he

Tuesday, March 5, 2013

පඩි නැත්නම් වැඩක් නෑ

අවූරුදු ගානකින් පඩි වැඩිකලේ නෑ කියලා අපේ කට්ටිය ගියා ලොක්කා හම්බවෙන්න. ලිඛිත ඉල්ලීමක් කල කට්ටියට සම්මුඛ සාකච්චවකට ඉඩක් ලොක්කගෙන් ලැබුනා. රාහුකාලය හෙම මග හරවලා ග්‍රහ චක්කරේ ලොක්කගේ පැත්තට කරකැවෙන්න පිහිටුවාලා තමයි කාලවේලවත් දුන්නේ.

ඉතින් එකා එකා එකා ලොක්කා දුන්න වෙලාවට ලොක්ක හමුවන්න ගියා. තනි තනිව කල සාකච්චාවට කට්ටිය ගියේ වීරයො වගේ උනාට එලියට ආවේ මූනු හකුලුවාගෙන.



ඊට දවස්දෙකකට පස්සෙ තිබුනා වටමේස සාකච්චාවක් කට්ටිය සේරම සූදානම් සරීරෙන් සාකච්චාවට සහභාගී උනා. අපිකල ඉල්ලීම් ගැන සලකලා පඩි වැඩිකිරීමක් ගැන සිහින මවමින් සාකච්ඡා කාමරයට ගිය අපිට එහිදී අසන්නට ලැබුනේ ලොක්කගේ අදෝනාව."ලොස්" "ලොස්" පහුගිය ශිප්මන්ට් එකට සල්ලිත් හම්ම්බවෙලා නෑලු. පව් කියලා හිතෙනවා.
එයා අවුරුදු තුනකින් පඩි අරගෙනත් නෑලු . අනේ, පව් ඩබල්වෙනවා. අවුරුදු ගානකින් කෑමවෙලක් නුදුටු එකෙකු වගේ කල කතාවට සේවකයො උන අපිට දුකකට වඩා දැනුනෙ ලැජ්ජාවක්. 

ලොක්කො කොහොමත් ඔය ලජ්ජාව බිම තියලා එන හන්දා එයාටනම් ගානක් නෑ. ඒත් අපේ හිත උනුවෙලා ,දුක හිතිලා අන්තිමේ ලොක්කගේ තීරනයට හිස නමන්න උනා.

…සාකච්ඡා කාමරයෙන් එලියට එනකොටම ක්ලයන්ට් කෙනෙක් ඉස්සරහට මුලිච්චි උනා. මිනිහා අහනවා එයාගේ අලුතින් ඇනවුම් කරපු බඩු ටික ලැස්තිද කියලා. අසූහාරදාහට නැගලා උන්න අපිට ක්ලයන්ට් කෙනෙකු බව ඇත්තටම අමතකවුනා. 
"තමුසෙගෙ බඩුටික ..... ගිහිල්ලා අහගන්නවා මහ එකාගෙන් " කියුවෙ එච්චරයි.


-----------------------------------------------------------------------







මේ ගැන ලිහිනි ලියපු පොස්ටුවට මෙතනින් යන්න

67 comments:

  1. කෑවා කෑවා.. ඔය කොරලතියෙන්නෙ වැඩක්. !!

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. ඉහත කමෙන්ටුව මෙම ලිපියට අදාල නොමැති බැවින් එය මකා දැමුබව කරුනාවෙන් සලකන්න.

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මේ දාන්නේ ළිහිණිගෙ එකට දාපු කොමෙන්ට් එකමයි

      මේ ප්‍රශ්ණය ආදරයත් අරගෙන කතා කල එක හොඳයි. මෙයාලා පොඩි උන්ගේ වීරයෝ.. දැන් ගොඩක් උන් බෝල් කරන්නේ ලසිත් මාලිංග වගේ. එත් එයාල දරුවන්ටවත් ආදරේ නෑ. මම කීප විටක්ම නිරීක්ෂණය කරලා තියෙනවා ඔය පොඩි එක වයසෙ පොඩි දරුවෝ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ අතින් අල්ලන් එන කොට මෙයා කවදාවත් ඒ දරුවන්ගේ අත අල්ලනෙවත් ඒ දරුවා දිහා බලන්නෙවත්. අනික් උනුත් අතින් ඇල්ලුවට කතා කරන්නෙ නෑ. ඒත් අනික් හැම රටේම ක්‍රීඩකයින්, අතින් අල්ලා කතා කරනවා පමණක් නොව හිස පවා අතගානවා. දිනක් මම දැක්කා කාන්තා ක්‍රිකට් තරඟයකදි.. එක දරුවෙක් වැඩිවෙලා සංවිධායකයෝ එයාව අයින් කරන්න උත්සාහ කලා.. ඒත් අන්තීමට ආපු ක්‍රීඩීකාව අර දරුවෙගෙයි අනිත් දරුවගෙයි දෙන්නගෙම අත් අල්ලගෙන් ගියා.. ඊට පස්සේ පෙන්නුවෙම ඒ දර්ශණය. අර දරුවා ඉවත් කලානම්. කොතරම් මානසික පීඩනයක් එයිද..? කී දෙනෙකුට කියලද එන්නේ.. අන්න ම්නිස්සු.. අපේ රටේ ඉන්නේ වනචාරියෝ... මහත්තුරු බොහෝම අඩුයි.. මාධ්‍යවේදියොන්ටත් හොඳ පාඩම්, හාල්පාරුවෝ ප්‍රමෝට් කරනවාට... කොහොමත් හරිම උද්දච්ච මිනිහෙක්...

      Delete
    2. ක්‍රිකට් නොදැන ලියු මාධ්‍යවේදීන් වැපිරූ දේ අස්වැන්න ලෙස ඊයේ හොඳ එකෙන්ම නෙලා ගන්නට හැකි විය.

      Delete
    3. මාතලන් ...එහෙම සීන් එකක් උනාද..!කොච්චර ක්‍රිකට් එපා උනත් බලන්න හිතෙන්නෙ ඔය වගේ හෙතු නිසා..( පොඩි දරුවන්ගෙ කතාව ගැන)

      Delete
  4. කවුරුහරි තමන්ගේ සරම ගලවලා ඔලුවට දාගෙන අනිත් ඇයට තමන්ව පෙන්නෑ කියල හිතනවා නම් ඊට වඩා ගොන් කමක් තිබේද ?

    ReplyDelete
    Replies
    1. මූන වැහුනම ඇතිනේ. යට කොටසින් අදුනගන්න අපහසුයිනෙ ... හික් හික්

      Delete
    2. සුදික ඔය ඔයතරම් ක්රිකටර් නම් ඇයි නැෂනල් ප්ලේ කරන්න ට්‍රයි කරේ නැත්තේ ඔයා නිකන් ක්‍රිකට් වලට නැව් ටෝක් දුන්නට කරත්තයක් කියල බෙන්තොට අපිනම් දන්නවා,

      Delete
    3. ක්‍රිකට් විචාරකයො ක්‍රිකට් ගහන්නම ඕන කියලා නියමයක් නෑනේ මම හිතන්නෙ නම් සුදීක හොඳ විචාරකයෙක්.

      Delete
  5. නියම " ටොක්ක " ලොකු ජෝන්

    ReplyDelete
    Replies
    1. එහෙම හිතලා තමයි ඇන්නෙ

      Delete
  6. ඔන්න මාත් දාන්නේ ලිහිණිගේ බ්ලොගේ දාපු කොමෙන්ටුවමයි ඈ..

    ක්‍රිකට් තියා මොක ගැහුවත් උනුත් ලංකාවේ උන් නේ අප්පා.ඉතිං කොහොමද ඔය වගේ දේකට කටක් ඇරලා බණින්නේ?

    ReplyDelete
  7. අපිත් වැඩ කරන්නෙ නෑනෙ පඩි නැත්නම්..

    ReplyDelete
  8. අපි නම් පඩි ඇතත් නැතත් වැඩ නැත්නම් වෙන්නේ ගෙදර යන්න.

    ReplyDelete
    Replies
    1. ඒ එහේ මෙ මෙහේ

      Delete
    2. ඇ බං කෝරලේ "හිකිස්" නැද්ද
      - දේශකයා

      Delete
  9. මේක මුව හමට තඩ් බෑමක්නෙ.
    පුස්සන්ව උඩදාන උන්ටයි ගහන්න ඕනෙ බං.

    ReplyDelete
    Replies
    1. ඇයි බං හිතේ කේන්තිය අර ප්‍රශ්ණෙ අහපු එකාගෙ පිටින් යවපු එක මුව හමට තඩි බෑමක් නෙවෙයිද?

      Delete
    2. ආවේගය ආවේගය

      Delete
  10. දෙමින් තියනෙ දීමනා කැපුවම කාටත් තද වෙනවා...එත් කතා කරන්න දැනලන්න ඔනෙ...

    ReplyDelete
  11. මන් නම් කියන්නේ මාලිංග වැරදි නැහැ කියලා.ඇයි මාධ්‍යවේදී වුනත් මුන් හෙන ඇනයක් නේ.

    ReplyDelete
    Replies
    1. මම ඉන්නෙත් ඒ මතයෙ . ඒත් මාලින්ගගෙ හැමදෙම හරි නෑ

      Delete
  12. මොනාද බං ක්‍රිකට් ගැන ලියපං කෝ :ඩී

    ජය !

    ReplyDelete
    Replies
    1. ඒකනෙ මට ක්‍රිකට් අමතක උනා

      Delete
  13. හිහ්,,,, පට්ට කතාව... ඒත් හරි කවුද වැරදි කවුද කියල එක පාරටම කියන්න ටිකක් අමාරුයි නෙහ්..

    ReplyDelete
    Replies
    1. ඔව් මීඩියා එකෙන් දුන්නෙ එක පැත්තයි අර පාලු ගෙයි වලන් බිඳිනවා වගේ

      Delete
  14. ලසිත් මාලිංගලා ගේ සිතේ තරහක් වේදනාවක් ඇති ඔවුන්ගේ වරප්‍රසාද කප්පාදු කරපු එකට.එහෙත් බළධාරින් සමඟ ඇති අවුල මධ්‍යෙව්දින්ගෙන් පිරිහිමලා හරි යන්නේ නැ.මිනිස්සු හෙමි පෙත්තට නැඟ්ගට ඔවුන්ගේ අධ්‍යාත්මික පැත්ත පහළ දමා ගොස් ඇත.සංවර්ධනය කර ගත යුත්තෙ එයයි.මධ්‍යෙව්දීන් යනු ජනතාවයි.ජනතාව බලාපොරොත්තු වෙන දේ තමයි මධ්‍යෙව්දීයා ඔවුන්ගේ අහන්නේ. ලංකාව අද යන තැන හිතා ගන්නටවත් බැ.

    ReplyDelete
    Replies
    1. ඒත් මම දකිනවා අපිට පෙන්නපු වීඩියො ක්ලිප් දෙක අතරේ මොකක්දෝ අඩු පාඩුවක් මොකද මාලින්ග අහන ප්‍රශ්නෙට නෙමෙයි උත්තර දෙන්නෙ එතන තව සිදුවීමක් මාධ්‍ය අපට හැන්ගුවා පෙන්නුවේ අපිට මීඩියා එකට බනින එක විතරයි

      Delete
  15. චම්පක රාමනායකට මොනව හිතෙනව ඇද්ද...?

    ReplyDelete
    Replies
    1. මොනවා හිතෙන්නද මිනිහා හොයාගත්ත ටැලන්ට් එකේ වැරැද්ද්ක් නෑ

      Delete
  16. මාලිංග කතා කරපු හැටි නම් අනුමත කරන්න බෑ.
    හැබැයි ලොකු ලොක්කෝ රටේ සල්ලි වලින් පිස්සු කෙලිනකොට ඒවා දැක්කේ නෑ වගේ ඉඳලා රාවනා ගැනයි,කාලි අම්ම ගැනයි,අරය ගැනයි මෙයා ගැනයි පුම්බලා මිනිස්සුන්ගේ ඔලු කුරුවල් කරන ජඩ මාධ්‍යවේදියොන් ටත් හොඳ වැඩේ.

    ReplyDelete
    Replies
    1. මට පේන්නෙ ජනමාධ්‍ය හරහා අප දුටුවෙ අඩක් පමනයි.

      Delete
  17. මේ ලිපියෙන්ම ලිහිනිගේ පොස්ටුවට ගිහින් එතනැ නම් අදහසක් පල කරා ,
    මම ගිහින් වන් බම්ප් ගහනවා ලොකු ජෝනයියේ

    ReplyDelete
    Replies
    1. ඒක හොඳයි මමත් එන්නම්

      Delete
  18. මාලිංග කථා කරපු විදිහ වැරදියි , ඒත් ඔතන ඔයිට වඩා කථාවක් තියෙයි . මගේ අදහස ලිපියකින්ම කියන්නම්

    ReplyDelete
    Replies
    1. මමත් ඒ සමග ඒකඟයි. ලිපිය බලාපොරොත්තුවෙන් ඉන්නවා

      Delete
  19. Replies
    1. එහෙම හිතාගෙන තමයි ලියුවේ

      Delete
  20. මේ දවස්වල උනුසුම් පුවතට නව අරුතක්.. හැබැයි ක්ලයන්ට කතා කරපු විදය ලොක්ක දන්නවනම් ගෙවපු පඩිය තවි කියකින් හරි අඩුකරයි

    ReplyDelete
    Replies
    1. ඒක තමයි විනය පරීක්ශනයක් තියන්නෙ

      Delete
  21. අන්න යසිරි ට්‍රැක් එකට වැටෙන්න හදන්නෙ. ජයවේවා

    ReplyDelete
  22. ක්ලයන්ටුත් වැරදියි මටනං සේවකයත් වැරදියි...

    ReplyDelete
  23. Lasith Malinga, the only cricketer to take three ODI hat-tricks on this earth. Those hat-trikcs are for Sri Lanka. Not for money, Not for IPL

    ReplyDelete
  24. මනුස්සකම පිරිහෙච්ච කාලෙක මෙහෙම තමා. ලොක්කන්ගෙත් වැරදි නිසා පීඩනයෙන් ඉන්නා බව තමා කියන්නෙ. ඒ උනාට ඒවා අනෙක් අයගෙ පිටින් ඇරල හරියැ.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි ඒත් අපි හැමෝම ජීවත්වෙන්නෙ ඒ රාමුවේ

      Delete
  25. තරහ ගන්න එපා මන් fake frofile එකෙන් අවට මේවගේ වටින ලිපියක් ඔබට මග හැරෙන්න පුළුවන් හින්දයි යොමු කරන්නේ, ඔයත් යම්දුරකට කොටස් කාරයෙක් නේද කියල මේ ලිපිය කියවල බලලා තෙරුන් ගන්න http://anonymousaya.blogspot.it/2013/03/blog-post_9.html

    ReplyDelete
    Replies
    1. ඇයි මම තරහා ගන්නෙ.ඔබ කියන්නේ මම එක කමෙන්ටුවක් මකා දැමූ නිසානම් , මගේ බ්ලොග් එකේ මගේ ලිපියට අදාල නැති කමෙන්ට් පමනක් මම මකා දමනවා. ඒත් ඇනො කමෙන්ට් මට වැදගත් ඒකයි ඇනො කමෙන්ට් දාලා තියෙන්නේ .

      Delete
  26. අනේ ඔය ක්‍රිකට් නම් අපි දන්නෑ අප්පා...

    ReplyDelete
    Replies
    1. ඒකත් දැනගන්න එපැයි

      Delete
  27. ලකෆ්‍රෑන්ස් නමින් මෙතෙක් කල් අනිකුත් බ්ලොග්කරුවන්ට අපහාස වන අන්දමේ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට නොදැනුවත්වම දායක වීම ගැන ඔබ සියලු දෙනාගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටිමි. බ්ලොග් අවකාශය තුල මිතුරන් යැයි මා මෙතෙක් සිතා සිටි කතන්දර/වැප්/ඕනමැන්ටල් යන අපාය සහායක මිතුරන් නිසා මට මේ කරුමෙට දායක වීමට සිදුවිය. අදින් පසු මම ඉහත නම් කියූ උන් සමග ඇයි හොදයියක් නැත. කරුණාකර පෙර මෙන් මා පිළිගෙන මට සමාව දෙන්න....ඔබේ මිත්‍රත්වයේ හස්තය මා වෙත දිගු කරන්න.

    ජංගම දුරකථනයට දිනපතා පැමිණෙන මරණ තර්ජන නිසා බක්මහා උළෙලට සහභාගි විය නොහැක.

    ස්තූතියි,

    මම ඔබේ හිතවත් අභීත

    ReplyDelete
  28. ලකෆ්‍රෑන්ස් නමින් මෙතෙක් කල් අනිකුත් බ්ලොග්කරුවන්ට අපහාස වන අන්දමේ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට නොදැනුවත්වම දායක වීම ගැන ඔබ සියලු දෙනාගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටිමි. බ්ලොග් අවකාශය තුල මිතුරන් යැයි මා මෙතෙක් සිතා සිටි කතන්දර/වැප්/ඕනමැන්ටල් යන අපාය සහායක මිතුරන් නිසා මට මේ කරුමෙට දායක වීමට සිදුවිය. අදින් පසු මම ඉහත නම් කියූ උන් සමග ඇයි හොදයියක් නැත. කරුණාකර පෙර මෙන් මා පිළිගෙන මට සමාව දෙන්න....ඔබේ මිත්‍රත්වයේ හස්තය මා වෙත දිගු කරන්න.

    ජංගම දුරකථනයට දිනපතා පැමිණෙන මරණ තර්ජන නිසා බක්මහා උළෙලට සහභාගි විය නොහැක.

    ස්තූතියි,

    මම ඔබේ හිතවත් අභීත

    ReplyDelete
  29. ඕකා අපේ ඉස්කෝලෙට පැරෂුට් එකෙන් අව නිසා සලකනවා..කන්න බොන්න දීල හැදුවත් බල්ලා බල්ලමයි..උඩබුරනව වගේම හපන්න පනිනවා..හොදම වැඩේ තමයි බැඳලා තියන එක හැමවෙලාවෙම...

    ReplyDelete
  30. -------- ප්‍රචාරක දැන්වීමකි----------

    කියවා බලන්න

    http://meeghaya.wordpress.com/2013/03/15/%e0%b6%87%e0%b6%ba%e0%b7%92-%e0%b6%b8%e0%b7%93%e0%b6%a7-%e0%b6%9a%e0%b6%bd%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b7%8f%e0%b7%80-%e0%b6%af%e0%b7%90%e0%b6%9a%e0%b6%bd-%e0%b6%b1%e0%b7%90%e0%b6%af/

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..