එදා ගෙදර ගොස් පුවත්පත් වල පුවත් කියව කියවා පසු දින පැවැත්වෙන නිවේදක සම්මුඛ පරීක්ශනයට සූදානම් වූවා මට තාම මතකය. මාමෙන්ම මෙම කටහඬ පරීක්ශනයට අපේ වයසේ පසුවු බොහෝ අය ඉදිරිපත් වුනේ රූපවාහිනියේ කෙසේවෙතත් ගුවන් විදුලි මාධ්‍යයේ හෝ නිවේදකයෙකු වීම සිහිනයක් වු බැවිනි.
එම නිවේදක සිහිනය එදා ජයගත්තේ කෙට්ටු සුදු උස කොලු ගැටයෙකි. ඔහු නමින් සුරේශ් වික්‍රමසිංහය. එදා පටන් අප පාසලේ බොහෝ උත්සව වල නිවේදන කටයුතු කලේ ඔහුය.
ඒ හඬේ තිබූ පැහැදිලි බව මට තාමත් පාසැලේ ලවුඩ්ස්පීකරයෙන් ඇසෙනවා සේ හිත ඇතුලින් ඇසේ.
නිල්පාටින් කවකර සිටින්නේ සුරෙශ් වික්‍රමසිංහ නම් ඔහුය. වම් පස කෙලවරේ වාඩිවී සිටින්නේ ලොකු ජෝන් වන මමය. (මේ ඡායාරූපය (1986වසරේදී ගන්නා ලද්දකි ) |
අද මා ලියන්නට ගිය කතාව පසකට දමා මේ සටහන තැබුවේ මීට අවුරුදු 3කට පෙර එනම් 2009 සැප්තැම්බර් 9 වනදා අපෙන් සමුගත් සුරෙශ් වික්‍රමසිංහ නම් වු මිතුරා සිහිවූ බැවිනි.
ඔහු පිලිබඳව මා නොකියුවාට මුලු රටම ඔහු හදුනාගෙන බව නොරහසකි. පහත වීඩියොව ඒ පිලිබඳව සාක්ෂියකි.
මෙහි සඳහන් දින වකවානු මගේ මතකයේ රැඳුන සටහන්ය එහි යම් කිසි අඩුපාඩු තිබෙන්නට පුලුවන.මට අමතක වූ යමක් වේනම් මතක් කරදෙන්නෙ නම් මැනවි.
අකාලයේ අප අතරින් වියෝවූ ඒ ආදරණීය සොහොයුරාව සිහිකර සටහනක් තැබූ ඔබට බොහොම ස්තූතියි .
ReplyDeleteසුරේශ් ඔබ මිය ගියත් ඔබ අප අතර තැබූ මතකය කිසි දින අපෙන් ඈත් නොවේ . ඔබට නිවන් සුව !
ආදරණීය සොයුරාට නිවන් සුව!
ReplyDeleteනිවන් සුව..
ReplyDeleteමොනව වෙලාද බං නැති වුනේ ?
වීඩියො පටය බලන්න සෑම් ඒකෙ සියලු විස්තර තියෙනවා .
ReplyDeleteඇත්තටම වැදගට මාද්‍යවේදියෙක්......
ReplyDeleteඅපරාදේ ඌ හෙන දක්ෂයා
ReplyDeleteසුරේශ් ඔබට නිවන් සුව!!!
ReplyDeleteසුරේශ් සොයුරාට නිවන් සුව!
ReplyDeleteඔහුට නිවන් සුව පතමි!
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
ඉන්න සුදුම එකා තමයි උඹ...
ReplyDeleteහොඳ එකෙක් බං...!!
ReplyDeleteඌ හොඳ තැනක ඇති..!!
ඔහුට නිවන් සුව පතමු...
ReplyDeleteසුරේෂ්.. මතකයේ තියෙන්නනේ සටන් බිමේ ඔහු මාධ්‍යකරණයේ නියැලුණ නිසා..
ReplyDeleteමට මතක හැටියට ඔහු මියගියේ යතුරු පැදි අනතුරකින් කෝට්ටෙදි හෝ බත්තරමුල්ලෙදි
ඔහුගේ කැපවිම සදා මතකයක් පමනයි
මටත් මතක හැටියට, යතුරු පැදි අනතුරක් නේද?
ReplyDeleteඔහුට සසර ගමන කෙළවර නිර්වාණය අවබෝධ කරගැනීමට හැකිවේවායි පතමි !
අම්මෝ පොස්ට් ඒක කෙසේ වෙතත් වීඩියෝ ඒක නම් මාරෙට හිතට වැදුණා.
ReplyDeleteනොහික්මුණු රියදුරෙක් කියන ඒක ඌට ගෞරවරක්.. මද කිපුණු ගොන් රජෙකු වගේ කිව්වා නම් හරි...
මෙතෙ බුදුන් ළඟ නිවන් දකින තුරු හමුවෙමු ආයේ සංසාරේ......
සිරාවටම හොද නිවේදකයෙක් තමයි..
ReplyDeleteමං දැනං හිටියේ නෑ සුරේෂ් අයියා නැති වෙලා කියලා...
සුරේෂ් අයියට නිවන් සුව පතමු!!!!!!
යහළුවෙක් වෙනුවෙන් කල හොඳ වැඩක්..
ReplyDeleteදැං ටීවී බැලෙන්නැතිම හින්දා ඕවා දැනෙනවා අඩුයි.ඒ කාලේ හොඳ නිවේදකයො හිටියා නේන්නං.දැංනේ සක්කරවට්ටං ඉන්නේ
ReplyDeleteඔහුට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා..
ReplyDeleteමිතුරා වෙනුවෙන් , අපි හැමෝම ඔහුට නිවන් සුව පතමු .....
ReplyDeleteනිවන් සුව ලබන්නට සුදුසු තලයක ඉපිදෙන්නට පතමු..
ReplyDeleteඔහුට නිවන් සුව පතමු...
ReplyDeleteයහළුවන් අමතක නොවන ඔබත් උතුම්. ඔහු හොඳ තැනක ඉපදිලා ඇති.
ReplyDeleteඔහුට නිවන් සුව පතනවා
ReplyDelete