he

Thursday, August 23, 2012

112.උත්තරේ පත්තරේ

ඉස්සරහ ගෙදර කොල්ලා ලබන අවුරුද්දේ උසස්පෙල විබාගෙ කරනවා අවුරුදු 12ක් 13ක් මහන්සි වෙලා ඉතින් ඒකට ප්‍රතිපලයක් අරගන්නත් එපැයි.

 හැබැයි ඌ ඉගෙන ගන්න දක්සයා. පොඩි දොහේ ඉඳන්ම පන්තියෙ පලවෙනියා නැත්නම් දෙවනියා. කුසුමක්කගෙ තිබුන ලොකුම බලාපොරොත්තුව ඌව ආණ්ඩුවේ ලොකු මහත්තයෙක් කරන එක.

මෙන්න ඊයේ මම වැඩ ඇරිලා ගෙදර යනකොට කුසුමක්කා අඬනවා.


"මොකෝ කුසුමක්කෙ අඬන්නෙ"

"නෑ මල්ලියේ මගෙ බලාපොරොත්තු සේරම ඉවරයි "

"ඇයි ?"

"ඒ ලෙවල් ප්‍රශ්න පත්තර බලන්න මේ පාර කවුරුත් නෑ සේරමලා වර්ජනේ. අනේ මෙහෙම ගියොත් අපෙ ළමයින්ට යන කල මොකක්ද ? "

කුසුමක්කා කියුවේ බලාපොරොත්තු කඩවුනු හඬකින්  

හැබැයි ඕකට පිලියමක් තියනවා ලබන අවුරුද්දෙ ඉඳන් ප්‍රශ්න 
පත්තරේටම අමුනලා පිලිතුරු පත්තරෙත් එවනව. එතකොට ඒ 
ගොල්ලන්ටම ප්‍රශ්න පත්තර මාරු කරගෙන ලකුනු දීගන්න පුලුවන්නේ. ප්‍රශ්න පත්තර බලන්න ගෙවන ගානත් ඉතුරුයි. …
ලකුනු එනකන් බලන් ඉන්න ඕනෙත් නෑ.

57 comments:

  1. ඔය ක්‍රමේ අපි කරනකොට ක්‍රියාත්මක කලානං මමත් අද දොස්තර කෙනෙක්...

    ReplyDelete
  2. හයියූ... ලොකු ජෝන් අයියාටමයි ඔහොම ඒවා මතක් වෙන්නේ..නිසි බලධාරීන්ට මේවා පෙන්නන්න ඕනේ අප්පා..
    ජය වේවා

    ReplyDelete
  3. එහෙමවත් කලේ නැත්තන් ගොඩයාමක් නෑ වගේ ඉගෙන ගන්න එවුන්ට.

    ReplyDelete
    Replies
    1. ඇයි ප්‍රයිවට් කැම්පස්

      Delete
  4. ඔබතුමා හරි නම් ඉන්න ඕනේ මේ විදිහට සිංහල බ්ලොග් ලිය ලිය නෙමෙයි. අධ්‍යාපන අමාත්‍යංශයේ උපදේශක තනතුරක :D

    ReplyDelete
  5. පව් වැඩේ අෆ්ෆා

    ReplyDelete
    Replies
    1. කවුද ළමයිද? ගුරුවරුද ?

      Delete
  6. හොඳ ක්‍රමයක්. කොල්ලන්ට වාසි වැඩියි.

    ReplyDelete
    Replies
    1. තරහා කාරයෙක්ගෙ එකක් අහු උනොත් බඩුම තමා

      Delete
  7. මේ පාර ප්‍රශ්ණ පත්‍ර බලන්න දාන්නේ හමුදාවෙන්ද ?

    ReplyDelete
  8. අපි ලියන කාලේ මෙහෙම තිරණ ගත්තේ නෑනේ හැබෑටම...

    ReplyDelete
  9. ඒකත් නරක නෑ... :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  10. මුන්ට මොන්ගල් බං

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත පොඩි උන්ටත් හදන්න එපැයි

      Delete
  11. ඔය ඉතිං සමහර විභාගවලදි එහෙමත් උනාය කියනවනේ අයියා. මතක නැද්ද පේපර් එකේම උත්තරත් ප්‍රින්ට් කරපු කතා තිබුණෙ පහුගිය කාලෙ. තවම ඒ සිස්ටම් එක ඕලෙවල් / ඒලෙවල් වගේ විභාග දක්වා වැඩිදියුණු කරල නැතුවැති.

    ReplyDelete
  12. අනේ මන්දා සුදුසුකම් නැති හරක් රැලක් රට කරනකොට තව මොනවා නොවෙයිද ?

    ReplyDelete
  13. උත්තර අන්තිම පිටුවේ උඩු යටි කරලා දාන්න ඕන. එතකොට හරි..

    ReplyDelete
    Replies
    1. අච්චර ක්‍රම තියාගෙනනේ නාන්නේ

      Delete
  14. අන්න ක්‍රෙමේ..!
    මොකටද බං ඉස්කෝලේ ඔන්න ඕකත් වහල දාන්න කිව්වනම්...හික්..!

    ReplyDelete
  15. එතකොට අප්පා ලොක්කගෙ පුතාලට රෙකෝඩ් තියලා විභාග පාස් වෙන්ඩ බැරි වෙනවනෙ.ඒක හින්දා ඕක ක්‍රියාත්මක වෙන එකක් නෑ.

    ReplyDelete
  16. අපේ ඉස්කෝලෙ ඒ ලෙවල් වාර විභගෙට ඕක කලා..අම්මට සිරි..හිස්තැන් පුරව පුරව ලකුනු දාන්නේ අනිත් එකාට! හැබැයි ගෑනු ඉස්කොලෙකට ඔය සිස්ටම් එක ගෙනාවානම් උන්ගේ තියෙන ලකුනුත් කපාගනියි එක එකා තියෙන ඉරිසියාවටයි කෝන්තර වලටයි!

    ReplyDelete
  17. මාරු අයිඩියා එක lolzzzzzzz

    ReplyDelete
  18. අනේ අපියන කාලේ ඕක තිබුන්නැනේ

    ReplyDelete
    Replies
    1. මොකක්ද ? විබාගෙද ලකුනු ක්‍රමේද

      Delete
  19. ලොක්කන්ගේ පුත්තුන්ට නම් එහෙමත් හම්බවෙනවාලු

    ReplyDelete
  20. මේකම මන්ත්‍රිතුමෙක් කිව්වා මගෙ හිතේ :))

    ReplyDelete
    Replies
    1. ඉතින් මම කීවම මොකද ?

      Delete
  21. හොද අදහසක් ඊලග අවුරුද්දෙ ඇරබුනොත් අපි කරන අවුරුද්දෙත් තියෙයි....

    ReplyDelete
    Replies
    1. ආ මට අමතක උනා 2012 ලොක විනාස වෙනවනේ

      Delete
  22. නෑ නෑ.. හමුදාවේ අය පේපර් බලනවලුනේ.. එකේ තියෙන උත්තරේම තියේනම් ලකුණු ඇත.. නැතිනම් නැත.. අනේ මොකටද මගේ කට....?
    මං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්

    ReplyDelete
  23. මරු අදහසක්නෙ ...

    ReplyDelete
  24. ඉස්සර ඉස්කෝලෙ මාසික පරීක්ෂණ වලදි ප්‍ර‍ශ්න පත්තර බැලුවේ පන්තියේම... තම තමන්ගෙ පේපර් අනෙක් අයට යන විදියට බෙදලා දිලා... මෙතනත් එහෙම කොලා නම් අහවරයි...

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මාත් කියුවේ

      Delete
  25. හි හි..නියම අදහස :)

    ReplyDelete
  26. ලොකු ලොකු ප්ලෑන් ගහන කොට ළඟ තියෙන විසඳුම පේන්නේ නැල්ලු... ඔය විසඳුම කලින්ම ක්‍රියාත්මක කරලා තිබුන නම් ලංකාවේ එක ළමයෙක් වත් විභාගෙදි දෙවනියා (2)වෙන්නේ නෑ...

    ReplyDelete
  27. මේයන හැටියට නම් මේක වැඩි දවසක් යන්න ඉස්සරවෙලා සිදුවෙනවා.

    ReplyDelete
  28. හොඳ අයිඩියා එකක්. විභාග කොමසාරිස් පෝස්ට් එක සෙට් කරලා ඕනද මචං?

    ජය වේවා..!

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..