he

Thursday, September 20, 2018

"තාත්තා" ගැන සටහනක්

ඉස්සර ලංකාවෙ ඉන්නකොට මට එපාම කරපු චැනල් එක සිරස. ඕක මට විතරක් පොදු අත් දැකීමක් නෙමෙයි. මිනිස්සුන්ගෙ ඔලු නරක් කරන්න ඉන්දියාවෙන් ලාබෙට ගෙනත් ජහජරා බාල ඉන්දියන් ටෙලිනාට්‍ය හඩකවලා, රාත්‍රියට පවුලේ හැමෝම එකට එකතුවෙලා පවුලේ සුන්දරත්වය අත්වින්දින්නට යොදගත්  පැය කීපය  හොරකම් කරලා , අර කුනු ජරාව ලාංකික ජනසමාජයට වැක්කෙරුවෙ රත්තරනුත් දීලා.  



ඔය සිරස ගැන කලකිරිලා ලියපු බ්ලොග් සටහන් කීපයක් මගේ බ්ලොග් එකේ තියනවා  ,ශ්වේත රාත්‍රිය .. එවන් සිරසක් කුමකටද මට  , සුපර් ස්ටාර්ස් බිහි කල අනන්‍යතාවයක් ඇති හිඟන්නෝඋගුඩුවන්ට ඇටිකෙහෙල් කැවීම නොහොත් කලා කරුවන්ට කර්තෘ භාග ගෙවීම


ඒත් අද මම අවුරුදු දෙකකට පස්සෙ මේ බ්ලොග් සටහන තබන්නේ සිරසෙන් විකාශනයවන ටෙලි නාට්‍යයක් ගැන සටහනක් තබන්නටය. නරක  දේට බනින්නාසේ හොඳ දේ අගය කලයුතුයි.

කොටස් 300ක් 400ක් දිගහැරෙන මෙගා ටෙලිනාට්‍ය ගොන්නේ අතරමංවී හෙම්බත්වී සිටන  ශ්‍රීලාංකික ටෙලිනාට්‍ය රසිකයන්. නැවතවතාවක් සතියක් බලාපොරොත්තු දල්වාගෙන රූපවාහිනිය දෙස බලාසිටින්නට තරම්  ලලිත් රත්නායක නම් අධ්‍යක්ශකවරයා සමත්වී සිටින්නේ   සිරස නාලිකාවේ  සෙනසුරාදා සහ ඉරිදා විකාශනයවන "තාත්තා" ටෙලිනාට්‍ය සමගය.

අර හීන් හඩට දිය පෑරෙන පහල වක්කඩේ
දුර ගලා බසින රිදී සිනා රැළි තාම තියේ
කඳු වළලු මැදින් එන සුළඟට කන තියන් පුතේ
කෝ දැනෙනවාද මහ පොළවේ පපුවෙ තෙතමනේ

වැට කඩොලු මඩුලු උඩ කැරකෙන සකලයො ඉන්නේ
මගේ පුතේ පිහාටුවමයි අත්තටුවක් වෙන්නේ
ජීවිතේ විතර ගැහැටක් තව කොහෙද තියෙන්නේ
මේ ගහේ වැලේ මල් ගැන මං විතරයි දන්නේ

මල් කොහේ කොතන තිබුනද මහ වනේ දන්නෙ නෑ
කුණ්ඩලේ තරම ඇත් ඇහැකින් බලා ගන්න බෑ
පුතු සෙනේ සිරුර සිද යන හැටි කියා ගන්න බෑ
මගෙ හිතේ තියෙන සී පද මගෙ පුතා අහල නෑ

කුමාර ලියනගේ විසින් ලියනලද මේ ගීතය සංගීතවත් කර ගායනා කරන්නේ රෝහන ධර්මකීර්ති. ප්‍රේක්ශකයන් මුවගේ රැඳෙන්න පුලුවන් වුන මේ ගීත කන්ඩය මේ ටෙලියට හොඳ පිටුවහලක්.


මේ කතාන්දරය දිගහැරෙන්නේ හැත්තෑවේ දශකයේ මුල්වකවානුවෙන්ය. සිරිදාස යම්තාක් දුරකට අධ්‍යාපනය හැදෑරූ තරුණයෙකි තම දෙමාපියන්ගේ වියෝවින් පසු සහෝදර සහෝදරියන්ගේ කෙනෙහෙලිකම්වලින් හෙම්බත්වන ඔහු තම ගම රට අතැර   මොනරාගල පලාතේ දුශ්කර ගමක පදිංචියට එන්නේ විවාහවී තම සහකාරියගෙ පාර්ශවයෙන් දෑවැද්දට ලද ඉඩමේ ස්ව උත්සාහයෙන්  නිවසක්ද තනාගෙනය.  දෑතේ වීරියෙන් ගොවිතන් බත් කරගෙන ජීවත්වන ඔවුන්ගේ කැදැල්ලේ සිරිදාසත් තම බිරිදත් සිව් හැවිරිදි කුඩා පුතාත්ය

කතාන්දරය ඇරබෙන්නේ සිරිදාසගේ බිරිද මැලේරියාවට ගොදුරුව මිය යාමත් සමග  තනිවන සිරිදාස තම පුතු ආදරයෙන් රැකබලාගනිමින් ජීවන ගමන ගෙනයාමත් සමගිනි.

මේ අතරතුර කියන්නට බොහෝදේ ඇත. ඒ සියල්ල ලලිත් රත්නායක විසින් ඉතාමත් සංවේදීව නිර්මානයට ගෙත්තම් කර ඇත .

 මේ කතාව බලන්න  .... මේන්න ලින්ක් එක

https://www.youtube.com/playlist?list=PL9o2oizCaSVDGd_EyAX7hq4mUZRitJSPe

11 comments:

  1. කතාව බලද්දි කඳුලක් නොවැටුන දවසක් නැති තරම්.
    "කුණ්ඩලේ තරම ඇත් ඇහැකින් බලා ගන්න බෑ" කියන එකේ තේරුම දන්නවා නම් කියලා දෙන්න.

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නේ ඇත් කුණ්ඩලේ කියන්නෙ ඇත් රංචුවට ,ඒ විශාලත්වය ගැන පෙන්වනවා කියලයි මට හිතෙන්න

      Delete
    2. මත වර වරනිඳුන්ට
      මත වර වරනිඳුන්ට
      මන බැඳි සකිසඳුන්ට
      හද ‍කොඳවිල පි‍පෙන්න
      ‍මේ කවි ලියුම ‍දෙන්න
      ඇත් කුණ්ඩ‍ලේ ඉන්න
      ගෝමර තනි ඇතින්න
      රන් යහනක නිදන්න
      දින ගණිතැයි කියන්න ...//

      සම‍නොළ නගින රෑට
      බක්මහ පෝය දාට
      නෝන‍ගෙ අම්බලමට මං එනවා කියන්න
      නෝන‍ගෙ අම්බලමට මං එනවා කියන්න
      එන කිරි ‍කෝඩුලාට පඬුරක්‍ ‍වෙන් කරන්න
      එන කිරි ‍කෝඩුලාට පඬුරක්‍ ‍වෙන් කරන්න

      මත වර වරනිඳුන්ට
      මන බැඳි සකිසඳුන්ට
      හද ‍කොඳවිල පි‍පෙන්න
      ‍මේ කවි ලියුම ‍දෙන්න
      ඇත් කුණ්ඩ‍ලේ ඉන්න
      ගෝමර තනි ඇතින්න
      රන් යහනක නිදන්න
      දින ගණිතැයි කියන්න

      මුල්කිරිගල පාමුල
      අප්පච්චි‍ගෙ සීපද
      ඇහිලා එක හී‍නෙක දුක හිතුනා කියන්න
      ඇහිලා එක හී‍නෙක දුක හිතුනා කියන්න
      උන්දැට පිං‍ දෙවන්න සිරිපා වන්දවන්න
      උන්දැට පිං‍ දෙවන්න සිරිපා වන්දවන්න

      මත වර වරනිඳුන්ට
      මන බැඳි සකිසඳුන්ට
      හද ‍කොඳවිල පි‍පෙන්න
      ‍මේ කවි ලියුම ‍දෙන්න
      ඇත් කුණ්ඩ‍ලේ ඉන්න
      ගෝමර තනි ඇතින්න
      රන් යහනක නිදන්න
      දින ගණිතැයි කියන්න ...//

      ගායනය - රත්නා ලාලනී
      පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
      තනුව - ඔස්ටින් මුණසිංහ

      Delete
  2. අරූත් නිර්දේශ කරලා තිබුනා "තාත්තා".. දැන් ඉතින් බලන්නම වෙනවා..

    මිණි ගංදෑල සිරසේ යන තවත් හොඳ කතාවක්..

    ජෝන්ව දැක්කේ බොහෝම කාලෙකින්...අඩුම ගානෙ කමෙන්ට් එකක්වත් දැක්කේ නෑ මෑතකදි..

    ReplyDelete
    Replies
    1. ඔව් සෙන්නා මම මේ ප්‍රොෆයිල් එකෙන් ලොග් වෙන්නෙ බ්ලොග් එක ලියන වෙලාවට විතරයි. අනිත් වෙලාවට ඉන්නෙ රාජකාරි ප්‍රොෆයිල් එකෙන් . එකෙන් කමෙන්ට් දාන්න විදිහක් නෑ ස්තුතියි ආවට

      Delete
    2. එකෙන්ම නේ.. ඒක පට්ට

      Delete
  3. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය .

    ReplyDelete
    Replies
    1. අනිව මාත් එනව බොක්ක ඔයාගෙ පිලට ගොඩවෙලායන්න ටික වෙලාවකට හරි. බ්ලොග් කලාව කියන්නෙ මගේ ප්‍රියතම විශයක් වෙලා දැන් කාලෙකට කලින් ඉදන්ම. එක දිගට හරහට පෙන්නන බ්ලොග් කියවන්න ගියාම සිරාවටම වෙලාව යනව තේරෙන්නෙ නෑ.. එකෙන්ම ජය...! එන්න අපේ පැත්තටත් ගොඩ වෙලා යන්න නිකමට වගේ...

      Delete
  4. හිත හිරකරගෙන තාත්තාගේ අවසානය බැලුවා. අපුරු නිමැවුමක්

    ReplyDelete
  5. සිරසෙන් කරපු විශිෂ්ටම නිර්මාණය

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..