he

Saturday, August 11, 2012

109. උඩ ගිය මැස්සා +18


හැමදා කතා ලියුවත් මම ගොතමින්  අකුරු
සිතුනා ලියන්නට අද කවියෙන් කර  අකුරු
…මිතුරෙක් සිටියි තනිකඩ ජීවිතය           හුරු
…කියමි  කතාවක්  ඔහු  හා බැඳි            අපුරු

…තනියම තමයි හැම වැඩ ඔහු        කෙරුවේ
…මාල වලලු  පලඳන අය  නෑ           පැතුවේ
…මගුල් තුලා ගැන ඔහු මද පමනින්    සිතුවේ
…වයස  ගියා  ඔහු නෑ ඒ ගැන              දුටුවේ

යටලීයේ   නාරිලතා මල්                   දුටුවා…
ඒ ගැන  නිතරම   සිහිනෙන්             සිතුවා
…දකුනු  අතට   යහමින්   වැඩපල      යෙදුවා
වෙරලු මලේ  සුවඳට  ඔහු  පෙම්  කෙරුවා

කම් සැප සොයා හතර වටෙ ගියේ      නැත
ගෙදර අයගේ නම්බුව නැතිකලේ       නැත
ස්වයං සැපත මිස කිසිවක් ඕන           නැත
සැපත ඔහුගෙ වෙනකක් නොව ඔහු   සුරත

නිතර නිතර  අත      වෙහෙසීම         හැර
අලුත් යමක්  කෙරුමට  ඔහු සිතුවා     දුර
ඉක්මන් වැඩට ඔහු  හරි සමතෙකි   නිතර
අල්ලා ගත්තා  මැස්සෙකු පියඹන   අතර

මැස්සගෙ තටුවකුත් කඩලා             හිමීටම
…දැම්මා උනා ඇඳි  සලු  පිලි           සියල්ලම
බැස්සා වතුර බේසමකට                උදයේම
කෙලින් කලා එක අවයවයක්        වතුරේම

……තිබ්බා ගෙන අවයවය මතින්          මැස්සා
තටු නැති නිසා කැරකෙනවා ඒ       මැස්සා
වීසිවී ගියා අහසට වතුරත්                ගස්සා
රුං හඩින් කැරකැවෙමින් හුන්        මැස්සා


Image johnnyflapjacks.blogspot.com

46 comments:

  1. කියන්නට ඇතිදේ කෙටිකර කවියෙන් කීවා
    හංගපු දෙයක් නැත හොඳටම සරලය මේවා
    මොනවා කරන්නද තනිකම ගෙපැලට ආවා
    නවනළු රසට ඊයේ රෑ හදපු හිටිවන කවි මේවා

    ReplyDelete
    Replies
    1. කතාවක් කියන්න ගියොත් වෙනවා කුනුහරුප
      …එනිසා කියුවා එක්කරගෙන හතර පද
      …බැනුම් අසන්නට බෑ තෙපලා කුණුහරුප
      …ස්වයං විනය මත ලීවා හතර පද

      Delete
  2. ඔය "කයි පද" බැදලා තියෙන්නේ අපූරුවට. කතාව ඊට රසවත්. ඕක පිට රටක තිබුනා ගොඩාක් ඉස්සර. ඒ උනාට තිබුනේ අපේ කොළඹ පද්දතියේ එකෙක්ගේ වැඩක් කියලා. ඒ අතින් බැලුවම නම් අපි හරි නිර්මාණශීලීයි නේ....

    ReplyDelete
    Replies
    1. කතාව කියුවනම් කුනුහරුපයක් වෙන නිසා, මට එච්චරම නුපුරුදු උනත් යන්තම් ගොතලා ගත්තා

      Delete
  3. කයි ටිකත් අපූරුයි,කයියෙ කතාවත් අපූරුයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කියුවා

      Delete
  4. ගි
    න්



    ලු... :-)))

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  5. පට්ට කවි කතාවක් !

    ReplyDelete
    Replies
    1. ගොඩක් කල් හිතෙ තිබුනු මඩ කතාවක් ලියාගන්න හැටියක් නැතිව උන්නෙ එක පරටම හිතුනා කවියෙන් ලීවොත් හොඳා කියලා

      Delete
  6. මාර වැඩේ මැස්ස පව්.

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම හිතුනා

      Delete
  7. එනතුරු යුවතියක් කෙදිනක හෝ අතගන්න
    අතගත් පසුව අත නිදහස් වෙයි ඔන්න
    එතකන් හිතට දැනෙනා ඒ අහවල් ගින්න
    නැති කර ගන්න දෙයියෙකි අත ළඟ ඉන්න

    අතට උපහාරයක්ම වේවා !!!!!!!!!

    ReplyDelete
  8. ඊයා :D
    එහෙමත් කරන්න පුලුවන්ද අප්පා?

    ReplyDelete
    Replies
    1. එහෙම තමා අත්හදා බැලීම්

      Delete
  9. කවුද එතකොට මේක අත් හදා බැලුවේ????

    ReplyDelete
    Replies
    1. පෙට්ටගමෙම ඉන්න ගොයියෙක් තමා නම නම් කියන්න බෑ මොකටද ඉල්ලගෙන කන්නෙ

      Delete
  10. තමන් හිසට තම අතමය සෙවනැල්ල
    කියලා කියා තියෙනවා අහලා නැද්ද
    ස්ට්‍රයික්,වාරකන් කාලෙට අප සනසවන
    අපේ අත ගැන අප හිතනවා මදි නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි ඔබ කිවු ඒ කියවිල්ල
      ……අත නැත්නම් මොනවා වෙනවා ඇද්ද
      ……එනිසා තමයි වෙනයම් ක්‍රමයක් පතන
      ……සෙව් මේ ක්‍රමය මැස්සාගේ නරකද හොඳද

      Delete
    2. swayan vinaya sebeewenma hoda ekaki...
      obee kathawen eyamata hodata penee...
      swayan vindanaya kaatath suwaya genee...
      karadara nowei oba kii lesa swayan wedee...

      Delete
  11. සිරාම කවිය ලොකු අයියේ.. අන්තිම ටික තමයි මරු... :)

    ReplyDelete
    Replies
    1. ඒ උනාට අන්තිමටිකට සමහරු මට බැන්නා ..

      Delete
  12. සුනාමියකට හසුවූ අබ්බගාතයා!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  13. මට මතක්උනේ නෝටි ටාර්සන්..(පින්තුරේ දැකල)

    ReplyDelete
    Replies
    1. මාර ගේමක් දීලා ඔය පින්තුරෙත් හොයාගත්තෙ

      Delete
  14. අනේ දෙයියනේ බඩත් එක්ක කොර උනා කවිය කියෝලා...
    //යටලීයේ නාරිලතා මල් දුටුවා
    ඒ කතාව මං දන්නෑනේ අප්පා..

    ReplyDelete
    Replies
    1. ඇයි අහලා නැද්ද එඩ්වඩ් ජයකොඩි මහතා ගයන "සිරි යහනේ ලණු ඉහිරී සුසුම් හෙලන රෑ" ගීතය අන්න ඒකේ ඔය ගැන ලස්සනට කියලා දෙනවා

      Delete
  15. රුං හඩින් කැරකැවෙමින් හුන් මැස්සා


    හූ ඈ :D

    ReplyDelete
  16. මැස්සගෙ තටු පෙගිලා !

    ReplyDelete
    Replies
    1. තනි තටුවෙන් පියාඹන්න

      Delete
  17. ලියලා තියනවා කවි ටික නියමෙටම
    මැස්සා ගැන දුකක් සිතුනා එකවිටම
    මෙච්චර කලක් දුන්නා වද දෑතටම
    මැස්සෙක් අල්ලලා දෙනවා වැඩ හෙටම

    හික් හික් හැක :D

    ReplyDelete
    Replies
    1. අල්ලා ගන්න බැරිනම් මැස්සෙක් තාම
      ……අල්ල ගන්න බලපන් කෙල්ලක් වත්ම
      ……ඒක කරන්නත් බැරිනම් මේ දැන් ම
      ……නුබට පිහිටනම් පමනයි නුබේ අතම

      Delete
  18. හයියෝ අහිංසක මැස්සා.... තමන් හිසට තම අතමය සෙවනැල්ල !!!

    ReplyDelete
  19. ත‍ටු කඩපු මැස්සට ඇවිදගන්නත් බැරිවෙන්න ඇති ගම් වලට.....හික් හික් හික් එළ කවි ටික ඈ...

    ReplyDelete
  20. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මොක වුනත් ලස්සනට කවි ටික ලිය ජෝන්....

      Delete
  21. අහ් ඔය තියෙන්නේ අපූරුවට "කයි පද"

    ReplyDelete
  22. අහ් ඔය තියෙන්නේ අපූරුවට "කයි පද"

    ReplyDelete
  23. නියමයිනෙ. අහෝ මැස්සා.

    ReplyDelete
  24. ඔන්න ජෝන් මලයත් කයි පද බදින්න පටන් අරන්. ජය වේවා.

    ReplyDelete
  25. ජීවිතේට නොකළ එකෙක් වුව මේවා
    අකමැති නොවී කරන්න දවසක් එනවා
    නවලෝකයෙදී මා එය හොඳටම දුටුවා
    සරු බව බලන්නට සාම්පල් ගන්නට දත කනවා

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..