
කාලය වකවානුව මට මතක හැටියට 1990 වසර. මම ඉස්කෝලෙ යන එකෙක් කොහොමටත් ජනවාරි පලවන වාරය ඇරඹුමත් සමග අපෙ කොල්ලන්ට තියන ලොකුම පිස්සුව තමා ක්‍රිකට් පිස්සුව. ඔය පිස්සුව අඩුවෙලා යන්නෙ අප්‍රෙල් මුල සතියෙ අවසන්වන කොකා කෝලා කුසලානය අවසන්වීමත් සමග.
දැන් කාලෙ වගෙ පොතෙ පතෙ ඉන්න අය පොත පතටම සීමාවෙලා උන්නෙ නෑ. , ක්‍රීඩා තරඟ වලට සහබාගීවෙන අය විතරක් නෙමෙයි මුලු පාසලම වගෙ ක්‍රීඩා තරඟ වලට උනන්දුයි. මහ තරඟය කියන්නෙ විශේෂ එකක් උනාට අනිත් තරඟත් පුලු පුලුවන් පාසැල් වලට ගිහින් තරඟ නරඹන්න අපි වගෙ සිසුන් රොත්තක් සැදී පැහැදී උන්නා.
එදා සිකුරාදාවක් එදා විද්‍යාලාන්තර තරඟ වලින් නාලන්ද - xxxx තරඟය රීඩ් මාවතෙ ඒ කියන්නෙ xxx විදුහලේ ක්‍රීඩා පිටියෙ පැවැත්වුයෙ. මැච් දවස් වලට අපි වගෙ ක්‍රීඩාලෝලී කොල්ලො ටික පාසලෙ අධ්‍යාපන වැඩවලට යොදාගන්නවා ඉතින් බොරු තමා. 10 වෙනකොට කට්ටිය තරඟය පවත්වන ක්‍රීඩාංගනයෙ සුවපහසුවට අසුන් ගෙන ඉන්නවා.
උගුර බැරැන්ඬි වෙනකන් තමාගෙ පාසැලෙ ජයග්‍රහනයට කෑගහනවා. ඔහොම කෑගහනකොට විරුද්ධ පාසැලෙ ක්‍රීඩකයන්ගෙ වැරදි වලට හූ තියන එකත් සිදු නොවුනම නෙමෙයි.
ඉතින් අපිත් එදා රීඩ් මාවතෙදි ඔය හූවත් කියුවා. ඒකාලෙ තමා අර කොළඹට කිරි අපට කැකිරි කාලෙ . අර හූ වත් එක්ක අපෙ පැත්තට ආවෙ නැද්ද ඊට කලින් දවසෙ ඉතිරිඋනු කිරි පැකට් වගයක් අහසින්.
ක්‍රීඩාංගනයෙ උන්නෙ අපෙ පාසලෙ උන් විතරක් නෙමෙයි . අපෙ සහෝදර පාසැල කවදාවත් අපිව අමතක කරන්නෙ නෑ. ඒ අයත් හුඟ වෙලාවට අපෙ පාසලෙ තරඟ නරබන්න යනවා. අපිත් ආනන්දෙ තරඟ බලන්න යනවා. . ඉතින් එදා කිරි පැකට් ප්‍රහාරයට ආනන්දෙ සෙට් එකකුත් භාජනය උනා.
වත්මනේ ජාත්‍යන්තර විනිසුරුවරයෙක් වන ශ්‍රි ලංකා කන්ඩායමෙ බොහොම උනන්දුවකින් ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙකුත් ඔය ප්‍රහාරයට ලක්වුනා ඒ ක්‍රීඩකයා එදා පාසැල වෙනුවෙන් ක්‍රීඩා කලා.
කොහොමහරි දවස් දෙකක් පවත්වන තරඟය පලවන දවසෙ දිවා විවෙකයටත් කලින් නැවැත්වුවා.
ඊට පස්සෙ උනෙ අවුරුදු ගානක් යනකන් xxxx - නාලන්ද තරඟය අත්හිටෙව්වා.
ඔබ නොදන්නවා උනාට මෙ පාසැල් තුන තවමත් එදා සිදුවීම තවමත් බිග් මැච් දවස් වලදි සමරනවා. ඔය පාසැල් වල සිසුන් අතර තියෙන්නෙ ඒ අමිහිරි සිදුවීම පිලිබඳ මතකයන් කියලයි මට හිතෙන්නෙ. ඒත් ඒ තරහ මරහ බිග් මැච් දවස් වලට විතරයි.
ප.ලි : මෙය මා අත්දුටු සත්‍ය සිදුවීමක් නිසාත්, මේ කතාවට පාසැල්වල නම් ගම් යොදා ගත්තෙ පාසැල් වලට ගැරහීමට සඳහා නොව , නම් නොයොදා මෙ කතාව ලිවීම ඵල රහිත වග හැගුන නිසාය.
එල.....
ReplyDeleteඑළ කිරි වලින් තමයි බං කෑවෙ
Deleteකොළඹට කිරි අපට එළ කිරි
Deleteඅක්කලත් එසේ මෙසේ අය නෙමෙයි නේද.අනික ඉතින් පාසල් කාලෙ ඔව්ව නොකර මොකටද.නේද
ReplyDeleteඅක්කලා??
Deleteමේක ලියල තියෙන්නෙ අයියෙක්
Deleteමෙකට මොකක් හරි කරන්න වෙනවා
Deletemona karannada . kiwata ahanne nane mawa remove karanna kiyala :D
Deleteමමත් ඉස්සර හිතාගන හිටියේ අත්තම්මගේ අහවල් එක ලියන්නේ ගෑණු පරානයක් කියලා
Deleteබිග් මැච් එක්ක බැදුන් රස කතා කොච්චරනම් ඇත්ද...
ReplyDeleteඕකනෙ පාසැල් දිවියෙ සිට නොකඩවා සෑම වසරකම එන FUN එක
Deleteකොල්ලෝ තිස් ගානක් පොලීසියෙන් අල්ලා කූඩු කරලා කියලා පත්තරේ දැක්කා ගෑනු ඉස්කෝලෙකට පැනලා....
ReplyDeleteරාජකීය වැඩක්.. අනුමත නොකරමි
Deleteඉස්සර අපි කාන්තා පාසැල් ළඟට ගිනින් සින්දු කියනවා ඊට පස්සෙ Hat Collection දාලා කීයක් හරි කඩාගන්නවා දැන් වගෙ බොන්න නෙමෙයි Color Kit එකක් ඇඳන් Big Match එක බලන්න යන්න සල්ලි එකතු කරගන්න .මොකද School Uniform එකෙන් යන්න වෙන්නෙ පාසැල් ටිකට් ගත්තම. අපි එතනදි ගත්තෙ අහිංසක වින්දනයක්
Delete@ මාතලන් අනුමත නොකරන්නෙ //කොල්ලෝ තිස් ගානක් පොලීසියෙන් අල්ලා කූඩු කරලා කියලා පත්තරේ දැක්කා ගෑනු ඉස්කෝලෙකට පැනලා....// මෙකද නැත්නම් මගෙ කතාවද ?
Deleteගාල්ලෙත් වැඩ පටන් ගන්නව තව සතියකින්.....:)))
ReplyDeleteමම ගිය සතියෙ ඒ පැත්තෙ ගියා දැක්කා ලෑස්ති වෙනවා
Deleteබිග් මැච් කාලේ කොහොමත් ෆන් නේ..ජෝන් 'අන්කල්' :P ( අඩේ බන් උබ මෙච්චර ඉක්මණට වයසට ගියේ කෝමෙයි )..
ReplyDeleteඔය බිග් මැච් ෆන් හින්දනේ ඉස්කොලෙන් අයින් උනත් අපි තාමත් මැච් එක බලන්න යන්නේ..
//වත්මනේ ජාත්‍යන්තර විනිසුරුවරයෙක් වන ශ්‍රි ලංකා කන්ඩායමෙ බොහොම උනන්දුවකින් ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙකුත් ඔය ප්‍රහාරයට ලක්වුනා//
ReplyDeleteමට මතක් වුනේ කුමාර ධර්මසේනව එයාද දන්නේ නෑ හැබැයි....ඕවා ඔහොමනේ දැන් ඉන්න එවුන් මරාගන්නවා බිග් මැච් සීසන් එක පටන් ගන්නේම ආත්ම ගනනක තරහා පිරිමහගෙන කුඩුකරගෙන....
වෙන කවුද ලංකාවෙ උන්න එකම උනන්දුවා ඒයානෙ.
Deleteඔය වලිත් හරියට අර නවක වදය වගෙ සීසන් එකට එන ලෙඩක්.
මම ඔය කීරිකැට් වලට එච්චර මනාප නැ
Deleteඒ උනාට උනන්දුවා මරු
නම් ටික දැම්මත් අවුලක් නැ බං
මේකත් හැමදාම ජය පරාජයෙන් තොරව අවසන් වෙන බිග් මැච් 1ක් ද??
ReplyDeleteගාල්ලේ නම් එහෙමයි!:P
හපො ඔව් ටොස් එක දානකොට දන්නවා මැච් එක ඩ්‍රෝ කියලා. කොහොමටත් අපෙ පාසැල් දෙක මහ තරඟය තියන්නෙ ජය පරාජයට වඩා සුහද හමුවක් විදියට
Deleteඅඩෙනවා තනි ඇහැට අප්පා බිග් මැච් ආතල් මතක් වෙද්දී
ReplyDeleteඅපි බිග් මැච් කියන්නේ අල්ලපු ගමත් එක්ක නිවාඩු කාලේදී ගහන මැච් එකට.ජෝන්ගේ වින්දනය අපිට උරුම වෙලා තිබුනේ නැහැ.
ReplyDeleteඒ කතාව වැරදියි . අපිට ඒ වින්දනය කියන්නෙ අවුරුද්දකට එක වතාවයි. එතන තියෙන්නෙත් බොරු මවාපෑම් වින්දනයක්. ඒ උනාට අල්ලපු ගමත් එක්ක ඔය නිවාඩු කාලෙට ගහන මැච් වින්දනය අව්‍යාජ වින්දනයක් . මොකද දන්නවද මම එහෙම කියන්නෙ , ඔය වින්දන දෙකම මම ලබලා තියන නිසා.
Deleteබිග් මැච් නම් උණක් නොවැ. කතා බොහොමයි.. ;)
ReplyDeleteමම නම් ඒ වගේ මැච් එකක් බලන්න ගිහින් නෑ.ඒත් සුන්දර හා අසුන්දර දේවල් වෙනවා කියල නම් අහලා තියෙනවා...
ReplyDeleteඑලකිරි නෑම!
ReplyDeleteබිග් මැච් සොමිය ගැන කියල වැඩක් නෑ
ReplyDeleteකව්ද බං උබලට කිරි පැකට් වලින් ගැහ්ව්වේ?
ReplyDeleteසබැදියක් දෙන්ඩෝ.....
http://sinhalaya-lokayata.blogspot.com
සුන්දර බිග්මැච් මතකයක්.. කාලෙකින් හැට් කලෙක්ෂන් දැක්කෙ නෑ. මොකද මංදා. දැන් ළමයින්ට සල්ලි ඇති
ReplyDelete1990 හ්ම්ම්ම්...... මම ඉපදුණා විතරයි... :)))
ReplyDeleteටවුන් හෝල් එක ගාව ඉඳන් තුන් මුල්ලට එනකන් පොලිස් ස්කොඩ් එකක් අපේ පාසැල් බස් වල ගියේ ඕවයෙ ප්‍රතිඵල හින්දා තමා....:D
ReplyDeleteඅප්පා එහෙම කාලයක්........
අපෝ.. පරණ කිරි වලින් කෑව නම් නියම සුවඳට තියෙන්න ඇති... ඊක්.... :D
ReplyDeleteඅපිත් ඒ දවස්වල ඉස්කෝලෙ කොඩි මහගෙන, අතේ ඔළුවෙ ස්කූල් කලර්ස් වලින් බෑන්ඩ් දාගෙන බිග් මැච් බලන්න ගියා මතකයි... කොල්ලො අතරෙ වගේ ඉස්කෝල දෙකේ කෙල්ලො අතරෙ නම් වලි තිබ්බෙ නෑ... කොල්ලො අතර උනත් ඒ හැටි වලි ගියේ නෑ බිග් මැච් අතරතුරේ.... හැබැයි පශ්චාත් ඒවා නම් තිබ්බ මතකයි...
මියුරු , ඔයත් එක්ක මට පොඩි දෙයක් කතා කරන්න තියනවා ,
Deleteකරුනාකර මට මේල් එකක් දාන්න . gimhanijlth92@gmail.com
@ ගිම්හානි,
ReplyDeleteමම ඔයාට මේල් එකක් දැම්මා... බලන්නකෝ චෙක් කරලා... සමාවෙන්න පරක්කු උනාට... දැන් තමයි මේ පැත්තෙ එන්න ලැබුණෙ... :D
අයියෝ..මරේ මරු කෑමක්....
ReplyDeleteමම ක්‍රීකට් වලට ආසා නැ අප්පා ,
ReplyDeleteවැරදිමකින් බල්ලන්ගේ ලිපියෙන් බාගයයි වැටුනේ දැන් නිවරැදි කලා.සම්පුර්න ලිපිය බලන්න ආයෙත් එන්න.
එල් බෝඩ් කාරයට අනුකම්පා කරන්න
අටම්පහුර
මේ වගේ අහිංසක විහිලුවක් කලාට කමක් නෑ කියමුකො... ඒකට දැන්... කෙල්ලන්ගෙ පාසල් වලට තාප්ප වලින් පැනලා.. තාප්ප වල කුණුහරැප ලියන.. බීලා පාරවල් වල මිනිස්සුන්ට කරදර කරන බිග් මැච් සංස්කෘතියක් නෙ දැන් තියෙන්නෙ...
ReplyDeletehe he...meyaalatath wena weda..
ReplyDeleteකාලෙකින් ලිව්වෙ නෑ. ඇයි ද මන්දා.
ReplyDeleteමමත් ගොඩ විය ඔබේ ගිමන් හලට.ජය ඔබට
ReplyDeleteකාලෙකින් ආවේ.. අලුත් ලිපි කියවලම කමෙන්ට් කරන්නම්..
ReplyDeleteමොකක්ද අප්පේ ඔය ඉස්කෝලේ ? කිරි පැකට් වලින් ගහනව නම් මං හැමදාම උනත් යනවා... :)
ReplyDelete