he

Monday, April 30, 2012

91.කම්කරුවෙකුගෙ මාසෙක පඩිය

හරියටම මාසයක් මොනවත්ම ආතම්මගෙ පෙට්ටගමට එකතු කරන්න බැරිඋනා. හේතු එකක් නෙමෙයි බරගානක් නිසා හේතු ඉදිරිපත් නොකර ඉන්නම්. draft කරපු ලිපි සෑහෙන්න තියනවා. ඒවා අද ඉඳලා එලියට දාන්න හිතාගෙන ඉන්නෙ.


මේක ලියන්න හිතන් හිටපු කතාවක් නෙමෙයි. ඊයෙ මාසෙ අප්‍රේල් මාසෙ අන්තිම දවස. වැස්සත් එක්ක වැඩ අහවර කරලා ගෙදර එන්න එනවා. ගෙදරින් කතාකරලා කියුවා අරක ඉවරයි අරක අරගෙන එන්න ..මෙක ඉවරයි මේක අරගෙන එන්න .. කියලා පුන්චි පහෙ ලිස්ට් එකක් දුරකතනය මාර්ගයෙන් කියුවා. සුපිරි පැලැන්තියෙ අය පමනක් නෙමෙයි සාමාන්‍ය අපි වගෙ අයත් යන එන සුපිරි වෙළඳ සැලකට ගොඩ වැදුනෙ ගේන්න කියපු බඩු ටික ගන්න.


සුපිරිවෙළඳ සැල ඉදිරියෙ වයස අවුරුදු 50ක 55ක කෙනෙක් දාඩිය දාගෙන වටපිට බලමින් මොනවද හොයනවා. ඒක සාමාන‍ය සිදුවීමක් යැයි සිතලා වෙලැඳ සැල තුලට ගියෙ මගෙ අවශ්‍ය බඩු ටික ගන්න. ආයෙත් වැස්ස එන්න කලින් ගෙදර යන්න හිතාගෙන. මෙ දවස් ටිකෙම ගෙදර ගියෙ නාගෙන.

Wednesday, April 25, 2012

යන්න මට අවසරයි..





සුබ පැතුම් තුටු කඳුළු  මගේ ළග වට වෙලා
නොහැඟෙනා  තනි කමක් හොරෙන් තුරුලට වෙලා
පියස්සේ කොනක හිද නුබේ හිත  තනිවෙලා
නොපෙනෙනා කදුලකින් සරදමක් මටකලා

බිංදු බිඳු වැහි කඳුළු කොහෙන්දෝ ඇවිල්ලා
දුර ඈත ඉසව්වක මගෙ හිත සිරකලා
අතීතයෙ දිනක් ළඟ මසිත ඇත ගොළුවෙලා
මට යන්න නොදෙන්නද ඔබ ඔතන හිඳ බලා

නවලොවක මාවතට කවුද විත් අතවනයි
නුඹෙන් තොර ලොකෙකට යන්න මට හරි දුකයි
බිංදු බිඳු  පතිතවී මග දෙපස සිර කරයි
කඳුල නුඹ වාගෙමයි  වැහි බිඳත් ඒ වගෙයි..
 
19960611

Saturday, March 31, 2012

..................


ඔයා කීවෙනියද දන්නවද ? 
.
.
.
..



බැනලා හරි මොනවා හරි කියලා යන්න.

..................................

යමක් සොයා බැලීම පිලිබඳ ඇති ඔබගේ උනන්දුව ගැන මගේ ප්‍රනාමය. මෙතන කොටන්න

90.බළි තොවිල්?

මේ ලිපිය පොඩි අත් හදා බැලීමක්. සෑහෙන්න දවසක් බලන් හිටියා මෙ ලිපිය ලියන්න. ඒත් නැකතක් හෙම බලලා කරන්න ඕන වැඩක් නිසා නැකතක් උදා වෙනකම් බලන් උන්නා. ඔන්න ඒ නැකත උදා උනා.


 ඔය ගොල්ලො දන්නවද බළි තොවිල්? 

පුරානෙ ඉඳලා අපෙ රටෙ පැවත එන ඔය චාරිත්‍ර වාරිත්‍ර ගැන මට හරියාකාර අවබෝදයක් නෑ. මෙ ළඟදි මට මගෙ විස්වාසවන්තම යාලුවෙකුගෙන් දැනගන්න ලැබුන දෙයක් තමා මෙ ඔය ගොල්ලොත් එක්ක බෙදා ගන්න යන්නෙ. උත්සහකරලා බැලුවට කමක් නෑ කාටවත් හානියක් වෙන්නෙ නෑ කියලා මට විස්වාසෙන් කිව හැකියි.

Friday, March 30, 2012

පමා නොවී එමි අකුරට..

හැමදාම ලියන කතාවගෙ අද කතාවත් මඩ ගොඩකින් ගොඩදාගත් එකක්. විශේෂත්වය නම් මෙ මඩ වෙන එකෙකුගෙ නෙමෙයි. කතාව ලියන ලොකු ජෝන් වන මගෙ ම එකක් වෙච්චි. මෙකත් වත්මනෙ කතාවක් නොව 90 ගනන්වල මුල් කාලයෙ කතාවක්


 මම පදිංචි වෙලා උන්නෙ පානදුරෙ. පාසැල් ගියෙ කොළඹ. පාසැල් බස්‍ රථයෙන් තමා පාසැලට ගියෙ. ඒකාලෙ එක එක පාසැලට වෙන වෙනම බස් රථ CTB එකෙන් දාලා තිබුනෙ. පානදුරෙ CTB බස් නැවතුමෙන් පටන් ගන්න බස් එක අල්ල ගන්න උදෙම එතනට යනවා. එතන රස කතා බොහොමයි. ඒවා පස්සෙ වෙලාවල ඉඩ ලැබුන විදියට බ්ලොග් පොස්ට් හරහා ඉදිරිපත් කරන්නම්.

Tuesday, March 27, 2012

ගැබිණි මාතාවන්ට පමණයි .

ලියන්න ගිය කතා සෙරම පැත්තක දාලා මෙ කතාව ලියන්නෙ මෙ කතාව උනු උනු කතාවක් නිසා, උනු උනුවෙම ලියුවොතින් හොඳයි කියලා හිතුනු නිසා.


වෙනදා වගෙ වැඩ අහවර කරලා 6.53ට තියෙන කෝච්චිය අල්ලගන්න වැල්ලවත්ත දුම් රිය ස්ථානයට එන්න පුලුවන් කමක්  තිබුනෙ නෑ. වැල්ලවත්තෙන් 6.53 මග හැරුනොත් ආයෙත් පානදුරෙට එන්න තියෙන්නෙ 8.05 ට. එච්චර වෙලා දුම් රිය ස්ථානයෙ ඉන්න තරම් උවමනාවක් තිබුනෙත් නෑ. එහෙම උන්නනම් මෙ කතාව ලියන්න වෙන්නෙත් නෑ.