පහුගිය සතියෙ පලකල එක කවි | පෙලක |
මූනු පොතෙ අඟනක් ගැන කීවා | මතක |
කියවා බලා ඔබ අදහස් එකින් | එක |
සිතුනා කරනට කවියක් හනි | හනික |
|
|
තව්සන්ඩ් ෆයිව් ගානේ එක්කෙනෙකුට ඕනෑ | කීවා |
ඒ සී එකත් යහමින් ඕනෑ | කීවා |
වරකට එක්කෙනයි කියලත් ඈ | කීවා |
මේ ගැන දැන ගන්න මගේ යටි හිත | කීවා
|
|
|
බසයෙන් බැස ඈ ගිය ඒ | සුනංගුවෙන් |
ඈ ගැන සොයන්නට ඉස්සුනි උන් | අසුනින් |
බ්‍රේක් ගසා රියදුරු දුන් | සහයෝගෙන් |
විසිවී වැටුනි හිතවත මම ඒ | බසයෙන් |
|
|
කොල්ලො තුනක් ආවා ඇය | හමුවන්න |
ඇසුනෙ නම් නෑ උන් කී ඒවා | ඔන්න |
ආටා එකට නැගි පසු ඈ සමගින් | තිදෙන |
හිමිහිට බලන්නට සිතුනා | සිද්දවෙන |
|
|
යුනිටිය අසල උන්නා මගේ | මිත්තරයෙක් |
ඔහු හට තිබුනා වේගෙන් යන දඬු | මොනරෙක් |
වරෙන් යන්න මට දැන් පොඩි | හදීසියක් |
කීව ගමන් ඔහු ආවා නො අසා | යමක් |
|
|
ඈ ගැන තතු සැකෙවින් මා | කීවා |
ඒ ගැන දැනගන්න ඔහු වේගෙන් | ඉගිලෙනවා |
මිත්තරයා නිසා මගෙ හිතටත් බය | නැතුවා |
ආටා රථය දැන් ටික ටික ලං | වෙනවා |
|
|
හව්ස් ඔෆ් ෆෂන් පසුකරමින් ගමන් | කලා |
පොන්සේකා පාර අසකින් එය නතර | කලා |
ඔවුන් යන්නෙ කොහිදැයි විපරමින් | බලා |
බයිසිකලය නවතා අපි සිටියා | බලා |
|
|
ලොකු ගේට්ටුවක් තිබුනා වටවී | තාප්පෙකින් |
හතර දෙනා ඇතුලුවුනා එය ඇරලා | හිමින් |
ඇතුලට යන අයුරක් ගැන ඉන්නාවිට | සිතමින් |
ඇතුලට ගිය කොල්ලන් ආවා ගිය | පයින් |
|
|
ගේට්ටුව ලඟ කැරකැවිමින් උන් අප | දෙදෙනා |
දැක්ක කොල්ලො අප ලඟටම කිට්ටු | උනා |
"මේක බලලා නම් අපි හට එපා | උනා" |
කියලා කියුව ඒ තිදෙනා පිටත් | උනා |
|
|
එවිටම වගේ අර තරුණිය | ආවා |
ඔය ගොල්ලොත් ආවේ ඇඩ් එක දැකලද | ඇහුවා |
ලැජ්ජාවෙන් මම බිම බලමින් | වුවා |
මගෙ මිතුරා ඇඩ් එක ගැන | විමසුවා |
|
|
FB එකේ තිබුනේ පොඩි | දැන්වීමක් |
කාමරයක් කුලියට දෙන | බව කීමක් |
ඒසී නැතිව ඉන්නට බැරි බව | ඇත්තක් |
යාබදව කාමරයේ තිබුනේ | පෝරනුවක් |
|
|
ආපු නිසා අපිත් ගියා එහි | තුලට |
ඒවිටයි තේරුනේ ඇයි එක්කෙනා | එකවරට |
කාමර ගොඩක් කුලියට දී | තිබුනාට |
එකම වැසිකිලියයි තිබුනේ | සැමට |
| |
ප.ලි. පහුගිය
134.FB අඟන සත්‍ය සිදුවීමකි. එය ලියූපසු මගෙ සිතෙ ඇඳුන මනඃ කල්පිත සිදුවීමක් එහි දෙවන කොටස ලෙස ඔබවෙත ලියමි.
ඔයින් ගියා හොදටම ඇති.....
ReplyDeleteමටත් හිතුන
Deleteඒහෙනම් කොහොමද ශරීර කෘතය කරගන්න අමාරැ වෙයිනේ...වෙලාවට තමයි තේරැනේ වැඩේ
ReplyDeleteබෝඩිං ජීවිතෙ හැටි එහෙමයි
Deleteවිලි ලැජ්ජාවේ සන්තෝසේ බැහැ... සිතුවිලි කිව්වා වගේ, "ඔයින් ගියා හොදටම ඇති...." :පී
ReplyDeletemana:kalpitha unata aththatama uneth okamada danne.. hikis :D
ReplyDeleteපරන කවිය ඇත්ත හැබැයි වැටුනෙ නම් නෑ
Deleteබැලන්ස් කොරන් පෙරකිව් අර කතාව
ReplyDeleteගොතපු අලුත් කවි ඇල්ලත් එළ කිරිය
කොළොම් තොටේ අරුමොසම් වැඩ බෝම
ලංකාවත් දැන් දැන් ෆෙඩරල් වේය
බැලන්ස් කරන්නටම නොවේ ඒ කවිය
Deleteමා කීවේ මට පසු දින හිතු හැටිය
ආගම දහම ගැන නොතකන සමය
මුලු ලෝකෙම කනපිට වී යන සැටිය
මළ මගුලයි!!!
ReplyDeleteයකෝ අපිව මේකා කඩේ ඇරිය හැටි.
අපිත් ගියා කුණු රසය බලන්න මදෑ.
ඒකනේ වෙද මහත්තයා, හෙලා දකින්ටෝන, නැත්ද? අපිත් නිලමැස්සො වගේ ආවා කුණු පාර දිගේ, මැදෑ.
Deleteදැන් බලන්න ටීවී වල රස රස කෑම ජාති පෙන්නනවා ඒත් රස දැනෙනවද . නෑ නේ
Deleteබලන්න අඩු තරමින් තම තමන්ගෙ හිතින් හරි මෙතන කුනු රසය වින්දනේ ..
නියම කවි පන්තිය.
ReplyDeleteසමකය වටේ (samakaya wate)වෙනසක් කළා. එන්න රවුමක් දාන්න වෙනස ගැන අදහසකුත් කියලම යන්න.
අලුත් පෙනුම මරු
Deleteහෆොයි ! මෙයාටත් හිතෙන ඒව.
ReplyDeleteනිකන් තියෙන හිතනෙ
Deleteසික් විතරක් මේක බලන්න ගත කල මගේ අගනා කාලය , මේ ජෝන ඔහොමම තමා :D
ReplyDeleteඅනේ මගේ කට
Deleteආතල් එක කෑවා.....
ReplyDeleteඑ උනාට හිතින් ආතල්නේ
Deletejohn, yantham patikiriya bera gattha... :P
ReplyDeleteනැතුව අමාරුවෙන් හදා ගත්තු එක
Deleteමොන පික්ෂුද අයියා ඔහොමනං වෙන්ඩ බෑ ඈ...අයියත් රිංගලා දැං අපිට කොළේ වහන්ඩ හදනවා නේද?
ReplyDeleteරින්ගුවා නේන්නම් ඒකනේ දැම්මෙ
Deleteකවි පෙළ නම් නියමයි....අනර්ඝයි...උත්කෘෂ්ටයි....අපූරුයි...
ReplyDeleteහම්මා වචන ගොඩායි
Deleteවිලි ලැජ්ජාවේ බැරුවා... හි හී
ReplyDeleteකවි ටික නම් නියමයි ලොකු ජෝන්....
මටත් ලැජ්ජයි
Deleteජෝන් අයියටත් වෙන වැඩ. මලා ජෝන් කිව්වලු හිකිස්........ මේ අයියේ මොකද හදිස්සියේම කවි හිතක් පහල වෙලා.
ReplyDeleteහැමදාම එකම විදියට ලියනකොට එපාවෙනවා
Deleteහපොයි දෙය්යනේ...
ReplyDeleteමම හිතාගෙන උන්නේ වෙන දෙයක්..කවි ටිකනම් නියමි බං
පේන දේ හැමතිස්සෙම නෑ මම කැමති ඒකට
Deleteජෝන කරන මුස්පේන්තු වැඩ හින්දා
ReplyDeleteතිබුන සොමිය එක පාරට ගියේ ගස්සා
හිතුවේ මේක නොව වෙන යම් දේ හින්දා
දෙන්ට හිතේ තොට යම ලෝකෙන් ගෙන්නා
...යමලෝකෙත් බ්ලොග් ඇතිදැයි බලමි
Deleteයම රජු ගැන වරුනාවක් කරමි
ඒක බලලා යම රජු අදිනා බව දනිමි
එතන හිටන් මම බ්ලොග් ලියමි
යමයා කපටි බස් නොඅසන බව දනිමි
Deleteතෙපර තෙපර කිව්වත් නාහයි සිතමි
කොහොම උනත් ඒ උඹේ තැන බව දනිමි
අපාය තොප හට ළග බව දුටිමි
හහ්.. හහ්..
මෙතනට එන අය කියව්වෙ නම් කවිය
Deleteයමයත් එය කියවන බව නම් සුවර්ය
කියවා මා ගැන තැවී රජ යමය
උගේ ලැපත් මට දෙයි මා යන දිනය
අය්යො..යෝ..යෝ..!
ReplyDelete\ඇයි
Deleteමදැයි... :)
ReplyDeleteකවි ටික නියමයි.
ස්තුතියි
Deleteහැක් හැක් හැක්... විළි ලැජ්ජාවේ බෑ
ReplyDeleteමටත් එහෙමයි
Deleteelane
ReplyDeleteයකෝ උබල ඇත්තටම මෙහෙම බයිට් වුනාද :ඩී
ReplyDeleteඇත්තම ලියනවද අපි !
DeleteHafoi
ReplyDelete:)
Deleteමට පොඩ්ඩක් මෙ ශයිලිය ගැන කියන්ටකො ජෝං අය්යෙ. මීට කලිං මේ වගේ එකක් දැකල නැහැ.
ReplyDeleteතාලයක් නැති එත් නිසදෙසකුත් නෙමේ
ඒ දැන් අපූරුවට තියෙනව, මොබයිල් එකෙන් බලන් කොට අන්තිමට තියෙන එලිවැට පෙන්නෙ නැ.
Deleteපොඩ්ඩක් මොබයිල් සයිට් එක ගැනත් අව්දානය යොමු කරන්නේ නම් මැනවි
පහුගිය සතියෙ පලකල එක කවි
මූනු පොතෙ අඟනක් ගැන කීවා
කියවා බලා ඔබ අදහස් එකින්
සිතුනා කරනට කවියක් හනි
අවසන් කලමුත් මාගෙ පෙර
ඇතැයි සිතමි එපුවත අද නොබැලු
තෙරුම් ගන්න අද මා කියනා
මේ පෙල කොටනු මැන තරහා
තව්සන්ඩ් ෆයිව් ගානේ එක්කෙනෙකුට ඕනෑ
ඒ සී එකත් යහමින් ඕනෑ
වරකට එක්කෙනයි කියලත් ඈ
මේ ගැන දැන ගන්න මගේ යටි හිත
මෙන්න මෙහෙම තම පොං එකෙන් බලපුවාම තිව්නී
ඒක මිසක් . අඩේ පෝන් එකෙන් පේන විදියෙත් ගතියක් තියනවනේ . ඒවිදියටත් නිර්මානයක් උත්සහා කරන්න ඕන .
Deleteස්තුතියි සමී ඔබගේ අදහසට එලිවැටිය ගන්න ඕන නිසා ටේබල් එකක් ඇතුලේ කවිය ලියුවේ ඒකයි පෝන් එකෙන් නොපෙනෙන්නෙ පෝන් එකෙන් පේන්නේ එක ටේබල් එකයි
හික්ස්..... නෝන්ඩි ගොඩයි...
ReplyDeleteඒත් මරු කවි ටික... :)
අන්න ඒකනේ
Deleteහැක හැක මනම්කල්පිත එකක්නේ මේක :D
ReplyDeleteනැතුව නැතුව
Deleteවෙන්ඩ ගිය අපහාසෙන් බේරෙන්ඩ කයිය පද බැන්දා නේද අනිත් අතට
ReplyDeleteනැත්නම් ඔලුව බේරගන්නේ කොහොමේයි
Deleteකාලා වරෙන්කො කිව්වලු..
ReplyDeleteනැත්නම් නැත්නම්
Deleteකවි ටික නම් ගින්දර.
ReplyDeleteස්තුතියි
Deleteමම හිතුවේ මේ වැරදි දෙයක් කියලා.
ReplyDeleteThis comment has been removed by the author.
Deleteඑහෙනම් අපිටත්සති දෙකක් තිස්සේ ඇන්දුවා නේද.. ඒ කොහොම වුණත් කවියෙන් කතාවක් කීම එක කාලෙක ජනප්‍රිය කලාවක් වෙලා තිබුණා ඒත් මේ වගේ කවි කතා ඉරිදා ලංකාදීප පත්තරේ ඉස්සර පලවුණා ඒත් දැන්නම් කාලෙකනි දැක්කෙ නෑ වගේ..
ReplyDeleteඒ මතකෙද කොහෙදෝ මේ විදියට ලියන්න හිතුනේ
Deleteසිරා කවි ටික
ReplyDeleteහික් හික්
Deleteහයීයූ.. මේ ජෝන් ලොක්කත් එක්ක බෑ අෆ්ෆා..
ReplyDeleteමොනව උනත් මරු කවි පන්තිය.. හිකිස්!!
මදැයි කොලා....
ReplyDelete