕකමනෙ බං මම කියුවෙත් "
"හරි හිටපන් මම කියලා ඉවර නෑ,
ලොක්කා කොහොමහරි රජයේ සේවකයන්ගේ පඩිය නම් කීය කීය හරි වැඩිකලා "
"හරි කියපන් මේ පොම්ප කාරයෙකුට 2008 දීපු රුපියල් 6500ම නේද තාම උඹලා ගෙවන්නේ ? අඩු ගානේ උඹලා වගේ ව්‍යාපාරිකයො ලාබේ සම්පූර්නයෙන්ම උඹලගේ ප්‍රයෝජනයට අරගන්නෙ නැතිව මේ පොම්ප කාරයන්ටත් පඩි වැඩි කරානම් උනුත් අර වැඩිවන වියදම කොහොම කොහොම හරි පියවා ගන්නවා "
පොම්ප කරුවන් මූන හංගගෙන සිනාසෙනවා මම දුටිමි. තෙල් පිරවුම් හලේ මිතුරා හිමිහිට ලෙස්සා ගිය අතර . මම මගේ බයිසිකලයට රුපියල් 200ක තෙල් ගසන්නයැයි පොම්පකරුට කීවෙමි.
" අර මහත්තයා කියුවෙනම් මසුරං කතාවක්." ඒ පොම්පකරුය
මම කිසිවක් නොකිවූ අතර ඒ කියපු කතාව අපිට උනත් සාධාරන බව මගේ හිත ඇතුලටම වැදුන බවනම් මට තෙරුනා
පසු සටහන : ඉතාම කාර්‍යබහුල දින කීපයක් ගෙවීමට නියමිත බැවින් පිලිතුරු සැපයීම ප්‍රමාද විය හැක.
maha kalakanni tikak ban..unta ona ona widihata hama magulama wadi karanawa pvt company wala wada karana api tama 15000 salary eka..mona huyannakata me kalakannita chande dunnada manda..thuk witarak kalakanni yakku tika
ReplyDeleteඒත් ඊලග පාරත් දෙනවනේ
Delete:o
ReplyDelete:(
Deleteඕවා නිකං ජනප්‍රිය කතා. කාට කාටත් ජීවන් වියදම නම් එකසිය ගානට දැනෙනවා.
ReplyDeleteජීවන වියදම දැනෙන්නෙ අපේ පන්තියට විතරයි
Deleteශ්‍රම සූරා කෑම තාමත් හැම තැනම සිදුවෙනවා.
ReplyDeleteඇත්ත නලියො
Deleteකියන්න ලේසි ,කොරන්න අමාරුයි
ReplyDeleteමොන පිස්සුද පෞද්ගලික අංශයට පඩි පැඩිකරන්න අපහසුකමක් නෑ. ඒත් ඒ අයගේ ලාබේ අඩුවෙන එක නිසා ඒක කරන්න බෑ
Deleteකතාවෙ ඇත්තක් තියනවා...ඒත් රාජ්‍ය සේවකයන්ගෙ වැටුප් හරියට වැඩි වුනාද?
ReplyDeleteහරියට හෝ වැරදියට කීයක් හෝ වැඩිඋනා නමට හරි
Deleteරාජ්‍ය සේවට පිණිසයි.
ReplyDeleteඑහෙයි එහෙයි
Deleteඅපේද හැලෙන්නේ ග්‍රීන් බ්ලඩ්ය :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
එහනම් සුබම වෙන්න ඕන
Deleteජීවන වියදම..........කතාකරන්න එපා..!
ReplyDeleteකියන නිසා කතා නොකරමි
Deleteරෙදි නම් නැත !
ReplyDeleteලොක්කො රෙදි අදින්නෙ නැති එකේ අපි මොකටද බන් රෙදි අදින්නේ
Deleteලොකු තැන් වල ඉඳලම දෙන ආදර්ශනේ... තියන දේවල් එයාල ගන්නවා මිසක් මේ අපිට දෙනවයැ
ReplyDeleteඅන්න ඒකනේ පොඩි එකා කාගෙන්ද ඒක කවර් කරන්නේ ආදර්ශෙට ගත්තට ක්‍රියාවට නගන්න පුලුවනෑ
Deleteපළවෙනිදා පළවෙනිදා ඉඳලා ඉඳලා ලයිට්බිල ලයිට්බිල ඩබල් ඩබල්..
ReplyDeleteඒකනම් ඇත්ත මැද පන්තියට නම් ලොකු බලපෑමක් නෑ හැබැයි පොඩි එකාට වදිනවා . ඒකනේ මම කියුවෙ පොඩි එකා කාගෙන්ද ඕක කවර් කරන්නේ
Deleteමචං, මම ඉන්නෙ ලංකාවෙ නෙවෙයිනෙ. උඹ දන්නවද අද කැරට් කිලෝවක් ලංකාවෙ මුදලින් රුපියල් 850ක් විතර වෙනවා.
ReplyDeleteවෙනදට 250ක් 350ක් අතර තියෙන්නෙ.
හොඳ වෙලාවට ලංකාවෙ නෙමයි
Deleteමොනා උනත් ඒ කතාවනම් ඇත්ත..
ReplyDeleteමම ඒ කතාවෙ ඇත්තක් අත් විඳලා තියනවා
Deleteහෙට පෙට්‍රොල් ලීටර් එක 1000ක් කලත් උබල අපි ඔක්කොම කටවහගෙන ගහගෙන යාවි..රජ්ජුරුවො රට බෙරගත්ත නිසා..අනේ මගෙ කට.. :(
ReplyDeleteඒ කතාවේ වරදකුත් නෑ
Deleteඅපිට බඩගින්නෙ මැරුණත් මොකෝ බං රට ගැන හිතපං.. අයිස්චර්යය.........
ReplyDeleteඅනේද කියන්නේ
Deletetop
ReplyDeleteකතාවද ?
Deleteඇත්තනේ ඉතින්
ReplyDeleteහික්ස්
කවුද ?
Deleteඇත්ත මේ දවස්වල මේ වියදම එදිනෙදා රැකියා කරල කීයක් හරි හොයාගන්න අයට දරාගන්න අමාරුයි. ඒත් ඡන්දයක් හෙට තිබ්බත් උඩින්ම දිනනවා
ReplyDeleteඑගැනනම් සෑහෙන්න දුකයි
Delete2008 දී දීපු රුපියල් 6500 ට තවමත් සේවය කරන පොම්පකාරයාට එතැනින් වෙන රැකියාවක් සොයාගෙන යන්න තරම් වැඩි දැනුමක් කුසලතාවයක් 2013 වෙද්දී එකතු වෙලා නැති නිසා නෙවෙයි ද එයා ඒ ගානටම තවමත් එතැන සේවය කරන්නේ? ඇයි ඊට වඩා පඩි ලබන්න හැකියාවක් ඇත්නම් පොම්පකාරයා පැට්‍රල්හල් හිමියාට ඇති ආදරයක් නිසා ද එතැන තවමත් ඉන්නෙ? තවත් විදියකින් කිව්වොත් පොම්ප කරන සේවකයාගේ සේවයට ඇති ඉල්ලුම වැඩි නම් පැට්‍රල්හල හිමියාට ඔහුව සේවයේ තියාගන්නට අනිවාර්යෙන්ම වේතනය වැඩි කරන්නට සිද්ධ වේ.
ReplyDelete6500 කියන්නෙ එදා දීපු මූලික වැටුප ඒක තාමත් එහෙමමයි. මම මේ කතාකලේ ලංකාවේ පොම්පකාරයින් ගැන අතිකාල කරලා කීයක් හරි වැඩිපුර ගන්න තමයි ඒ අය බලන්නේ. අතිකාලයට යොදවන්නේ ඒ අයගේ කාලය ඒ අය වැඩිපුර අතිකාල දෙන තැන් වලට යනවා ඒ හිසේ ඇම්මට කොට්ට මාරු කරනවා වගේ
Deleteස්තුතියි මේ පැත්තෙ ආවට