he

Tuesday, September 4, 2012

116.වේදනාව තමයි

පහුගිය ලිපියෙන් පෙට්ටගම ලියන මගේ අනන්‍යතාවය හෙලිකලාට.පරන පුරුදු ලොකු ජෝන් නමින්ම ඉන්න ලොකු ජෝන් අදහස් කලා.
මෙන්න මේ වගේ

අද උදේ මහ වැස්සෙම පාරට ආවා. දන්න අදුනන අයියා කෙනෙක් අතත් අල්ලගෙන බස් නැවතුමෙ උන්නෙ වෙද ගෙදරට යන්න. උදෙ මල් කඩන්න වත්තට යනකොට මීමැස්සො ප්‍රහාරයක් එල්ල කරලා. අතෙ ඇඟිලි හරියට ඒ දවස්වල තිබුන අලිගෙදර ලිංගුස් කරල් වගේ. ඉදිමිලා පිම්බිලා. ඒ අයියගේ වෙදනාව මූනෙන් මට පේනවා.

මට එකපාරටම මතක් උනා පරන කතාවක්
හුඟ දෙනෙක් දන්නවත් ඇති. ඒත් නොදන්න අය ඉන්න පුලුවන් නිසා කියන්නම්.

මේක පුෂ්පකුමාරගෙ කතාවක්. පුෂ්පකුමාර කියුවේ මීට අවුරුදු ගානකට කලින් උන්න කෙනෙක්. රූප පෙට්ටියෙ ඕනම වෙලාවක මල් වට්ටිය අත් දෙකින්ම අල්ලගෙන පන්සල් යන හන්දා තමයි පුෂ්පකුමාර කියලා කියන්නෙ. හැබැයි කවදාකවත් තනියෙන් පන්සල් යන්නෙ නෑ පුෂ්පකුමාරිවත් කැටුව තමයි යන්නෙ.

දැන් රජවරු ග්‍රහ අපල වලට සුර පාවිච්චි කරනවා වගේ පුෂ්පකුමාරත් ඔය ග්‍රහ අපල වලට සෑහෙන්න බය කෙනෙක්. ඉතින් ඔය ගුරුකම් දන්න නිළ නොලත් කණ්ඩායමක් පුෂ්පකුමාරත් එක්ක උන්නා. ඒ අය මයලාලි ගුරුකම් පිළිබඳව හොඳ ප්‍රසිද්ද අය. ඉතින් ඒ අය එක එක විදියෙ ගුරුකම් මේ කියන පුෂ්පකුමාර මහත්තයට කලා. 

ඔන්න එදා අපලයක් දුරුවෙන්න කියලා මුලු ඇඟම මල් වලින් වහලා කරන ශාන්තිකර්මයක් කරලා. ඇඟේ නූල්පොටක්වත් නැතිව මල් ආසනයක් මත නිදාගත්තට පස්සේ මුලු ඇඟම වැහෙන්න මල්වලින් වහලා තමයි ශන්තිකර්මය කරලා තියෙන්නේ.

අනේ ශාන්තිකර්මය අස්සේ එකපාරටම පුෂ්පකුමාර යටිගිරියෙන් කෑගහගෙන නැගිට්ටලු. අර මල් අස්සෙ උන්න මීමැස්සෙක් පුෂ්පකුමාර මහත්තයගේ එක අවයවයකට විදලා. හිතාගන්න පුලුවන්නේ කොහොමට හිටින්න ඇතිද කියලා.

වහාම සේරම කට්ටඩි කණ්ඩායම විසුරවලා වෛද්‍යවරයෙක්ව කැඳවගෙන එන්න පනිවිඩයක් ඇරියලු.අනේ පුෂ්පකුමාරි නෝනා පුෂ්පකුමාර මහත්තයව ඇඳෙන් හාන්සි කරලා ළඟට වෙලා ඉන්නවලු. පුෂ්පකුමාර මහත්තයා වේදනාව වැඩිකමට යටිගිරියෙන් කෑගහනවලු.

වෛද්‍යවරයා එන්න පැය භාගයක් විතර වෙලාව ගතවෙලා. කාමරයෙ දොර ඇරගෙන වෛද්‍යවරයා එනකොටම පුෂ්පකුමරි නෝනා ළඟට ගිහින් කියුවලු 

"බුදු දොස්තර මහත්තයො පුලුවන්ම් මේ වේදනාව අඩුකරලා දෙන්න හැබැයි ඉදිමුවනම් බස්සන්න එපා"කියලා  




හුදෙක් විනෝදය සඳහාම ඉදිරිපත්කල කතාවකි. හිත් රිදීමක් වුවහොත් මෙතනින් එකක් කියවා කේන්තිය අඩුකර ගන්න

70 comments:

  1. වටිනා කියන ඉදිමුමක්‌.

    ReplyDelete
    Replies
    1. ඉදිමුමේ වටිනාකමක් තියනවා ස්තුතියි රාමා

      Delete
  2. Replies
    1. ලැජ්ජා හිතුනද ?

      Delete
    2. ටිකක්... හි හි...
      ඇත්ත නොවැ කියලා තියෙන්නේ....

      Delete
  3. ඈහ්...
    ඉදිමුම එච්චර වටිනවද?????

    ReplyDelete
  4. ඉදිමුව නම් බස්සන එක එච්චරටම හොඳ නෑ... හික්ස් :)

    ReplyDelete
    Replies
    1. ඒකනේ කලින්ම ගිහින් කියුවේ

      Delete
  5. හිහිහි.. මේ පුප්ෂකුමාර මහත්තයා ම්ම්ම්... ???

    ReplyDelete
  6. මම අහලා තියෙනවා හිට්ලර් ඔය රති කෙළියට කළිං කඩි අල්ලලා මෙව්වා එකේ තියලා උංට කියලා දෂ්ඨ කරව ගන්නවලු මෙව්වා එක ඉදිමිලා ලොකු වෙන්ඩ.හැබැයි ඒකනං ශුවර් එකටම උගේ හතුරෝ ඌව චාටර් කරවන්ඩ පතුරවපු කතාවක්.

    අර සින්දුවක් තියෙන්නේ,

    කඩියෙක් ආවයි - කකුල දිගේයා
    ඇවිදිං කෑවයි - දකුණු ඇ*යා
    ඉදිමුම ආවයි - පොල්ගෙඩි සේයා
    පොල් තෙල් ගෑවත් - පලක් නැතේයා

    ReplyDelete
    Replies
    1. සමහර විට එහෙම වැඩ කරන අයත් ඇති මොකද එක එක අයගේ රසවින්දනය එක එක විදියනේ.

      …මම නම් ආන්තිම පේලිය කියන්නේ "තල තෙල් ගෑවයි xxx වටේයා "

      Delete
    2. පිටකොටුවේ තවමත් ඉන්න නාට්ටාමී කෙනෙක් ඔය කියන කාරියට කලින් හෙට්ටිය‍ාගෝඩ ග්‍රීස් අතූල්ලනවාලු යහමින්.
      මැන්ගේ සහකාරිගේ පස්සේ සැමියා උන ර්‍ග්‍රීස් නාටාමිගේ යාළුනාටාමි කෙනෙක් මට කියුවේ.
      කොහොමද එතකොට සැපට ඇතිනේ

      Delete
  7. ඒ මොකෝකුමාරගේ එක මි මැස්ස ඇන්නම විතරද ඉදිමෙන්නේ..? මාරු වැඩේ නේ....
    දෙලෝ රත් වෙන්න ඇති. මට නිකන් මැවිලා පෙනෝ පෙනෝ වගේ..........

    ReplyDelete
    Replies
    1. නෑ නෑ සමහරවිට සාමාන්‍ය ඉදිමුමට වඩා මී මැස්සා විදපු ඉදිමුම හොඳ ඇති

      Delete
  8. පව් පුෂ්පකුමාර මහත්තය .

    ReplyDelete
  9. හි හි හි කුමාරිනෝනට ඉදිමුම මොන තරම් වටිනවද...ඒක දන්නෙ එයානෙ

    ReplyDelete
  10. හික්ස් ඒක නම් නියම කතාව

    ReplyDelete
  11. කතාවෙ වෙන වර්ෂන් 1ක් අහල තිබුනෙ.

    ReplyDelete
  12. මී මැස්සෙක් හුරතෙලේට ඇති කලානම් හරි අවශ්‍ය වෙලාවට විදගන්න

    (හැබැයි වේදනාව අඩු කරන බේතත් ළඟ තියා ගන්න ඕනි)

    ReplyDelete
  13. හයි හයියෝ..:ඩී

    ReplyDelete
    Replies
    1. විද්දද මීමැස්සෙක් ?

      Delete
  14. ඉදිමුම වැදගත් නෙව  ඒකයි

    ReplyDelete
  15. පුෂ්පකුමාරට තරම් යං හෑලී නැතුව ඇති කාටවත්. මොකෝ ඒ කාළේ මරු පත්තර කාරයෝ ටිකක් හිටියනේ, චින්තන ජයසේන, රෝහන කුමාර, සුනන්ද දේශප්‍රිය වගේ

    ReplyDelete
    Replies
    1. විකල්ප පුවත්පත් වැඩිපුරම ආවේ ඒකාලෙනේ. කියාගන්න බැරි කතා කොච්චර තිබුනද

      Delete
  16. අයියෝ සැලරි කිව්වලු.... පෂ්ට කෙස් එකනේ ලොකු ජෝන් එල එල හිනා ගියා හයියෙන්ම. තව පොඩ්ඩෙන් ගුටිත් කනවා හාමිනේගෙන් නින්ද කැඩුන කියල lol

    ReplyDelete
  17. පුෂ්පෙට බඹර විදින්නෙ නැතිව වෙන කාට විදින්න ද ?
    මලට එන්නෙ නැතිව බඹර කොයි යන්නෙයි..

    ReplyDelete
    Replies
    1. විදල තියෙන්නෙ පුෂ්පෙට නෙමෙයිනේ

      Delete
  18. Replies
    1. මීමැස්සාද .. විදපු එකද

      Delete
  19. මෙය නිවසේදී අත් හදා බැලීමට ගොස් ඇතිවියහැකි අතුරු ආබාදව්ලට ලොකු ජෝනා වන මම වග නොකියමි..

    ReplyDelete
    Replies
    1. ෂා ඒක දාන්න අමතක උනා

      Delete
  20. // උදෙ මල් කඩන්න වත්තට යනකොට මීමැස්සො ප්‍රහාරයක් එල්ල කරලා.//

    කවුරු, කවුරුත් මල් කඩනකොට පරිස්සම් වෙන්ට කියන්නේ මේක තමයි. :D

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මේ ඒ මල් නෙමෙයි

      Delete
  21. හයියෝ...හයියෝ.... හැබැයි කුමාරි නෝනා කිව්ව දේ දොස්තර ඇහුව නම් වාසි ලැබුණ අය තව ඉන්නැති, අර ඒ කාලෙ තිබ්බ කතා වලට අනුව මං කිව්වෙ....

    ReplyDelete
  22. ඉදිමුමමට ආස ඇති...

    අළුත් ඇදුම නං එල ඈ.. :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඉදිමුමට ආසා අයත් ඉන්නවනේ

      …ස්තුතියි.

      Delete
  23. ගිලෙන්න යන මිනිහ පිදුරු ගහෙත් එල්ලෙනවළු :පී

    ReplyDelete
    Replies
    1. මිනිහා ගිලුනට ගෑනිට පිදුරුගහ මදි

      Delete
  24. නිකං දෙනවා නම් දෙමළ පත්තරෙත් ගන්න එකේ... නිකං හම්බවෙච්ච ඉදිමුමෙන් හරි වැඩක් කරගන්න පුෂ්පකුමාරිට හිතෙන්න ඇති...

    ReplyDelete
  25. මැස්සා උනත් හොඳට හිතල මතල වැඩකරන කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. ඒකනේ හරි තැනම තෝරගත්තේ

      Delete
  26. ඔය මැස්සන්ට ගඳ සුවඳ තේරෙන්නෙ නැතුව ඇති මයෙ හිතේ...

    ReplyDelete
    Replies
    1. හික් හික් ඒකනම් ඇත්ත

      Delete
  27. අමාරුවෙන් ඉදිමුන එක බස්සන්න හිත දෙන්න නැතුව ඇති.. :)

    ReplyDelete
  28. වෙලාවට තමා මීමැස්සා විද්දෙ..
    බඹරෙක් එහෙම විද්දා නම් බඩුම තමා..
    දොස්තර ගාවටවත් අරන් යන එකක් නෑ කුමාරි...........

    ReplyDelete
  29. මම මේ වර්ෂන් එක අහලා නෑ ජෝනා. හැබැයි වෙන එකක් දන්නවා. ඒක මම ලිව්වා විචාරකගෙ මේ පෝස්ට් එකේ කමෙන්ට් එකකට.

    අර ලිංගුස් තුන මරු නේ! :)


    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  30. ඉදිමිල්ලේ තරම තමා තරම :D

    ReplyDelete
  31. රජෙකුටත් බැරිඋනදේ ..මීමැස්සෙක් කරල..නේ..!

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..