මම මේ කියන්න යන්නේ අත් දැකීමක් මෙය කියවන බොහෝදෙනක් අත් දුටු අත් දැකීමක්.
ඔන්න විශාල පිරිසක් සහභාගීවුන රැස්වීමක්, හිතන්න මහජන පුස්තකාලයේ ශ්‍රවනාගාරයේ දේශනයක් කියලා. නොමිලේ පැවැත්වෙන නිසා හුඟදෙනෙක් ඔය වගේ දෙශනවලට යනවා. සමහරු ගෑනු ළමයා පාඩම් කරලා එනතුරු වෙලාව ගතකරන්න යනවා. තවත් සමහරු සහභාගීවන දෙශකයන්ව බලන්න යනවා . තවත් සමහරු ඇත්තටම දේශනයට සවන් දෙන්න යනවා. කොහොම හරි අන්තිමට ශාලාව පිරෙන්න සෙනග. දේශනය පවත්වන අයට හරි සතුටුයි. අර ස්ටේශන් ළඟ බස් නැවතුම් පලවල ඡන්ද රැස්වීම්පවත්වලා ඒවාට එන සෙනග දැකලා සතුටුවෙන බංකොලොත් දෙශපාලකයො වගේ.
ඔය වගේ දෙශන අතරතුරදි නිදිකිරාවැටෙන සවන්දෙන්නන්, නැත්නම් රසිකයින් අනන්තයි අප්‍රමානයි. ඒවගේ රසිකයින් ගැන දෙශකයො කලින් තියාගෙනම සැලසුම් කරගෙන එන්නේ. පවත්වාගෙන යන කතාව අතරමග දෙපිට කැපෙන තාලේ විහිලු කතාවක් ඉදිරිපත් කරන්නේ අන්න අර කලින් කියපු රසිකයින්ව ඉලක්ක කරගෙන.
මේ ලිපිය කියවන ඔය ගොල්ලොත් ඔයවගේ දෙශන වලට සහභාගීවෙලා තියනවනේ. අර මම කලින් කියුවා වගේ දෙපිට කැපෙන විහිලු කතාත් ඔය දෙශනවලදි අහලා ඇතිනේ. එහෙම කියුවම ලැබෙන ප්‍රතිචාරය ගැනත් අවබෝදයක් ඇතිනේ.
කොහොමද එවැනි කතාවකට පස්සෙ ලැබෙන ප්‍රතිචාරෙ එක්වරම ශාලාවම කොක් හඬලා සිනාසෙනු ඇත. ඇත්තටම ඔබ නිරීක්ශනය කරලා තියනවද අර සිනාව තුන් වරකට කැඩි කැඩී ඇසෙන බව .
කතාව කියූසැනින් මුලු ශාලාවම එක්වරම සිනාසෙනු ඇත.
ඒත් සියලුම දෙනාම සිනාසෙන්නේ අවබෝදයෙන් නොවේ. අවබෝදවූ අය තත්පර කීපයක් තුල සිනාව නතර කර ගනු ඇත.ඒ මා කියූ පලමු කැඩීමයි.
ඉන් පසුවට සිනාසෙන්නේ ටියුබ් ලයිට් යනුවෙන් හඳුන්වන පසුවට අවබෝදවූ අයයි.
තුන්වන වර සිනාසෙන්නේ පෙර කී කතාවට නොව පලමු වතාවෙ සිනාසුනු දෙවන වතාවේ තෙරුන අයටය. නැතහොත් ඔවුන් ඔවුන්ටමය. ඒ ඔවුන් පලමු වර සිනාසී තිබෙන්නෙ බොරුවට බව අවබෝද වූ නිසාවෙනි.
එකෙන්ම ඔව්
ReplyDeleteඑහෙනම් ගොඩ
Deleteඔව්මනේ..
ReplyDeleteමේක අත් දුටු හන්දා මම කියන්නෙත් ඔව්
Deleteමේ කතාව කියෙව්වට මට තාම හිනා ගියේ නෑ බන්..කීවැනි සැරේට එහෙම වෙයිද මන්දා ??? :-D
ReplyDeleteමේක විහිලු කතාවක් නෙමෙයිනෙ
Deleteහික්ස්! මරු කතාව! @තුන් පාරක් හිනා වෙමින්!
ReplyDeleteබඩ අල්ලන් හිනා
Deleteසිරාවට...
ReplyDeleteහ්ම් සිරාවටම
Delete(Y)
ReplyDelete:D
DeleteHa Ha Ha
ReplyDelete(PAUSE)
Ha Ha Ha
(PAUSE)
Ha Ha Ha
(The End)
මට තේරුන්නෑ..
ReplyDeleteමේ දේම වෙනත් ආකාරයකට කතන්දර ලියල තිබුන වගේ මතකයි ලග දවසක.කොහොම නමුත් ඇත්ත ඕකයි.
ReplyDeleteඑතකොට තාමත් හිනා ගියේ නැතිනම්? :O
ReplyDeleteහුග දෙනෙක් ඔහොමයි
ReplyDeleteතුන් වෙනි හිනාව නම් තේරුනා මදි වගේ මට.
ReplyDeleteඅන්තිම හිනාව තමුන්ටමයි,ඒක තමා හොඳම හිනාව
ReplyDeleteගොඩක් උන් ටියුබ් ලයිට්..
ReplyDeleteකෙල්ලෝ ටියුබ් ලයිට් බවට බොරු මවා පෑමක් කරනවා මම දැක ඇත්තෙමි :)
තුන් පාරක් හිනා වුනෙමි..!)))
ReplyDeleteD :(
ReplyDeleteදිග සින්හාවක් ඇති විය.
ReplyDeleteමමත් හිටිගමන් බොරුවට හිනා වෙනවා..නැතිනම් හිනගස්සන එකාට පව් නේ බන්..
ReplyDeleteඒක නම් හැබෑව තමා..
ReplyDelete