he
අවූරුදු ගානකින් පඩි වැඩිකලේ නෑ කියලා අපේ කට්ටිය ගියා ලොක්කා හම්බවෙන්න. ලිඛිත ඉල්ලීමක් කල කට්ටියට සම්මුඛ සාකච්චවකට ඉඩක් ලොක්කගෙන් ලැබුනා. රාහුකාලය හෙම මග හරවලා ග්‍රහ චක්කරේ ලොක්කගේ පැත්තට කරකැවෙන්න පිහිටුවාලා තමයි කාලවේලවත් දුන්නේ.
ඉතින් එකා එකා එකා ලොක්කා දුන්න වෙලාවට ලොක්ක හමුවන්න ගියා. තනි තනිව කල සාකච්චාවට කට්ටිය ගියේ වීරයො වගේ උනාට එලියට ආවේ මූනු හකුලුවාගෙන.
සිංහල අලුත් අවුරුද්ද ළඟ ළඟ එනවා. මාර්තු මාසේ මුල ඉඳලම අවුරුද්ද පිලිගන්න කවුරු කවුරුත් ලක ලෑස්තිවෙනවා. සමහරුන්ගේ අතට පාරිතෝෂික දීමනා ලැබෙන්න මේ කාලෙට. එහෙම නැතත් අවුරුදු අත්තිකාරමක් හෙම ගන්න කවුරු කවුරුත් පසු බට වෙන්නෙ නෑ. ළමයින්ගේ ඇඳුම් පැලඳුම් වගේම ගෙදරට ඕනකරන බඩුමුට්ටු අරගන්නත් මේ අලුත් අවුරුදු සමයේ සාප්පු සවාරියෙ යෙදෙන්න අපි කවුරුත් වගේ උත්සහා කරනවා.
මේ අවුරුදු සාප්පු සවාරිය පහුගිය අවුරුදු වලට වඩා ටිකක් වෙනස් තාලෙන් සමරන්න ඒ කියන්නෙ සාප්පු සවාරිය තෝරාගත් සාප්පූ වලින් කරන්න සූදානමක් අද සමාජය තුල ඇතිවෙලා තියනවා. ඒ තෝරා ගැනීම හරිද වැරදිද කියලා කියන්න මම උත්සාහා නොගන්නේ එම ප්‍රකාශය අන්තවාදී ප්‍රකාශයක් වීමට ඉඩ තියන නිසා.
මා අද ලියවිල්ල පොඩි කතාවකින්ම පටන් ගන්නම්
හුඟ දවසකින් විහිලු කතාවක් ලියන්න බැරි උනා. පහුගිය 2012 ලෝක විනාස අනාවැකිය පස්සේ ගොහිල්ලා සම හරක් ඇනගත්තා.
සමහරු අනාවැකි කියන්න රුසියො. ඒත් තමන්ට වෙන්න තියනදේ පේන්නෙ නෑ. තව සමහරුන්ට මේ ඇස් පනාපිට පේන්න තියනදේ පේන්නේ නෑ . පෙනුනත් නොපෙනුනාවගේ වෙනදෙයක් කියවනවා.
අපේ කාලගුනේ කියන අනාවැකිනම් සියයට සීයක්ම මම පිලිපදිනවා. රෑට ප්‍රවෘත්ති ඉවරවෙලා යන කාලගුන අනාවැකිය නිසැකවම මාව වැස්සෙන් ආරක්ශාකරලා දෙනවා. හැබැයි ගිගුරුම් සහිත වැසි කියුවොතින් පහුවනදාට මම කුඩය ගෙනියන්නෙ නෑ . වියලි කාලගුනයක් කියුවොත්නම් අනිවාර්‍යයෙන්ම කුඩයක් අරගෙන යනවා. ඔන්න ඔහොමයි මම අපේ කාලගුන අනාවැකි විස්වාස කරන්නේ.
අද කියන්න යන මේ ලියවිල්ල අනාවැකි විස්වාස කිරීම සම්බන්ද ලියවිල්ලක්.
මගෙ ලොකු කෙල්ල පොඩි කාලේ එක්තරා ජාත්‍යන්තර පාසලකට පෙර පාසැල් අධ්‍යාපනය සඳහා යොමු කලා. ඇයට එහිදී විධිමත් අයුරින් මැනවින් අධ්‍යාපනය හදාරන්න හැකිවුනා. ඉංග්‍රීසි අධ්‍යාපනයෙ මුලකුරු ඇය එහිදී ඉතාමත් හොඳින් හැදෑරුවා.
ප්‍රාථමික අධ්‍යාපනයේ මුල්වසරෙදිම මට තෙරුනා ජාත්‍යන්තර මට්ටමින් හිතලා ඉගෙන ගන්නවට වඩා සාමන්‍ය අධ්‍යාපන රටාවට ඉගෙන ගත්තොත් අඩුගානේ පොලවෙ පයගහලා ඉන්නහරි ඉගන ගනී කියලා. පොලවෙ පය ගහලා ඉන්න එකාට ජාත්‍යන්තරේට යන එක අමාරු දෙයක් නෙමෙයිනේ.
අද මම කියන්න යන්නේ ජාත්‍යන්තර පාසැල් ගැනවත් සාමාන්‍ය පාසැල් ගැනවත් නෙමෙයි.
දෙමාපියන්ගේ කතාවලට පොඩිඋන් හොටදාන එක නරක පුරුද්දක් වෙනවා වගෙම, පොඩි උන් ඉස්සරහ පොඩි උන්ගෙ ගුන අගුන කියවන එකත් එච්චරම හොඳ දෙයක් නෙමෙයි.
හුඟක් වෙලාවට ලොකු අයගේ කතාවලට පොඩි උන් හිමිහිට කන්දීගෙන ඉන්නවා. ඒවගේ වෙලාවට ලොකු අයට කතාව නතර කරගන්න එක කරන්න අමාරුයි. ඔන්න එතකොට පොඩි එකාට නොතෙරෙන බාසාවලින් කතාව ගෙනයන්න උත්සහා කරනවා.
ඔන්න අපේ ලොකු කෙල්ලත් පන්තියෙ තවත් ළමයෙක් එක්ක පොඩි පහේ සන්ඩුවක් වෙලා. ඉතින් පාසැල අවසන් උනාම එක්ක යන්න යන්නෙ මම හන්දා පන්ති බාර ගුරුතුමිය මට සම්පූරන විස්තරය කීවා. මමත් ගෙදර ඇවිත් ගෙදර උන්දැට විස්තරය කියන්න යනකොට මට තෙරුනා කෙල්ල රබර් කන දාගෙන ඉන්න විත්තිය ඉතින් මමත් අර කලින් කියපු විදියට ,
පහුගිය දවස්ටිකේම හවසට වැස්ස. දවාලට නැතිව රෑට වහින නිසා වැස්සේ සැරබව පේන්නේ නෑ. රට උලු වහලේ උලු කැඩිලා ඒ අස්සෙන් වැහි වතුර ගලාගෙන යනකොට මතක් වෙන්නේ, අපේ වහලේ උඩින් අල්ලපු කෙහෙල් වත්තෙ කෙහෙල් කොටුවට පැනයන වදුරු රංචුව. වදුරො පනින වෙලාවට උන් බය කරන්න රතිඤ්ඤා පත්තු කරනවා. මුන් රතිඤ්ඤාවලට බයත් නෑ. රතිඤ්ඤෙ පිපුරුනාට පස්සේ අපේ දෙස බලන්නේ නක්කලේට.
තම වයසක සීයා මහලු නිවාසේ උන්නු කතාව කියවන ඔබට මතකනේ. අමතකනම් ව්‍යාග්‍රා සහ හොට් චොකලට් කතාව මෙතනින් බලන්න. හුඟ දවසකින් පොස්ටුවක් දාන්නත් නොහැකි උනේ වැඩ අධිකවීම හන්දම නෙමෙයි. කම්මැලි කම හන්දා. කොහොම හරි බාගෙට අමුනලා තිබුන කතාවක් මෙන්න මෙහම ඉවර කරගන්න පුලුවන් උනේ අර මම කලින් කියපු කම්මැලි කම හන්දා.
මේ කතාව ලංකාවේ අපට ටිකක් නුපුරුදු වෙන්න පුලුවන්. ඒත් එහෙම කියන්නත් අමාරුයි. මගේ ජීවන වටපිටාව වගේ නෙමෙයිනේ ලංකාවේ අනිත් ප්‍රදේශ. නාගරික සමාජයේනම් හැංගි හොරා හෝ නැතිව උත්තෙජන පාවිච්චිය සිදුවෙනවා. මේකතාව උත්තෙජන සම්බන්ද කතාවක්.
දැනට අවුරුදු 80 ගානක් ආයුවලඳපු සීයාකෙනෙක් දවසක් ඔසු හලකට ගොඩවුනාලු.
මේ කතාවේ කාලය 1991 නැත්නම් 1992. ඉස්කෝල යනකාලේ සිදුවීමක්. අද වැඩිහිටියෙකු ලෙස මම මෙම සිදුවීම අනුමත නොකලත් සීමාව දැන කටයුතු කිරීමේ හැකියාව අප සතුවිය. එලෙස කීවේ මා කියන්නට යන කතාව සාධාරණීයකරනය කරන්නට නොව. වරද වරදමය. ඒත් ඒ වරද තුල මා අත් විඳින කතාවක් ඇත. එය කියවීමේ අවස්ථාව ඔබ වෙත ඉදිරිපත් කරමි.
එදා මමත් තවත් මිතුරන් දෙදෙනෙකු සමග පානදුරයෙන් මරදාන බලා ආවේ මරදානේ අපේ සෙට් එකත් සමග හැට් කලෙක්ශන් යාමටය. ශාප් එයිට් තර්ටි නැත්නම් හරියටම අටහමාරට මරදානේ දුම්රිය නැවතුමට පැමිනීමට අපි පාසලේදී කතාකර ගත්තෙමු.
බිග් මැච් කාලෙට හැට් කලෙක්ශන් යාම තරම් විනෝදජනක ක්‍රියාවක් තවත් නැත්තෙය.
කාන්තා පාසැල් අසලට ගොස් නටා ගයා විනෝදවී කීයක් හෝ කඩා ගැනීම අතිශයින්ම විනෝදජනකය. එහි කිසිවිටක අසංවර විහිලු තහලු නොතෙබූන බව අවදාරනයෙන් මතක් කලයුතුය. කලෙක්ශන් එක වැඩි වන්නේ සුන්දර විහිලු තහලුවකින් සුන්දර ගීතයකින් සංග්‍රහකල විටය.