he

Monday, September 17, 2012

120. පොහොර පාඩමක්

මේ පහුගිය සතියේ සිකුරාදා ලියපු කතාව රෑ වෙලා පොස්ට් කරනවා කියලා හිතාන උන්නට නන්දා මාලනී මහත්මියගේ ශ්වේත රාත්‍රිය අවසන් දැක්ම නැරබුවට පස්සෙ ඒ ගැන ලියන්න හිතුනා, ඒ පොස්ට් එක ඔය ගොල්ලො බලන්න ඇතිනේ, 

මේ එදා උදේ උනු අත්දැකීමක්. 

ගෑනු කවදත් සුපර්වයිසර් වැඩේට දස්සනේ. ඒගැන පිරිමි පාර්සවයට අමුතුවෙන් කියාදෙන්න උවමනා නෑනේ. කොහොමත් ඒ අය, මෙහෙම කරන්න අරම කරන්න කියලා කියන්නෙ තමන්ගෙ බැරිකමට. ඒගැන අනුකම්පාවෙන් පිරිමි පාර්සවය කරනවා කියලා ඒ අය දන්නෙ නෑ. මම නම් එහෙම කියන වෙලාවට අදාල වැඩේ කරන්නේ මගේ පාඩුවේ.. මගෙ වෙලාව අරගෙන.. මට ඕන වෙලාවට.  හැබැයි වැඩේනම් කරනවා. නැත්නම් විසුමක් නෑ. මතකනෙ  අර රෙදි හෝදන මැසින් ඇඩ් එක.  

  ඉතින් ඔය ටික කියුවේ අද උන සිදුවීම ගැන හැඳින්වීමක් විදියට.අද මගේ ලොකු දුවගේ පාසලේ ශ්‍රමදානයක්. දෙමාපියන්ගේ තමයි ශ්‍රමය. හොඳවෙලාවට කලින් දවසේ තමයි සිසුන්ට දැනුම්දීම කලේ. ඊයේ රෑ මට දැනුම් දෙනකොට මගේ රතු කට්ට නැග්ගා. ඒත් නොපෙන්වුයේ කොහොමත් අද මම නිවාඩු නිසා. උදෙන්ම පාසැලට ගියේ ශ්‍රමදානයේ වැඩටික අහවර කරලා එන්න හිතාගෙන.


ගිය ගමන් පොත අත්සන් කරලා උන්නා නැත්නම් ආවෙ නෑ කියලා දරුවො බැනුම් අහනවනේ. එක ගුරුවරියක් අර කලින් කියුවා වගේ සුපවයිසර් වැඩේ. අවානක් තියාගෙන පවන් ගහන ගමන් දෙමාපියන්ව හසුරවනවා. හැබැයි ඒ අතරේ සමහර ගුරුවරියො නම් ටින් බෙලෙක්ක පොල් කටුවගේ දෙවල් අස්කරනවත් දුටුවා.

පැයක් දෙකක් විතර දෙමාපියන් ශ්‍රම දානයේ යෙදුනා. අර කලින් කියුව ගුරුවරිය දෙමා පියන්ට පස් පෙරලන්න කියනවා පාත්ති බදින්න කියලා රට උලු කැඩිච්චා හිටවන්න කියනවා. හැම අම්මෙක්ගෙ හැම තාත්තෙක්ගෙම    තිබුනේ හිතෙ තදකර ගත්ත කෙන්තියක්. මගෙත් එහෙමයි.

මට බාර දුන්නා පෝර දාන්න . පෝර දාන්න තිබුන පැලනම් මීට මාස ගානකට කලින් තිබුන ශ්‍රමදානයේ පැලකරපු පැලවගයක්. එදාට පස්සේ අද තමයි ඒවා මිනිස් පහසක් ලබන්නෙ කියලා පැල ටික දැක්කම හිතුනා. 

රසායනික පෝර මිශ්‍ර කරපු කොහුබත් වගයක් ඒම ගුරුවරිය විසින් මට පෙන්වුවා. මම කොහොමත් ඔය පෝර මිශ්‍රනය මීට මාස ගානකට උඩදි අපේ ගෙදර පාවිච්චි කරලා යොදන ආකාරය අත් දැකීමෙන්ම දන්නවා වැඩි උනොතින් පැල මැරෙනවා ඒ හන්දා එක පැලේකට හරි පොඩ්ඩයි දාන්න ඕනේ.

ඉතින් මම අර මිනිස් පහස අඩුවෙන් විඳලා මැරෙන්න යන පැල වල වටෙ පස් බුරුල් කරලා පෝර ටික ටික දැම්මා.

"මේ මිස්ටර් මේ පැල වලට පෝර පොඩ්ඩ පොඩ්ඩ දාලා හරියන්නෙ නෑ ගොඩ ගොඩ දාන්න බලන්න මේ පැල වල හැටි " ඒ අර ගුරුවරිය

මගේ ඉවසීමේ රතුකට්ට පැන්නා 

"මේ ටීචර් ඔය ගොල්ලො අන්තිම වාරෙ සිලබස් කවර් කරන්න ඕන නිසා සේරම පාඩම් ළමයින්ට එකපාර කියලා දෙනවා වගේ ගස් වලට පෝර දාන්න බෑ

මම කියුවෙ එච්චරයි. ඊට පස්සේ අර ගුරුවරිය ශ්‍රමදානය ඉවරවෙනතුරු අපි කවුරුවත්ම දැක්කෙ නෑ 

51 comments:

  1. හොද වැඩේ පණ්ඩිත ටීචර්ට !!!!! හැබැයි පොඩි එකාව පහු වෙනිදාට අල්ල ගනීද දන්නේ නැහැ , තාන්තගේ වීර ක්‍රියාවට :(

    ReplyDelete
    Replies
    1. එව්වා කොහෙද මාත් පොරක් තමයි

      Delete
  2. පට්ට පට පට!! කියන්න ඕනි දේ ලෙසටම කියවිලා :ඩී

    ReplyDelete
  3. ටීචර්ට කට උත්තර නැති වෙලා.. හික් හික් හික් :)

    ReplyDelete
    Replies
    1. හ්ම් පේන්න හිටියෙ නෑ

      Delete
  4. සිරා කතාව. මේ ගැන තව කතාවක් මගේ මතකයට ආවා. ඒක මම වෙනම බ්ලොග් පෝස්ට් එකක් විදියට දමන්නම්. ජෝනා කියුව කතාව නම් හරියටම හරි.

    ReplyDelete
  5. නියම උත්තරයක් දීලා තියෙන්නේ.ටීචට හිතෙන්න ඇති කට වහගෙන වැඩේ කරන්න දුන්න නම් ඉවරයි නෙ කියලා

    ReplyDelete
  6. ජෝනට වගා සම්බන්ධව කොහොමත් හොඳ දැනීමක් තියෙනවනෙ . තාමත් කන්නෙ වත්තෙ වවපු එලවළුද ?
    …පුදුමයි ටීචර් ඒකට ඔයාට මොනවත් නොකීව එකනම් .

    ReplyDelete
    Replies
    1. මොන දැනීමද. වැව්වා කැඩුවා කෑවා එච්චරයි

      Delete
  7. කොහොම උනත්, ටීචර් ඉවසලා තියනවා...:)

    ReplyDelete
  8. එල කිරි. එලම කිරි. යස වැඩේ . ඒ කාලේ අපිට ඕව කියන්න ගියොත් වාරෙ ඉවරවෙනකම්ම කෙනෙහිලිකම්. නියම වැඩේ කරලා තියෙන්නෙ. :D

    ReplyDelete
    Replies
    1. ඒවට එන්නේ නෑ විදුහල්පති හොඳයි.

      Delete
  9. හොඳම වැඩේ ටීචට.
    එක්කෝ තමන් වැඩක් කරන්න ඕනි නැත්නම් කරන කෙනෙක්ට කරන්න දෙන්න ඕනි

    ReplyDelete
  10. නියමයි.. කට ඇරිලා වහගන්න බැරුව ඉන්න ඇති ටික වෙලාවක්..

    ReplyDelete
  11. නියම උත්තරේ.. ඇත්තට මට මතක කාලෙක අපේ ඉස්කෝලෙ ( ගෝතමී එකේ) ඔය වගේ වැඩ වලට යොදා ගත්තේ ළමයින්ගේ ශ්‍රමය.... අපි ආසාවෙන් ඒවා කලා.. අම්මලට එන්න කිව්වේ තීන්ත ගාන්න විතරයි.... ආවේ නෑ කියලා ලෙඩ දැම්මෙත් නෑ.. මොකද තාත්තලා කීප දෙනෙක් ආවම ඇති වැඩේට.... අම්මලා ආවම ඉක්මණට යන්න දඟලනවනේ.... එදාට

    කොහොමත් ටීචර්ලා සුපවයිසර්' වැඩේට දක්ෂයිනේ.. උදේ ඉදන් හවස් වෙනකම් කරන්නේ ඒකනේ... අපේ ගේ දෙපැත්තේ ඉන්නේ ටීචර්ලා දෙන්නෙක්.. මට පොඩි කාලේ ඉදලම ටීචර්ලා එපා උනා ඒ දෙන්නා හින්දා.... එක්කෙනෙක් හෝම් සයන්ස් කරන්න දාලා... ඒක දැන ගත්තම නම් ගමම හිනා උනා... හි හි....

    ReplyDelete
    Replies
    1. කොළබ 10 ගෝතමියද? ඒකනම් අපේ අසල් වැසි සහෝදර පාසැල. අර කියුව හෝම්සයන්ස් කතාවනම් ලස්සන ඇති

      Delete
  12. දාන්න මල්ලි පහක්. උඹත් මගේ ජාතියේම.. අපේ පුතාගේ පන්තියෙත් අහිංසක දෙමව්පියෝ බලාගෙන ඉන්නේ මම කට අරිනකන්. ඒ උනාට පොඩි එකා මම වගේ නෑ. අහිංසකයි. අම්මා වගේ...

    ReplyDelete
    Replies
    1. හපෝ ඉස්කෝලෙදිනම් කෑගහන්න ඕනේ තමයි. නැත්නම් ගෝනිය දාලා කරේ නගින්නේ

      Delete
  13. හොඳ වැඩේ. නියම කතාවක් ජෝන් අයියේ.

    ReplyDelete
  14. ඔන්න උත්තර.
    මමත් 11 වසරෙදි ටීච කෙනෙක්ට ඔහොම උත්තරයක් දුන්න මුළු පංතියම ඉස්සර. ඒ ටීච මුළු පංතියටම එපා වෙලා හිටියෙ. ඒ වුනාට කවුරුත් හිතුවෙ නෑ මම වගේ අහිංසක පාටට හිටපු එකා එහෙම කියයි කියල. කොටින්ම අපි ඉස්සර හිතාගෙන හිටියෙ ටීච යස්සනියක් කියල. ඒ වෙලාවෙ නම් මොකුත් කිව්වෙ නෑ. දිහා බලල මම ඉන්න නොඉන්න ගානට පාඩම කරගෙන ගියා. පස්සෙන්ද කවුරුවත් නැති වෙලාවක කතා කරල ඇහුව ඇයි අර විදියෙ කතාවක් කිව්වෙ, එහෙම කියන්න එපා ගුරුවරය අපහසුතාවයට පත්වෙනව කියල.

    ReplyDelete
    Replies
    1. එතකොටනම් පොලව පලාගෙන යන්න ඇති නෙද ?

      Delete
  15. ඔහොම අයට ඔහොම කියන්න වෙනවා..

    ReplyDelete
  16. නියම උත්තරේ ටීචර්ට.... හැබැයි ඉතින් දුවට පස්සෙ ඉස්කෝදි අරියාදු කරන්න බරි නෑ

    ReplyDelete
    Replies
    1. එව්වා කොහෙද ... අනිත් අය මාත් එක්ක හොඳයිනේ

      Delete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. නියම උත්තරේ බං. දාපං පහක්! මේ රටේ ඔය ගොං පාට් නෑ බං. ඉස්කෝල වල කුලී වැඩ කරන්න කම්කරුවො කියලා ජාතියක් ඉන්නවා. උන්ට ෆෝමන් කෙනෙකුත් ඉන්නවා.
    මේ කෙල්ලව කන්න හදයිද දන්නෙ නෑ ඉස්කෝලෙදි. එතකොට පැමිණිලි කරපං ලොක්කට. එහෙම නොකරන නිසා තමයි ඔය පඩ ෂෝ!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. එව්වා නෑ මම අනිත් ගුරුවරුත් එක්ක හොඳයි. ඒත් මෙහෙම් කරන එකේ හොඳක් තියනවා දෙමාපියන්ටත් පාසැල ගැන වැටහීමක් ඇතිවෙනවා

      Delete
  19. ටීචර් ආයේ දකින්න හම්බුනානනං තමා පුදුමේ...

    ReplyDelete
    Replies
    1. යනකොට මම කියලා ගියා

      Delete
  20. හච්චෝ..මරු කතාව :)

    ReplyDelete
  21. hoda wade! oya wage welawalwalata nathi kata mokatada! jaya wewa!

    ReplyDelete
  22. ගුරුවරුන්ගෙ පුරුද්ද අවුරුද්දෙම සිලබස් එක සතියෙන් උගන්වන්න. නියම උත්තරේ. ටීචර්ට වහ කාල මැරෙන්න හිතෙන්න ඇති.

    ReplyDelete
  23. ටීචර්ට හූ ඈ... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  24. සහතික ඇත්ත.. උන් ගුරුවරු නෙමේ අනේ.. ගුරු හොරු.. මට නම් හිතෙන්නේ ආයේ ඔය මිස් ශ්‍රමදාන කරන කන් නැති වේවි
    අපේ තාත්තත් ඔය වගේ..මම පොඩි කාලේ ඉස්කෝලෙට ආවම මම පණ බයේ ඉන්නේ මොනවා කියවිද දන්නේ නෑ කියලා.
    පස්සේ නම් ඒවා වෙනස් උණා..

    ReplyDelete
  25. එලම වැඩේ!පොළව පලන් අවීචියට යන්න හිතෙන්න ඇති! :)

    ReplyDelete
  26. දෙන්න ඕන හොදම උත්තරේ දීලා තියෙනවා..

    ReplyDelete
  27. ටීචර්ගෙ සාරිය බිමද මන්දා...

    ReplyDelete
  28. අපේ ජෝන් උන්නැහැ ආරක්ෂා කොරන ඔය ආතම්මගේ පෙට්ටගමට එබුනේ අද තමයි. හරි හරි දේවල් අඩුක් කරල තියෙනවා. පස්සේ එන්ටංකෝ අවුස්සන්ටම. මකෑ ඔය රතු කට්ට පනිනවා කියන්නේ. ඒක අපිට නැති එකක්ද බොලං?

    ReplyDelete
  29. හික්ස් ටීචර්ට පොලොව පලාගෙන යන්න හිතුනද දන්නේ නැහැ

    ReplyDelete
  30. This comment has been removed by the author.

    ReplyDelete
  31. කියන්න ඕන එක ආයි කෙලින්ම කියලා තියනවා..

    ජය වේවා..!!

    ReplyDelete
  32. අගේ ඇති කතාවක්.. උදාහරණෙකුත් එක්ක කටට ආව එකනේ වැඩේ..

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..