he

Friday, June 14, 2013

නිදිමරා මැච් බැලීම.

ශූරයන්ගේ කුසලානය උදෙසා පැවැත්වෙන තරඟාවලියේ ශ්‍රීලංකාව හා එංගලන්තය අතර තරඟය නරබා අවසානවෙනවාත් සමගම මතකයට නැගුන සිදුවීමක් පෙට්ටගමේ තැන්පත් කරන්න සිතුනි.

හුඟදෙනෙක් ක්‍රිකට් තරඟ නරඹන්න අකමැතියි. ඒ වෙලාව කන ක්‍රීඩාවක් නිසාය. එහෙම කොහොම කීවත් ක්‍රිකට් ක්‍රීඩාලෝලීන් නම් නිදිමරාගෙන තරඟයක් බලන්නේ ඒ අවස්තාවෙ වින්දනය ඒ අවස්තාවෙ විඳින්න උවමනා නිසා.
…සරල උදාහරනයකින් කියනවනම් මෙ වනවිට පවත්වපු ශ්‍රීලංකව සහභාගීවුන තරඟ දෙකම ගතහොත්,

පලමු තරඟය ශ්‍රීලංකාව පරාජය වුනා.
දෙවන තරඟය ශ්‍රීලංකාව ජය ගත්තා.

ඔය නිකම්ම නිකන් වැකි දෙකක් උනාට තරඟය ඒ අවස්තාවෙ බලපු අයට අමතක නොවන අත්දැකීම් දෙකක්. තරඟය නොබලපු අයටනම් නිකම්ම නිකන් වැකි දෙකක්.


සමහරු ඇත්තටම ක්‍රිකට් වලට ආසයි. ඒ කියන්නෙ තදබල  ක්‍රිකට් ලෝලීන්. ක්‍රිකට් මැච් අතහරින්නෙ නෑ. තව සමහරු ක්‍රිකට් ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ, ඒත් ක්‍රිකට් ලෝලීන් කියලා පෙන්නන්න හදනවා.

මම මේ කියන්න යන අත්දැකීම අපේ මාමා කෙනෙකුට වුන සිදුවීමක්.මේ සිදුවීම පහුගිය 2011 ලෝක කුසලානය දවස්වලදි සිදුවූවක්.


…මේ මාමා රස්සාවට කලේ එයාගෙ වෑන් රථය කුලියට දෙන එක. තෙරෙන සිංහලෙන් කියනවනම් හයර් කරන එක. මාමා නුවර පලාතෙ උනාට එයාට තියන සම්බන්දතා බැලුවම රටවටේම හයර් එයාට ලැබෙනවා. බොහෝ වෙලාවට දකුණු පලාතෙ හයර් වලට ආ දවස්වලට අපේ ගෙදර නැවතිලා තමයි යන්නෙ.
…ඔන්න ඔහොම ආපු දවසක මාතෘකාව උනේ ක්‍රිකට්.

"අපෙ කොල්ලො මේ පාර කප් එක ගහනවා ෂුවර්"
"මම හොඳ ඔට්ටුවකුත් අල්ලලා තියෙන්නේ"
(මේ සිදුවීම වන විට තරඟාවලිය අරම්භවූවා පමනි)

…මම අනාවැකි කියන්න නොයන්නේ ක්‍රිකට් කියන්නෙ අවිනිශ්චිත ක්‍රීඩාවක් නිසාය. කොහොමත් ක්‍රිකට් තරඟ වලදී ජයග්‍රහනයේ සතුටත් පරාජයේ දුකත් ඒ ඒ මොහොතෙදී විඳීම සිදුකරනවා විනා ජය පතාගෙනම ගොස් පරාජය වැලඳගත්කල සදාකාලික දුකෙන් ඉන්නා අයෙකු වීමට මා අකමැතිය.

…"අස්සයන්ට අල්ලනවට වඩා මේක ජයයි"

… එදා ඔහුගේ සියලු පුරාජෙරු  කතා අසන්නට වූයෙ මට පමනි. රාත්‍රී ආහාරයෙන් පසු තද නිදිමතක් වූයෙන් මම නින්දට ගියෙ මාමාගේ තනියට රූපවාහිනිය ක්‍රියාත්මක කරදෙමිනි. මාමා විසින් ESPN, Star Sports,Neo Sports.. වැනි නාලිකා මාරුකරන හඩ ඇසුන අතර ඒ හඩ අතරින්ම මම නින්ද කරා ගියෙමි. පාන්දර හතරට පමන මම අවදිවූයේ මාමාගේ හඬිනි.

"ලොක්කා ලොක්කා පුතෙ නැගිටිපං "

…"බෝල 12ට ලකුනු 19ක් ගහන්න තියෙන්නේ",

"උබලා බොරුවට මැච් බැලුවට බලන්න ඕන මැච් බලන්නෙ නෑනේ. මෙන්න මැච් "

…මාමාගේ කෑගැසන හඬින් අවදිවුන මම මම අඩනින්දෙන්ම සාලයට ආවෙමි.

…මාමා රූපවාහිනිය දෙස ඇස්පිල්ලම් නොගසා බලා සිටියි.

"මොකකද මාමේ මේ බලන්නෙ? දැන් වෙලාව කීයද පාන්දර හතරා මාරයි "

"මේක මේ ඉන්ග්ලන්ඩ් වර්සස් ශ්‍රි ලංකා "

…"මාමා රෑ එලිවෙනකම්ම බැලුවද ?"

…"නැතුව "

…මට හිනා නොවී සිටිය නොහැකිවිය ..

…" මාමේ මේ පහුගිය වර්ල්ඩ් කප් එකේ මැච් එකක්. මේ දවස් ටිකෙම මේ චැනල් එකේ පරන මැච් පෙන්නනවා  ."

19 comments:

  1. මට මතක් වුනේ අර මැච් එකටත් ඔට්ටු දාලා හයිලයිට්ස් වලටත් ඔට්ටු දාපු කතාව.

    ReplyDelete
  2. අපරාදේ මාමලේ නින්ද... ඊටත් වැඩිය අර හොඳට නිදාගෙන හිටපු ලොකු පුතාගේ නින්ද...

    ReplyDelete
  3. මම නං පහුගිය වර්ල්ඩ් කප් මැච් එකෙන් පස්සේ තාමත් මැච් එකක් බැලුවේ නැහැ.

    ReplyDelete
  4. ක්‍රිකට් නෙමේ අපේ උන් ගොඩක් දේවල් දන්නෙ නෑ...

    ReplyDelete
  5. මංනං මැච් බලන්නෙ නෑ. බැලුවොත් ෆයිනල් එකක් තමයි. ඒකෙත් අන්තිම ටික විතරයි.

    ReplyDelete
  6. පව් බං..

    හැබැයි රිපීට් එකකට බෙට් කලොත් ගොඩම තමා බං :)

    ReplyDelete
  7. මගෙත් ක්‍රිකට් මැච් බැලිල්ලක් නැත.. වර්ල්ඩ් කප් ෆයිනල් එකක් වගේ නම් බලනව අවසානෙ... ඔන්න ෆුට් බෝල් ගේමක් නම් ඉතිං බලං ඉඳතහැකි.. :)

    ReplyDelete
  8. ඒක තමා සජීවි ද නැත්ද කියල තේරෙන සිහංලෙන් දාන්න එපැයැ..

    ReplyDelete
  9. ආනේ ඉතින් මොනා කරන්නද . මාමට මැච් බැලිල්ල එපා වෙන්න ඇති :D

    ReplyDelete
  10. කොහොමද එලිවෙනකන් පරන මැච් එකක් බැලුව කිව්වම මාමගේ මූණ?

    ReplyDelete
  11. උඹ මහ පවු කාරයා. අර මාමගේ සියලු දේවල් නැති කළා එක තප්පරෙන් උඹ මලයා.

    ReplyDelete
    Replies
    1. හිතලා කරපු දෙයක් නෙවේ ආයුබෝවන්ඩ ...:(

      Delete
  12. අපරාදේ ආතල් එක කැඩුවේ මාමගේ.

    ReplyDelete
  13. හික්ස්! පව් බං උඹ! අපරාදේ හොඳ නින්ද!!!

    ReplyDelete
  14. හිකිස්............. පව් අප්පා මාමා...... අසරණ මනුස්සයා බැරි වැඩ කොරන්න ගොහින් නිකං කාගෙන හිකිස්......

    ReplyDelete
  15. චඃ පව් වැඩේ. මාමට පොළව පලන් යන්න හිතෙන්න ඇති

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..