he

Friday, March 9, 2012

බීප් බීප්...

  මේ සිද්දිය වුනෙ 1995 අවුරුද්දෙ එතකොට මම NIBM එකෙ ඉගෙන ගන්නව. එකාලෙ දැන් වගෙ හැමොගෙම ගෙවල් වල කොම්පියුටර නෑ . ඉගෙන ගන්න දෙවල් අත් හදා බලන්නත් ඔනෙ NIBM ලැබ් එකෙම තමයි.

එක්කෙනෙකුට දවසකට පැය 2 ගානෙ ප්‍රායෝගික වැඩ කල හැකියි. ඒ කාලෙ තිබුන කම්පියුටරුත් 486 SX, DX 66 වගෙ ඒවා. කොහොමටත් අපි වින්ඩෝස් දැකලා තිබුනෙත් නෑ අහලා තිබුනට .ඒ දවස්වල ම අපිට තිබුනෙ PASCAL ,Assembler ,  Clipper, cobol වගෙ පරිඝනක භාශා.


ඉස්සර ආසම ආස වැඩෙ තමා මාගලක් වගෙ දිගට පරිඝනක වැඩසටහන් ලියන එක,  ලියලා මුද්‍රනය කරලා ගත්තම ලොකුම වැඩසටහන තියන කෙනා තමා පොර. නැත්නම් පොරි. (ඒක coming soon කතාවක්). ඉතින් දන්න වැඩ සෙරම දාලා තමයි වැඩසටහන ලියන්නෙ. ඒකාලෙනම් කීවෙ තොරන් දානවා කියලා පොඩි වැඩසටහන උනාට වැඩ කෑලි කෝටියයි. …

සතියෙ දින 5ම දෙශනයන්ට සහභාගී වීම අනිවාර්‍යයි. දවස් 2 ක් විතර ප්‍රායෝගික කරනවා. ඇත්තටම ඔහොම කරලා මදි. ඉතින් ඒ දවස් වල NIBM එකෙ රාත්‍රී ප්‍රායොගික (NIGHT PRACTICALS) කරන්න පුලුවන්. 14 දෙනෙක් සෙට් වෙලා (Instructor) උපදෙශකක කෙනෙක් වත් සෙට් කර ගත්තම ලැබ් එක රාත්‍රියට පාවිච්චි කරන්න පුලුවන්.. ඔය කාලෙ මම තරම් රාත්‍රී ප්‍රායොගික වැඩ දාගත්ත කෙනෙක් මුලු NIBM එකේම හිටියෙ නෑ. ඒ හන්දා මට "නයිටානන්ද" කියලා කාඩ් එකකුත් ගහලා තිබුනා. ඇත්තටම මම එහෙම රෑටම ප්‍රායෝගික වැඩ දාගත්තෙ වෙන දෙයක් හන්දම නෙමෙයි පරිඝනක හිතේ හැටියට පරිහරනය කරන්න ලැබෙන නිසා. … …

කොහොම හරි ඔහොම හිටපු එක ප්‍රායෝගික දවසක මම ලියුවා ටිකක් ලොකු තොරණ් වැඩසටහනක්. දැන් වගෙ නෙමෙයි පාට පාට නිවි නිවි සෙලවෙන අකුරු දැක්මත් හරි සුන්දර අත් දැකීමක් ඒ දවස්වල කට්ටිය වටවෙලා බලනවා. මට හරි සතුටුයි. 

ඊට පස්සෙ ඕන උනෙ වැඩසටහනට හඩක් එකතු කර ගැනීම. හඩක් කියුවෙ දැන් වගෙ ස්ටීරියෝ ඩොල්බි ඩිජිටල් ඩී.ටී.ඒස් එහෙම නෙමෙයි, පරිගනකයේ තියන ස්පීකරයෙන් නිකුත් වෙන බීප් බීප් ගාන එක තමයි. ඒකෙ ටෝන් වෙනස් කරලා පොඩි පොඩි සද්ද කෑලි දානවා. ඔන්න ඔය පල්ලෙහා මට ටිකක් මතක විදියට පොඩි කෝඩිං කෑල්ලක් දැම්මා. (දැන්නම් මෙලො දානයක් මතක නෑ ) … …


begin
  sound(100); delay(200); 
  sound(130); delay(500); 
  sound(100); delay(400); 
  sound(230); delay(120); 
  sound(400); delay(400); 
  readln;
end.


හරි කතාව ඒක නෙමෙයි, ඔන්න ඊට පස්සෙ ඔන්න වැඩසටහන ක්‍රියාත්මක කෙරුවා ඔන්න දැන් පරිගනක තිරයෙ දිලිසි දිලිසි නිවෙනවා, off වෙනවා, off වෙනවා, නිවෙනවා සද්දෙත් දානවා පීප් ගානවා බීප් ගානවා බීබීප් ගානවා . 

දැන් මට මෙක නවත්වන්න ඕනෙ. මේක නවතින්නෙ නෑ .. බීප් බීප් බීබීප්. දැන් මාර සවුත්තුව මෙක නවත්වන්න බැරුව. …

…එබුවා ctrl+C ඒත් වැඩ 
එබුවා ctrl+K ඒත් වැඩ 
අන්තිමට
 එබුවා ctrl+alt+del DOS වල දැන් වගෙ ටාස්ක් බාර් එන්නෙ නෑ කෙලින්ම රීස්ටාර්ට්.

දැන් කම්පියුටර් එක රීස්ටාර්ට් වෙනවා ඒත් සද්දෙ නවතින්නෙ නෑ. මට දැන් හීන් දාඩියදාලා.

ගැලෙව්වා කෙලින්ම වයර් එක. 

මොකද හිතන්නෙ සද්දෙ නැවතුනා කියලද ? ......................................

ඒත් සද්දෙනම් නැවතුනෙ නෑ ....................

මොකද වෙලා තියෙන්නෙ ........ 

පුලුවන්නම් කියමු බලන්න ? … 

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
..
.
.
.
.
.
.
.
.

.
.
.
.
.
.
.
.
.

පසු සටහන : අපි ප්‍රායෝගික කරන්නෙ රෑටනෙ ඉතින් එළිවෙනකම් අපි ප්‍රායොගික කරනවා. එදා මට ප්‍රායෝගික කරන අතර තුර හොඳටම නින්ද ගිහිල්ලා මගෙ Casio ඔරලෝසුවෙ සද්දෙ තමා මට ඇහිලා තියෙන්නෙ මම වැඩසටහන ලියලා තියෙන්නෙ .......හීනෙන්

41 comments:

  1. මොකක්ද බොලේ ඒ හරුපේ? අගේ නොකර කියහන් කව්රු හරි යාලුවෙක් කරපු වැඩක්ද?

    ReplyDelete
  2. ලයිට් ගිහින් යුපීඑස් එක වැඩ කරනවා....
    නැත්නම් කාගේ හරි ගඩොල් බාගයක්.

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ වැඩිය යුපීඑස් බාවිත කරා කියන්න අමාරුයි බලමුකෝ

      Delete
  3. මට නං හිතාගන්න බෑ. ඒත් ලකීගෙ උත්තරේ හරි ඇති.

    ReplyDelete
  4. ඇත්තමයි හිතා ගන්න බෑනේ.. ශුවර් එකටම යාළුවෙක්ගේ වැඩක් වෙන්න ඇති..

    ReplyDelete
  5. සුවර් ලග හිටපු යාලුවෙකුත් ඒක ඒ විදියටම ගහන්න ඇති ඒකේ බීප් බීප් ගාන්න ඇත්තේ.. ආ නැද්ද හා??

    ReplyDelete
  6. කිණිය කියන එක තමා හිතාගන්න වෙන්නෙ!

    ReplyDelete
  7. ළඟ පාත තියෙන වෙන මැශින් එකක මොනාහරි ලෙඩක්!

    ReplyDelete
  8. කී බෝඩ් එකේ මොකක් හරි කී එකක් ප්‍රෙස් වෙලා හිර වෙලා තිබුනද ?

    ReplyDelete
  9. නිවෙනව. ඕෆ් වෙනව. හා...හා... හා .... මට තෙරුණා මොකද මම NIBM ගියේ 1989 හින්දා. ඒත් කියන්නෑ.

    ReplyDelete
  10. ම්හූ....... නෝ අයිඩියා.....

    ReplyDelete
  11. නිවෙනවා ඕෆ් වෙනවා ???? අඩේ මැෂින් එක ඔන් වුනේ නැද්ද?? යූ පී එස් එක චාර්ජ් කරලා නැතුවද දන්නෑ......හලේ මන්ද අප්පා මම ඩොස් අල්ලලවත් නෑ මිනික්ස් නම් අතපත ගාලා තියෙනවා

    ReplyDelete
  12. ups ups වෙන මොනවද? ඒවත් ඒ නාලෙ අපිට නම් මැජික්

    ReplyDelete
  13. හිකිස්... මමත් මේක පැස්කල් වලින් කලා... මැක්සා... සංගීතය දන්න යාලුවෙකුට කියලා කෝඩ්ස් ඉල්ලගෙන ජාතික ගීයේ කෑල්ලක් මේ විදියට කොම්පෝස් කලා... ඒ දවස් වල ඉතිං මට හෙන සැලකිලි....

    ReplyDelete
  14. ඇත්තටම මොකක්ද අප්පා උනේ.....

    ReplyDelete
  15. යූ පී ඇස් එකෙත් ඔහොම සද්ද බද්ද එනවා. කී බෝඩ් එක නම් වෙන්න බෑ. කොහොම හරි ඒ කාලේ තුබුන බැෂින් වල සයිස් එක කොහොමද බැකප් ගන්නේ ඩිස්කට් පෙට්ටි 2ක් විතර ඕන. මම වැඩකලේ වැන්ග් 2200 එකක් ඉස්සෙල්ලම.

    ReplyDelete
    Replies
    1. දැන් ඒ ටයිමින් වලට වැඩ කොලොත් කොහොමට හිටීද

      Delete
  16. මමත් මුලින්ම වැඩ කලේ 286 එකක..අර කොලපාට මොනෝක්‍රෝම් මොනිටරය්ක් තියෙන..අෆ්ෆා..ඒ කාලෙ මතක් වෙනකොටත් මාරයි..ඩොස් Lotus 123 , 123r24, Word Perfect, DBase..DBaseIII..Word Star දැන් තියෙන්නෙ මොනාද ප්‍රෝග්‍රෑම්...

    ReplyDelete
    Replies
    1. ඒ උනාට මම නම් තාම ඔයවගෙ screen වල වැඩ කරනවා

      Delete
  17. මේ වෙනතුරු නම් හරි උත්තරෙ ලැබුනෙ නෑ

    ReplyDelete
  18. හරි....හරි මං කොම්පීටර් ගැන දන්නෑ...පුළුවන් මේ ප්‍රශ්නෙට උත්තර දීහන්.

    මේ කාර් එකේ ඩීසල් එන්ජිමක් තියෙන්නෙ, කෙළින් පාරෙ යනකොට කිසි අස්පෙට් එකක් නෑ, වමට හෝ දකුණට හරෝනකොට කට...කට... ගාල අමුතු සද්දයක් එනව. කොහෙන්ද සද්දෙ එන්නෙ, කොහොමද සද්දෙ එන්නෙ ?

    ReplyDelete
    Replies
    1. අලි ගැහුවා මදිවට පුකේ කඩි

      Delete
    2. හරි මං දන්නවා බීලා වැඩි උනාම සීතල දවස්වලට ඔය වැඩෙ වෙනව ඒක ඩ්‍රයිවර්ගෙ වැරැද්ද ඩ්‍රයිවර් මාරු කරාම හරි.

      Delete
    3. බීප් බීප් මදිවට කට....කට....කට මේ වෙලාවට තමයි ඔලුව කොහෙ හරි ගහගන්න හිතෙන්නේ..

      Delete
    4. සිග්නල් ලයිට් දැම්මාම එන සද්දේ :)

      Delete
    5. පොඩි එකාගෙ ටීක් බෝල ටික කබි හෝල් එකේ

      Delete
  19. දන්නේ නැහැ.සමහර විට ළඟ තිබුණු වෙනත් එකකින් අපු සද්දයක් වෙන්න ඇති.

    ReplyDelete
  20. හිතාගන්න අමාරුයි :(

    ReplyDelete
  21. රැම් එකේ සීන් වලටත් බීප් ගානවලු නේද ?

    ReplyDelete
  22. ම්හ්... හිතාගන්ට බෑ

    ReplyDelete
  23. ම්ම්ම්.... අපොයි මේවගේ ඉලෙක්ට්‍රොනික් ගැජට්වැඩ ගැන මටත් එච්චර දැනුමක් නෑ. මම නම් ඒ වෙලාවට ද්න කියන යා‍ලුවෙකුට කෝල් කරනවා." මචං කරන උදව්වක් ඉක්මනින් කරලා කියලා දියං" කියලා එච්චරයි.

    ReplyDelete
  24. මටත් හිතාගන්න බෑ නෙව....

    ReplyDelete
  25. ඔන්න ඔහෙ කියල දාපං බං

    ReplyDelete
  26. ෆෝන් එකේ සද්දේද?

    ReplyDelete
    Replies
    1. 1995 කොහෙද එහෙම සද්ද එන ෆෝන්.තිබ්බේ ටලන් ටලන් සද්දේ තියෙන ෆොනේ නේ.ඒ කාලේ ඔය චුටිනේ...

      Delete
  27. සැරෙන් සැරේ ඇවිත් හොරෙන් බලලා ගියා උත්තරේ දාලද කියලා . කෝ තාම නෑනේ .

    ReplyDelete
  28. හාර්ඩ් 1 ගිහිල්ල වෙන්න ඇති!:P

    ReplyDelete
  29. මම නම් දන්නව හේතුව ජෝන් අයිය කියන කම් මාත් කියන්නෙ නෑ.....

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..